Skip to main content

Posts

Showing posts from March, 2014

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [21 කොටස]

මම අක්කා කියන්නටත් ප්‍රතම සාලයට ගොස් දොර විවුර්ත කලෙමි. ඔව් ඇත්තෙන්ම ඒ උත්පලා විය, ඈ සමහ මිතුරකුද විය එහෙත් ඒ දෙපයින් නොවේ! සතර පයිනි. හෑ! "දසිත්..............." ඈ අපමණ ප්‍රීති වූවාය. "මේ.......... මේ................." "අහ් අදුන්නල දෙන්නත් බැරි උනානේ, දසිත් අදුරගන්න මෙයාව. මේ ඉන්නෙ බ්ලැකී" අනතුරුව බිම වාඩිවී හති අරිමින් උන් බව්වා දෙස හැරුණු ඈ පොඩි ලමයකු සේ මෙසේ පැවසුවාය. "බ්ලැකී දෙන්න මෙයාට අත" බල්ලා කිසිදු වග විබාගයකින් තොරව සිය වම් අත මා දෙසට දිගු කලේය. "දසිත්, අතට අත දීල යාලු වෙන්න" මමද යන්ත්‍රානුසාරයෙන් මෙන් අත දුන්නෙමි. "ආව් ආව්, මෙයා කාටවත් අත දුන්නෙ නෑ ලගකදි නම්, හැමෝවම හපා කෑවා" උත්පලා මගේ උරහිසට අත තබමින් පැවසුවාය. අක්කා ගෙතුල සිට අප සිටි දෙසට පැමිණියාය. උත්පලා කීවේ ඇත්තකි, බල්ලා දත් විලිස්සා අක්කාට බුරා පැන්නේය. උත්පලා ඌව ගෙල බැදි පටියෙන් අල්වා නොගන්නට ඌ අක්කාගේ ඇගට පනිනු නොඅනුමානය. "මේ මොකාද මේ?" අක්කා බිය වූවාය. "සොරි අක්කෙ, මෙයා ටිකක් නුහුරුයි. දසිත් එක්ක නම් යාලු උ

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [20 කොටස]

මා උත්පලා සමග නැවතත් Film හෝල් එක අසලට එන විට ෆිල්ම් එකද අවසාන වී තිබුනි. අක්කා විශාන් අයියා සමග මා එනතුරු බලා සිටියාය, "කොහෙද යකෝ ගියේ?" අක්කා ඇසුවේ කෝපයෙනි.  "මම මේ.... මේ...." උත්පලා උත්තරයක් දිගත නොහැකිව ගොලුවූ ආකාරය මම දුටුවෙමි. "එයා මේ පොඩ්ඩක් ඇවිදින්න කියල ගිහින්." මම විහිලුවක් කරන ලීලාවෙන් පැවසීමි. විශාන අයියා මා දෙස බලා සිනහ වූවේය. ඔහුට මෙය වැටහෙන්නට ඇත. අක්කාට අතින් ඇන නැවත ඒ ගැන නොවිමසන ලෙස ඔහු ඉගි කලේ ඒ නිසා විය හැක. "හ්ම්ම් හ්ම්ම් එහෙනම් යමුකෝ ගෙදර" අක්කා පෙරමුන ගත්තාය, *************************** නිවසට ගිය වහාම මම ඇදට වැටී කල්පනා කරන්නට පටන් ගත්තෙමි. උත්පලා? ඈ මගේ ජීවිතයට ආ දා සිටම මම අපමණ සතුටින් සිටියෙමි. මගේ යහලුවකු ලෙස උන් කාලයට වඩා මා දැන් ඇයට ආදරය කරමි. ඈ තුල මා කෙරෙහි ඇති ආදරය කිසිසේත් බොලද නොවේ. එය මට හොදින්ම තේරුනේ අද දිනයේය. එහෙත් අක්කා? අක්කා මේ ගැන කිසිවක් නොදනියි, ඈ දැනගත හොත්? අක්කා මෙයට එකහෙළාම සිය විරිද්දත්වය ප්‍රකාශ කරනු ඇත. කොතරම් ලගින් ආශ්‍රය කලත් අක්කා තවමත් උත්පලාව හරිහැටි හද

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [19 කොටස]

ඈ කතාව ඇරඹ්බුවේ ඉතාමත් සෙමිනි. මා සමග ඉන්නට ඈට ආසා ඇත, නැත්නම් කියන දෙයක් කියන්නය කියා ඉක්මනින් මෙතනින් යන්නට ඈට වුවමනා වනු ඇත.  "ඔයා අහගෙන ඉදියෙ නෑ නෙ දසිත්....." ඈ කීවාය. "රුචිනි කියනව මම ඔයාව දැලේ දා ගෙනලු, ඒ හන්ද අහින්සක ඔයා විහින් නහිනවලු" මම උත්පලා දෙස බැලුවෙමි. මම ඇගේ දැලේ පැටලුනාද? නැත! ආදරය දැලක් නොවේ. "ඉතින්..." "එයා ඔව්ව කිව්වෙ මට හින්ට් එකටමයි, ඊට පස්සෙ කියනවා මේ වගේ කෙල්ලෙක් එක්ක යන්න අර අහින්සක දසිත්ට මොන තරම් ලැජ්ජාවක් ඇතිද කියලා" නැවතත් ඇගේ මුහුණ අදුරු විය, ඒ ගැන මමද කල්පනා නොකලෙමි, කිසිදා කල්පනා කරන්නේද නැත. ලෝකයා මට කොතරම් සිනහ වුවත් මම කිසිදිනක ඈ හැර නොයමි. "ඒකි මොනා කිව්වම මොකද ලමයෝ, ඔයා ඇයි ඕව ගනන් ගන්නේ?" උත්පලා නිසලව ඇදෙන ගං දිය දෙස බලා හිදියි. උත්තර නැත. "උත්පලා" ඈ පියවි සිහියට ආවාය. මෙතරම් පොඩි දෙයක් ගැන ඈ සිතන තරම්!!!!! ඇත්තෙන්ම මෙහිදී මෙය කිව යුතුය, ඔබ නොදන්නවා උවද කෙල්ලන්ට බොහෝ ප්‍රශ්න තිබේ. අල්ලපු ගෙදර ලමයා අලුතින් ඇදුමක් ගෙනේම, සපත්තු හෝ සෙරප්පු දෙක, ඇදුමේ හෝ අතපයේ ගැ