කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.
"උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා."
හිත එහෙම කිව්වා.
"ඔව්"
එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව.
"දැං උඹ ලියන්නෙ නැද්ද?"
අරූ අතාරින්නෙම නෑ.
"වැඩක් නෑ ඕයි"
මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත.
"උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනකම් වැඩ කරපන්. ඔලුව නරක් කරං අනිත් මිනිස්සු වගේ ආණ්ඩුවටයි ස ටයි බැන බැන ඉදපන්. නැත්නං සන්නස්ගල වගේ රැඩිකල් වෙයං. වෙනස් වෙයං. නැත්නම් උඹටත් වෙන්නෙ ගේම් කාරයෙක් වගේ ඉස්සර ඉදපු දැන් හුළං බැහැපු රනිල් වගේ වෙන්න."
ඇත්ත කියන්න මං අර බොළද ආදර කතා ලියපු දවස් වල ඒව කියූපු රීඩර් බේස් එකක් හිටියා. උන් ටික මං අන්තිම කතාවෙ කොටස ලියනකම් මෑතක් වෙනකම්ම ඉන්න ඇති. දැන් නං නැතුවත් ඇති. කමක් නෑ. බ්ලොග් එක මගේ. ලියන දේ මගේ. දැන් නං කතා ලියන්නේ නෑ. ආසයි. ඒත් වෙලාවක් නෑ.
ආයෙත් එමු පොටෝ එකට. උඩ දාල තියෙන්නෙ ඒක. තියෙන්නෙ මැදි වයස පහු කරන් යන ආබාධිත මනුස්සයෙක් පොත් ටිකක් අරන් මහ පාරෙ විකුණන හැටි. මේක දැක්කම මුලින්ම මත වෙන්නෙ මිනිස්සු කොයි තරම් මෝඩ ද කියන එක. මොකද පොතක් කියන්නෙ මහ පාරෙ දාගෙන විකුනන්න ඕන තරම් මිනිස්සු ගන්න නිතර පරිහරණය කරන දෙයක් නෙවෙයි. පොතක් කියවන්නෙ එක කොමියුනිටි එකක් විතරයි. ඉස්සර ඉස්කෝලෙ යන ලමයි පොත් කියෙව්වෙ උන්ට නිවාඩු පාඩුවෙ කරන්න වෙන දෙයක් නොතිබුන හන්ද. පොතකට වඩා මොබයිල් පෝන් එකේ පාට පාට සුකුරුත්තං අකුරු අස්සෙන් එන රූප කොච්චර තාත්වික ද?
පොතක් කියෝල ගන්න තියෙන්නෙ අවවාද ආදර්ශ වලට වඩා එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නෙ අත්දැකීම. තව කෙනෙක්ට වෙච්ච් දෙයක් අපි තමන් උපමා කරල දකින විදින තේරුම් ගන්න එකට. හරි හමං මිනිහෙක්ට ඇරෙන්න පොතක් කියෝල ඒක විදින්න බෑ. ඒ ඉමැජිනේශන් එක ඒ කියන්නෙ පරිකල්පන ශක්තිය, කතාව ටී වී එකේ බලනවා වගේ තමන්ගෙ ඔලුවෙ මැවෙන එක හැමෝටම ගන්න බෑ. එහෙම ගන්න් බැරි උන් පොත් කියවන්නෙ නෑ. උන් සරල ලේසි විදියට ඒ ආතල් එක පෝන් එකෙන් ටී වී එකෙන් මහන්සි නොවී ඩිරෙක්ට් ලබා ගන්නව.
මෙහෙම පොත් කියවන අයව ටාගට් කරල පොත් විකුනන කෙනෙක් මං දැක්කෙ පලවෙනි වතාවට. දැං කියන්න එපා අර පිට කොටුවෙන් යන බස් වලට නගින සීයට තුනේ පොත් වෙළෙන්දො ගැන (පහල කවිය ලිව්වෙ ඒ අයට එක්ක උනාට ). උන් විකුනනෙ දැනුමට වඩා හැකියාව. මං එහෙම කියන්නෙ ඒ අය විකුනන පොත් දිහා නිකමට බලල.
"පුංචි බබාට කතා පහක්"
"නිවැරදිව ඉංග්‍රීසි කතා කරමු"
" රචනා ලියමු"
මේව දැනුම. හැකියාව.
රසය නෙවෙයි.
මේ මනුස්සය විකුනන්නෙ රසය. සාහිත්‍ය රසය.
