Posted by : Chamika Ravinda Sunday, May 25, 2014


“Its 4.00 am. Time to wake up “ ඇදෙ මෙට්ටෙට හිර වෙලා තිබ්බ ජංගමයා හඩ දෙනවා.පුරුද්දට වගේ ජංගමේ තිරේ දිහා බැලුවේ SMS මුකුත් ඇවිත් ද කියලා දැනගන්න.කළු පසුබිමේ සුදු අකුරින් තිබ්බේ 4.00 am කියලා විතරයි.එත් මිට ටික දවසකට කලින් ඔය තිරේම 3 new messages, 2 new messages, 2 miss calls කියලා වැටිලා තිබුනා.ඒ ඉස්සර.ඒ මං ගැන එතරම් හොයලා බලන කෙනෙක් එතකොට ඉදිය නිසා.
එයා එක්ක chat කර කර ඉද්දි මට නින්ද ගිහින්.මිස් කෝල් තියෙන්නේ මාව ඇහැරවන්න.එයාට කියන්න ගොඩක් දේවල් තියෙන්න ඇති.එත් දවස තිස්සෙම පරිගණක තිරේ දිහා බලා ඉදලා මහන්සි වැඩි කමට මට නින්ද ගිහින් ."ඔයා නිදාගන්න පන එහෙනම් ,මහන්සි ඇති නේ ". ඒ එයා අන්තිමට දාලා තිබ්බ message එක.මට උදේ පාන්දර ඒ message එක දැක්කම එයා ගොඩක් පවු කියලා දැනෙනවා ,ඒ වගේම මම වැරදි කියලත් දැනෙනවා.මේ වැඩ ඉවර උන දවසට එයා ගැන මිට වඩා බලනවා කියලා මම මගේම හිත සනස ගන්නවා.එහෙම හිතලා "gn" කියලා reply කරන්නේ එයාගේ ආදරේ ටිකක් විදගන්න හිතාගෙන.
එත් එහෙම ආදරේ විදගන්න එයා ගැන මිට වඩා හොයාලා බලන්න අද එයා මගේ ලග නෑ.එත් එයා මගේ ලග ඉතුරු කරපු ලස්සන මතකයන් මම තාමත් හිතේ ගුලි කරන් ඉන්නවා එයා කවදා හරි ආයි එයි කියන බලාපොරොත්තුවෙන්.
එයාගේ මතකයන් එක්කම ඇදෙන් බැස්සේ ear phone එකත් කනේ ගහගෙන.ඒ පරණ මතකයන් අමතක කරන්නද මන්දා.ear phone දෙක කනේ ගහගන්නවත් එක්කම මම වෙනම ලෝකෙකෙකට ඇදිලා යන්නේ ඉබේටමයි.
මේසේ උඩ දිග ඇරිලා තිබුන අවකලනය පැවරුමේ අමාරුම ගාන තෝරගත්තේ එයා තවත් අමතක කරන්න කියාලා හිතාගෙන.එයාගේ නමයි වැරදුන ගණනුයි තියන කටු කොළ එක එක බිමට වැටෙද්දි වෙලාව ගෙවිලා යන්නේ නොදැනීමයි.
වෙලාව 6.15 am "A new message from Janith Udayanga " තාමත් උදේ පාන්දරට නොවුනත් උදේට මාව මතක් වෙන අය ඉනවා කියලා හිතන් ජංගමේ අතට ගන්නේ "gn" කියලා reply කරන්න.
එත් මට වැරදිලා "ikmata scl wara lap ekath aran " .උන්ට ඕනි උන්ගේ වැඩේ කරගන්න. එකයි මාව මතක් වෙලා තියෙන්නේ උදේ පාන්දර.අද ඉස්කෝලේ වාණිජ උන්ගේ මොකක්ද තියනවා.එකට මේ මාව හොයන්නේ video එක හදලා ඉවරද කියලා දැනගන්න..පරණ මතක් අතරේ සැරි සරද්දී මට එක් අමතකම උනා.හිතට ටිකක් තරහාකුත් අවේ මට එයා නැති උනේ මේ it වැඩ නිසා කියලා දැනුන නිසා.එත් මක් කරන්නද මම මේ වැඩ අතාරින්න බැරි විදියට හිර වෙලා.

ear phone දෙක ගලවලා විසි කරලා පැවරුමත් පොත් ගොඩ අස්සට දැම්මේ ඉස්කෝලේ යන්න ලැහැස්ති වෙන්න.
ඉස්කෝලෙට අඩිය තියනකොට වෙලාව උදේ 6.55 am.පුංචිම පුංචි ඩෙංගු මදුරුවෙක් ළමයි 3000 කට වඩා ඉන්න ඉස්කෝලෙක පැමිණීම සියකට පොඩ්ඩක් වැඩි ගානට අඩු කරන්න තරම් බලවත් වෙලා තිබුණා.පාලු පාසල් මාවත් දිගේ ලැප් එකත් කරේ දාගෙන මම ශ්‍රවනාගරේ දිහාවට ඇදුනා..
මුළු ශ්‍රවනාගරේම වාණිජ අංශෙ ළමයින්ගෙන් පිරිලා.පොඩ්ඩක් වට පිට බැලුවේ මෙතන ඉන්න එකම science කාරයා මම ද කියලා දැනගන්න.නෑ මට වැරදිලා.ඉස්කෝලේ හැම වැඩක්ම තමුන්ගේ කැමරා කොනෙට හසුකරගන්න Asitha Sonal Jayasingha ඇවිත් ඉදියා.
 

