Skip to main content

Posts

Showing posts with the label නවකතාව

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [24 කොටස]

උත්සව ශාලාව පිරී සිටියේ අපේම වයසේ පිරිසෙනි. පාසල් කාලයේ වසර ගණන් එක්ව ගත කල උදවියගේ වෙන්වයාම දුකක් උවත් මේ සතුට එය අමතක කරලන්නට සමත් වනු ඇත. උත්පලා කෙලින්ම ගියේ ශලනි, ලකියා සහ ප්‍රවීන් ඇතුලු පිරිස හුන් තැනටය. මම ඇගේ පසුපසින් ගියෙමි. "ද්සිත්......"  පිරිස මා දෙස බැලූහ. "ඇත්තද ශලිතයා උඹට ගැහුවය කියන්නෙ?" අනුරුද්ද ඇසුවේය. "ඔව් ඔව් කියහන්, ඌට කොහෙන් ආපු හයියක්ද බං ආ. මොකක්ද සීන් එක?" "අම්මපා තමයි, මොකෝ සීන් එක?" උත්පලා බිම බලා ගත්තාය. "මම" මා දෙස හැරී උන් මිතුරු මිතුරියන් සියල්ලම උත්පලා වෙත හැරුණි. ශලනි සිනහ වූවාය. මමත් උත්පලාත් ගැන බොහෝ දෙනා නොදනිති, දැන උන්නේ අප අසලම උන් කීප දෙනෙකු පමණකි. "උඹ?" "ඒ කීවෙ?" උත්පලා ඇඹරුනාය. ලැජ්ජාවෙනි. එහෙත් ඈත් මමත් දෙස බැලූ අපේ එවුන් කරුණු කාරණා වටහා ගන්නට ඇත.  "හරි හරි" අනුරුද්ද කීවේය.  "දැන් නෙ තේරුනේ, කන්ග්‍රෑට්ස් මචන්" ඔහු මගේ අත ගෙන සුබ පැතුවේය. අනතුරුව අපේ පන්තියේ අයගෙන් ඇරඹුණු අත්පොළසන් නාදයක් ශාලාව පුරා පැතිරුණි. "ශාලිතය...

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [23 කොටස]

මා සවස ඈ සිටි පන්ති ගොඩනැගිල්ල ගියේ මගේ මිතුරන් දෙදෙනාද සමගය. ඔවුන් පිටත් කර හැරි මම ටිකක් පරක්කු වී අපේ පුංචි ගෙට් ටුගෙදර් එකට එන බව පැවසීමි. මා කිව් දෙයි යම් රහසක් සැගව ඇති බව ඔවුන්ට වැටහෙන්නට ඇතුවා නොඅනුමානය. එසේ උවද වැඩි ප්‍රශ්න නොඇසූ ඔවුහු මගේ ඉල්ලීම ඉටු කර පිටත්ව ගියහ. සවස පහ පමණ වන විට ඈ උන් පන්තිය අවසාන වූ බව මට වැටහුනේ සුපුරුදු මුහුණු කීපයක්ම ගොඩනැගිල්ලෙන් පිටතට පියනැගි නිසාය. තවත් ටිකකින් සෙනග අස්සෙන් පැමිණියේ අන් කිසිවකු නොව රුචිනි සහ ශාලිතය. ඔවුන් දෙදෙනා මා දැක එක්වරම නැවතුනත් සුලු මොහොතකින් මා දෙස බලා සිනහ වූහ. කිසිත් නොද්ත් මම පිලිතුරු සිනහවක් පෑවෙමි. ******************** "පව් ඕයි දසිත්" ශාලිත කීවේ රුචිනිට පමණක් ඇසෙන පරිදිය. "මෑන්ස් මොනව උනත් හොද කොල්ලා, අනික ඉස්කෝලෙ උනත් මිනිහට ගොඩක් උන් ෆිට්. පිළිගැනීමක් තියෙනවා" රුචිනි ශාලිත දෙස බලා සිනහ වූවාය. "ඉතින් ඔයා දැන් දසිත් ගැන හිතල උත්පලා නිකම්ම අතාරින්නද ලෑස්තිය?" "දසිත් ගැන හිතල? ඒ දෙන්න යාලු නෑ නේ?" "නැත්තෙ මොකෝ? දසිත් ඔය එන්න ඇත්තෙ උත්පලා එක්ක යන්න"...

