Archive for June 2014

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [24 කොටස]



උත්සව ශාලාව පිරී සිටියේ අපේම වයසේ පිරිසෙනි. පාසල් කාලයේ වසර ගණන් එක්ව ගත කල උදවියගේ වෙන්වයාම දුකක් උවත් මේ සතුට එය අමතක කරලන්නට සමත් වනු ඇත.
උත්පලා කෙලින්ම ගියේ ශලනි, ලකියා සහ ප්‍රවීන් ඇතුලු පිරිස හුන් තැනටය. මම ඇගේ පසුපසින් ගියෙමි.

"ද්සිත්......" 
පිරිස මා දෙස බැලූහ.

"ඇත්තද ශලිතයා උඹට ගැහුවය කියන්නෙ?"
අනුරුද්ද ඇසුවේය.

"ඔව් ඔව් කියහන්, ඌට කොහෙන් ආපු හයියක්ද බං ආ. මොකක්ද සීන් එක?"

"අම්මපා තමයි, මොකෝ සීන් එක?"

උත්පලා බිම බලා ගත්තාය.

"මම"

මා දෙස හැරී උන් මිතුරු මිතුරියන් සියල්ලම උත්පලා වෙත හැරුණි. ශලනි සිනහ වූවාය. මමත් උත්පලාත් ගැන බොහෝ දෙනා නොදනිති, දැන උන්නේ අප අසලම උන් කීප දෙනෙකු පමණකි.

"උඹ?"

"ඒ කීවෙ?"

උත්පලා ඇඹරුනාය. ලැජ්ජාවෙනි. එහෙත් ඈත් මමත් දෙස බැලූ අපේ එවුන් කරුණු කාරණා වටහා ගන්නට ඇත. 

"හරි හරි"
අනුරුද්ද කීවේය. 

"දැන් නෙ තේරුනේ, කන්ග්‍රෑට්ස් මචන්"
ඔහු මගේ අත ගෙන සුබ පැතුවේය. අනතුරුව අපේ පන්තියේ අයගෙන් ඇරඹුණු අත්පොළසන් නාදයක් ශාලාව පුරා පැතිරුණි.

"ශාලිතයටත් උත්පලා ඕන වෙලාද?"

"ඔව් බං" පිළිතුරු දුන්නේ ප්‍රවීන්ය.

"ඒ යකාට ගෑනු ඕන තරම්. හා නැද්ද? "

"ඒක ඇත්ත"

"ආහ් අන්න ලක්ශිණී එනව. අපි එයාගෙන් මේ ගැන අහමු"

ලක්ශිණී පැමිණෙමින් සිටියාය, පාසල පුරා ඈ ප්‍රසිද්ද වූයේ ශාලිතගේ පෙම්වතිය ලෙසටය. ඔහු ඇයට කොතරම් හිරිහැර කලත් ඈ ඔහුට ආදරය කල බව මම දැන සිටියෙමි. ශාලිතලා හුන් තැනට යාමට ඈ සැරසෙනු දුටු අනුරුද්ද ඇයට කතා කරන මෙන් ලකියාට කීවේය.

"ලක්ශිණී"
ලකියා කතා කලේය.
"එන්නකෝ පොඩ්ඩක්"

එය වටහා ගත් ලෙස අත වැනූ ඈ අප සිටි තැනට එන්නට පටන් ගත්තාය. 
ශාලිත මෙය දුටු බව ඔහුගේ දෑසින් පෙනුණි. එය කෝපයෙන් රත් පැහැ විය. වහාම පිරිස දෙපසට තල්ලු කරමින් අප වෙත් පැමිණෙමින් හුන් ලක්ශිණී වෙත ළං වූ හෙතෙම රුදුරු විලාශයෙන් ඇගේ අතින් අල්ලා පසුපසට ඇද්දේය. ඇයට රිදෙන්නට ඇත, මදක් නොවේ ගොඩක්ම. ඈ පිරිස මැදදී වුවද කෑගැසුවේ ඒ නිසාය. උත්සවය මොහොතකට අමතක වූ සියල්ලෝම ශාලිත කුමක් කරනවාදැයි බැලූහ.

"ඇයි ඇයි උඹල මා දිහා බලන්නෙ? ආ?"
ඔහු ඇසුවේ නැපෝලියන්ගේ විලාසයෙනි.
මෙම කතා විලාසය රුස්සන්නේ නැති කීප දෙනෙක් සිටින බව මම ඔබට නොකියන්නට ඇත, එක් අයෙක් ප්‍රවීන් ය, අනෙකා අනුරුද්ද ය.
හුන් තැනින් අනුරුද්ද නැගිටිනවා දුටු ප්‍රවීන් සිය අසුනින් නැගිට්ටේය මමද ලකියාද ඔවුන් අනුගමනය කලෙමු. 
උත්පලා මගේ අතින් අල්ලා ගත්තාය. එය පහලට අදිනු මට දැනුනු.
මම ඇගේ මුහුණ දෙස බැලීමි. 

"අනේ දසිත්, ඉදගන්න" එහි ලියවී තිබුණි. මම ඇගේ අත පිරිමැද සිටියෙමි.

අනුරුද්ද පෙරමුණ ගත්තේය. ශාලිත ලක්ශිණීගේ අතින් අල්ලා සිටියේ දැඩිවය. ඈ හඩමින් ඔහුගේ ග්‍රහණයෙන ගැලවෙන්නට යන්ත දැරුවාය.

