මාලිකා කහොම හරි අමුතු බැලමක් මූනට අරන් නාලක දිහාවෙ බැලුව. නාලක චුට්ටක් හිනා උනා. "මොකෝ?" ඇහුවෙ නාලක. "මම හිතුවෙ පොඩි විහිලුවක් කරල ඔයාව පොඩ්ඩක් පල් කරන්න" මාලිකා කිවෙ බිම බලන්. "තරහ නෑ නේද?" "හි හි හි " නාලක උපහාසෙන් වාගෙ හිනා උනා. ඊට පස්සෙ මාලිකා දිහා බැලුව. මාලිකත් පසුතැවිලි උන මූන එක වෙනස් කරන් නැතුව ඔහේ බලන් උන්න. "අපෝ නෑ. ඕක හරි සුලු වැඩක් නේ. ඔයිට වඩා දේවල් මට වෙලා තියෙනවා." "හෑ???" මලිකා ඇහුවෙ නලකගෙන් බැනුම් නාහපු සතුටත් හිතේ තියන්. "ඒ මොනවද?" "නාලක ආයිත් පොඩ්ඩක් හිනා උනා. "දන්නවද අර පන්තියෙ ඉස්සරහ පේලියෙ කොනේම ඉදිය කෙල්ල.?" "ඔව්" මාලිකා කිව්ව. "අර කොණ්ඩෙ දිග මූසල පෙනුමක් තියෙන එක්කෙන නෙහ්?" මාලිකා ඒක කියාපු විදියට නාලකටත් හිනා ගියා. "ඒකි එක දවසක් මාව ඉස්කෝලෙ ලැබ් එක අස්සට දාල දොර වැහුව නේ. කරුමෙටම යතුර තිබුනෙත් එහා පැත්තෙ. ඒකි දොර ලොක් කරල යතුර මිස්ට දීල යන්න ගිහින්" "බොරු" මාලිකා හිනාව නවත්තගෙන කිව්ව. "එයා නපුරු පාට කෙනෙක්...
විදවන ජීවිතය විදින්නත්, විදින ජීවිතේ ඵල නෙළා ගන්නත් අපි ඔබ සැමට මග කියා දෙන්නෙමු.