Skip to main content

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [නව වැනි කොටස]





කස්ටියම වල්පල් කතා කර කර ඉන්න ගමන් බෙල් එකත් ගැහුව කියමුකෝ. ඒක හන්ද තවත් වැඩි වෙලාවක් එතන ඉන්න වෙන් නැත් බව නාලකට තේරුනා.

" හප්පා ගාතා කියන්න බෑ බං" සාරංග කිව්වෙ කැන්ටිමේ බිත්තියට හේත්තු වෙන ගමන්. "අද කොහේ හරි පන්තියකටවත් රින්ග ගමු"

"ඕන එකක්" මලිත් කිව්ව. "නාලක මොකෝ කියන්නෙ?"

වෙනදා නම් නාලකත් බෑ කියන්නෙ නෑ. ඒත් අද නම් නාලකගෙ මූනෙ අමුත්තක් තිව්න.

"අද නම් බෑ මචන්. මම නැවතිලා ඉන්න ගෙදර නැන්ද අද ඉස්කෝලෙ එනව." නාලක කිව්ව.

"ඒ මොකෝ?" සාරංග ආයෙ ඇහුව "මොකවත් සීන් එකක් ගිහින්ද?"

"නෑ බන්" නාලක උත්තර බැන්ද. "අපේ ගෙදෙට්ට ආව තව ලමයෙක් නවතින්න, එයාව ඉස්කෝලෙට බාරදෙන්න එනව"

"අම්මට උඩු, කව්ද බන් ඒ" මලිත් ඇහුව. "අපේ සෙට් එකෙට තවත් එකෙක් වගේ"

"නෑ නෑ බන්" පැහැදිලි කිරීම නාලකගෙ. "කෙල්ලෙක්"

"කෙල්ලෙක්?"

සාරංග වගේම මලිතුත් හිනා උනා. උන් දෙන්නග මූනු වලින් නම් මොකක් වත් තේරුනේ නැති බවකුයි පෙණුනේ. හිතුව වගේම සාරංග මෙහෙම ඇහුව.

"මට නම් තේරුනේ නෑ බන්?"

නාලක සියලුම විස්තරේ උන් දෙන්නට කිව්ව.

ඒත් නාලක බලාපොරොත්තු වෙච්ච පුදුමය නම් උන්ගෙ මූනු වල තිබුනෙ නෑ.

"අද ඒකි එනවද අපේ ඉස්කෝලෙටෙ?" මලිත් ඇහුව. "අපේ පන්තියටම ඒවිද?"

ඒක නම් මාත් දැනන් ඉදියෙ නෑ. ඒත් නාලක දුන්නෙ මෙහෙම උත්තරයක්.

"ඒක නම් සුවර් නෑ බන්, අපේ පන්තියෙ ළමයි අඩු උනාට අලුතෙන් එන අයව මේකට දාන්නෙ නෑ."

"ඒ මොකෝබන්?" ඒ සාරංගගෙ කට හඩ.

"ඇයි යකෝ ඔය මිස්ල, සර්ල හැම වෙලාවෙම කියන්නෙ එයාල වසර ** ගුරු ජීවිතේ දැකපු නරකම පන්තිය අපේ එක කියල."

(ඒ කතාවට නම් මටත් අතීතෙ මතක් උනා.) ඒ එක්කම පන්ති බාර අසංක සර් කැන්ටිමෙන් එළියට ආව.

"ආ මේ ලමයි මොකෝ මෙතැන?" එයා ඇහුවෙ අතේ තිබුන පොත් ටික හරිගස්සන ගමන්. "යනවලා ගාත කියන තැනට"

"හරි හරි සර් මේ යනව" සාරංග එහෙම කියල නාලකවයි, මලිත්වයි ඇදගෙන එතැනින් මාරු උනා

------------------------------------------------------------------------------------------------------------


පළවෙනි පීරියඩ් එක නම් තිබ්බෙ ඉතිහාසෙ. මොකද පන්ති බාර අසංක සර් ඉගැන්නුවෙ ඉතිහාසෙ හන්ද.

කවදාවත් පාඩම කරන්න තියෙන කාලෙ තත්පරයක්වත් මග අරින්න කැමති නැති ගුරුවරයෙක් හැටියට නම් තියපු අසංක සර් වෙනද වාගෙම  පන්තියට එන්නත් කලින් පාඩම පටන් ගත්තා.

ඒත් වැඩි වෙලාවක් පාඩම කරන්න නම් හම්බ උනේ නෑ මොකද වයිස් ප්‍රින්සිපල් මැඩම් පන්තියෙ දොර ගාවට ප්‍රාදූර්භූත උන හන්ද. එයාට පිටිපස්සෙන් පුංචි ගෑනු ළමයෙකුගෙ රූපෙකුත් මතු උනේ හෙමීට්.

"අසංක සර්" මැඩම් ටිකක් ගාම්භීර කටහඩින් කතා කලා. පන්තියෙ ළමයි නැගිටල ආයුබෝවන් කිව්ව. නැත්නම් ඒ ගැන වෙනම පාඩමක් උනත් කියල දෙන්න මැඩම් සූදානම් බව දන්න හන්ද. ඒ වගේම් පන්තියෙ ඉදියෙ පිස්සො ටිකක් උනාට උන් කාට කාටත් සිරිත් විරිත් වලට ගරු කරන ගතියක් පිහිටල තිව්න හන්ද. හොදට ඉගෙන ගන්න ව කියල නම් දරාපු උන් එහෙම නැති බව මමත් අත්දැකීමෙන් දන්නව.


සර් පඩම නවත්තල දොර දිහාවෙ බැලුව.

"අසංක සර්ගෙ පන්තියට අලුත් ළමයෙක්" මැඩම් කීව. ඊට පස්සෙ පිටිපස්ස හැරිල අර කෙල්ල දිහා බැලුව. "මේකයි ඔයාගෙ පන්තිය, හොදට වැඩ කර්න් යන්ට ඕන. මොකක්ද නම කිව්වෙ?"

"මාලිකා, මැඩම්" අර කෙල්ල චූටි සද්දෙකින් මැඩම්ට කෙදිරුව.

"එහෙනං යන්ඩකො පන්තියට"

මැඩම් එතැනින් පියත් උනා. ඊට ටිකකට පස්සෙ එහා පන්තියෙ අතුගාල නෑ කියල බණිනවත් යාන්තමට වාගෙ ඇහුන.



"ආ එන්න දුව ඇතුලට" අසංක සර් දොර දිහාවට අත දික් කරල මාලිකාට කතා කලා.

"ඔන්න ලමයිනේ අලුත් යාලුවෙක් පන්තියට ආව. " පන්තිය දිහා බලල එහෙම කීව සර් මාලිකා දිහා බලල මෙහෙම කිව්ව.

"හොදයි ඔයා ගැන විස්තර ටිකක් කියන්නකො පන්තියෙ අනිත් අයට"

සර් මාලිකාව පන්තිය ඉස්සරහට ගෙන්නුව.

මාලිකා අහිංසක විදියට සර් දිහා බැලුව. එයාගෙ ලස්සන මූන ටිකෙන් ටික රෝස පාට උනා. ලැජ්ජාවෙ බෑ. මාලිකාට එහෙම හිතෙන්න ඇති. හෙමීට බිම බලන් තිව්න ඇස් දෙක උස්සල පන්තිය දිහාට යොමු කරපු මාලිකාට මුලුන්ම පෙණුනෙ කට කොණකට පොඩි හිනාවක් දාන් ඉන්න නාලකව.

රෝස පාට වෙලා ඉදපු මාලිකාගෙ මූන රතු පාටට හැරුනා.

------------------------------------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට ..................

කලින් කොටස් මෙතැනින් බලන්න

Comments

  1. අපේ පන්තියෙත් ඔයවගේම උන් හිටිය හැබැයි ඔහොම කෙල්ලෝ නම් දැක්කේ නෑ.

    ReplyDelete

Post a Comment