එදා දවසත් උදාවිය. අක්කා සමගම පිටවී යාම සදහා මම සූදානම් වීමි. අක්කා සමගම ෆිල්ම් එකක් බලන්නට යන බව අකාම අම්මා සමග පාසා තිබූ බැවින් මෙම ගමනට ගෙදරින් විරුද්දත්වයක් නොවිණි. එම නිසාම මමද මේ ගමනට සූදානම් වූයේ එතරම් අකමැත්තකින් නොවේ! එහෙත් සිත් එහි යන්නට වලිකයි. ඈ නිසාද? ඇත්තෙන්ම ඔව්! මමද අක්කා සමගම් හැද පැළද පාරට පැමිණියෙමි. උත්පලා අප එන තුරු බස් නැවතුමේ බලාඅ සිටියාය. "ලක්ශිකා අක්කේ...." "ආ නංගි මොකෝ හදිස්සියෙන්ම ආවෙ" "අපෝ නෑ මම දැනුයි ආවෙ" ඈ මා දෙස බලා හෙමිහිට කෙදිරුවාය. "කෝ විශාන් අයිය?" මම ඇසීමි. "එයා ඇති ටවුමේ" අක්කා පිළිතුරු දුන්නාඅය. ඔව් ඇත්තෙන්ම විශාන් අයියා අක්කා එනතුරු බලා සිටියේය. තනිවමය. කිසිවකුත් ඔහු සමග නොසිටියේය. භයානකය. ඔහුටත් ඔහුගේ පියාටත් ඇත්තෙන්ම මරණ තර්ජන පවා එල්ලවී තිබූ බව මම දනිමි. හේතුව ඔවුන්ගේ ක්‍රියාකලාපයන්ය. ඔවුහු හැමවිටම මනුස්සකමට උදව් කිරීමම ඔවුන්ට ඇති වූ හතුරන් ප්‍රමාණය වැඩි වීම සදහා හේතු වන්නට ඇත. අක්කා බසයෙන් බසිනු දුටු වහාම ඈ අසලට ආ ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේ තමන්ගේයැයි අදහස් කරන්නට ව...
විදවන ජීවිතය විදින්නත්, විදින ජීවිතේ ඵල නෙළා ගන්නත් අපි ඔබ සැමට මග කියා දෙන්නෙමු.