"ඇයි දැං උඹ නැගිටල ආවෙ?"

ශාලිත ලක්ශිණීගේ අත තවත් තද කරමින් ඇසුවේය.

"ආව්ව් ආහ් ශාලිත අතාරිනව මාව"
ලක්ශිණී කෑගැසුවාය, ඇගේ කදුලු බිදු ශාලිතගේ කමිසයටත් වැටුණි.

"කට වහපන්"
ඔහුගේ හඩින් කල නියෝගය නිසා ඈ බිය වූවාය.

"හා කියපල්ල, උඹට මොකද්ද අනුරුද්ද අමාරුව ආ? අනිත් උනුත් මොකෝ මා දිහා බලන් ඉන්නෙ?"

අනුරුද්ද උපශාන්ත ස්වරූපයක් ගති. 

"ඔය කෙල්ලට යන්න දියං"

ශාලිත සිනහ විය. 

"මේ මගෙ කෙල්ල, උඹලට මොකෝ මම එයාට මොනව කලහම?"

"එයා අපි ලගට එන්නනෙ හැදුවේ."

"ඉතිං?"

ප්‍රවීන් කෝප විය. 

"බොල *****යෝ, තොට මොකක් හරි ප්‍රශ්නයක් තියේ නම් අපි එක්ක විසද ගනිං. ඔය කෙල්ල අතෑරලා"

"උඹ කොහෙන්ද මේකට පැන්නේ?"

"මම තොගේ ****"

"ආ ද්සිත් එහෙමත් ඉන්නෙ? මගෙන් ටිකකට කලින් කාපුවා රහ වැටිල වගේ"

මම උපහාසයෙන් සිනහ වීමි.

"කො අර උත්පලා, ඊලගට මේ ලක්ශිණී වගේ ඉන්න වෙන්නෙ එයාට තමයි ඉතිං"

මගේ කෝපානිග්නය දැවුණි. එවන් කතාවක් කියන්නට තරම් ඔහු පහත් වූයේ කෙලෙසකද. මටත් නොදැනීම මගේ අත ඔහු කරා ගියේය. මොහොතකින් බිම ඇද වැටුණු ශාලිතගේ සිරුරුඅ මතට පැන ඔහු මෙල්ල කරන්නට සෑදුවත් අනුරුද්ද සහ ප්‍රවීන් මා පිටුපසට ඇද්දහ. මම නැගී සිටියෙමි.

"ආපහු කියපන්කෝ එහෙම කතාවක්"
මම කීවෙමි. 

"මම් තෝව තියන් නෑ"

ශාලිත නැගිට සිටියේය. වහාම මා කරා ආවේ මට පහර දෙන්නට බැව් නිසැකය. එහෙත් මා අසලට එන්නෙට පෙරම කාගේදෝ වැලමිටකින් හිසටම එල්ල වූ පහරකින් ඔහු මගෙන් බොහෝ ඈතට විසිවී ගියේය. මම මා බේරා ගත්තේ කවුදැයි බැලීමි.
ඒ ප්‍රවීන් විය.

"ගනන් ගන්න එපා මචං."

ඔහු කීවේය. 

"කාලෙක ඉදල කරන්න තිබුන දෙයක් අන්තිම මොහොතෙ හරි කලානේ"

සියල්ලෝම සිනහ වූහ. ශාලිතගේ මිතුරු මිතුරුයන් අතර උන් රුචුනි පවා සිනාසුණාය. කෙතරම් අවස්තාවාදී කෙල්ලක්ද?
ශාලිත නැගී සිටියත් ඔහු පෙරළා පහර දෙන්නට නෝන බව පෙනුණි. ඇත්තෙන්ම ප්‍රවීන්ගේ පහර තදින් ඔහුට වැදී තිබුණි.

මා නැවත් අසුනුන් වාඩිගත්තේ අනුරුද්දත්, ලකියාත් ප්‍රවීනුත් සමගමය.  උත්පලා නැවත මගේ අතින් අල්ලා මදෙස බැලුවාය.

"ඔයා කේන්ති ගන්නව වැඩියි"

දෙවියනි! මගේ දිවියේ පළමු වතාවට ඈ දුන් අවවාදය එයයි.

"එහෙමද......"

මම සිනහ වීමි. ශලනි අප දෙදෙනා දෙස බලා සිනහ වූවාය.

"ඇයි හිනා?"

මම ඇගෙනඇසීමි.

"අපෝ තනියම ඉන්නකොට නම් සිංහයා වගේ, උත්පලා ඉස්සර පූස් පැටිය වගේ"

 අසල හුන් මිතුරු මිතුරියන් සියල්ලෝම සිනහ වූහ. මම රතු වීමි. උත්පලා මගේ අත තද කලාය.

"එහෙම වෙන්න එපැයි ඉතින්"
ඈ කීවේ සතුටිනි.

"ආහ්! උඹල දෙන්න අපිට කේක් නොදුන්න එහේ අපිවත් උඹලට මොනව හරි දෙන්න එපැයි කියල මම මේ කල්පනා කලේ"

අනුරුද්ද සිනහවෙන් කීවේය.
ඔහුගේ ස්වරයේ වූ අනවශ්ය තරමේ පරිත්යාගශීලී බව මට සැකයක් උපදවීය.

රැග් එකක්ද????????? විනාසයි!!!!!!!!!!!!!!

Monday, June 2, 2014
Posted by Tharuka Gunaratne

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -