Skip to main content

"අප්පච්චියේ මෙකිගෙ මූනෙ තියන හිනාව" :: මත් මල් :: නවකතාව [29 කොටස]



එදා මාලිකා ගෙදර ගියේ පුදුමාකාර විදියෙ සතුටකින්. ඒක එයාගෙ තාත්තට තේරුනත් එයා හිතුවෙ අලුත් රස්සාව ලැබුන නිසා මාලිකා සතුටු වෙනව ඇති කියල. මේ රැකියාව කරන්න මාලිකාට අනිවාර්යෙන්ම කොළඹ නවතින්න වෙනව. ගමේ ඉදල මෙහෙ එන්න බෑ කොහෙත්ම. හුගක් දුර වැඩියිනෙ. ඒකටත් තාත්ත විසදුමක් කල්පනා කරල තිබුන බව මාලිකා දැන ගත්තෙ ගෙදර ගිහින් අම්මයි අයියලයි එක්ක මේ ගැන කියල සතුටු වෙද්දි.

"ඔන්න අම්මේ මට එතන රස්සාව ලැබුන"
මාලිකා ගෙදර ගිය හැටියෙම අම්මව හොයාගෙන ගිහින් කිව්ව. එයා හිටියෙ කුස්සියෙ. අම්ම ආදරෙන් කෙල්ලගෙ ඔලුව අතගෑව.

"ලොකු දෙයක් දුවේ! කොහොමද එතැන හොදයිද?"

"අපොයි ඔව්"

"අනේ ඒ උනාට දුව ගෙදරින් ඈත් කරල තියන්න මම නම් කැමති නෑ. ඔය මහ නගරවල හැටි අපි ඔදට දන්නවනෙ දුවේ"

අම්ම කිව්වෙ ඇත්තටම. ඒ වෙලාවෙ පොඩි අයියත් එතැනට ආව.

"මොකෝ චූටි ඉන්ටවිව් එකේ උනේ?"

"මාව ගත්ත අයියෙ"

"එහෙ නතර වෙන්න වේවිලු නෙ පොඩි පුතේ" අම්ම කිව්වෙ පරිප්පු ඔද්දකට ලුනු දාන ගමන්. 

අයියගෙ මූනෙ පාච්චල් හිනාවක් ඇදුන.

"ගියාට නම් කමක් නෑ ඒත් කලින් පාර වගේ මගුල් නටනව හෙම නෙවෙයි"

ලස්සනට පිපිල තිබුන මාලිකාගෙ මුහුණ අදුරු උනා. ඒත් එයා මොකුත් කියන්නෙ නැතුව කාමරේට ගිහින් දොර වහ ගත්ත.
ගෙදර එන්න ටිකක් හවස් උන හන්දද කොහෙදෝ මාලිකාට දැනුනෙ මහන්සියක්. ඒක නිසා දවල්ට කෑම කාපු ගමන් එයා හොදටම නිදා ගත්ත.

හවස හතරට විතර මාලිකාට ඇහැ ඇරුනෙ මොකක්දෝ මතක් වෙලා වගේ. ආයෙම නාලකව බලන්න ලබන සදුද වෙනකම් ඉන්න බෑ වගේ එයාට දැනුන. කෙල්ලට මතක් උනා සුරංගිව. 

ඉක්මනට නැගිටල මූණ හෝදගෙන අම්මටත් කියලම සුරංගිලගෙ ගෙදර යන්න කියල මාලිකා එළියට බැස්ස. අහ්! අර ඈත් එන්නෙ සුරංගි නේද? මාලිකා දැක්ක එයා එනව. එළියට බැස්ස ගමන් වගේ. ඉතින් අත්තෙන් එලියට යන්නෙ නැතුව මාලිකා බලන් හිටියෙ සුරංගි ළගට එනකම්. එයා එන්නෙ මෙහෙටම බව මාලිකාට තේරුනා. ෆෝන් එකත් අතේ තියන් සුරංගි මේ පැත්තෙ එන්නෙ නොවැදගත් කාරනාවකට න්වෙන බව මාලිකා හොදටම දන්නව. සුරංගි සීරියස් කෙනෙක්. වැඩක් නැති දේවලට කාලෙ නාස්ති කරන්නෙ නෑ...

ගේට්ටුව ඇරගෙන සුරංගි මාලිකා ලගටම ආව. ඇවිත් මාලිකා එක්ක හිනා උනා. 

