Skip to main content

Posts

Showing posts from September, 2013

මත් මල් :: කොටස් වශයෙන් පළවන නවකතාව [අවසාන කොටස]

නාලක ඔෆිස් එකේදිත් මාලිකා එක්කත් ටිකක් විතර වීරකමක් පෙන්නුවට එයාටත් ටිකක් විතර බයක් දැනිලයි තිබුනෙ. ඒක නිසා එයා එදා ගමේ ගියේ මේ ගැන එයාලගෙ දෙමාපියන්ටත් කියන්න හිතාගෙන. නාලක මේ ගැන කිව්වම එයාගෙ අම්මයි තාත්තයි ටිකක් පුදුම උනත් අන්තිමේ කිව්වෙ එයාලටත් මාලිකාව බලන්න ඕනැය කියල.  මාලිකාව එක්ක එන්න නාලක පොරොන්දු උනා. එයාලගෙ පැත්ත්‍රන් අකමැත්තක් නැත්නම් නාලකත් කැමති නම් තමන්ට ප්‍රශ්නයක් නෑ කියලයි දෙමාපියො නම් කිව්වෙ. ඒක නිසා නාලකට තරමක ස්තාවර බවක් දැනුන. ඒත් එක්කමයි නලකගෙ ෆෝන් එක රින් වෙන්න පටන් ගත්තෙ….. “හලෝ” “හලෝ නාලක” ක්ලතාකලේ මාලිකා. “ඔව් මාලි ඇයි හදිස්සියෙ?” “මොන හදිස්සියක්ද ළම්යෝ, ඔන්න දැන් ඔයාට මෙහෙ එන්න බය වෙන්න ඕන නෑ” “මොකක්? ඒ මොකද?”  නාලක ඇහුවෙ පුදුමෙන්. මාලිකාගෙ කටහඩත් අමුතුයි. කෙල්ල ඉන්නෙ පුදුමාකාර සතුටකින් කියල නාලකට තේරුනා. මාලිකා සේරම විස්තරේ නාලක එක්ක කිව්ව. ලොකු අයිය කියපු දේවල්. එයා අම්මලට මේ ගැන කියපු හැටි. ඒ වගේම…………. “ඔන්න නාලක තාත්ත කිව්ව ඔයා එන එක බොහොම හොදයි කියල. ඇවිත්ම කතා කරන්න බැරිය එහෙනම්. ඔන්න මම තිබ්බා. බුදුසරණයි” නාලක කට ඇරන් බලන් හිටියා. හීන

"එයාට කරදර කරන්නනම් එපා, එහෙම උනොත් මම යනව ඔලුව හැරුන අතේ" :::: මත් මල් :: නවකතාව [33 කොටස]

මේ සිද්දියෙන් පස්සේ තවත් එක සතියක් ඉගිල්ලිලා ගියා. මාලිකත් වෙනද වගෙ කිසිම වෙනසක් නැතිව ඔෆිස් එකට ආව ගියා. ඒත් මොකක්දෝ මන්ද කලබලේකින් වගේ එයා ඉන්නෙ. නාලක හිතපු හැටියට නම් මාලිකා නාලක තමන්ගෙ ගෙදර එන එකට ඕනවට වඩා බය වෙලා. ඒත් ඒ කෙල්ලට දොස් කියන්නත් බෑ නෙ. ඒකි බය වෙන එක සාදාරණයි. නාලක නම් හිතුවෙ එහෙමයි. දවසින් දවස මාලිකා නාලක එක්ක ගොඩාක් දේවල් කතා කරන පුරුද්ද අඩු උනා. ඒත් අද ඒ කියන්නෙ ශානිකාලගෙ වෙඩින් එකට කලින් දවසෙ මාලිකා ඔෆිස් ඇරුනම නාලක මුණගැහුනෙ ඇත්ටටම බයක් හිතට දැනුන හන්ද. “නාලක මම ඇතුලට එන්නද?” “ඔව් එන්න” නාලක කියනව ඇහුන.  මාලිකා ඔෆිස් රූම් එකට ඇතුල් උනා. කලබලයක් නැතිව වාඩි වෙලා ඉන්න නාලක දැකල පොඩ්ඩක් නෙවෙයි ගොඩක්ම බය උනා. සුපුරුදුකම වෙනුවට දැනුනෙ නුහුරු බවක්, ඒත් නාලක ගන්න ඕනම තීරණේකට එකග වෙන්න මාලිකා තීරණය කරල ඉවරයි. “වාඩි වෙන්න මාලි, මොකද බයෙන් වගේ?” “බය නැද්ද නාලක, ඔයා කරන්න හදන මේ වැඩේ හන්ද සමහර විට මට ගෙදරිනුත් යන්න වේවි. ඉතින් එහෙම උනොත් මම කොහේ කියල යන්නද?” “ඔයාව බලාගන්න මට පුලුවනි එහෙම උනෝතින්. ඒ ගැන බය වෙන්න එපා ළමයෝ” නාලක කිව්වෙ මාලිකාගෙ අතින් අල්ලල තද කරල.

"උඹල දෙන්න ආයෙම දෙපැත්තට ගියොත් අපිටත් ගොඩක් දුක හිතේවි" |||| මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [32කොටස]

දවස් තුන හතරක් ගත උනා. මාලිකා නාලකගෙ ඔෆිස් එකේ වැඩ හොදින් කරගෙන ගියා. අමුතුවෙන් අමාරුවක් දැනුනෙ නැතත් නාලක තමන්ගෙ ළගම කෙනෙක් උනත් මාලිකා වැඩ කලේ මහන්සියෙන්. ටිකෙන් ටික මේ දෙන්න ගැන ඔෆිස් එකේත් කතා වෙන්න පටන් ඇරන් තියෙන බව මාලිකාට පේනව. ඒත් කිසිම කෙනෙක් ඒක ගැන නරක විදියෙ කතාවක් නම් කිව්වෙ නෑ. මොකක්දෝ මන්ද හේතුවක් හන්ද හැමෝම වගේ කිව්වෙ නාලකටම ගැලපෙන ළමය කියල. කොහොමින් කොහොම උනත් පහුවෙනි මාසෙ උදාවෙන සතියෙම අලුත් ආරංචියකුත් එක්ක තවත් කපල් එකක් ආව ඔෆිස් එකට. ***************** ටක් ටක් ටක් කව්දෝ ඔෆිස් කාමරේ දොරට ගහනව ඇහුන. නාලක කරමින් හිටපු වැඩේ නවත්තල බැලුව. "කම් ඉන්" මාලිකා දොර ඇරන් ඇතුලු උනා, "නාලක දෙන්නෙක් ඇවිත් ඔයාව හම්බ වෙන්න, එක්කන් එන්නද?" "මාව? කව්ද මාලි ඒ? එන්න කියන්නකෝ බලන්න" මාලිකා දොර ගාවට ගිහින් කාටදෝ කතා කලා. ඇතුලට ආවෙ ශානිකායි සාරංගයි. හතර දෙනාම වාඩි උනාට පස්සෙයි සාරංග කතාව පටන් ගත්තෙ. "ඉතින් නාලක......" "මොකෝ මේ හදිස්සියෙ? කියලවත් නෙවීනෙ ආවෙ" නාලක කීව. "නොකිය හරි ආවනේ" "ඇත්තටම කොකෝ

"හයියෝ තාම ඔයා පුංචි කෙල්ලෙක්නේ කීයද වයස?" :: මත් මල් :: නවකතාව [31 කොටස]

