Posted by : Tharuka Gunaratne Wednesday, February 5, 2014









ඔබ සිතන්නේ කුමක්ද?
බොහෝ දෙනා පවසන පරිදි උත්පලා සහ මම කපල් එකක් වීමට ඉඩ තිබේද?
නැත මා දයාබර පාඨකය..... තවමත් එය කීමට ඉක්මන් වැඩි නැද්ද?

මා හමුවන හැම මොහොතකම යම් අරුම පුදුම සතකු දුටු විටක මෙන් ඇගේ දෑස් දීප්තියෙන් බබළනු දැකීම මා කවදත් ආසා කල දෙයකි. දිනෙන් දිනම පෙරටත් වඩා ඇගේ දෑස් ආලෝකමත් වනු දැකීම මට අමුත්තක් උවද එහි ගැබ් වී තිබූ මහා ලොකු රහස තවමත් ඈ මට කියා නැත.
එම නිසා ඇගේ අරමුණු මා ඇස් ඉදිරිපිටම පෙනි පෙනී තිබියදීත් මම තවත් අවස්තාවක් එන තෙක් කල් මරමි.

මේ හැම දෙයක්ම අස්සේ අක්කාගේ ක්‍රියාකලාපයන් වල පැහැදිලි වෙනසක් දැක ගන්නට ලැබුනේ මට පමණි.
ඒ ඇගේ ආදර කතාව මා දැන උන් නිසාදැයි මමම නොදනිත්ටත් එක කුස උපන් සහෝදරිය ලෙස ඇගේ දුකකදී ඈ තනිකිරීම මම පිටුදැකිමි.
දැන් ඈ බොහෝ සෙයින් නිශ්ශබ්දය,
කතාබහ අඩුවෙනි
ප්‍රශ්න ව්ලට කෙටි උත්තර දී නිහඩ වෙයි.
වෙනදා මෙන් මා සමග විහිලු නොකරයි
වෙනදා මෙන් මා සමග රණ්ඩු නොකරයි........
ඇයි ඒ?????


එදින පාසල් නිවාඩු දිනයකි. රජයේ නිවාඩු දිනයක් උවද වෙළද නිවාඩුවක් නොවූ නිසා අම්මාටත් තාත්තාටත් සුපුරුදු ලෙස රාජකාරි සදහා පිටත්ව යාමට සිදු විය. උදෑසන දහයට පමණ කිසිවකු අප නිවසේ දොරට ගසනු ඇසී මම දොර විවර කිරීම සදහා ගියෙමි. අක්කා සිය කාමරයට වී බලාගත් අත බලාගෙන සිටියාය.
ඔව්! ඒ ඇවිත් සිටියේ උත්පලාය. ඈට ගෙතුලට එන්නට ආරාදනා කොට මම දොරටුවෙන් මෑත් වීමි.

"එන්න ඇතුලට"

"බෑ බෑ! අක්කා ඉන්නව නේද?"

"ඔව් ඉතින්, අක්ක හිටියට මොකෝ"

"මැට්ටෝ අක්ක විශාන් අයිය එක්ක තරහ වෙලා"

"හෑ........!!!!!!!!"

මම විස්මයට පත් වීමි. අක්කාගේ අමුතු හැසිරීමට මා සතුව දැන් හේතු සහිත පිළිතුරු ඇත.

"ඉතින්.........."

"එන්නකො එලියට"

මම නිවසින් පිට වීමි. උත්පලා මා නැවතූවේ නිවසට මදක් ඈතිනි.

"මොකක් වෙලාද ඒ දෙන්න තරහ උනේ?"

"විශාන් අයිය දැකල අක්ක අර මාලකත් එක්ක කතා කරනව"

"මේ අපේ වයසෙ මාලක?"

"ඔව් ඔව් එයා තමයි, එයත් ටිකක් අක්කට වඩා උස මහතයි නේ. ඉතින් විශාන් අයිය හිතන් උන්නෙ අක්ක වෙන එකෙක් එක්ක යාලු වෙලා කියල"

"මහ මෝඩ කතාවක් නේ.... මාලක අක්කට වඩා කොච්චර බාලද"

"ඒක විශාන් අයිය දන්නෙ නෑ නේ දසිත්. එයාට බැනල වැඩක් නෑ"

"ඉතින් අපි මොකක්ද කරන්නෙ?"
මම විමසුවේ මද කෝමයකිනි. අක්කාට මෙසේ කිරීමට විශාන්ට ආයිතියක් නැත. සැබැවින්ම මම කෝප වීමි.

"අපි????"

"ඇයි ඔයාට හෙල්ප් කරන්න බැයිද?"

"බැරි නෑ.... ඒත්....."

"මොකෝ ඒත????"

"අක්ක ඔයාගෙ, මගේ නෙවීනේ. ඉතින් එයා ඇහුවොත් මම කෝමද මේකට අදාල වෙන්නෙ කියල?"

ඈ බිම බලාගෙනම කීවාය.
මට ඈ කී දේ අගක් මුලක් නොතේරුනි. එහෙත් මගේ ඉවසීමේ සීමාඅව අක්කා නිසා ඉක්මවා යමින් තිබූ බව මටම නොවැටහිණි.

"ඔයා මගේ...... අක්කත් මගේ..... එනව යන්න අක්ක හම්බ වෙලා අහන්න සිද්දිය"

කිව් දේ කුමක්දැයි වටහා ගන්නටත් පෙර මම උත්පලා ඇදගෙන අක්කා සොයා යන්නට වීමි.

"දසිත්......... දසිත්............... හෝව් හෝව්!!!!!!!"

ඈ සිණා සුනාය. හඩනගා සිනා වූවාය. 
මගේ කෝපය තුරන් වනු දැනුණි. ඒ මැඩගෙන පොලොව පලාගෙන යන්නට තරම් ලැජ්ජාවක් මා සිත තුල ඉපදුනි.

ඈ තවමත් මා දෙස බලමින් සිනාසෙයි. 

"මොකක්ද ඒ කිව්වෙ.........කෝ ආයි කියන්න බලන්න" 
ඈ සිනහව අතරින් ඇසුවාය. 
මම ගොලු වීමි.

"සොරි....... මම වැරදි දෙයක් කිව්වනම්. මට ටිකක් කේන්ති ගියා."

ඈ සිනාවී මා අසලටම ආවාය. 

"හ්ම්ම් කමක් නෑ ඉතින්. යන්න ආපු ගමන් යමුකෝ දැන් ඔයාගෙ අක්ක මගෙත් අක්කනේ"

මා කිසිම දිනක දැක නොමැති දගකාර ස්වරූපයක් ගනිමින් කිවූ ඈ මගේ අතේ එල්ලී ගමනට සූදානම් වූවාය.

ඔබ සමහර විට මේ අත්දැකීම විද තිබෙන්නට ඇත. ශරීරයේ ලේ ගමනාගමනය මොහොතකට නැවතී තිබී නැවත එය ක්‍රියාත්මක වීමේදී ඇතිවන හැගීම..........................
අපොයි!!!!!!!!
මට ඇවිදගන්නත් නොහැකි වනු දැනුනි............

අක්කාගේ කාමරය අසලදී මගෙන් මිදුනු උත්පලා අක්කාට සිතාගන්නටත් ඉඩක් නොදී දොර රෙද්ද මෑත් කොට කාමරයට පිවිසුනාය. 

අක්කා පුදුමයෙන් මෙන් මා දෙස බලා හිදියි.

"අක්කේ..........."

"මොකෝ මල්ලි මේ? උත්පලා... මොකෝ මේ එකපාරම?"

"මේ අපිට කොලේ වහන්න එපා"

උත්පලා මද සිනාවක් පෑවාය.

"ඔව්! අඩුමගානෙ මටවත් කලින්ම ඔය ගැන කියල තිබුනනම් මොකද!"

"මොකක් ගැන ද ඔය දෙන්න මේ කියවන්නේ????!!!!"

"විශාන් ගැන"

උත්පලාත් මමත් එකවිටම කීවෙමු.
අක්කා තුශ්නිම්භූත වූවාය. ඇගේ මුහුන සුදුමැලි වනු මම දැක්කෙමි.

