Posted by : Tharuka Gunaratne Monday, March 10, 2014



මා උත්පලා සමග නැවතත් Film හෝල් එක අසලට එන විට ෆිල්ම් එකද අවසාන වී තිබුනි. අක්කා විශාන් අයියා සමග මා එනතුරු බලා සිටියාය,

"කොහෙද යකෝ ගියේ?"

අක්කා ඇසුවේ කෝපයෙනි. 

"මම මේ.... මේ...."

උත්පලා උත්තරයක් දිගත නොහැකිව ගොලුවූ ආකාරය මම දුටුවෙමි.

"එයා මේ පොඩ්ඩක් ඇවිදින්න කියල ගිහින්."

මම විහිලුවක් කරන ලීලාවෙන් පැවසීමි.

විශාන අයියා මා දෙස බලා සිනහ වූවේය. ඔහුට මෙය වැටහෙන්නට ඇත. අක්කාට අතින් ඇන නැවත ඒ ගැන නොවිමසන ලෙස ඔහු ඉගි කලේ ඒ නිසා විය හැක.

"හ්ම්ම් හ්ම්ම් එහෙනම් යමුකෝ ගෙදර"

අක්කා පෙරමුන ගත්තාය,


***************************

නිවසට ගිය වහාම මම ඇදට වැටී කල්පනා කරන්නට පටන් ගත්තෙමි.
උත්පලා?
ඈ මගේ ජීවිතයට ආ දා සිටම මම අපමණ සතුටින් සිටියෙමි.
මගේ යහලුවකු ලෙස උන් කාලයට වඩා මා දැන් ඇයට ආදරය කරමි.
ඈ තුල මා කෙරෙහි ඇති ආදරය කිසිසේත් බොලද නොවේ.
එය මට හොදින්ම තේරුනේ අද දිනයේය.
එහෙත් අක්කා?
අක්කා මේ ගැන කිසිවක් නොදනියි, ඈ දැනගත හොත්?
අක්කා මෙයට එකහෙළාම සිය විරිද්දත්වය ප්‍රකාශ කරනු ඇත.
කොතරම් ලගින් ආශ්‍රය කලත් අක්කා තවමත් උත්පලාව හරිහැටි හදුනාගෙන නැත.
අක්කා සිතන ලෙස උත්පලා යනු,
මොට්ට,
මෝඩ,
සමාජය ගැන නොදන්නා,
සිතා මතා වැඩ නොකරන,
අවිශ්වාසී,
ඉරිසියාකාර,
පිස්සියක් පමණි.
ඉතින් මට ඈ වෙත ළං වීමට අක්කා ඉඩ නොදෙනු ඇත.
මම කුමක් කරම්ද?

අනිත් ප්‍රශ්නය මෙයය,
රුචිනි,
රූප සුන්දරී,
ඈ බොහෝ ලස්සන කෙල්ලකි, මා මෙතෙක් කල් සිතා සිටියේ ඈද උත්පලා මෙන් අහිංසක එකියක් කියාය.
මට වැරදී තිබුණි.
ඈ පාසලේදී පවා හැසිරුණේ අදිමානයෙනි, ඒ බව ප්‍රසිද්ද රහසක් උවත් ඇගේ දස වැනි බෝයිෆ්‍රෙන් ද ඉතාමත් ඉහල අත්තක් විය.
ඈ සතුව ඈ වෙනුවෙන් කැපවුණු කෙල්ලන් කීපයක්ම සිටිති, 
[මේවා කියන එක හරිද මන්දා, ඒත් ඒකයි ඇත්ත]
ඈට උවමනා ඕන උපකාරයක් කිරීමට ඔවුහු සූදානම්ය.
උත්පලාට පැහැදිලි අඹ්හියෝගයක් එල්ල වනු ඇත.
විශාන් අයියාව දැලේ දා ගැනීමට නොහැකි වීමේ නිසා රුචිනි කෙසේ හෝ උත්පලාගෙන් පළිගනු ඇත,
එවිට මා කුමක් කරම්ද?
උත්පලා මගේ වගකීමයි, ඈ ආරක්ශා කරන්නේ කෙසේද?
ඈ කුමක් හෝ නිසා සියදිවි හානි කරගතහොත්?
මට යලිත් පිරිසිදු හර්ද සාක්ශියකින් යුතුව ජීවත් වන්නට හැකිද?