ලැප් එක ජනිත් අතට දීලා අසිත ඉන්න දිහාට ගියේ DSLR කැමරාව පොඩ්ඩක් අත්පත් ගාන්න.
"අහ උබත් ඉන්නවද මේ උබේ ජාතියම cam එකක් මේකෙන් පොටෝ ටික ගහන්"
මම යනකොට අසිත මගේ දිහාට දික් කලේ nikon coolpix p510 කැමරාවක්. .එයාට වැරදිලා මා ලග තියෙන්නේ p520 එකක්.වැඩි වෙනසක් නෑ වගේ මගේ එකත් එක්ක බලද්දී.එක ඉලක්කමයි වෙනස්
කැමරාව අතට ගද්දිම මතක් උනේ එයා.එයාගේ ෆොටෝ එකක් කොහොම හරි ගැහුවෙත් කිස් එකක් දෙනවා කියලා ඔට්ටුවක් ඇල්ලුවා.ඔට්ටුව අල්ලලා මතක විදියට මාසයක් විතර වෙනවා.ඕනි කෙනෙක් ගේ ෆොටෝ එකක් හොරෙන් ගහන්න හැකියාවක් තිබුනත් මට තම බැරි උනා එයා එක්ක අල්ලපු ඔට්ටුව දිනන්න.දැන් කොහොමත් බෑ කියාලා දන්නෙද්දී සුසුමක් හෙලුනේ ඉබේටමයි.එයා ඉදියානම් “මොකෝ හුලං පිට වෙන්නේ “කියලා අහලා ලස්සනට හිනවනවා.මම ඒ හිනාවට තාමත් ආදරෙයි.
කැමරාවත් එක්ක වැඩ කරද්දී නිකම්ම එයා මට අමතක වෙලා ගියා.ඒ එයා දැන් නැති නිසා නෙවෙයි.මම වැඩක් කරද්දී හිතන්නේ ඒක ගැන විතරක් නිසා.එත් ඔය වැඩක් කියන එකට පාඩම් කරනවා කියන එක කවදාවත් අදාළ වෙන්නේ නෑ.
උත්සවේට පිට ඉස්කෝල වලින් ඇවිත් ඉදියේ එක කොල්ලයි.අනික් ඔක්කොම කෙල්ලෝ.කැමරාව අස්සෙන් ලෝකය බලද්දී දන්නේම අමුතුම හැගීම් .උත්සවේ ඉවර වෙනකොට අනික අය ලස්සනයි කියලා කියන ගෑනු ළමයි ගොඩක් කැමරා කාචේ සටහන් වෙලා තිබුනා.වෙන කෙනක්ට නම් කවුරු තෝරගන්නද කියලා හිතෙන්න තිබ්බා.ඒ ෆොටෝ ඒ තරම් ලස්සනයි.මගේ හැකියාවද කැමරාවේ හොද කමද කියලා තේරෙන්නේ නෑ.ෆොටෝස් ලස්සනයි.
ඒ මට තාමත් මේ ලෝකේ ලස්සනම කෙනා එයා.එයාට ඒක කිවුවම කියන්නේ “අපෝ කන්නාඩි දෙකක් දාගන්නවා .මට්ටා:)”. මක් කරන්නද තමුන් ලස්සන නෑ කියන ගෑනු ළමයෙක් දැක්කමයි.
කැමරාවත් අපහු බාර දීලා 1.45.pm වලට ඉස්කෝලෙන් එලියට බැස්සේ ගෙදර එන්න කියලා හිට්නාගෙන.මග දිගට එයාගේ මතකයන්.ඒවා බොහොම පුංචි දේවල් උනත් මට ගොඩක් හොදට මතක් තියෙන්නේ එයාට ඒ තරම් ආදරේ කරපු නිසා වෙන්න ඇති.

පසුව ලියමි - 

ගොඩ කාලෙකට පස්සේ ලියන්නේ.ඉස්සෙලම මේක මුනුපොතේ දැම්ම.හොදයි කියලා හිතුන නිසා බ්ලොග් එකෙත් දානවා,
ගුරුහුරකම් දීලා මේක ලස්සන කරන්න උදවු උන බස්සිටත් (Yashodha Sammani)ස්තුති

{ 6 comments... read them below or Comment }

  1. ලස්සනට ලියලා... ඔන්න මම එක......... !!!

    ReplyDelete
    Replies
    1. ඔයයි ඉතින් කොහෙත් එක නේ :D

      Delete
  2. අඩේ ලැප් එකක් අරන් ඉස්කෝලෙ යන්න ලැබෙනවා කියන්නේ :)

    අපේ කාලෙ මොන ලැප්ද?

    ReplyDelete
    Replies
    1. දැන් පුළුවන් ඉතින් :D එත් හැමදාම නෑ සමහර දවසට විතරයි

      Delete
  3. Replies
    1. හුම් ඇත්ත ඇත්ත

      Delete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -