Posted by : Tharuka Gunaratne Monday, March 3, 2014



ඈ කතාව ඇරඹ්බුවේ ඉතාමත් සෙමිනි.
මා සමග ඉන්නට ඈට ආසා ඇත, නැත්නම් කියන දෙයක් කියන්නය කියා ඉක්මනින් මෙතනින් යන්නට ඈට වුවමනා වනු ඇත. 

"ඔයා අහගෙන ඉදියෙ නෑ නෙ දසිත්....."
ඈ කීවාය.

"රුචිනි කියනව මම ඔයාව දැලේ දා ගෙනලු, ඒ හන්ද අහින්සක ඔයා විහින් නහිනවලු"

මම උත්පලා දෙස බැලුවෙමි. මම ඇගේ දැලේ පැටලුනාද?
නැත!
ආදරය දැලක් නොවේ.

"ඉතින්..."

"එයා ඔව්ව කිව්වෙ මට හින්ට් එකටමයි, ඊට පස්සෙ කියනවා මේ වගේ කෙල්ලෙක් එක්ක යන්න අර අහින්සක දසිත්ට මොන තරම් ලැජ්ජාවක් ඇතිද කියලා"

නැවතත් ඇගේ මුහුණ අදුරු විය, ඒ ගැන මමද කල්පනා නොකලෙමි, කිසිදා කල්පනා කරන්නේද නැත. ලෝකයා මට කොතරම් සිනහ වුවත් මම කිසිදිනක ඈ හැර නොයමි.

"ඒකි මොනා කිව්වම මොකද ලමයෝ, ඔයා ඇයි ඕව ගනන් ගන්නේ?"

උත්පලා නිසලව ඇදෙන ගං දිය දෙස බලා හිදියි.
උත්තර නැත.

"උත්පලා"

ඈ පියවි සිහියට ආවාය. මෙතරම් පොඩි දෙයක් ගැන ඈ සිතන තරම්!!!!!
ඇත්තෙන්ම මෙහිදී මෙය කිව යුතුය, ඔබ නොදන්නවා උවද කෙල්ලන්ට බොහෝ ප්‍රශ්න තිබේ. අල්ලපු ගෙදර ලමයා අලුතින් ඇදුමක් ගෙනේම, සපත්තු හෝ සෙරප්පු දෙක, ඇදුමේ හෝ අතපයේ ගැවී ඇති කුඩා දූවිලි අංශුව ආදිය උදාහරන ලෙස දැක්විය හැක

"දසිත්, ඇත්තම කියන්න"

"මොකක්ද?"

"මම එක්ක ඉන්න එක ඔයාට ලැජ්ජාවක්ද?"

"කොහොමද එහෙම වෙන්නේ?"

"ඒත් එඋචිනි කිව්වා...."
කටහඩ හැගුම්බරය, හඩන්නට ආසන්නය.

"ඉතින් රුචිනි විතරනේ කිව්වෙ, වෙන කවුරුත් කියන්නෙ නෑ එහෙම. මොකෝ ලෝකෙ ඉන්නෙ රුචිනි විතරද? නෑ නේ"

"ඒ උනාට........."

"මම ආදරේ රුචිනිටද? නෑ නෙහ්, ඒ ඔයාට. ඉතින් ඔයා ලස්සන උනත් කැත උනත් මට ඒකෙන් වැඩක් නෑ. මන් ආදරේ ඔයාට මිසක් ඔය පිටින් තියෙන ලස්සනට නෙවී"

"ඒ උනාට මම කැමති නෑ ඔයාට ලැජ්ජාවක් වෙන්න"

"ඔයා හිතන් ඉන්නෙ ඔයා කැතයි කියලද?"

ඈ කතාව නැවතූවාය. 
ඇත්තය.
ඈ සිතන් ඉන්නේ එසේමය.

"ඔව්, මට පේනව ඔයා ඔයා ගැනම හිතන් ඉන්නෙ පහත් කරල කියල. ඇයි කණ්නාඩියක් ඉස්සරහට නොයන්නෙ?"

ඈ ක්ශනිකව මා දෙස බැලුවාය. 
එහි සිනහවක් නැත
හැඩුම්බර බවක්ද දක්නට නැත
අනුකම්පාව? කිසිසේත් නැත
එහෙත්.........
මදක් ඉන්න...
ඒ පුදුමයද?
ඒ සමග මුසුවූ ලැජ්ජාවද?

"මට මීට කලින් කිසිකෙනෙක් ඔහොම කීවෙ නෑ දසිත්, මං දන්නවා කවුරුත් කියන්නෙත් නෑ"

ඈ කීවා නොව මිමිණුවාය. 
මම සිනහ වීමි.

"ඕන නම් දිවුරන්නම්, මම කීවෙ සම්පූර්ණ ඇත්ත"

ඈ සිනහ වූවාය. යන්තමිනි.
ඈ කල්පනා කරන බව මට වැටහුණි.
අවසානයේ මගේ අතින් අල්ලා ගත් ඈ මෙසේ කීවාය.

"තෑන්ක්ස් දසිත්, ආයෙ කවදාවත් කවුරු මොනව කීවත් මම අඩන්නෙ නෑ නෑ නෑමයි"

මම ඈ දෙස බලා සිනහ වීමි.

"ඇයි ඒ?"

"ඔයා මා එක්ක ඉන්න හන්දා, මම දන්නව වෙන කාටවත් ඔයා වගේ හොද කෙනෙක් ලැබෙන්නෙ නැති බව"

මම රතු වීමි. ලැජ්ජාවද?
අම්මපා!