"මල්ලී.............. මල්ලී,............."

අක්කා කෑගසනු ඇසුණි.

"ඕ,,,,,,,,, මොකෝ අක්කේ?"

මම වහා සාලය දෙසට ඇවිද ගියෙමි.

"මෙන්න ඔයාලගෙ රිසාල්ට් ඇවිත්"

මේ මහ දවාලේ?
රිසාල්ට් ඇවිත්?
මට ක්ලාන්ත ගතියක් දැනුණි, මගේ හිස වටේ මේ පියාඹන්නේ සැබෑ පරවියන්ද?

"ඉක්මනට විබාග අංකෙ ගෙනැත් දියන්, ඩයලොග් එකෙන් රිසල්ට් බැලුවෑකි"

අක්කා අණ කලාය, ඇගේ අණට මා අවනත වූවාදැයි නොදනිමි. එහෙත් මගේ කය ඊට අවනතව අක්කා අතට වහා විභාග අංකයලිවූ කොලයක් පත් කලේය.
ක්ශනිකව යමක් ටයිප් කල අක්කා වහාම ජංගම දුරකතනයේ තිරය දෙස බලා ඉන්නට වූවාය.
මම අසල වූ පුටුවක් මතට ඇද වැටුනෙමි.
විකාරයක් වගේය!

සුලු මොහොතක් ගතවිණි, ජංගමය නාද විය.
අක්කා ඒ දෙස බලා දෑතින්ම මුහුණ වසාගෙන යමක් තමන්ටම කියා ගත්තාය.
මම ඉවරය, විනාශය.
අක්කා මෙසේ ඉන්නේ මම ඇත්තෙන්ම ෆේල් නිසාය.
නැත්නම් ඈ සතුටින් නටනු ඇත.

අහෝ! ඇයි මටම මෙහෙම උනේ?
පපුව කව්දෝ තෙරපනු දැනේ. හාට් ඇටේක් ඇවිත මා මැරී යනු ඇත.
අදි රුදිර පීඩනයෙම් තව සුලු මොහොතකින් මා මියයනු ඇත,
දියවැඩියාවෙන්.................

"මල්ලි, අනේ මගෙ මල්ලි"

අක්කා හැඩුම්බර ස්වරයකින් කීවාය.
සමාවන්න පාඨකය, මම "උත්පලා" ලිවීම නවතමි.
මන්දයත් මම තව සුලු මොහොතකින් වහ කා මැරෙන නිසාය.

"ඇයි අක්කෙ මොකෝ රිසල්ට් එක?"
මා සිහිනෙන් වගේ ඇසුවා මතකය.

"අනේ මල්ලි, කොහොමද අම්මලට මේක කියන්නෙ? අර අහිංසක අම්ම ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉදියෙ"

"අනේ අක්කෙ මොකෝ රිසල්ට් එක?"

"දෙයියනේ! මම ඔයාට කොහොම කියන්නද මල්ලි. අපි හැමෝම හිතන් ඉදියෙ ඔයා ඉදිය හැටියට..........."

"අනේ අක්කෙ රිසල්ට් එක?"

"මල්ලි, ජීවිතේ ඔහොම තමයි, ආයෙ උත්සාහ කරමු"

මම වෙඩිතබාගෙන මියයමි,
දීපියව් යකෝ කාලතුවක්කුව, ස්නයිපර්, මැසින් තුවක්කු!!!!!!!!!!!!!!!!!!

