Skip to main content

"දැන් ටිකක් අමුතුයි ඔයාගෙ වැඩ" :: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [12 කොටස]


අක්කා සුපුරුදු පරිදි පාසල් යයි. මම ගෙදරට වී ඔහේ බලන් ඉදිමි. කොහොම කීවද ඇය නැති අඩුපාඩුව උදේ කාලයේදී තදින් දැනේ. එය පිළිගත යුතුය. එදින අක්කා නිවසට පැමිණියේ තුනහමාරත් පසුවූ පසුය. පාසලේ සිට එතරම් දුරක් නැති නිසාවෙන් මම ඇගෙන් මේගැන ප්‍රශ්න කළෙමි.

"මොකෝ අක්කෙ පරක්කු"

"පරක්කුද?"
ඈ මගේ කනෙන් අල්ලා සිනාවෙමින් කීවාය.
අමුතුය!

"ඔව්?"

"ඉස්කෝලෙ වැඩ වගයක් තිබුන මල්ලි, ස්පෝට් මීට් කාලෙනෙ"

"වෙන්න බෑ"

"අපෝ මොකෝ වෙන්න බැරි"

මම එල්ලෙනට නොගියෙමි. ඇගේ තර්ක බිදෙහෙළිය නොහැක. කොහෙන් හෝ ඈ කියන පට්ටපල් බොරුවක් උවද සත්ය වේ.
එහෙත් එය විමසා බැලිය යුතුය.
සතියකට රුපියල් තුන් හාර සීයක ෆෝන් කාඩ් දමා යාලුවන්ට කතා කරනවායැයි සිතිම පැහැදිලිවම අපහසුය. එහෙත් මේගැන සොයා බලන්නෙ කෙසේද?

කෙසේ උවද මේ ගැන සෙවීමට මගේ සිතේ හටගත්තේ මාර ආසාවකි. හොර වැඩක් කිරීමෙන් ලැබෙන විශ්මයජනක සතුට මට ලැබිය හැක.

මට උත්ප්ලා මතක් විය, වයස් පරතරය හැරුණුකොට අක්කාත් උත්පලාත් ගජ මිතුරියෝය. ඕනෑම ඕපාදූපයක් එකිනෙකා අතර කියවේ. මේ ගැන ඉගියක්වත් ඇගෙන් දැනගත හැකිය. ඔව්! හෙට උදෑසනම මම ඈ හමුවට යන්නෙමි. අක්කාගෙ නැටුම් හෙළිකර ගන්නෙමි!!!!

"මල්ලී........."

අක්කා අඩගසනු ඇසිනි.

"ඕ"

"කෑවද?"

අපොයි! මට කන්නට අමතක විය. වෙනදා මම දහවල් ආහාරය ගන්නේ අක්කා පැමිණි පසුය. එහෙත් අද ඇගේ පරක්කුව නිසා මට එය මුලුමනින්ම අමතක විය.


"නෑ"

"එහෙනම් ඉක්මනට එනවා"

මා කුස්සියට යන විටත් අක්කා මගේ කෑම පිගාන බෙදා මේසය මත තබා තිබුණි.

"අක්කෙ"

"මොකෝ?"

"නෑ එක්කො ඕන නෑ"

"මොකක්ද........."

"දැන් ටිකක් අමුතුයි ඔයාගෙ වැඩ"

අක්කා ආහාර ගැනීම නවතා මා දෙස බැලුවාය. ඇගේ ඇස් දෙකත් උත්පලාගේ මෙන් ලොකු වී ඇත......

"ඒ කීවෙ?"

"නෑ මම කිව්වෙ හැසිරීම ටිකක් අමුතුයි කියල. අර තනියම හිනා වෙන එක එහෙම එච්චර හොද නෑ"

"මම? නෑ"

"නැත්තෙ මොකෝ මම දැක්ක ඊයෙ පාඩම් කරන ගමනුත් සැරෙන් සැරේ හිනා වෙනව. එකපාරටම ඔහේ ජනේලෙන් බලන් ඉන්නව"

"හා හා ඇති ඇති....."

"ඇයි ඒ?"

"වෙලාව ආපුවම දැනගනියි. එතකම් ඒ ගැන මගෙන් අහන්න එපා"

ඇත්තය! ඇගේ විශ්වාසය කඩ කල නොහැක. මම රහස් රකිමි!



*******************

පසු දින උදෑසන අන් සියලු දෙනාම සිය රාජකාරි සදහා පිටත්ව ගිය පසුව මම මගේ පාපැදියට නැගුණෙමි. කලකින් පාවිච්චි නොකල නිසාම එය නැවත පදින්නට හැකි තත්වයට ගන්නට මට තරමක මහන්සියක් වන්නටද සිදු විය. කෙසේ උවත් අන්තිමේ උත්පලාගේ නිවස අසලට යන විට නවයට වත් වන්නට ඇත. වාසනාවට ඈ නිවස ඉදිරිපස සිමෙන්ති බංකුවට වී පත්තරයක් කියවමින් සිටියාය. මගේ පාපැදියේ සද්දය ඇසී හිස ඔසවා බැලුවාය.

"හානේ දසිත්.............."|

මම පාපැදිය පාර අයිනේ හේත්තු කර ගේට්ටුව අසලට ගියෙමි. ඇය මා පිළිගැනීමට පැමිණියාය.

"මොකෝ ඉටින් කවදාවත් නැතුව මේ පැත්තෙ එන්න හිතුනෙ?"

"ඇයි අපි එන්න හොද නැද්ද?"

"අනේ නෑ"

ඇය ඇස් දෙක බිමට හරවා කීවාය.

"එහෙම නෙවෙය්, මම නිකමට කිව්වෙ"

"හ්ම්ම් හ්ම්ම් කමක් නෑ"

"ඉතින් එන්නකො ගෙට"

"ම්ම්ම් බෑ බෑ එහෙම හොද නෑ නෙ, ඔයා විතරනෙ ඉන්නෙ. අපි එලියෙම ඉමු"

"ඔව්මයි"

සිනහවූ ඇය සිමෙන්ති බංකුවේම වාඩි වූවාය.

"ඉදගන්න දසිත්"

මම අනිත් කොනේ වාඩි වීමි. ඈ මා දෙස බලා උන්නාය.

"මේ මම ආවෙ පොඩි තොරතුරක් දැනගන්න""

"මොකක්ද දසිත්?"

"අපේ අක්ක, මේ දවස් ටිකේ හරි අමුතුයි"

"මටත් තේරුනා ඕක"

"ඒකනේ, පුදුම විදියට ෆෝන් කාඩ් දානවා, පිස්සුවෙන් වගේ හිනාවෙනවා"

"මට නම් දැන් ටික කලක ඉදල ඕක තේරුනා. මම දසිත්ට කිව්වෙ නැත්තෙ එක ගෙදර ඉන්න මල්ලිටත් නොතේරෙන දේ මම විතරක් කීවම හරි නැති හන්ද"

"මොකක්ද ඕකට හේතුව? ඔයා දන්නවද?"

"නෑ දසිත් අවංකව්ම දන්නෙ නෑ. ඒත් හේතුව නම් දන්නව ඔය හැම දේටම"

"මොකක්ද ඒ?"

"අක්කට කොල්ලෙක් සෙට් වෙලා"

මම සිනහ වීමි, සුපුරුදු ලෙසමය.

"වෙන්න බෑ උත්පලා"

"ඇයි මොකෝ වෙන්න බැරි?"

"ඒකිට කැමති වෙයිද කොල්ලෙක්? ඈ?"

"දසිත් තාම අක්කව දැකල නැද්ද?"

මම උත්පලා දෙස බැලීමි. ඒ කීවේ මොකක්ද?

"ඒ කිව්වෙ?"

"ඔයාගෙ අක්ක දිහා බැලුවම කොල්ලෙක් සෙට් උනා කිව්වම නෙවෙයි පුදුමෙ, මෙච්චර කල් එහෙම නොවී තිබුන එකයි"

මම බිම බලා ගතිමි.
ඇත්තය, අනිත් සම වයස් කෙල්ලන් සමග සසදද්දී අක්කා අමුතු පුදුමාකාර ලස්සනකින් හෙබි ලක්කක් වූවාය. නිතර දෙවේලේ ඈ සමග උන් මට එය එතරම් ගණනකට නොගත්තාට සමාජයට එය එසේ වන්නට නැත.
කොහොමත් හැමදාම දකින කුකුලාගේ කරමලය සුදු වීම මගේ වරදක් නොවේ!

"ඇත්ත තමා ඒත්.........."