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [22 කොටස]

කොල්ලන් කෙල්ලන් එකතු වී කතා බහ කරන තැනකි, වේලාව සවස හතරට පමණ වන්නට ඇත. ක්ලාස් එකේ විවේක කාලය නිසා බොහෝ දෙනා මෙතැනට වී වල්පල් කතා කරමින් සිටියහ. "ආහ්! අද හවස නේද අපේ ගෙට් ටොගෙද එක?" "නැතුව බං" "උඹල එනවද බන්?" "නැතුව ඉතිං, අපි නො එන ගෙට් ටුගෙදර්" කොල්ලන් කිහිප දෙනෙක් කතා බහ කරති. ඔව්. ඒ උත්පලා ඉන්නා පන්තියයි. බයෝ වැනි විශයක් කරන ඔවුන් ඉඩ ලද හැම වෙලාවකම විශයට පිටුපස හැරවීම කලයුතු වේ. නැත්නම් ඒකාකාර ජීවිතයේ විදීමක් නොමැත. "හෙලෝ රුචිනි" "හායි!" ලස්සන කටහඩකි, අසන ඕනෑම අයකු හැරී බලනවාට සැක නැත. අපිත් හැරී බලමු. ඔව් ඒ උත්පලා අකමැතිම කෙල්ලයි,  උත්පලා අකමැති වූවාට කම් නැත බොහෝ දෙනා කැමති වන කෙල්ලකි ඈ, ඕනෑම කෙනෙක් තුන් හතර වතාවක් උවද හැරී බලන තරම් ලස්සනක් ඈ සතු බැවිනි ඒ. "කොහොමද උයාලට?" අසමින් ඈ සිය මිතුරියක් සමග කතාකරමින් උන් කොල්ලන් දෙසට හැරුනාය. මොහොතක් කියෙව්වාය. "මචං රුචී, පොඩ්ඩක් එන්නකො මෙහෙට" කෙනෙක් ඈ පසෙකට කැදවීය, හොද උස මහත කොල්ලෙකි ඒ. පොහොසත්කමේ ලක්ශන ඔහුගෙන් නිරන්තරයෙන් විද්යාමාන වීම විශේශයක්...

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [21 කොටස]

මම අක්කා කියන්නටත් ප්‍රතම සාලයට ගොස් දොර විවුර්ත කලෙමි. ඔව් ඇත්තෙන්ම ඒ උත්පලා විය, ඈ සමහ මිතුරකුද විය එහෙත් ඒ දෙපයින් නොවේ! සතර පයිනි. හෑ! "දසිත්..............." ඈ අපමණ ප්‍රීති වූවාය. "මේ.......... මේ................." "අහ් අදුන්නල දෙන්නත් බැරි උනානේ, දසිත් අදුරගන්න මෙයාව. මේ ඉන්නෙ බ්ලැකී" අනතුරුව බිම වාඩිවී හති අරිමින් උන් බව්වා දෙස හැරුණු ඈ පොඩි ලමයකු සේ මෙසේ පැවසුවාය. "බ්ලැකී දෙන්න මෙයාට අත" බල්ලා කිසිදු වග විබාගයකින් තොරව සිය වම් අත මා දෙසට දිගු කලේය. "දසිත්, අතට අත දීල යාලු වෙන්න" මමද යන්ත්‍රානුසාරයෙන් මෙන් අත දුන්නෙමි. "ආව් ආව්, මෙයා කාටවත් අත දුන්නෙ නෑ ලගකදි නම්, හැමෝවම හපා කෑවා" උත්පලා මගේ උරහිසට අත තබමින් පැවසුවාය. අක්කා ගෙතුල සිට අප සිටි දෙසට පැමිණියාය. උත්පලා කීවේ ඇත්තකි, බල්ලා දත් විලිස්සා අක්කාට බුරා පැන්නේය. උත්පලා ඌව ගෙල බැදි පටියෙන් අල්වා නොගන්නට ඌ අක්කාගේ ඇගට පනිනු නොඅනුමානය. "මේ මොකාද මේ?" අක්කා බිය වූවාය. "සොරි අක්කෙ, මෙයා ටිකක් නුහුරුයි. දසිත් එක්ක නම් යාලු උ...

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [20 කොටස]

මා උත්පලා සමග නැවතත් Film හෝල් එක අසලට එන විට ෆිල්ම් එකද අවසාන වී තිබුනි. අක්කා විශාන් අයියා සමග මා එනතුරු බලා සිටියාය, "කොහෙද යකෝ ගියේ?" අක්කා ඇසුවේ කෝපයෙනි.  "මම මේ.... මේ...." උත්පලා උත්තරයක් දිගත නොහැකිව ගොලුවූ ආකාරය මම දුටුවෙමි. "එයා මේ පොඩ්ඩක් ඇවිදින්න කියල ගිහින්." මම විහිලුවක් කරන ලීලාවෙන් පැවසීමි. විශාන අයියා මා දෙස බලා සිනහ වූවේය. ඔහුට මෙය වැටහෙන්නට ඇත. අක්කාට අතින් ඇන නැවත ඒ ගැන නොවිමසන ලෙස ඔහු ඉගි කලේ ඒ නිසා විය හැක. "හ්ම්ම් හ්ම්ම් එහෙනම් යමුකෝ ගෙදර" අක්කා පෙරමුන ගත්තාය, *************************** නිවසට ගිය වහාම මම ඇදට වැටී කල්පනා කරන්නට පටන් ගත්තෙමි. උත්පලා? ඈ මගේ ජීවිතයට ආ දා සිටම මම අපමණ සතුටින් සිටියෙමි. මගේ යහලුවකු ලෙස උන් කාලයට වඩා මා දැන් ඇයට ආදරය කරමි. ඈ තුල මා කෙරෙහි ඇති ආදරය කිසිසේත් බොලද නොවේ. එය මට හොදින්ම තේරුනේ අද දිනයේය. එහෙත් අක්කා? අක්කා මේ ගැන කිසිවක් නොදනියි, ඈ දැනගත හොත්? අක්කා මෙයට එකහෙළාම සිය විරිද්දත්වය ප්‍රකාශ කරනු ඇත. කොතරම් ලගින් ආශ්‍රය කලත් අක්කා තවමත් උත්පලාව හරිහැටි හද...