"එයා.............මේආ......අ..............."

"එයා තරහ වෙලා නෙහ්?"
මම ඇසීමි.
අක්කා මා දෙස බැලුවේ ගරුකටයුතු මුහුනක් මවාගෙනය.

"ඔව්!"

ඈ දිගු සුසුමක් හෙලුවාය.

"ඔයාල දැනගත්තෙ කෝමද කියන්න නම් මම දන්නෙ නෑ. ඒත් ඒක ඇත්ත. එයා මා එක්ක තරහ වෙලා. වෙන කොල්ලෙක් අක්ක යාලුයි කියල මට හොදටම බැන්නා"

"ඉතින් අක්කේ එයාට කියන්න එපැයි මාලක කියන්නෙ මල්ලි කෙනෙක්ය කියලා"
උත්පලා එක්වරම පැවසුවාය.

අක්කා ඈ දෙස බැලුවේ සැකයෙනි.

"මම කියන්න හැදුවත් එයා කියන්න දුන්නෙ නෑ නංගී. ඉතින් මොනව කාරන්නද. මම කරබාගෙන ගෙදර ආව..... ඔයාල කෝමද ඒක දන්නෙ?"

"මේආඅ.......අපීඉ...................."
මම ගොත ගැසීමි.

"අපි ඔයාල ගැන පොඩ්ඩක් හොයල බැලුවා. ඔයා ඉතින් මගෙත් අක්කනේ."

උත්පලා කී විට අක්කා ඈ දෙස බලා ඇස් ලොකු කර ගත්තාය.

"මම පොඩක් ඔයාල ගැන වැඩිපුර හෙව්වා. දසිත් තමයි මට ඕඩර් එක දුන්නෙ ඔයා ගැන හොයන්න කියල. මතකද ඔයාල දෙන්න අර ලවර්ස් එකට ගිය දවස? ම්ම්ම්ම්ම්ම් ආ.... අන්න අර වොච් එක ගත්තු ශොප් එක........"

අක්කා එය එසේ යැයි කියන්නට මෙන් පුදුමයෙන් හිස වැනුවය. මම කටත් ඇරගෙනම උත්පලා දෙස බලා හිදිමි. ඈ මේ දිගහරින්නේ පැදුරක් නොව මාගලකි.

"එදා අපිත් ඒක අස්සෙයි ඉදියේ..................."
අක්කා මා දෙස ක්ශනිකව බැලුවාය.

"අපෝ අපි ඔයාල එනව දැකලයි ඒක අස්සර ගියේ. කරුමෙට ඔයාලත් ඒකටම ආවන"

උත්පලා කිවූ වොට අක්කාගේ බැල්ම ලිහිල් වූ අතර සිනා පොදක් මුහුනේ ඇදුණි.

"ඉතින් එදා දසිත් ගානෙ මම අක්ක ගැන හොයා දීල කරපු සේවාවට, ලස්සන ටෙඩියෙක් මට තෑගි වශයෙන් ලැබුන"

උත්පලා කියවාගෙන ගියාය. මම ඔලුවේ අත ගසා ගතිමි. 
එක්වරම සිය දුක අමතක කොට සිනහ වූ අක්කා උත්පලා සමග පහක් දමා මා දෙසට හැරී සිනාසෙන්නට වූවාය.

මම උඩ බිම බැලීමි........
කෙල්ලන් දෙදෙනෙකුගේ අසාදාරණ මහා කූට ප්‍රයෝගයක මම අහිංසක ගොදුරක් වූවාද?
අවිනිශ්චිත බල අරගලයට මැදිවූ මම............
සමාවන්න!!!! මම කුණුහරුප කියවන්නේද?
ඒ හැගීම ගැන මට තවත් කතාවක් ලිවිය හැක. ඇත්තමය!

ඔවුන් දෙදෙනා මට සිනාසෙන්නේ ඇයි?

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.....................

---------------------------------------------------------------------------------

{ 3 comments... read them below or Comment }

  1. අනෙ මන්ද බන්.ඔවත් ප්‍රශ්නද

    ReplyDelete
  2. මරු බන් සිරාවටම සුපිරි කතාව.

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -