මම අක්කා කියන්නටත් ප්‍රතම සාලයට ගොස් දොර විවුර්ත කලෙමි. ඔව් ඇත්තෙන්ම ඒ උත්පලා විය, ඈ සමහ මිතුරකුද විය එහෙත් ඒ දෙපයින් නොවේ! සතර පයිනි. හෑ! "දසිත්..............." ඈ අපමණ ප්‍රීති වූවාය. "මේ.......... මේ................." "අහ් අදුන්නල දෙන්නත් බැරි උනානේ, දසිත් අදුරගන්න මෙයාව. මේ ඉන්නෙ බ්ලැකී" අනතුරුව බිම වාඩිවී හති අරිමින් උන් බව්වා දෙස හැරුණු ඈ පොඩි ලමයකු සේ මෙසේ පැවසුවාය. "බ්ලැකී දෙන්න මෙයාට අත" බල්ලා කිසිදු වග විබාගයකින් තොරව සිය වම් අත මා දෙසට දිගු කලේය. "දසිත්, අතට අත දීල යාලු වෙන්න" මමද යන්ත්‍රානුසාරයෙන් මෙන් අත දුන්නෙමි. "ආව් ආව්, මෙයා කාටවත් අත දුන්නෙ නෑ ලගකදි නම්, හැමෝවම හපා කෑවා" උත්පලා මගේ උරහිසට අත තබමින් පැවසුවාය. අක්කා ගෙතුල සිට අප සිටි දෙසට පැමිණියාය. උත්පලා කීවේ ඇත්තකි, බල්ලා දත් විලිස්සා අක්කාට බුරා පැන්නේය. උත්පලා ඌව ගෙල බැදි පටියෙන් අල්වා නොගන්නට ඌ අක්කාගේ ඇගට පනිනු නොඅනුමානය. "මේ මොකාද මේ?" අක්කා බිය වූවාය. "සොරි අක්කෙ, මෙයා ටිකක් නුහුරුයි. දසිත් එක්ක නම් යාලු උ...
විදවන ජීවිතය විදින්නත්, විදින ජීවිතේ ඵල නෙළා ගන්නත් අපි ඔබ සැමට මග කියා දෙන්නෙමු.