එදා හවස ගෙදර යන ගමන් නාලක මොකුත් කතා කලේ නෑ. ඔහේ බලාගත්තු අතේ බලන් ඉස්සරහට ඇවිදන් ගියේ ළගින්ම මාලිකත් එන බව වත් නොදැන වගේ. ඒ ඇයි කියල මාලිකාට ලොකු ප්‍රශ්නයක් උනා. ඒ හන්ද වැඩි වෙලා යන්න කලින්ම එයාගෙන් ඒ ප්‍රශ්නෙ ඇහෙන බව නාලකත් දැනන් ඉදියා. "මොකෝ නාලක? ලෝකෙ එපාවෙලා වගේ?" මාලිකා ඇහුවෙ නාලක එක්ක සමාන්තරව ඇවිදින්න උත්සාහ කරන ගමන්. ඒක ලේසි නම් නෑ, කොහොමත් නාලක හරි ඉක්මනට ඇවිදින කෙනෙක්. "කලකිරිලද?" "මම?" නාලක කිව්වෙ මාලිකා දිහා බලල හිනා වෙලා. "කලකිරිල නෙවෙයි, අරුන් දෙන්න ගැන බයයි. ඒකයි" "ඒ කිව්වෙ?" "මොනා උනත් ශානිකා කෙසේවෙතත් සාරංගයා ගැනයි බය. ඕකා ලව් එකකට වැටිල ජීවිතේ නාස්ති කරගන්න පුලුවන්, ශානිකා කව්ද කිය්ල අපි හොදටම දන්නවනේ" "ඇහ්!" මාලිකා ටිකක් පුදුම උනා. ඊට පස්සෙ ශානිකා තමන්ට කියාපු දේවල් නාලක එක්ක කිව්ව. මාලිකාට ඕන උනේ තමන්ගෙ යාලුව, ඒ කියන්නෙ ශානිකා සාරංග ගැන හිතන් ඉන්නෙ කොයි විදියටද කියල නාලකට පැහැදිලි කරල දෙන්න. එයා කොයිතරම් සාර්තක විදියට පැහැදිලි කලාද කිව්වොත් නාලකට අන්තිමේදි පුංචි හිනාවකුත් ගියා...
විදවන ජීවිතය විදින්නත්, විදින ජීවිතේ ඵල නෙළා ගන්නත් අපි ඔබ සැමට මග කියා දෙන්නෙමු.