සදුද දවසෙ මාලිකා උදෙන්ම නැගිට්ටෙ වෙනද වගේ අමුතු හැගීමක් එක්ක නෙවෙයි. මාලිකා ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ වගේම ආයෙම සතුටින් ඉදියෙ. උදේ පාන්දර කුකුල්ලු හඩලන වෙලාවෙ නැගිට්ටත් නිදිමතක් තිබුනෙම නෑ වගේ. ටික වෙලාවකට පස්සෙ මාලිකා කාමරෙන් එලියට ආවෙ අලුත් රැකියාවට යන්න ලෑස්ති වෙලා. අම්මයි තාත්තයි මාලිකා දිහා බලල මූනෙන් මූන බලාගත්තෙ මෙච්චර ලස්සන් දුවක් ඇත්තටම අපිට හිටියද කියන්න වගේ. මාලිකාව කෝච්චියට දාන්න තාත්තයි ලොකු අයියයි දෙන්නම ස්ටේශන් එකට ආව. තවත් ටික වෙලාවකින් සද්දෙ දාගෙන කොලඹ යන්න පිටත් වෙන දුම්‍රියෙ මාලිකා තනි උනා. තාමත් එලිය වැටිල නෑ. උදේ හතරෙ කෝච්චියෙ පිටත් උනාම කොලඹට යන්න පැය තුන හතරක් යනව. ඉතින් මාලිකා දුම්‍රිය මැදිරියෙ මලානික එලිය අස්සෙන් ජනේලෙ කොනට ඔලුව තියාගෙන නිදාගන්න උත්සාහ කලා. ඒත් එයාට නින්ද ගියේ නෑ. මාලිකාට පාලුවක් දැනුන. එයා ෆෝන් එක අතට අරන් නාලකට කෝල් එකක් ගත්ත. ටික වෙලාවක් ඩයල් වෙනව ඇහුන. මාලිකාට මතක් උනේ වෙලාව හතරට විතර ඇති කියල. නාලක ගොරව ගොරව නිදි ඇති.  ටික වෙලාවක් ගියා... ම්හ්හ්හ්............. ප්‍රතිචාරයක් නෑ. දෙවැනි පාරත් නාලකට කෝල් කලා. රින්ග්ස් යනවා........ "

යකෝ අපි මොකටද සුද්දන්ගෙ add කොටන්නෙ ලංකාවෙ අපිට අපේ දේ. 100% sure සිරිලක දේ සිරිසැප දේ..........

මං කොල්ල හුග කාලෙකින් තමා මේ මේ බ්ලොගියට පොස්ටුවක් ලියන්නෙ. ඒකට හේතුව මං කොල්ල මේ අලුත් බ්ලොග් 1 පටන් ගත්තනෙ. ඒ මොනව පටන් ගත්තත් මං කොල්ල බ්ලොග් කලාවට අත්පොත් තියපු මේ බ්ලොගිය දාල යන්න මං කොල්ලට බෑ. ආ දැන් ඒ කතා ඇති අද මං ගෙනාව මචංල මචීල ටිකට පට්ට site 1. මේක කරන්නෙ ලංකාවෙ පට්ට කොල්ලෙක් තමා. කස්ටිය දන්නවනෙ ඔය add click කිරීමෙන් සල්ලි හෙවීමේ කලාව. දන්නෙ නැති එවුන් මේක බලල එන්න මේ ඒ වගේ සුද්දෙක්ගෙ site 1 ගැන. මෙකෙත් සල්ලි ගෙවනව. දැන් කියන්න යන්නේ ඒ වගේ ලංකාවේ site 1. මේකෙ තියෙන පට්ට ගතිය තමයි, සුද්දන්ගෙ site වල සල්ලි ගන්න තියෙන්නෙ payza, paypal වගේ online bank වලින්නේ ඒත් මේකෙදි ලංකාවෙ අපිට පුලුවන් Dialog ez cash වලින් සල්ලි ගන්න.  හිනා වෙන්න එපා යකො බොරු නෙමෙයි. මේ............ add බලල විතරක් නෙමෙයි තව සල්ලි හොයන්න ගොඩක් විධි මේකෙ තියෙනව.  ඉක්මනට රෙජිස්ටර් වෙන්න පළමු 500 දෙනාට lifetime premium membership 1 නොමිලේ දෙනවලු. පහල බැනර් 1 යට ලින්ක් 1ට  කොටන්න රෙජිස්ටර් වෙන්න! CashBuxClix මොනව හරි අවුලක් ඇතොත් මගෙන් අහන්න මම බුකියේ ඇත. නැතොක් යටින් කොමෙන්ට් කොරන්

"මාලි. මම මේ කියන්නෙ කාගෙත් හොදට. නැත්නම් උඹත් ගස් මමත් ගස්" :: මත් මල් :: නවකතාව [30 කොටස]