[පින්වතුනි, මෙය කතාවකි එබැවින් ඔබගේ ඇස්වහ කටවහ මට නොවදීවා]

"අපි යමු"

මම කීවෙමි. මෙතැන හිදගෙන සිටීමෙන් කිසිම පලක් අත් නොවේ. 
ෆිල්ම් එක දැනටම පරක්කු වී ඇත. එහි යාමටද නොහැක. එහෙත් අක්කා?
මට ඈ ගැන සිහි වූයේ දැන්ය. කෝල් එකක්වත් දාලා බලනවාද?

"අක්කා"

මම මිමිණුවෙමි.

"ඇයි දසිත්"

"අක්කා තනියම විශාන් අඉයත් එක්ක"

"අපෝ බය වෙන්න එපා, එයාට කරදරයක් වෙන්නෙ නෑ."

උත්පලා කීවාය.

"මට විශාන් අයියව මගෙ අයිය කෙනෙක් තරමට විශ්වාසයි"

"එහෙමද? හ්ම් හ්ම් ඔයා කියනවනම් මාත් විශ්වාස කරන්නම්කෝ"

"හොද ළමයා"

මා සමග පැමිණියවුන් කොහිදැයි මම වටපිට බැලීමි. දෙදෙනෙක් නිදිය, අනික් අය ඔහේ ඇවිදිති. සක්මන් බාවනාව වඩන්නාක් මෙනි.
"අපි දැණ් යමු. ෆිල්ම් එක ඉවර වෙන වෙලාවත් කිට්ටුයි"

"හ්ම් යමුකෝ"

ඈ නැගිට්ටාය. මමද නැගී සිටියෙමි.

"ආ මොකෝ මල්ලි මෙයා නොකියම ගිහින් තිබුනෙ?"

අපි ඒ දෙසට පැමිණෙනු දුටු මා සමග පැමිණියෙක් ඇසීය.

"දන්නැද්ද අද කෙල්ලන්ගෙ හැටි"
තවකෙක් කීවෙන් මම සිනහ වී ප්‍රශ්නෙන් බේරුනෙමි.
පිටත් වීමේ දොරටුවේදී මට දෙවියන් සිහිවුණි.
ටිකට් කඩන්නා පැමිණ තිබේ.

"ම්ම්ම්ම් ඔහේලා ඇතුලට එනවා මම දැක්කෙ නෑ නේ?"

ඔහු මගේ මුහුණ දෙස බලා විමසුවේය.
මම උඩ ගියෙමි. 
කුමක් කියම්ද?

"ඇයි ඕයි තමුසෙනේ අපිට ටිකට් කැඩුවේ?"
මා සමග ආ අයෙක් කීවේය.

"අනේ මේ මහත්හ්ටය නිකම් බොරු කරන්න එපා. තමුසෙලා වගේ තක්කඩි ටිකක්, හොරෙන් ටිකට් ඉස්ස්යුවා නේද?"

"අපෝ නෑ අපි එහෙම ජරා වැඩ කරනවද?"
තවකෙක් කීවේය.

ටිකට් කඩන්නාට එය ඇසුනු ආකාරයට ඔහු ඉතාමත් කේන්ති ගත් බව මම දුටිමි.

"යකෝ මේ!" ඔහු ගිගිරුවේය.

"දීපියව් සල්ලි, නැත්නම් තොපි ඔක්කොම දානවා පොලිස් කූඩුවේ"

මම බිය වීමි, කෙල්ලක් සමග පොලිස් කූඩුවේ?

"ඉතින්?"

මා සමග පැමිණියෙක් ඇසුවේ ගානක්වත් නැතිවය.

"මට ගානක්වත් නෑ නෙ"

තවකෙක් කීවේය.

ටිකට් කඩන්නාගේ සීමාව පැන්නේය.

"තොපි, අවලං විලිසංගයක් නැති පාහර ****. තොපේ මව්....."

ඇසුනේ එපමණකි, එවෙලේ ක්‍රියාත්මක වූ අත් දහ පහලොවකින් ඔහුව ටිකට් කාමරයෙන් එලියට ඇදගන්නා ලදී.

"ආයෙ කියාපිය බලන්ඩ?"

එකෙක් කීවේය.

"මූට මොකෑ කරන්නෙ?"

"මුගේ ***** **** **** "

"සරමෙන් ගහේ එල්ලමු"

"ගස් බදිමු"

"ගගට දාමු"

"අම්බානට නෙලමු"

තවත් දහසකුත් එකක් යෝජනා එතනට එක් විය.

"මේ ඔය එකක්වත් ඕන නෑ, අපි දැන් ඕකව ආපහු කූඩුවට දාල යමු යන්න"

මම පැවසීමි. 
ඔවුහු මා දෙස බැලූහ.

"මල්ලිය කියන්නෙත් ඇත්ත තමා, අපෙත් වැරැද්දනේ"

අන්තිමේ ඔවුහු එකග වූහ.
සවස දොලහමාරට එතැනින් පිටවන විටත් වචනය්කුදු කතා කර ගැනීමට නොහැකිව, ගල් රූපයක් සේ ටිකට් කඩන්නා ඔහුගේ අසුනේ වඩි කරවා තිබුනේය.

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.......................

---------------------------------------------------------------------------------

{ 1 comments... read them below or add one }

  1. ඉතින් මට ගානක්වත් නෑ.

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -