Skip to main content

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [17 කොටස]



සුලු මොහොතක් ගහ වූ තැන අක්කා චොක්ලට් කේක් පුරවන ලද පීරිසියක් සහ තේ ගෙනාවාය. මා අතටත් උත්පලා අතටත් සියතින්ම කෝප්පය බැගින් දුන් ඈ අතින් ගත් කේක් කෑල්ලක් හපමින් මහත් සතුටින් වාඩි වූවාය. උත්පලා මා දෙසත් කේක් දීසිය දෙසත් බලා පූසකු මෙන් සිටියාය, අනතුරුව එතන තිබූ ලොකුම කේක් පලුව අතින් ගෙන කෑවාය.
දෙවන වරටත් ඇගේ අත දිගු විය,
තෙවන................
සතරවන.............
දෙවියනි!!!!!!!!!!!!!
පස්වන වරටත්....................
තවත් ඇත්තේ එකම එකකි.........
ලැජ්ජා නැතිව එයද අතින් ගත් ඈ, ඈ දෙස ඇස් ලොකු කරගෙන, අතට ගත් තේ එකත් නොබී බලන් උන් අක්කා ඉදිරිපිටදීම එය මා අතට දුන්නාය.
මා ඈ දෙස බැලුවේ එවිටය,
ඇගේ මුහුන දුටු කෙනෙකුට සිනා නොවී සිටිය හැකිද?

දෙතොල් අටේම අඉසින් තැවරිලාය. මම සිනාවීමි. 

"මොකෝ හිනාවෙන්නෙ?"

අක්කා මහ හඩින් සිනහ වූවාය. ඇය පියවි ලෝකයට එන්නට ඇත්තේ දැන්ය. උත්පලා මා දෙසත් අක්කා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය,

"මොකද? අනේ කියන්නකෝ!"

මම තවත් සිනහ වී ඈ මට දිගු කල කේක් කැබැල්ල ගත්තෙමි.

අක්කා උත්පලාව නැගිටවා සිය කන්නාඩිය අසලට ගෙන ගොස් මුහුණ පෙන්වා බඩ අල්ලාගෙන සිනහ වූවාය. 

"අපොයි!!!"

කිවූ උත්පලා වහාම අපේ නාන කාමරයට වැදී දොරවසා ගත්තාය.

"ඔන්න බලහන් මල්ලියේ අද කාලෙ කෙල්ලන්ගෙ හැටි"

"ඒ මොකෝ?"

අතේ තිබූ කේක් කෑල්ල කමින් මම ඇසීමි.

"ඔය කෙල්ල බැදගත්තු මිනිහෙක්ට ඉතින් කේක් කවලම තමා පණ රැක ගන්න වෙන්නෙ"

අක්කා නැවත සිනහ වූවාය.
ඇත්තට! 
මට තුන් වේලටම කේක් කන්නට වේවිද?
විනාශයකි!
ඇත්තටම!

"අක්කෙ?"

"ඇයි?"

"විශාන් අයිය තරහ උනේ ඇත්තටමද?"

"පිස්සුද මල්ලී! ඒ කෑල්ල නම් බොරු"

උත්පලා දොර රෙද්ද මෑත් කරමින් කාමරයට ඇතුලු වූවාය. ඇගේ මුහුණ ලැජ්ජාවෙන් පිරී ඉතිරෙමින් තිබුනි. මා නිසා වනට ඇත.

"දැන් හරිද?"

"හ්ම්ම් හරි හරි"

"මොකෝ ඉතින් ඔහොම බලන්නෙ?"
ඈ හඩන්නට ආසන්නව මෙන් ඇසුවාය.

"අනේ නිකම් නිකම්"
අක්කා ඈ සැනසුවාය.

"ඒක නෙවී මල්ලි, මන් මේ සතියෙ සිකුරාද යනව අර ෆිල්ම් එක බලන්න"

"මොන ෆිල්ම් එකද?" 
මම ඇසීමි. 
ගෙදරට මා ඇරන් එන එව්වා හැරුණු කොට මා වැඩිය ෆිල්ම් හෝල් ගානේ රස්තියාදු වී නොමැත. අක්කාද එසේමය.

"අර අලුතින් ආවෙ, Yaariyan කියල Hindi film එකක්"

මම ඒ ගැන අසා ඇත්තෙමි, ජනවාරි මාසයේ දෙවැනි සතියේ ප්‍රසිද්ද කෙරුණු එය ඇත්තෙන්ම බොලද ආදර කතාවක් නොවේ. එහෙත් එහි ඇත්තේ ආදරයට පෙරළුනු යාලුකම ගැන නොවේද?
(කියවන්නනි ඔබ එය නරඹා නැත්නම් පහල ඇති වීඩියෝවෙන් එහි Trailer එක බලන්න.)

"ශහ් මරුනේ! ඒත් තනියම මොකෝ?"

"කව්ද තනියම යන කතාවක් කිව්වෙ"
අක්ක ඇසක් වසා ඉගි කලාය. 
ඇයට ෆිල්ම් එක බලන්න ඕන නම් මා ලවා එය ගෙන්නන්නවාට සැක නැත. 
ඈ යන්නෙ ලව් කිරීමටය.

"හ්ම්ම් හ්ම්ම් ගිහින් එන්නකො එහෙනම්. ඉතින් ඇයි ඕක අපිට කිව්වෙ"

"ඕන නම් ඔයත් එන්න මල්ලි"

"මම?"

මොකක්? ලෝකයේ අතාත්වික යතාර්තය නම් මේ යැයි මට සැක නැතිව කිව හැකිය. 
ලව් කරන තැනට මල්ලිලාට කතා කරන්නේ මොන අක්කාද?

"ඔව්, කැමති නම් එන්න. විශාන්ටත් මම කිව්ව් ඔයා එක්ක එනව කියල. කමක් නෑ මරු කිව්වෙ"

මම උත්පලා දෙස බැලුවෙමි. ඈ ජනේලයෙන් ඉවත බලා සිටී. ඈට එන්නට අයිතියක් නැත.
තවමත් ඈ පවුලේ අයකු නොවේ!!!
එහෙත්,
මදක් ඉන්න!
ඈ මගේ යැයි මම පැවසුවා නොවේද?

"උත්පලා"

"හ්ම්ම්"

"ඔයා එන්නෙ නැද්ද?"

"මම එන එක හරි නෑ දසිත්.නේද අක්කෙ? අනික මම හින්දි වලට ආසම නෑ"

ඈ කීවේ බොරුවකි. 
ඈ නෝeන්නේ අනාරාදනය නිසාය.

"ඒක නේංනම්....."

අක්කා කීවාය.

"ඔයාව අමතකම උනානේ. ඔයා එන්නම ඕන නංගි"

ඇගේ මුහුනේ සිනා මලක් පිපුණි.
මා දෙස බැලූ ඈ හිස වනා කැමැත්ත පල කලාය. 
අනතුරුව නැවත් කවුලුවෙන් ඉවත බලා ගත්තාය.

ඈ කල්පනා කරන්නේ කුමක්ද?


---------------------------------------------------------------------------------



---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.......................

---------------------------------------------------------------------------------

Comments

  1. supiri.... digatama liyanna..
    Meeta wada diga kotas daanna

    ReplyDelete
  2. දැන් නම් කතාවෙ හොඳම හරියට ඇවිත් වගේ :)

    ReplyDelete

Post a Comment