උත්සව ශාලාව පිරී සිටියේ අපේම වයසේ පිරිසෙනි. පාසල් කාලයේ වසර ගණන් එක්ව ගත කල උදවියගේ වෙන්වයාම දුකක් උවත් මේ සතුට එය අමතක කරලන්නට සමත් වනු ඇත. උත්පලා කෙලින්ම ගියේ ශලනි, ලකියා සහ ප්‍රවීන් ඇතුලු පිරිස හුන් තැනටය. මම ඇගේ පසුපසින් ගියෙමි. "ද්සිත්......" පිරිස මා දෙස බැලූහ. "ඇත්තද ශලිතයා උඹට ගැහුවය කියන්නෙ?" අනුරුද්ද ඇසුවේය. "ඔව් ඔව් කියහන්, ඌට කොහෙන් ආපු හයියක්ද බං ආ. මොකක්ද සීන් එක?" "අම්මපා තමයි, මොකෝ සීන් එක?" උත්පලා බිම බලා ගත්තාය. "මම" මා දෙස හැරී උන් මිතුරු මිතුරියන් සියල්ලම උත්පලා වෙත හැරුණි. ශලනි සිනහ වූවාය. මමත් උත්පලාත් ගැන බොහෝ දෙනා නොදනිති, දැන උන්නේ අප අසලම උන් කීප දෙනෙකු පමණකි. "උඹ?" "ඒ කීවෙ?" උත්පලා ඇඹරුනාය. ලැජ්ජාවෙනි. එහෙත් ඈත් මමත් දෙස බැලූ අපේ එවුන් කරුණු කාරණා වටහා ගන්නට ඇත. "හරි හරි" අනුරුද්ද කීවේය. "දැන් නෙ තේරුනේ, කන්ග්‍රෑට්ස් මචන්" ඔහු මගේ අත ගෙන සුබ පැතුවේය. අනතුරුව අපේ පන්තියේ අයගෙන් ඇරඹුණු අත්පොළසන් නාදයක් ශාලාව පුරා පැතිරුණි. "ශාලිතය...
විදවන ජීවිතය විදින්නත්, විදින ජීවිතේ ඵල නෙළා ගන්නත් අපි ඔබ සැමට මග කියා දෙන්නෙමු.