"ඔයා දන්නෙ නෑ, මම ඔයාව අදුරගන්න කලිනුත් අක්කගෙන් කොල්ලො කීප දෙනෙක් ඇහුව, ඒත් එයා ඒ කාටවත් කැමති උනේ නෑ"

"ඔයා කියන්නෙ දැන් කාට හරි කැමති වෙලා කියලද?"

"නෑ තාම එහෙම කියන්න තරම් දෙයක් උනේ නෑ නෙ දසිත්, එහෙම උනා නම් ඒක එයා හොදට හිතල මතල ගත්තු තීරණයක්, ඒක වෙනස් කරන්න නම් අමාරු වේවි"

"මට ඕන ඒ කව්ද කියල හොයා ගන්නයි උත්පලා. අක්ක හැම්දේම දන්නව කියල හිතුවට එයාට ආරක්ශා වෙන්න බෑ"

ඈ මට ළං වූවාය, මිතුරියක සේ මගේ උරහිසින් අල්ලා මෙසේ කීවාය,

"අපි හොයාගමු, ලක්ශිකා අක්ක මගෙත් යාලුවනෙ"

"හ්ම්ම්ම් ඔයා හෙල්ප් කරනවද?"

"ඔව් හැබැයි එක කොන්දේසියක් උඩ?"

"මොකක්ද?"

"බැරිවෙලාවත් අක්කගෙ තීරනේ හරි නම්, ඔයා ඒකට විරුද්ද වෙන්න බෑ"

මම මොහොතක් කල්පනා කලෙමි. ඇත්තය! හැමෝගේම කැමැත්තට මම විරුද්ද වී පලක් නැත. ඊටත් වඩා සිදු විය යුතු නම් එය කවදා හෝ සිදුවිය යුතුය.

"හොදයි, ප්‍රොමිස්"

"රයිට් දෙන්න අත"

ඈ මගේ අතින් ඇද පුරුදුකාරියක මෙන් යුරෝපීය ක්‍රමයට "හෑන්ඩ් ශේක්" කලාය.
මම සිනහ වීමි.

"දැන් මොකෝ දසිත් පලවෙනි පියවර?"

පලමු පිය්වර? දත්ත මදිය.

"අපි බලන් ඉමු, අක්කගෙන් පලවෙනි වැරැද්ද සිද්ද වෙනකම්. එහෙම නොවුනොත් අපිට මේක හොයන්න වෙන්නෙ නෑ"

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.....................

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

---------------------------------------------------------------------------------

---------------------------------------------------------------------------------
ලියන මම - රැන්ඩි මල්ලී.



---------------------------------------------------------------------------------

Comments

  1. කෝ බොල අලුත් කොටස? ලියපිය කිව්වෙ ඉක්මනට :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook ...

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක...

ලැප් එකක් ගන්න රත්නපුර ටවුම වටේ.

                    ඔන්න යාළුවනේ මම අද ලියන්න   හදන්නේ   පොඩ්ඩක් වෙනස් දෙයක්.ඒ තමා මං කොල්ල ලැප් එකක් ගන්න ගිහින් වෙච්ච සිද්ධි.                      මං කොල්ලත් විභාහගේ ගොඩ දාගත්ත හින්දා   ගෙදරින් අරං දුන්න ලැප් එකක්.මේක අරං දුන්න කිවුවොත් ටිකක් විතර වැරදි.ඇත්තටම හරි දේ   අඩාල අඩාල ඉල්ලා ගත්තා කියන එක.මෙහෙම කියන්නත් පුළුවන් බැන බැන අරං දුන්නා.එහෙමත් හරි. ඔන්න කොහොම හරි ඉතින් මේ ලැප් රාජයා ගන්න ගියේ අපේ පියත් එක්ක.උදේ කඩ අරින වෙලාවටම ගිහිල්ලා රත්නපුරේ තිබුන කඩ ඔක්කොටම ගියා ලැප් බලන්න.ලැප් වල ගන්න අහන කොට මට නිකන් කලාන්තේ   වගේ.අම්ම සල්ලි දුන්නේ 40,000.එක යන්තමින් 65,000 කරගත්තා.කඩ වලට ගියහම ඉතින් i3 එකක් 73,000 එහා තමා ගන්න කියන්නේ.ඕනා ඉතින්   එක නිසා ලියනවා 65,000 i3 ලැපක් හොයාගත්ත හැටි.           ...