Skip to main content

Posts

Showing posts from February, 2014

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [18 කොටස]

එදා දවසත් උදාවිය. අක්කා සමගම පිටවී යාම සදහා මම සූදානම් වීමි. අක්කා සමගම ෆිල්ම් එකක් බලන්නට යන බව අකාම අම්මා සමග පාසා තිබූ බැවින් මෙම ගමනට ගෙදරින් විරුද්දත්වයක් නොවිණි. එම නිසාම මමද මේ ගමනට සූදානම් වූයේ එතරම් අකමැත්තකින් නොවේ! එහෙත් සිත් එහි යන්නට වලිකයි. ඈ නිසාද?  ඇත්තෙන්ම ඔව්!  මමද අක්කා සමගම් හැද පැළද පාරට පැමිණියෙමි. උත්පලා අප එන තුරු බස් නැවතුමේ බලාඅ සිටියාය. "ලක්ශිකා අක්කේ...." "ආ නංගි මොකෝ හදිස්සියෙන්ම ආවෙ" "අපෝ නෑ මම දැනුයි ආවෙ" ඈ මා දෙස බලා හෙමිහිට කෙදිරුවාය. "කෝ විශාන් අයිය?" මම ඇසීමි.  "එයා ඇති ටවුමේ" අක්කා පිළිතුරු දුන්නාඅය. ඔව් ඇත්තෙන්ම විශාන් අයියා අක්කා එනතුරු බලා සිටියේය. තනිවමය. කිසිවකුත් ඔහු සමග නොසිටියේය. භයානකය. ඔහුටත් ඔහුගේ පියාටත් ඇත්තෙන්ම මරණ තර්ජන පවා එල්ලවී තිබූ බව මම දනිමි. හේතුව ඔවුන්ගේ ක්‍රියාකලාපයන්ය. ඔවුහු හැමවිටම මනුස්සකමට උදව් කිරීමම ඔවුන්ට ඇති වූ හතුරන් ප්‍රමාණය වැඩි වීම සදහා හේතු වන්නට ඇත.  අක්කා බසයෙන් බසිනු දුටු වහාම ඈ අසලට ආ ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේ තමන්ගේයැයි අදහස් කරන්නට ව

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [17 කොටස]

සුලු මොහොතක් ගහ වූ තැන අක්කා චොක්ලට් කේක් පුරවන ලද පීරිසියක් සහ තේ ගෙනාවාය. මා අතටත් උත්පලා අතටත් සියතින්ම කෝප්පය බැගින් දුන් ඈ අතින් ගත් කේක් කෑල්ලක් හපමින් මහත් සතුටින් වාඩි වූවාය. උත්පලා මා දෙසත් කේක් දීසිය දෙසත් බලා පූසකු මෙන් සිටියාය, අනතුරුව එතන තිබූ ලොකුම කේක් පලුව අතින් ගෙන කෑවාය. දෙවන වරටත් ඇගේ අත දිගු විය, තෙවන................ සතරවන............. දෙවියනි!!!!!!!!!!!!! පස්වන වරටත්.................... තවත් ඇත්තේ එකම එකකි......... ලැජ්ජා නැතිව එයද අතින් ගත් ඈ, ඈ දෙස ඇස් ලොකු කරගෙන, අතට ගත් තේ එකත් නොබී බලන් උන් අක්කා ඉදිරිපිටදීම එය මා අතට දුන්නාය. මා ඈ දෙස බැලුවේ එවිටය, ඇගේ මුහුන දුටු කෙනෙකුට සිනා නොවී සිටිය හැකිද? දෙතොල් අටේම අඉසින් තැවරිලාය. මම සිනාවීමි.  "මොකෝ හිනාවෙන්නෙ?" අක්කා මහ හඩින් සිනහ වූවාය. ඇය පියවි ලෝකයට එන්නට ඇත්තේ දැන්ය. උත්පලා මා දෙසත් අක්කා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය, "මොකද? අනේ කියන්නකෝ!" මම තවත් සිනහ වී ඈ මට දිගු කල කේක් කැබැල්ල ගත්තෙමි. අක්කා උත්පලාව නැගිටවා සිය කන්නාඩිය අසලට ගෙන ගොස් මුහුණ පෙන්වා බඩ අල්ලාගෙන සිනහ

Adbla ගැන සම්පූර්ණ විස්තරේ. 2

ඔයා මේ ලිපියේ පළමු ලිපිය කියවල නැත්කම් ඒක කියවන්න මෙතනින් යන්න. ඔයා නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ   සයිට් එකෙන් short ලින්ක් එකක් කරගන්න .දැන් ඒ shrink කරගනිපු Link එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න Facebook Group එකක දාන්නකෝ..  ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් දෙයක් දුන්න නම් අවමය කියල හිතුවොත් එක දවසට 1000 ක් වත් එනවා .. (ලක්ෂ 3,4 ඉන්න ගෘප් ඕන තරම් තියෙනවා )ඒ එක ලින්ක් එකක් එක ගෘප් එකක දැම්මොත්.. ප්‍රයෝජනවත් ලින්ක් 5 , 6 ක් ගෘප් කිහිපයක දැම්මොත් ???  ලියාපදිංචිය පළමුවෙන්ම Join Now button එක මඟින් Register වන්න. දැන් ඔබගේ තොරතුරු සම්පූර්ණ කොට 'Publisher' යන්න තෝරා submit කරන්න. ඔබ විසින් ඇතුලත් කල Email ලිපිනයට තහවුරු කිරීමේ පණිවිඩයක් ලැබී ඇති.. එහි ලින්ක් එක මත ක්ලික් කොට ලියාපදිංචිය තහවුරු කරන්න. දැන් ඔබේ email , password භාවිතා කර Adbla.us වෙබ් අඩවියට Log වන්න. පළමුවර ඇතුළු වීමේදී ඔබගේ ගිණුමේ තොරතුරු ඉල්ලා සිටිනු ඇත. කරුණාකර එයට සත්‍ය තොරතුරු පමණක් ලබා දෙන්න.. URL Shri

Add clcik කරන්න ඕනිත් නෑ. වැඩ කරන්න ඕනිත් නෑ. ඒත් සල්ලි ගෙවනවා. හෑ...... කොහොමද ඒ?.............................

යාළුවනේ ඕන්න අදත් පෝස්ට් කට්ටක් හොයාගෙන ආවයි කියමුකෝ.. ඒත් උබල දැන් කල්පනා කොරනව ඇති මේ උඩ කියල තියෙන විදිහට සල්ලි ගෙවන්නේ මොකාද කියල. ඒක වෙන්නේ මෙහෙමයි. උබල මේ සයිට් එකේ මුලින්ම රෙජිස්ටර් වෙන්න ඕනි. රෙජිස්ටර් උනයි කියමුකෝ. ඔයා නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ     සයිට් එකෙන් short ලින්ක් එකක් කරගන්න .දැන් ඒ shrink කරගනිපු Link එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න Facebook Group එකක දාන්නකෝ..  ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් දෙයක් දුන්න නම් අවමය කියල හිතුවොත් එක දවසට 1000 ක් වත් එනවා .. (ලක්ෂ 3,4 ඉන්න ගෘප් ඕන තරම් තියෙනවා )ඒ එක ලින්ක් එකක් එක ගෘප් එකක දැම්මොත්.. ප්‍රයෝජනවත් ලින්ක් 5 , 6 ක් ගෘප් කිහිපයක දැම්මොත් ??? උඹලට කොච්චර ගානක් හොයන්න පුළුවන්ද? ඒ වගේම උබලට බ්ලොග් එකක් තියෙනවනම් full page skript එකක් දැම්මොත් බ්ලොග් එකට මේ සයිට් එකෙන් උඹ නිකන් ගෙදර ඉන්නකොට ගිණුමේ සල්ලි පිරිල තියෙයි.  Ez cash m cash දෙකෙන්ම සල්ලි ගෙවනවා.                                                  මේ උඩ එකට

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [16 කොටස]

මම කෝප වීමි. ඇත්තෙන්ම කිසිවකු මට මෙසේ සිනා වී නැත. අඩුතරමේ යහලුවකුවත්. "ඇයි මේ...........?" මගේ ස්වරය ඉතාමත් දරුණු වන්නට ඇත. අක්කාත් උත්පලාත් වහා සිය සිනහව නැවැත්වූයේ ඒ නිසා වන්නට ඇත. අක්කා බියෙන් මෙන් මා දෙස බැලූ අතර උත්පලා මා අසලට ආවාය. "දසිත් වාඩි වෙන්නකෝ" ඈ මා හට අක්කා අසල තිබූ පුටුවක් පෙන්වා කීවාය. අණක් මෙන් නොහැගුනත් ඈ කියනට යන්නේ කුමක් හෝ වැදගත් කාරණයක් බව හැගුනෙන් මම එහි අසුන්ගතිමි. "නංගී එහෙනම් ඔයාම කියන්නකො විස්තරේ......"| අක්කා කීවාය. "හ්ම්ම්ම්ම්ම්ම්" කිවූ උත්පලා අක්කාගේ මේසයට හේත්තු වි කතාව ඇරබුවාය. "දසිත් ට පුංචි විහිලුවක් කරන්නයි අපි හැදුවෙ. අක්ක ගැන......... අක්කට ඕන උනා එයා කොල්ලෙක් එක්ක යාලු උනාම මල්ලිගෙ ප්‍රතිචාරෙ බලන්න, අක්කට ඕක තනියම කරන්න බෑ නේ. ඉතින් මගෙන් අක්ක උදව් ඉල්ලුවා" ඈ මා දෙස බැලුවාය. මම බිම බලාගතිමි. කැතය! උත්පලා පාවිච්චි කර අක්කා මට කලේ කුමක්ද? අක්කාගේ ක්‍රියාකලාපය නිසා පිස්සු වැටුනේ කව්ද? මා ඈට මෙතරම් ළං වූයේ ඒ නිසාය..... "ඉතින් මම ඔයාට අක්ක ගැන හොයල දෙන්න බය නැතුව කැමත

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [15 කොටස]

ඔබ සිතන්නේ කුමක්ද? බොහෝ දෙනා පවසන පරිදි උත්පලා සහ මම කපල් එකක් වීමට ඉඩ තිබේද? නැත මා දයාබර පාඨකය..... තවමත් එය කීමට ඉක්මන් වැඩි නැද්ද? මා හමුවන හැම මොහොතකම යම් අරුම පුදුම සතකු දුටු විටක මෙන් ඇගේ දෑස් දීප්තියෙන් බබළනු දැකීම මා කවදත් ආසා කල දෙයකි. දිනෙන් දිනම පෙරටත් වඩා ඇගේ දෑස් ආලෝකමත් වනු දැකීම මට අමුත්තක් උවද එහි ගැබ් වී තිබූ මහා ලොකු රහස තවමත් ඈ මට කියා නැත. එම නිසා ඇගේ අරමුණු මා ඇස් ඉදිරිපිටම පෙනි පෙනී තිබියදීත් මම තවත් අවස්තාවක් එන තෙක් කල් මරමි. මේ හැම දෙයක්ම අස්සේ අක්කාගේ ක්‍රියාකලාපයන් වල පැහැදිලි වෙනසක් දැක ගන්නට ලැබුනේ මට පමණි. ඒ ඇගේ ආදර කතාව මා දැන උන් නිසාදැයි මමම නොදනිත්ටත් එක කුස උපන් සහෝදරිය ලෙස ඇගේ දුකකදී ඈ තනිකිරීම මම පිටුදැකිමි. දැන් ඈ බොහෝ සෙයින් නිශ්ශබ්දය, කතාබහ අඩුවෙනි ප්‍රශ්න ව්ලට කෙටි උත්තර දී නිහඩ වෙයි. වෙනදා මෙන් මා සමග විහිලු නොකරයි වෙනදා මෙන් මා සමග රණ්ඩු නොකරයි........ ඇයි ඒ????? එදින පාසල් නිවාඩු දිනයකි. රජයේ නිවාඩු දිනයක් උවද වෙළද නිවාඩුවක් නොවූ නිසා අම්මාටත් තාත්තාටත් සුපුරුදු ලෙස රාජකාරි සදහා පිටත්ව යාමට සිදු විය. උදෑසන දහයට පමණ