Skip to main content

මත් මල් :: කොටස් වශයෙන් පළවන නවකතාව [අවසාන කොටස]



නාලක ඔෆිස් එකේදිත් මාලිකා එක්කත් ටිකක් විතර වීරකමක් පෙන්නුවට එයාටත් ටිකක් විතර බයක් දැනිලයි තිබුනෙ. ඒක නිසා එයා එදා ගමේ ගියේ මේ ගැන එයාලගෙ දෙමාපියන්ටත් කියන්න හිතාගෙන. නාලක මේ ගැන කිව්වම එයාගෙ අම්මයි තාත්තයි ටිකක් පුදුම උනත් අන්තිමේ කිව්වෙ එයාලටත් මාලිකාව බලන්න ඕනැය කියල.  මාලිකාව එක්ක එන්න නාලක පොරොන්දු උනා. එයාලගෙ පැත්ත්‍රන් අකමැත්තක් නැත්නම් නාලකත් කැමති නම් තමන්ට ප්‍රශ්නයක් නෑ කියලයි දෙමාපියො නම් කිව්වෙ. ඒක නිසා නාලකට තරමක ස්තාවර බවක් දැනුන. ඒත් එක්කමයි නලකගෙ ෆෝන් එක රින් වෙන්න පටන් ගත්තෙ…..

“හලෝ”

“හලෝ නාලක”
ක්ලතාකලේ මාලිකා.

“ඔව් මාලි ඇයි හදිස්සියෙ?”

“මොන හදිස්සියක්ද ළම්යෝ, ඔන්න දැන් ඔයාට මෙහෙ එන්න බය වෙන්න ඕන නෑ”

“මොකක්? ඒ මොකද?”
 නාලක ඇහුවෙ පුදුමෙන්. මාලිකාගෙ කටහඩත් අමුතුයි. කෙල්ල ඉන්නෙ පුදුමාකාර සතුටකින් කියල නාලකට තේරුනා. මාලිකා සේරම විස්තරේ නාලක එක්ක කිව්ව. ලොකු අයිය කියපු දේවල්. එයා අම්මලට මේ ගැන කියපු හැටි. ඒ වගේම………….

“ඔන්න නාලක තාත්ත කිව්ව ඔයා එන එක බොහොම හොදයි කියල. ඇවිත්ම කතා කරන්න බැරිය එහෙනම්. ඔන්න මම තිබ්බා. බුදුසරණයි”

නාලක කට ඇරන් බලන් හිටියා. හීනෙකින්වත් හිතපු නැති දෙයක් සිද්ද වෙලා. කුස්සියට ගිය එයා එකදිගට වතුර වීදුරු දෙකක්ම බීගෙනෙ බීගෙන ගියා.


පහු වෙනිද උදේම නාලකගෙ වාහනේ මාලිකාලගෙ ගමේ පාර මැද්දෙන් යනව පෙනුන. වෙලාව උදේ දහය හමාරට විතර ඇති. නාලක ගේ ළගටම  ඇවිත් වාහනෙන් බැහැල එහෙම ගේ දොරකඩට ගියා. කවුරුත් පේන්න නොහිටි හන්ද දොරට ටිකක් හයියෙන් තටු කලා. මාලිකා සාලෙට ආව.
“හානේ නාලක”

Eයා කිව්වෙ ඇහෙන නෑහෙන ගානට. ඓඉට පස්ස්é ගේ දිහාට හැරිල අම්මටයි තාත්තටයි කතා කලා.

“හා මේ නාලක පුතා වෙන්න ඇති” එහෙම කිව්වෙ මාලිකාලයි අම්ම.

“ඔව් නැන්දෙ” නාලක බයෙන් වගේ කිව්ව.

“හ්ම්ම්ම්ම් වාඩිවෙමුකෝ මෙහෙන්”

Eහෙම කිව්වෙ තාත්ත. නාලක හෙමීට වාඩි උනා. මාලිකාලගෙ අම්ම, තාත්ත, අයියල දෙන්න වාඩි උනා. මාලිකා තාමත් හිටගෙන අම්ම ළගම.

“මට දූ කීව හැම දෙයක්ම…. ඔය ළමය රස්සාවක් එහෙම කරනවයි?”

“ඔව් මාමේ. මගෙ තමයි ******** එක. Eඅකෙ කටයුතු තමා මම කරන්නෙ”

“හ්ම්ම්ම් ඒක ලොකු ව්යාපාරයක් නෙ” 

එහෙම කීවෙ ලොකු අයිය. 

“ඔව් සෑහෙන්න මහන්සි වෙන්න උනා ඔය තරමට වත් ගන්න. දැන් සෑහෙන්න අමාරුයුනේ”

නාලක කිව්ව. 

“දැන් මේ ළමයගෙ ගෙදරින් මේ ගැන දන්නවද?”

“මම ඊයෙ එයාලට කිව්ව.”

“අකමැත්තක් නෑ?”

“එයාලට ඔයගොල්ලො හම්බ වෙන්න ඕන කිව්ව. අකමැති වෙන එකක් නෑ”

“හොදයි එහෙනම්”

මාලිකාලගෙ තාත්ත කිව්වෙ එච්චරයි.

