Skip to main content

අපි හැමදාම ඔයාලත් එක්කයි! ඔයාල අපිට ලොකු ශක්තියක්


දැන් ගොඩාක් අය බ්ලොග් කර්මන්තෙට බැහැල තියෙන බව අද දවසෙ වුන සිදුවීම් එක්ක පෙනුනා. අපි තාමත් එක තැනමද? ඔන්න ඕක මට හිතුන වාර අනන්තයි. ඉස්සර මටත් බ්ලොග් කරන්න ලොකූ පිස්සුවක් තිබුනා. ඒත් දැන් නම් ඒක පිස්සුවක් විතරක්ම නෑව්යි. අනුන තමන් දන්න දේ කියල දෙන අපේ බ්ලොග් එක ගැන ටවුමෙ ගොඩක් දෙනා කතාවෙනව. බොරුවක් නෙවේ තාමත් අපි බ්ලොග් කර්මාන්තෙට හරියට එන්ටර් උනේ නෑ කියලයි මට හිතෙන්නෙ.

කොහොමින් කොහොම හරි මමයි චාමික රවින්ද සහෝදරයයි බ්ලොග් එකක් කරමු කියල මේ වැඩේට අත ගැහුවෙ මේ අවුරුද්ද පටන් ගත්ත අලුතමයි. අපි ඕ ලෙවල් එහෙම ලියල එහෙම පටන් ගත්තු මේ වැඩේට තාම මාස පහ හයක වගේ පුංචිම පුන්චි ඉතිහාසයක් තමයි තියෙන්නෙ. අපි අන්තර්ජාලෙට අමුත්තො උනේ නැති උනාට බ්ලොග් කරන එකට තාමත් අපි අලුත්.

හදිස්සියෙමෙ මේව කියවන්නෙ මොකද කියල සමහරු බලාවි. ඒත් මේක මම ලියන්නෙ ගොඩාක් දෙනෙක්ට කරන ස්තුතියක් හැටිය්ට. විසිදහසක් දෙනා කියවපු බ්ලොග් එකක් කියන්නෙ දුලබ දෙයක් නෙවේ. ඒත් අපි තවත් ඉදිරියට යනවා. තව තවත්................ ඒ හන්ද මේක කියවන හැමෝම එක එක වැඩ බ්ලොග් එකට ලොකු ශක්තියක්

එදා අපි දෙන්න පටන් ගත්ත මේ බ්ලොග් එක අද බ්ලොග් ඕතර්ල තුන් දෙනෙකුත් එකතු උන පුංචි පහේ ටීම් එකක් බවට පත් වෙලා. දැනට ල/න්කාවෙ මිනිස්සු බලන බ්ලොග් අතර එක එක වැඩ නමත් ගෑවිලා තියෙන බව කියන්නත් සතුටුයි.

අද මම රීකරෙක්ශන් දාන්න ඉස්කෝලෙ ගියා. ඉස්කෝලෙ ගොඩාක් දෙනා අපේ බ්ලොග් එක කියවන රසිකයො බව මම හොදටම දැනගත්තෙ අද තමයි. අපේ හිටපු පන්ති බාර ගුරුතුමාවත් මම විශේසයෙන් මතක් කරන්ට ඕනෑ. (සර් මේ පෝස්ට් එක කියවනවනම් මම ආයෙත් කියන්නෙ නවකතාවෙ මම ලියන්නෙ මගෙ ජීවිත කතව නෙවයි, ඒක හන්ද නවකතාවෙ ඉන්න කෙල්ල මගෙ ජීවිතෙත් එක්ක සම්බන්ද උන කෙනෙක් නෙවෙයි)

ඉතින් ඔයාලගෙ කාලෙ නාස්ති කලා නම් සමා වෙන්ට. මට ඕනෙ උනේ දැනට ලංකාවෙ මිනිස්සු බලන සයිට් වලින් 2072 වන ස්තානෙට අපේ බ්ලොග් එක පත් කලාට ඔය හැමෝටම ස්තුති කරන්ඩයි!!!!!!!!!!!!

මම Tharuka Gunaratne

Comments

  1. එල එල සුබ පැතුම් අපිත් ඉන්නවා හැමදාම ඔයාලත් එක්ක

    ReplyDelete
  2. වරෙන් පුතා පලවෙනි පන්සීය අතරට

    ReplyDelete
    Replies
    1. බලමු ගේමක් දීලා

      Delete
  3. ඔන්න බලහං මම ලගදිම මේක sirට පෙන්නනව (o)

    ReplyDelete
  4. අනිවා අපිත් ඉන්නවා හැමදාම.

    ReplyDelete

Post a Comment