මාලිකා කහොම හරි අමුතු බැලමක් මූනට අරන් නාලක දිහාවෙ බැලුව. නාලක චුට්ටක් හිනා උනා.
"මොකෝ?" ඇහුවෙ නාලක.
"මම හිතුවෙ පොඩි විහිලුවක් කරල ඔයාව පොඩ්ඩක් පල් කරන්න" මාලිකා කිවෙ බිම බලන්. "තරහ නෑ නේද?"
"හි හි හි " නාලක උපහාසෙන් වාගෙ හිනා උනා. ඊට පස්සෙ මාලිකා දිහා බැලුව. මාලිකත් පසුතැවිලි උන මූන එක වෙනස් කරන් නැතුව ඔහේ බලන් උන්න.
"අපෝ නෑ. ඕක හරි සුලු වැඩක් නේ. ඔයිට වඩා දේවල් මට වෙලා තියෙනවා."
"හෑ???" මලිකා ඇහුවෙ නලකගෙන් බැනුම් නාහපු සතුටත් හිතේ තියන්.
"ඒ මොනවද?"
"නාලක ආයිත් පොඩ්ඩක් හිනා උනා. "දන්නවද අර පන්තියෙ ඉස්සරහ පේලියෙ කොනේම ඉදිය කෙල්ල.?"
"ඔව්" මාලිකා කිව්ව. "අර කොණ්ඩෙ දිග මූසල පෙනුමක් තියෙන එක්කෙන නෙහ්?"
මාලිකා ඒක කියාපු විදියට නාලකටත් හිනා ගියා.
"ඒකි එක දවසක් මාව ඉස්කෝලෙ ලැබ් එක අස්සට දාල දොර වැහුව නේ. කරුමෙටම යතුර තිබුනෙත් එහා පැත්තෙ. ඒකි දොර ලොක් කරල යතුර මිස්ට දීල යන්න ගිහින්"
"බොරු" මාලිකා හිනාව නවත්තගෙන කිව්ව. "එයා නපුරු පාට කෙනෙක් නෙවෙයිනෙ. ඔයත් මොනව හරි කරන්න ඇති එයාට"
"ඇත්තම කිව්වොත් මම තමයි මුලින්ම එයාට වැරැද්ද කලේ." නාලක කිව්වෙ හිනා වෙවී
"පොඩි විහිලුවක් කරා අපේ ක්ලාස් එකේ කොල්ලෙක් මතක් කරලා"
"ඔය බලන්න" මාලිකා කිව්වෙ ඇස් ලොකු කරල.
"මම කිව්වෙ නැද්ද උයාගෙ තරම"
"ඒකෙන් වැඩක් නෑ මොකෝ මේ පැත්තෙ ආවෙ?" නාලක ඇහුවෙ කාමරේ කොණට යන්න හැරිල.
"ඔය පොඩි දේටත් සමාවෙන්ට කියන්නද?"
"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්" මාලිකා කිව්වෙ නාලකගෙ පොත් රාක්ක දිහා බලල. "මම ආවෙ ඔයාගෙ විචාර පොත ඉල්ලන් යන්නත් එක්ක."
"හෑ ඒ මොකෝ?"
"පොඩ්ඩක් බලන්න" මාලිකා කිව්වෙ ලස්සන හිනාවක් අරන්.
"මට අර ශානිකා කිව්ව ඔයා ලියන විචාර හරි ලස්සනයි. ඒව ඉක්මන්ට කියවල තේරුම් ගන්න පුලුවන් කියල"
"ඈ........" නාලක උපහාසෙන් වාගෙ හිනා උනා.
"එයාද කිව්වෙ? හපොයි එයා ඔය ලස්සනයි කියන්න ඇත්තෙ විචාරෙ නෙවෙයි. ඒක ඉක්මනට කොපි කර ගන්න ලේසි හන්ද."
"බොරු" මාලිකා කිව්ව. "එයා විචාර ලියන්නෙ ඔයාගෙන් කොපි කරන්ද?"
"නැතුව"
"මහ කපටි කෙල්ලෙක් නේ" මාලිකත් හිනා උනා.
"එයා එක්කල ඉදියොත් ඔයත් ලගදිම එයාටත් වඩා කපටි වේවි" නාලක කිවෙ හිනාවෙවී එයාගෙ විචාර පොත අතට අරන්.
"ඔන්න පොත්. කොපි කරනව එහෙම නෙවෙයි. තනියම ඔයාගෙ විචාරෙ ලියන්න"
"හ්ම්ම්ම්ම්" මාලිකා කිව්වෙ පොත අතට අරන් පිටු කීපෙකුත් පෙරලල. "එහෙම කරන්නම්කො සර්..... එහෙනම් ඔන්න මම යනවා"
එහෙම කියපු මාලිකා නාලකට මොකුත් හිතාගන්නවත් කාලයක් නොදී කාමරෙන් අතුරුදහන් උනා.
නාලකට එදා කරන්න මහ ලොකු වැඩ ගොඩක් තිව්නෙ නෑ. එයා වේලාසනින් අමාරු කියන වැඩ කොටස ඉවර කරල ඉස්කෝලෙ වැඩ කටයුතු ටිකත් පාඩම් එහෙම කරල ඉවර කරලයි තිබුනෙ. තමන්ගෙ පොත් රාක්කෙන් කියවල ඉවර නොකරපු පොතක් ඇරන් නාලක ඇදේ වාඩි උනා.
පොත කියවන්නමත් නෙවෙයි. කල්පනා කරන්නත් එක්ක
------------------------------------------------------------------------------------------------------------
ඉතිරිය පසුවට
කියවන්ඩ අපහසුයි කියල ගොඩක් අය අකුරු ලොකු කරන්න ඉල්ලුව මගෙන්. ඔන්න එහෙනම්
අහා පට්ට
ReplyDeleteඅද නං කතාවේ කොටසටත් වඩා උඩම පිංතුරෙට ලයික්
ReplyDeleteSamakaya Wate නලින්
Break Ke Baad මගෙ ජීවිතේ ආසම ෆිල්ම් එක. ඒකයි ඒකෙ ෆොටෝ එකක් දැම්මේ
Delete