නාලක එදා නිවාඩුවක් දාල එහෙම මාලිකාලගෙ ගමේ යන්න පිටත් උනේ මේ ගැන කාටවත්ම කියන්නෙ නැතුව. නාලකට දැනුනෙ සතුටක්. කොහොම උනත් නාලක මාලිකාලගෙ ගමට එනකොට නම් ටිකක් ප්‍රමාද වෙලා තිබුන. ඒත් සුරංගිලගෙ ගේ හොයා ගන්නත් ටිකක් වෙලා ගිය හන්ද හුගක්ම ප්‍රමාද උනා. මාලිකත් සුරංගිත් නාලක එනකම් බලන් හිටියෙ මිදුලට වෙලා. සුරංගිලගෙ ගෙදර තියෙන්නෙ පරණ පොල් වත්තක් මැද, ඒ නිසා කිසි කෙනෙකුට මෙහෙ වෙන දේවල් පේන්නෙ නෑ. ඒක හොද නිසාමයි නාලක මේකට කැමති උනේ. තමන් මාලිකාව හම්බ උන බව දැන ගත්තොත් මාලිකාට ගෙදර ඉන්නත් නැති වෙන බව එයා හොදින්ම දන්නව.  "හයියෝ නාලක" නාලක වාහනෙන් බහින්නත් කලින්ම මාලිකා කිව්ව. "බලන්න ලමයෝ ඔයා පැයක්ම පරක්කුයි" "කොහෙද ඉතින් කැලේ යනව වගේනෙ" නාලක කිව්වෙ විහිලුවට. "පාරවල් හොයන් එන්න උනේ, මම කලින් ඇවිත් නෑ නෙ" "අනේ කමක් නෑ" "ඇතුලට ඇවිත් වාඩි වෙන්න නාලක, මාලි ඔයාත්" කට්ටියම ඇතුලට ගියා. සුරංගි දෙන්නට මෙහෙම කිව්ව. "ඔන්න පිස්සු නටන්න බෑ හොදේ. කතා කරන දෙයක් කතා කරන් ඉක්මනට යනවලා." "එහෙම කොහොමද?" දෙන්නම එකපාර

"අප්පච්චියේ මෙකිගෙ මූනෙ තියන හිනාව" :: මත් මල් :: නවකතාව [29 කොටස]

එදා මාලිකා ගෙදර ගියේ පුදුමාකාර විදියෙ සතුටකින්. ඒක එයාගෙ තාත්තට තේරුනත් එයා හිතුවෙ අලුත් රස්සාව ලැබුන නිසා මාලිකා සතුටු වෙනව ඇති කියල. මේ රැකියාව කරන්න මාලිකාට අනිවාර්යෙන්ම කොළඹ නවතින්න වෙනව. ගමේ ඉදල මෙහෙ එන්න බෑ කොහෙත්ම. හුගක් දුර වැඩියිනෙ. ඒකටත් තාත්ත විසදුමක් කල්පනා කරල තිබුන බව මාලිකා දැන ගත්තෙ ගෙදර ගිහින් අම්මයි අයියලයි එක්ක මේ ගැන කියල සතුටු වෙද්දි. "ඔන්න අම්මේ මට එතන රස්සාව ලැබුන" මාලිකා ගෙදර ගිය හැටියෙම අම්මව හොයාගෙන ගිහින් කිව්ව. එයා හිටියෙ කුස්සියෙ. අම්ම ආදරෙන් කෙල්ලගෙ ඔලුව අතගෑව. "ලොකු දෙයක් දුවේ! කොහොමද එතැන හොදයිද?" "අපොයි ඔව්" "අනේ ඒ උනාට දුව ගෙදරින් ඈත් කරල තියන්න මම නම් කැමති නෑ. ඔය මහ නගරවල හැටි අපි ඔදට දන්නවනෙ දුවේ" අම්ම කිව්වෙ ඇත්තටම. ඒ වෙලාවෙ පොඩි අයියත් එතැනට ආව. "මොකෝ චූටි ඉන්ටවිව් එකේ උනේ?" "මාව ගත්ත අයියෙ" "එහෙ නතර වෙන්න වේවිලු නෙ පොඩි පුතේ" අම්ම කිව්වෙ පරිප්පු ඔද්දකට ලුනු දාන ගමන්.  අයියගෙ මූනෙ පාච්චල් හිනාවක් ඇදුන. "ගියාට නම් කමක් නෑ ඒත් කලින් පාර වගේ මගුල් නටනව