ටික දිනක් ගෙවී ගියේ මටත් නොදැනීමය. අක්කාගෙන් කිසිදු වෙනසක් නොවිණි. ඇය වෙනදා සේම විකාරයෙන් කල් ගත කලාය. එදින මට උපකාරක පන්ති තිබූ දිනයකි. මගේ මිතුරන් දෙදෙනාද මා සමගම ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට එක්වීම මගේ වාසනාවක් විය. උත්පලා ඈ තෝරාගත් ජීව විද්යා අංශයේ ගුණ වයමින් උන්නාය. මාගේ මිතුරන් දෙදෙනාත් සමග ක්ලාස් ඇරී පැමිණෙන අතරමගදී මට උත්පලා මුණගැසිණි. ඈ කුමකට හෝ නගරයට පැමිණ ඇත. මා ඈ අල්ලාගත්තේ පාර පැනීමට කහ ඉරක් අසල සිටියදීය. මා ආ බව නොදත් ඇය අල්ලා නවත්වා ගත්තෙමි. "කොහෙද මේ හවස් වෙලා යන්නෙ?" "ආහ්! දසිත්!" මිතුරන් දෙදෙනා මා දෙස බලා ඔවුනොවුන්ගේ මුහුණු බලා ගත්හ. "දසිත් පොඩ්ඩක් එනවද, ඔයාව හම්බුනේ වෙලාවට." මම මිතුරන් දෙස බැලීමි, ඔවුන් මා දෙස පුදුමයෙන් බලා සිටී. මම ඔවුන් අසලට ගොස් මෙසේ පැවසිමි. "මචන් ලකියා, මට දැන් එන්න වෙන් නෑ, උඹල පලයන්" "ඒ මොකෝ බං? මොකෝ උත්පලා කියන්නෙ?" "මොකද දන්නෙ නෑ බං! මම ගිහින්ම බලන්නම්. උඹල පලයන් අව්ලක් නෑ" "අහා! උඹල දෙන්න මොකටද දන් නෑ මේ පාර එන්න හදන්නෙ" "දසිත්!!!!!!!!! ඉක්...
විදවන ජීවිතය විදින්නත්, විදින ජීවිතේ ඵල නෙළා ගන්නත් අපි ඔබ සැමට මග කියා දෙන්නෙමු.