Skip to main content

Posts

Showing posts from January, 2014

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [14 කොටස]

ටික දිනක් ගෙවී ගියේ මටත් නොදැනීමය. අක්කාගෙන් කිසිදු වෙනසක් නොවිණි. ඇය වෙනදා සේම විකාරයෙන් කල් ගත කලාය. එදින මට උපකාරක පන්ති තිබූ දිනයකි. මගේ මිතුරන් දෙදෙනාද මා සමගම ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට එක්වීම මගේ වාසනාවක් විය. උත්පලා ඈ තෝරාගත් ජීව විද්යා අංශයේ ගුණ වයමින් උන්නාය. මාගේ මිතුරන් දෙදෙනාත් සමග ක්ලාස් ඇරී පැමිණෙන අතරමගදී මට උත්පලා මුණගැසිණි. ඈ කුමකට හෝ නගරයට පැමිණ ඇත. මා ඈ අල්ලාගත්තේ පාර පැනීමට කහ ඉරක් අසල සිටියදීය. මා ආ බව නොදත් ඇය අල්ලා නවත්වා ගත්තෙමි. "කොහෙද මේ හවස් වෙලා යන්නෙ?" "ආහ්! දසිත්!" මිතුරන් දෙදෙනා මා දෙස බලා ඔවුනොවුන්ගේ මුහුණු බලා ගත්හ. "දසිත් පොඩ්ඩක් එනවද, ඔයාව හම්බුනේ වෙලාවට." මම මිතුරන් දෙස බැලීමි, ඔවුන් මා දෙස පුදුමයෙන් බලා සිටී. මම ඔවුන් අසලට ගොස් මෙසේ පැවසිමි. "මචන් ලකියා, මට දැන් එන්න වෙන් නෑ, උඹල පලයන්" "ඒ මොකෝ බං? මොකෝ උත්පලා කියන්නෙ?" "මොකද දන්නෙ නෑ බං! මම ගිහින්ම බලන්නම්. උඹල පලයන් අව්ලක් නෑ" "අහා! උඹල දෙන්න මොකටද දන් නෑ මේ පාර එන්න හදන්නෙ" "දසිත්!!!!!!!!! ඉක්

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [13 කොටස]

එම සිදුවීමෙන් පසුව තවත් සතියකට අදික කලක් ඉක්ම ගියේ අප කාටත් නොදැනීමය. එයට හේතුව වන්නට ඇට්තේ උසස් පෙළ සදහා ගණිත විශයන් තෝඅරාගත් මට බොහෝ සෙයින් අද්යාපන කටයුතු වල නිරත වීමට සිදුවීමය. කෙසේ උවද උත්පලා මට නිතරම වාගේ මුණගැසිනි. වල්පල් කතාකරමින් කාලය ගෙවීම හැරුණුකොට ඈ තුල වූ අමුතු සිනහව මා සිහිනයක් තුලින් අවදිකරවීමට සමත් විය. අක්කා වෙනදා මෙන්ම මා සමග විහිලුවෙන් සතුටින් කතාබහ කලාය. එහෙත් වෙනදාට වඩා දගකාර බවක් ඈ තුලින් විද්යාමාන වූයේ කුමන හේතුවක් නිසා දැයි මම ඉක්මනින්ම සොයා ගනිමි. එදින සදුදා දවසකි. අක්කා පාසල් නොගොස් මොකක්දෝ පන්තියකට සහබාගි වීම සදහා පිටත්ව ගියාය. උදෑසන දහයමාරට එය අවසන් වන බව පැවසුවත් ඇය තවමත් පැමිණියේ නැත. එකොලහට ළං වීමට ඔන්න මෙන්න කියා තිබියදී මගේ ජංගම මෙව්වා එක නාද වීමට පටන් ගත්තේ මම බලමින් උන් ෆිල්ම් එකද අමතක කරවමිනි. කව්ද මේ උදේ පාන්දර මල වදේ............ ඇමතුම උත්පලාගෙනි. "හලෝ දසිත්" "ඕ ඉන්නව" "කොහෙද ඉන්නෙ?" "ගෙදර" "එහෙනම් ඉක්මන්ට ටවුමට එනව" "ඒ මොකෝ?" "කීවම එනවකෝ, මම ඉන්නව සෙන්ට්‍රල් පා

ප්‍රශ්ණ ටිකකට උත්තර දීල පුංචි උදව්වක් කරනවද?

මගේ යාළුවනේ සමහර විට ඔයාල මාව දන්නව ඇති. සමහරු දන්නෙත් නැතුව ඇති. මේ බ්ලොග් එකේ ගොඩක් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන post ලිව්වේ මම. ඉතින් මම දන්න දෙයින් ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන මගේ උසස් පෙළ ඒකල ව්‍යාපෘතිය අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන කරන්න පටන් ගත්තා. ඉතිං දැන් මට ඒකට ඔයාගෙ තොරතුරු ටිකක් ඕනි වෙලා තියෙනව. ඒ නිසා පහල ලින්ක් එකෙන් ගිහින් මට ඒ තොරතුරු ටික දෙන්න පුළුවන් නම් ලොකු  උදව්වක්! ලින්ක් එක  https://docs.google.com/forms/d/1X2Xb1FGzLPJgyPmVAihPPyjI-sRGt0fSDlIJD0a9W0Y/viewform මම දිනුක විජේසිංහ.

"දැන් ටිකක් අමුතුයි ඔයාගෙ වැඩ" :: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [12 කොටස]

අක්කා සුපුරුදු පරිදි පාසල් යයි. මම ගෙදරට වී ඔහේ බලන් ඉදිමි. කොහොම කීවද ඇය නැති අඩුපාඩුව උදේ කාලයේදී තදින් දැනේ. එය පිළිගත යුතුය. එදින අක්කා නිවසට පැමිණියේ තුනහමාරත් පසුවූ පසුය. පාසලේ සිට එතරම් දුරක් නැති නිසාවෙන් මම ඇගෙන් මේගැන ප්‍රශ්න කළෙමි. "මොකෝ අක්කෙ පරක්කු" "පරක්කුද?" ඈ මගේ කනෙන් අල්ලා සිනාවෙමින් කීවාය. අමුතුය! "ඔව්?" "ඉස්කෝලෙ වැඩ වගයක් තිබුන මල්ලි, ස්පෝට් මීට් කාලෙනෙ" "වෙන්න බෑ" "අපෝ මොකෝ වෙන්න බැරි" මම එල්ලෙනට නොගියෙමි. ඇගේ තර්ක බිදෙහෙළිය නොහැක. කොහෙන් හෝ ඈ කියන පට්ටපල් බොරුවක් උවද සත්ය වේ. එහෙත් එය විමසා බැලිය යුතුය. සතියකට රුපියල් තුන් හාර සීයක ෆෝන් කාඩ් දමා යාලුවන්ට කතා කරනවායැයි සිතිම පැහැදිලිවම අපහසුය. එහෙත් මේගැන සොයා බලන්නෙ කෙසේද? කෙසේ උවද මේ ගැන සෙවීමට මගේ සිතේ හටගත්තේ මාර ආසාවකි. හොර වැඩක් කිරීමෙන් ලැබෙන විශ්මයජනක සතුට මට ලැබිය හැක. මට උත්ප්ලා මතක් විය, වයස් පරතරය හැරුණුකොට අක්කාත් උත්පලාත් ගජ මිතුරියෝය. ඕනෑම ඕපාදූපයක් එකිනෙකා අතර කියවේ. මේ ගැන ඉගියක්වත් ඇගෙන් දැනගත හැකිය. ඔව්! හෙට උදෑස