"අනේ අක්කෙ රිසල්ට් එක?"
වමනෙට එනවා වගෙත් දැනුනි,

"මල්ලි අපි මේක අම්මලට නොකිය ඉමු, මේ පාරවත් හොදට ට්‍රයි කරමු, මම පිරිවෙනේ හාමුදුරුවන්ගෙන් අහන්නම්, හෙට ඉදන් ආයෙ පන්ති යන්න ඕ ලෙවල් වලට"

හෙට උදෑසනම මම ගමේ ලිදට පනිමි.
එහෙත්?
ඊට පසු මිනිස්සු බොන්නේ මොකේ වතුරද?

"අක්කෙ රිසල්ට් එක කියන්නකෝ?"

අක්කා මුහුණ වසාගෙන හඩන්නට මෙන් සැරසුනාය.

"අනේ මල්ලි ඔයාට A7 යි නේ"

මී හරකී.
මා මරන්නට තැත් කල අපරාදකාරී.
මම වහා ඇගෙන් ෆෝන් එක උදුරා ගත්තෙමි.
ඇත්තය, එහි පැහැදිලිව සටහන් ව තිබුනේ මගේ නමය, ඊට පහලින් විශයන් හා මා ලැබූ සාමාර්ත සදහන් විය. 
අක්කා මගේ හිස අතගා මා වැලද ගත්තාය.
ඈට සතුටු ඇත, ඇත්තෙන්ම!

"මම දැනන් ඉදියා ඕක"
අක්කා කීවාය.

"දෙයියනේ මේකගෙ පපුව ගැහෙන තරම්, අනේ මල්ලියේ මං ඔයාව බය කලාද?"

නැත! ඈ මා බය කලේ නැත!
මගේ ආදරණීය අක්කේ, ඔබ නිසා මගේ මලගමට කියවන ඔබටත් ආරාදනා ලැබෙන්නට ඉඩ තිබුණි.
වාසනාවට මෙන් දැන් එම තත්වය පහව ගොස් ඇත.

"අක්කෙ උත්පලා?"

"හ්ම් මේ හැපි වෙලාවෙ ඒකි ඕන නෑ"

අක්කා සතුටින් ඉපිළෙමින් කීවාය. මම ඇගෙන් වහා ඈත් වීමි.

"මොකෝ බං?"

"මම යනව උත්පලා බලන්න, එයාගෙ රිසල්ට් එක කොමද දන් නෑ නේ?"

"ඕන නෑ මල්ලී"

"ඇයි අක්කෙ එහෙම කියන්නෙ? මම බලල එන්නම්, මගෙ ෆිට් එකනේ"

"ඕන නෑ කීවම අහනවා"
අක්කා සැර වොවාය. මම ගොලු වීමි.

"අක්කේ......."

"ඕන නෑ බං, ඒකි මෙලාකට මග එනව ඇති"

මම විස්මිත වීමි, ඒ කොහොමද?

"ඒ....?"

"මම කිව්ව එන්න කියල, මට රිසල්ට් ඇවිත් කියල මැසේජ් එකක් දාල තිබුන. එයත් පාස් කියන්නෙ, A6 ක්ලු"

මට අක්කා මරන් කන්නට තරම් සතුටක් ඇති විය. අක්කා කොතරම් නොහොද පෙන්නුවත් ඈ මගේ සිතුම් පැතුම් හොදින් තේරුම් ගෙන ඇත.

"ටක් ටක් ටක්"

දොරට කව්දෝ තඩිබායි.

"බව් බව් බව්"

කව්දෝ බුරයි.
උත්පලාද?

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට...........................

---------------------------------------------------------------------------------

{ 3 comments... read them below or Comment }

  1. මචන් මං මේක විචාරය කරන්ඩ ගියොත් මහ අච්චාරුවක් වෙනවා. මොනව උනත් මගේ හද පිනෙව්වා මෙය

    ReplyDelete
    Replies
    1. හරියට හරි, මාත් ඕක හිතුව. අපි එයාට ඔහේ ලියාගෙන යන්න දෙමු

      Delete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -