නාලක පොතත් අතේ තියන් කල්පනාවට වැටුන. ගෙදර තිබුන පාලු ගතිය නැති වෙලා ගිහින්. හිනාව හැමතැනම. නාලකට මතක් උනේ තමන් නේ ගෙදරට අඩිය තියපු පළවෙනි දවස. තමන් එදා ජීවිතේ පළවෙනි වතාවට තමන්ගෙය කියල නාමයක් වත් නොදන්න ගෙදරක තට්ට තනියම ඉන්න යැව්ව එකට අම්ම තාත්තත් එක්ක නාලකගෙ හිතේ ඇති උනේ තරහක්. ඒත් තමන්ව නැන්දට බාර දීල පිට වෙන්න කලින් නාලක අම්මටයි, තාත්තටයි දණගහල වැන්ද. අම්මගෙ ඇස් වලඉන් වැටුන කදුලු බිංදුවක් නාලකගෙ කමිසෙට වැටුන හැටි තාමත් නාලකට අද වගේ මතකයි. අම්මත් තාත්තත් නාලකගෙ හිස අතගාල කිව්වෙ එකම දෙයයි.
"මගෙ පුතේ! ඔයා මෙහෙ ඉන්නෙ අවුරුදු තුනක් විතරයි. ඒක හින්ද අනාගතේ ගැන හිතල හොදට ඉගෙනගන්න"
එදා අම්මල නාලකව මේ ගෙදර තනිකලත් එයාට අම්ම කෙනෙක් වගේම සෙනෙහස දක්වන්න නැන්දට පුලුවන් උනේ කොහොමද කියල නාලකට අදටත් තේරුම් ගන්න බෑ. නැන්දට දරුවො ළග ඉදියෙ නැති හන්දමද කොහෙදෝ එයා ඒ පාලුව පිරිමහ ගත්තෙ නාලක ටිකෙන් ටික ලොකු ව්වෙන හැටි බලන් ඉදල. නාලකත් අම්ම ළග නැති පාලුව පිරිමහ ගත්තෙ නැන්ද ඉන්න නිසා. නාලකට ගෙදර සහෝදර සහෝදරියො ඉදියෙ නෑ. ඒක හන්දම තනියම ඉන්න නාලක ඉස්සර ඉදලම පුරුදු වෙලයි ඉදියෙ.ඒත් අලුත් ඉස්කෝලෙ යාලුවො එක්ක ඉක්මනට මිතුරු වෙන්න නාලකට හැකි උන හන්ද එහෙම කියල ලොකු පාලුවක් එයාගෙ ජීවිතේ තිබුනෙ නෑ. ඒත් හැම හොදකම පුංචි හරි නරකක් තියෙනව කියන්න වගේ නාලකට ගෙදර ආවම දැනුන පුංචි පාලුවත් දැන නැති වෙල ගිහින්. ඒ මාලිකා නිසා. හීනෙන්ම වාගෙ මාලිකාගෙ මූනත් මැවිල පෙනුන.
මාලිකා ගැන තවමත් නාලක මොකුතම දැනන් ඉද්යෙ නෑ. ඒකට කමක් නෑ. එයා ඉස්සරහදි ඒ ගැන දැනගනීවි. අපි දැන් මාලිකා ගෙ කාමරේ පැත්තට යමු.....
මාලිකා තමන්ගෙ කාමරේ කොණක තිබුන මේසෙ උඩ නාලකගෙ විචාර පොත තියල කියවමින් ඉදියා. එයාගෙ කාමරේ පිළිවෙලයි. කිසිම අඩුපාඩුවක් තිබුනෙ නෑ. ඒත් කෙල්ල ඉදියෙ පොත දිහා බලන් බර කල්පනාවක බව. ඈත ඉදන් බලන කෙනෙක්ට උනත් හොදට පෙනුනා. පොතේ පිටු වැරදිලාවත් එහෙම පෙරලුනේ නෑ. ඇස් පිය වැටුනෙ නෑ. පිළිමයක් වගේ.
මාලිකා හිතුවෙ නාලක ගැන නම් නෙවෙයි. තවම ඒ තරම් නාලක ගැන එයා දන්නෙත් නෑ නෙ. එයා දන්නෙ නාලක තමන්ගෙ අයියල දෙන්නට වඩා ගොඩාක් වෙනස් බව විතරයි. මාලිකා කල්පනා කලේ ඇයි එයාගෙ දෙමව්පියෝ එයාව මෙහෙට එව්වෙ කියල. තමන් කලින් ඉදිය ඉස්කෝලේ ඒ හැටි නරකක් තිබුනේ නෑ. යාලුවොත් හොද වැදගත් උදවිය. ඒත් මාලිකාගෙ තාත්ත කල්පනා කලේ වෙනස්ම විදියකට. එයා කලින් ඉදන්ම මාලිකා ගෙ අම්මට කිව්වෙ ගෑනු දරුවෙක්ට වඩා එයා කැමති පිරිමි දරුවෙක්ට කියල. ඒත් මාලිකාගෙ අම්ම කැමති උනේ මාලිකාට. මොකද අයියල දෙන්න කොච්චර දඩබ්බෑඅද කියල එයා දැනන් උන්න හන්ද. මාලිකා ටිකෙන් ටික ලොකු වෙලා ඉස්කෝලෙ යන්න පටන් ගත්ත දවසෙ ඉදන් එයාගෙ අයියල දෙන්න මාලිකාව හැම දේකින්ම බෙර ගන්න ඉදිරිපත් උනා. එයාල මාලිකාට පුදුම විදියට ආද්‍රේ කලා. එයාල හැම වෙලාවෙම හිතුවෙ "මේ ඉන්නෙ අපේ පුංචි නංගි" කියල.
ඒක හන්දම කිසිම වෙලාවක මාලිකා එක්ක ආශ්‍රය කරන්න කොල්ලෙක් ආවෙ නෑ. මාලිකා වටෙම ඉදියෙ අයියල දෙන්නත් යෙහෙළියො ටිකත් විතරයි. ඒ හන්ද කොල්ලෙක්ගෙ හැසිරීම හැටියල මාලිකා වැඩිපුර පුරුදු වෙලා තිබුනෙ අයියලත්, තාත්තත් කරපු කියපු දේවල් විතරයි. ඒත් මාලිකාගෙ වෙනසක් දකින්න අම්මට ඕන කරල තිබුන. මොකද ඇත්දැකීම වලින් තොර ජීවිතයක සාර්තකත්වය කියන දේ රැදිල නැති බව එයා අත්දැකීමෙන් දන්න හන්ද. කොහොමත් ගුරුවරියක් වෙච්ච එයාට මාලිකාගෙ තාත්තට වඩා ගොඩක් දැනුම් තේරුම් තිව්න. මාලිකාගෙ තාත්ත වැඩිපුර දැනන් උන්නෙ එයාගෙ බිස්නස් වැඩ ගැන විතරයි. එයාගෙ අදහස උනේ පුත්තු දෙන්නවත් තමන්ගෙ ව්‍යාපාර වලට සම්බන්ද කරන් ඒව දියුනු කරන්න. ඒ හන්ද මාලිකාගෙ අයියලගෙ අද්‍යාපනේ ගැන එයා වැඩිපුර හිතුවෙ නෑ. එයාල දෙන්න ඉස්කෝලෙ ගියේ අම්මව තරහ කර ගන්න බැරි කමට. එයාලගෙ දඩබ්බර වැඩ වලට මාලිකාවත් සමහර විට ගාවගන්නෙ අයියල.
ඒ හන්දයි මාලිකාගෙ අම්ම මාලිකාව ටිකක් ඈත ඉස්කෝලකට මාරු කරන්න හිතුවෙ. මුලින්ම එයාල හිතුවෙ ඉස්කෝලෙ හොස්ටල් එකේ මාලිකාව නවත්තන්න. ඒත් මාලිකාගෙ තාත්ත ඒකට විරුද්ද උනා. එයා කැමති උනේ නෑ දූ දුක් විදිනව බලන්න. "ඕවය හරි හමන් කෑමක්වත් දෙන්නෙ නෑ" කියන් එයා තරහ ගත්තා. ඒත් එකපාරටම මාලිකාගෙ අම්මට එයා ඉදපු ඉස්කෝලෙක වැඩ කරපු අපේ නැන්දව මතක් උනා. කෝල් එකක් දීල බැලුවම නැන්ද මාලිකාවත් තමන්ගෙ ගෙදර නවත්තගන්න කැමති උනා. ඒ පුලුවන් කමකට නෙවෙයි. තමන්ගෙ යාලුව හන්ද බෑ කියන්න බැරි කමට. මුලින් හිතපු විදියට මාලිකාගෙ අම්ම තීරනේ වෙනස් කලේ ඒකයි. තාත්තත් ඒකට කැමති උනා.
අන්න ඒ නිසයි මාලිකා මෙතැන අද නාලකගෙ පොතකුත් කියව කියව වාඩිවෙලා ඉන්නෙ.......
------------------------------------------------------------------------------------------------------------
ඉතිරිය පසුවට.........
මම Tharuka
අද වැඩිපුර ටිකක් දාල වගේ :-)
ReplyDeleteබලමු බලමු.. ඉතිරි ටිකත් දාන්නකෝ..
ReplyDeleteඅන්න හරි එල එල
ReplyDeleteකමක් නැද්ද මන්දා ....
ReplyDelete