අන්න ඒ පොයින්ට් එකට රිගර් වෙලයි මං මේ අපහු ලියන්නෙ. ලියාගෙන යනකොට හිතෙනව මුහුදෙ වතුර කවදාවත් ඉවර වෙන්නෙ නැත්තෙ ඇයි කියල. ඒව උල්පතක වගේ උනන්නෙ නෑ. Eco සිස්ටම් එකෙන් තනි රවුමක් ගහල ආපහු එනව. එක පොඩි දේකට ලොකු ප්‍රොසෙස් එකක් තියන්ව එලියට පේන්නෙ නැති. අන්න ඒ වගේ මේ පොඩි පින්තූරෙ පස්සෙත් ලොකු කතාවක් ලියන්න පුලුවං. බාර ගන්න එක ඔබේ. ලිවීම මගේ.
`මිනිහ මේ කරන්නෙ රැඩිකල් වැඩක්. රතු සහෝදරයෙක් නොවුනට මිනිහ කරන්නෙ රැඩිකල් වැඩක්. ඔව්. සමාජෙ වෙනස් කරන්න ජෙප්පෙක් වෙන්නම ඕන නෑ. ඒ වගේම රැඩිකල් වෙනසක් පොලිටිකල් වෙන්න ඕනත් නෑ. ලේසියෙන් බයිට් පැකට් එකක් කඩල ගොට්ටක් විකුනල එදාවේල හොයාගෙන අනිත් උන්ට හෙන ගැහුනාවෙ කියල හිතල ඉන්න මේ මනුස්සයටත් පුලුවන්කම තියෙන්න ඇති. ඒත් ඌ තෝඅර ගත්තෙ මහ මුහුදට ගගක් ගලනව වගේ රැල්ලට යන ඔහේ පාවෙන පාත් එක නෙවෙයි. තෝරන් තියෙන්නෙ ඌට ලැබෙන ගාන අඩු උනාට මිනිස්සුන්ට ලැබෙන ගාන වැඩි වෙන සාධාරණේ උපරිමෙන් තමන්ට අසාධාරණයක් වෙන පාත් එකක්. මට පේන විදියට නං මිනිහගෙ වැඩේ සුපිරි.
හරි. එහෙනං එච්චරයි. හැමදාම හවසට කොළඹ මහ බිල්ඩිං අස්සෙ තනියම බස් එකේ එනකොට බේරේ වැවේ අඩු වෙච්ච ගද එක්ක හවස ඉර එලිය මික්ස් වෙච්ච වෙලාවට දැනුන දේවල් ලියන්න හිතං හිටියා. කවදාවත් වෙලාවක් ආවේ නෑ. ආව වෙලාවේ ලිව්වා. කොරෝනා හරියට නත්තල් සීයා මහරගම අපේක්ශා එකට ඇවිල්ලා තෑගි බෙදල ගියා වාගේ වැඩක් කලේ. මොකද සමහරුන්ට ලැබුනෙ තමන් හිතපු දේ නෙවෙයි. සමහරුන්ට තමන් හිතපු දේ ලැබිල තාවකාලික සතුටක් ලැබුන. හැමෝටම හොද නරක මොකක් හරිම දෙයක් ලැබුන. ඒත් අන්තිමේ තමන් ඉන්න තත්වෙම ඉන්න උනා. හොදක් උනේ නෑ. ඒ නිසා ලැබෙන දෙයක් නොලැබෙන දෙයක් බලා නොයිද පුලුවන් දෙයක් කරලා මැරිල පලයල්ලා. මම මේක ලියලා දාන්නෙත් එහෙම හිතලා. නොලියා මැරෙන්න බෑ නේ.
පහල කවිය ලිව්වේ මේ පොටෝ එක දැකල මිනිත්තු පහක් ඇතුලත. එවෙලෙ හිතුන දේට වඩා දේවල් දැන් හිතුනට ඒක වෙනස් කරන්න හිතෙන්නේ නෑ. එහෙනං, ජය!
-හිතක ඇති පොත් ගොඩ-
එක අතෙක විය පොතක්
අනෙකතෙහි ගල් හිතක්
ගෙලෙහි බැදි පොත් දමක්
නිවන කුස ගිනි බිදක්
දරුවන් ගෙදර බරපැන
දරනට වාරු නැත මට
සිගමන් නොදෙනු කිවමැන
දිග වුව කෙටිය දිවි මට
කලු කෙස් ටිකක් ශ්වේතය
වයසට නොයන ද්වේශය
නසා ඇත මා ක්ලේශය
මෙන්න ඔබ හට ශේශය
කඩයෙහි දෙසිය පණහය
දැනුමය ගෙදර පහණය
ඔබටත් හැමට සහනය
තුනක් පොතපත පණහය
එක අතක මහ පොත් ගොඩ
නැති අතේ බර හිත් ගොඩ
දවසට අතට බත් ගොඩ
පොතක් මිළගත් ඔබ ගොඩ
Comments
Post a Comment