"අනේ ඔයා මේ කොහෙවත් යන්න ද මාලි?"
සුරංගි ඇහුවෙ ඇත්තටම.

"ඔයාලගෙ ගෙදර එන්න කියලයි එලියට බැස්සෙ. මට ලොකු උදව්වක් ඕන."

"මොකක්? මේ සතියට ඔය වචනෙ අහපු දෙවැනි වතාව මේ"

දෙන්නම හිනා උනා. මාලිකා සුරංගි ගෙ අතින් ඇදගෙන ගේ ඇතුලට ගියා. මාලිකාගෙ කාමරේට ගිහින් දොරත් බාගෙට වැහුවා. 

"ඉතින්. මොකක්ද ඕන කිව්ව උදව්ව?"
සුරංගි ඇහුවෙ උරහිස් නටවල. පොඩි එකෙක් වගේ.

"අනේ මේ...... ඔයා දන්නව නෙ නාලකව"

"ඔව්ව්ව්ව්ව්ව් ඉතින්"

"එයාව බලන්න ඕන"

"හා"

"හා? ඒ කිව්වෙ? උඹට පුලුවන්ද ඒක කරන්න?"

"ඇයි බැරි? මම මේ උඹලගෙ ගෙදර ආවෙ සැප දුක් බලල යන්න නෙවෙයිනෙ. නාලක කෝල් කරල කිව්ව ගමන් මම ආවෙ."

මාලිකාගෙ ඇස් දෙක නැටවුනා. කොණ්ඩෙ නැටවෙන්න ඔලුව ගස්සලා ආඩම්බරෙන් වාගෙ සුරංගි දිහා බැලුව.

"එයා මොකද කිව්වෙ? කියන්නකො ඉතින්"

"අප්පච්චියේ මෙකිගෙ මූනෙ තියන හිනාව. පුහ්:" 

සුරංගි කිව්ව.

"මම කිව්ව හෙට අපේ ගෙදර එන්නය කියල. උදේ එකොලහ විතර වෙනකොට එයා ඒවි. උඹට ඒක කියන්නයි මම ආවෙ"

මාලිකා උඩ පැන්න. පැන්නද? පැනුනද? කියල නම් කියන්න බෑ හරියටම. සුරංගිව හයියෙන් අල්ලල හෙලෙව්වා. තද කරල බදා ගත්තා.

"අත ඇරපන් මාලි" සුරංගි කිව්වෙ හිනාවෙවී. 

"අනේ උඹට කොහොම ස්තූති කරඳ මම"

"එව්ව බැරියැ පස්සෙ දැනට ඔහොම යමන්කො"
සුරංගි කිව්වෙ ඉදගෙන හිටපු තැනින් නැගිටල.



******************************

නාලක ඔෆිස් එකේ වැඩ ඉවර කරල තමන්ගෙ නවාතැනට ගිහින් අද වෙච්ච දේවල් ගැන ගොඩක් කල්පනා කලා. මාලිකාව තමන්ගෙම කර ගන්න තිබුන ආසාව ආයෙමත් හිත ඇතුලෙ දලු දාල වැඩෙන්න පටන් ඇරන් වගේ එයාට දැනුනෙ. වෙලාවකට මහ පිස්සු ආදරයක් කියලත් නොහිතුනේම නෑ. ඒත් මාලිකාගෙ අවංක මූන මතක් වෙන හැම වෙලාවකම එයාට දැනුනෙ පුදුමාකාර සතුටක්. මේ තරම් කල් ඈත් වෙලා හිටපු දෙන්න ආයෙම එකිනෙකාව දැකපු වෙලාව එයාට මතක් උනා. මාලිකා සුදුමැලි වෙච්ච හැටි. අනේ පව්! නාලකට හිතුන.

අනිත් එක ඉස්සරහ අනාගතේ මීට වඩා සුබයි. තමන්ගෙ සහකාර ලේකම් හැටියට මාලිකාව තේරුවෙ තමන් නෙවෙයිනේ. මේ ඔක්කොම කාලයාටම විසදන්න ඇරල ............

"ඒයි ඒයි අඩොව්ව් ගහන්න එපා"

කව්දෝ මරහඩ දීල කෑගහනව ඇහුන. නාලක හිටපු තැනින් නැගිට්ට. ගේට්ටුව ඇරල එලියට ගියා. තුන් දෙනෙක් පාලු අතුරු පාරෙ තව එකෙක්ට බිම දමාගෙන ගහනව. නාලක එතැනට දුවල ගියේ අසරණයට උදව් වෙන්න හිතාගෙන. හොරු වගේ ඉදපු අර තුන් දෙනා ගුටිකාපු කෙනාව බිම දමලම පැනල ගියා. 

නාලක ඒ මනුස්සය ලගට ගිහින් එයාට නැගිටින්න උදව් කලා. නැගිට ගන්න අමාරු උනත් ටිකක් ඉස්සිලා පාර අයිනෙ තාප්පෙට හේත්තු කරගන්න පුලුවන් උනා. 

"ඔයාට කොහොමද? හොස්පිටල් ගෙනියන්නද?"

නාලක ඇහුව.

"එපා මල්ලි ඒ තරම් අමාරුවක් නෑ. කොහොම උනත් ඉස්තුතියි ආවට"

"මොකෝ උන් අයියට ගැහුවෙ? සල්ලි කඩා ගන්නද?"

"පිස්සුද මල්ලි, ඔය අර ******* එවුන් කට්ටියක්. සැක්! මම තනියම නෙ අද ආවෙ"

මිනිහ ටිකක් එක විදියක එකෙක් කියල නාලකට තේරුනා. ඒත් එක්කම වෑන් එකක් ඇවිත් එතැන නැවැත්තුව. හත් අට දෙනෙක් බැස්සා. නාලක උඩ ගියා.

ඒත් ටිකක් ළගට ආපු කෙනෙක් අර වැටිල හිටපු කෙනාට නැගිටින්න උදව් උනා.

"උඹල එනකොට මේව වෙලා ඉවරයි" ගුටිකාපු කෙනා කිව්ව. 

"මේ මල්ලි නැත්නම් මම මෙතැන මැරිල මෙලාකට"

"සොරි බොස්, ආයෙ එහෙම වෙන් නෑ, නගින්ඩ වාහනේට"

"හරි! මල්ලි එහෙනම් බෝම ස්තූති කරපු උදව් වලට. අපිව මතක තියා ගනින්."

"හොදයි" නාලක බයෙන් වගේ කිව්ව. උන් කට්ටිය වෑන් එකේ නැගල පිටවෙලා ගියා.

නාලක වෙච්ච දේ හිතා ගන්න බැරුව ආයෙමත් ගේ ඇතුලට ගිහින් ගේට්ටුව ලොක් කරල දොරත් වහ ගත්තා

--------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට................................

--------------------------------------------------------------------------------

Comments

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook ...

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක...

ලැප් එකක් ගන්න රත්නපුර ටවුම වටේ.

                    ඔන්න යාළුවනේ මම අද ලියන්න   හදන්නේ   පොඩ්ඩක් වෙනස් දෙයක්.ඒ තමා මං කොල්ල ලැප් එකක් ගන්න ගිහින් වෙච්ච සිද්ධි.                      මං කොල්ලත් විභාහගේ ගොඩ දාගත්ත හින්දා   ගෙදරින් අරං දුන්න ලැප් එකක්.මේක අරං දුන්න කිවුවොත් ටිකක් විතර වැරදි.ඇත්තටම හරි දේ   අඩාල අඩාල ඉල්ලා ගත්තා කියන එක.මෙහෙම කියන්නත් පුළුවන් බැන බැන අරං දුන්නා.එහෙමත් හරි. ඔන්න කොහොම හරි ඉතින් මේ ලැප් රාජයා ගන්න ගියේ අපේ පියත් එක්ක.උදේ කඩ අරින වෙලාවටම ගිහිල්ලා රත්නපුරේ තිබුන කඩ ඔක්කොටම ගියා ලැප් බලන්න.ලැප් වල ගන්න අහන කොට මට නිකන් කලාන්තේ   වගේ.අම්ම සල්ලි දුන්නේ 40,000.එක යන්තමින් 65,000 කරගත්තා.කඩ වලට ගියහම ඉතින් i3 එකක් 73,000 එහා තමා ගන්න කියන්නේ.ඕනා ඉතින්   එක නිසා ලියනවා 65,000 i3 ලැපක් හොයාගත්ත හැටි.           ...