“දුවේ මේ ළමයට තේ ටිකක් හදන්න”

මාලිකා ගේ ඇතුලට ගියෙ කිසිම දෙයක් නොදොඩා.

“ළමයො මේ ගැන අපේ විරුද්දත්වයක් නෑ. ඔය ළමය ඉස්කෝලෙ යන කාලෙත් මාලිකා එක්ක සම්බන්දයක් තිබ්බ කියල මට පොඩ්ඩ කීව. මේ ලමයට පොඩ්ඩක් ගැහුව කතාවකුත් කිව්ව. ඒව අපි කාගෙත් වැරදි. “

“අපිට සමාවෙයන් කොල්ලෝ” මෙච්චර වෙලා නිහඩව හිටිය පොඩි අයිය කිව්ව. 

“ඔව් මල්ලි…. අපි ගැන වරදවා තේරුම් ගන්න එපා. ඔය දෙන්න ගැනම අපි හිතන් හිටියෙ වැරදියට. ඒත් අපේ නංගිව හොදට බලා ගන්න ඕන. තේරුනාද ?”

“ඒ ගැන මම පොරොන්දු වෙනව” නාලක කිව්වෙ විශ්වාසනීය හඩකින්. 

“හොදයි එහෙනම්! අර ශානිකා ළමයගෙ මගුල් ගෙදර යනව කිව්ව නේද පුතාලා?”

ඇහුවෙ තාත්ත.

“ඔව් මාමේ”

“හොදයි දූවත් එක්ක යන්න, හැබැයි රෑ වෙන්න කලින් එක්ක එන්න ඕන”

නාලක පුදුම විදියෙ සතුටක් දැනිල වගේ වටපිට බැලුව. මේ අතරෙ කුස්සියට වෙලා මේ කතාව අහන් හිටපු මාලිකාට එකපාරටම හිනා ගිහින් මේසෙ අයිනට වෙන්න තිබ්බ යකඩ පිගානක් මහා සද්දෙන් බිම ඇදගෙන වැටුන. සාලෙටත් ඒක ඇහුන.

“හැබැයි පුතේ ගේ දොර වැඩ නම් උගන්නන්න වේවි”
මාලිකාලගෙ අම්ම කියපු දේ අහල හැමෝම සද්දෙන් හිනා උනා. මාලිකා ඇහැක් අඉන් බිමට වැටෙන්න ගිය කදුලු බිංදුවක් අතින් පිහිද ගත්ත. ගෙදර අය මෙහෙම එකට හිනාවෙනව අහන්න ලැබුනෙ කොයිතරම් කාලෙකට පස්සෙද? නාලක තමන්ටත් ගෙදරටත් සතුට ගෙනාපු දේව දූතයෙක් වගේ කියල එයාට හිතුන. 

අන්තිමේ මේ දෙන්න ශානිකාලගෙ වෙඩින් එකට යනකොට ටිකක් දවල් වෙලා. ඒත් පරණ යාලුවො ඉස්සරහ මාලිකා නාලකගෙ අතින් අල්ලන් ලැජ්ජාවේ ඇඹරුනා. නාලකත් මාලිකාව තුරුල් කරන් හිටියෙ කවදාවත් තනි කරන්නෙ නෑ කියන්න වගේ.  


---------------------------------------------------------------------------------

මෙතෙක් කලක් ඔබත් මමත් අතර වූ මත් මල් නවකතාව අදින් අවසන් වෙනවා. තවත් අලුත් කතාවකින් හමුවෙමු

ලිව්ව මම  - රැන්ඩෙල් කීත්
---------------------------------------------------------------------------------

Comments

  1. නියම කතාව... දිගටම ආසාවෙන් කියෙව්වා.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කියෙව්වට සහෝ! ==

      Delete
  2. බලහං උඹ නං යාන්තං ගොඩ. මගේ අර පතරන්ගේ තාම ඉවර කතරගන්න බැරි උනා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කියෙව්වට සහෝ! තවත් එකක් ලියන්ඩයි අදහස

      Delete


  3. ඔබත් අමතර ආදායමක් සොයා ගැනීමට කැමතිද? එහෙනම් මෙන්න ක්‍රමය. ලොව මිලියන ගනනක් ජනතාව තම ඉපයීම් මාර්ගය බවට පත් කරගත් FOREX TRADING දැන් ඔබට සිOහලෙන් ඉගෙනීමට අවස්තාවක්.

    මසකට රුපියල් 15000-50000 දක්වා ඉපයිය හැකි විශ්වසවන්ත හා සාර්තකම ඉපයීම් මාර්ගය මෙන්න ඔබටත්………
    අපගේ BLOG අඩවියෙන් ඔබටත් මෙය නොමිලේම ඉගෙනීමේ අවස්තාවක් මෙන්න.

    http://forexbatta.blogspot.com/

    ReplyDelete
  4. Mara kathawa bn. Pattai. Maxxa. Thawa super. Kiyanna wachana ne bn.

    ReplyDelete

Post a Comment