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [19 කොටස]

ඈ කතාව ඇරඹ්බුවේ ඉතාමත් සෙමිනි. මා සමග ඉන්නට ඈට ආසා ඇත, නැත්නම් කියන දෙයක් කියන්නය කියා ඉක්මනින් මෙතනින් යන්නට ඈට වුවමනා වනු ඇත.  "ඔයා අහගෙන ඉදියෙ නෑ නෙ දසිත්....." ඈ කීවාය. "රුචිනි කියනව මම ඔයාව දැලේ දා ගෙනලු, ඒ හන්ද අහින්සක ඔයා විහින් නහිනවලු" මම උත්පලා දෙස බැලුවෙමි. මම ඇගේ දැලේ පැටලුනාද? නැත! ආදරය දැලක් නොවේ. "ඉතින්..." "එයා ඔව්ව කිව්වෙ මට හින්ට් එකටමයි, ඊට පස්සෙ කියනවා මේ වගේ කෙල්ලෙක් එක්ක යන්න අර අහින්සක දසිත්ට මොන තරම් ලැජ්ජාවක් ඇතිද කියලා" නැවතත් ඇගේ මුහුණ අදුරු විය, ඒ ගැන මමද කල්පනා නොකලෙමි, කිසිදා කල්පනා කරන්නේද නැත. ලෝකයා මට කොතරම් සිනහ වුවත් මම කිසිදිනක ඈ හැර නොයමි. "ඒකි මොනා කිව්වම මොකද ලමයෝ, ඔයා ඇයි ඕව ගනන් ගන්නේ?" උත්පලා නිසලව ඇදෙන ගං දිය දෙස බලා හිදියි. උත්තර නැත. "උත්පලා" ඈ පියවි සිහියට ආවාය. මෙතරම් පොඩි දෙයක් ගැන ඈ සිතන තරම්!!!!! ඇත්තෙන්ම මෙහිදී මෙය කිව යුතුය, ඔබ නොදන්නවා උවද කෙල්ලන්ට බොහෝ ප්‍රශ්න තිබේ. අල්ලපු ගෙදර ලමයා අලුතින් ඇදුමක් ගෙනේම, සපත්තු හෝ සෙරප්පු දෙක, ඇදුමේ හෝ අතපයේ ගැ...

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [18 කොටස]

එදා දවසත් උදාවිය. අක්කා සමගම පිටවී යාම සදහා මම සූදානම් වීමි. අක්කා සමගම ෆිල්ම් එකක් බලන්නට යන බව අකාම අම්මා සමග පාසා තිබූ බැවින් මෙම ගමනට ගෙදරින් විරුද්දත්වයක් නොවිණි. එම නිසාම මමද මේ ගමනට සූදානම් වූයේ එතරම් අකමැත්තකින් නොවේ! එහෙත් සිත් එහි යන්නට වලිකයි. ඈ නිසාද?  ඇත්තෙන්ම ඔව්!  මමද අක්කා සමගම් හැද පැළද පාරට පැමිණියෙමි. උත්පලා අප එන තුරු බස් නැවතුමේ බලාඅ සිටියාය. "ලක්ශිකා අක්කේ...." "ආ නංගි මොකෝ හදිස්සියෙන්ම ආවෙ" "අපෝ නෑ මම දැනුයි ආවෙ" ඈ මා දෙස බලා හෙමිහිට කෙදිරුවාය. "කෝ විශාන් අයිය?" මම ඇසීමි.  "එයා ඇති ටවුමේ" අක්කා පිළිතුරු දුන්නාඅය. ඔව් ඇත්තෙන්ම විශාන් අයියා අක්කා එනතුරු බලා සිටියේය. තනිවමය. කිසිවකුත් ඔහු සමග නොසිටියේය. භයානකය. ඔහුටත් ඔහුගේ පියාටත් ඇත්තෙන්ම මරණ තර්ජන පවා එල්ලවී තිබූ බව මම දනිමි. හේතුව ඔවුන්ගේ ක්‍රියාකලාපයන්ය. ඔවුහු හැමවිටම මනුස්සකමට උදව් කිරීමම ඔවුන්ට ඇති වූ හතුරන් ප්‍රමාණය වැඩි වීම සදහා හේතු වන්නට ඇත.  අක්කා බසයෙන් බසිනු දුටු වහාම ඈ අසලට ආ ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේ තමන්ගේයැයි අදහස් කරන්නට ව...