Skip to main content

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [ එකොලොස්වැනි කොටස ]





"ඕව එයා දන්නෙ නෑ" නාලක කිව්වෙ පාරෙ තියෙන ගල් කැටේකට පයින් ගහල. 

"එයා දන්නෙ මම හොදට වැඩ කටයුතු කරන්න ඉන්නව කියල"


"ඇත්තට?" 

මාලිකා කීවෙ ඇස් ලොකු කරල.

 "ළමය ගෙදර පාඩම් කරපු හැටියට නම් මම හිතුවෙත් එහෙම තමයි."


නාලක හිනා උනා. ඒක නම් ඇත්ත තමයි. නාලක කවදාවත් ඉස්කෝලෙන් හොද විදියට යමක් ඉගෙන ගත්තෙ නෑ. ඒත් එයා නෝට් එක නම් හරියටම ලියා ගත්තා. ගෙදර ඇවිත් පාඩම් කලා. ඒක හන්ද ඉස්කෝලෙ අයට නාලක කියන්නෙ ටිකක් සෙල්ලක්කාර කොල්ලෙක්. ඒත් ගෙදරට එයා බොහොම හොද වැඩකාරයෙක්. ඔය දෙකේ වෙනස බලන්න කවදාවත් නැන්දට නාලක ඉඩ දුන්නෙ නෑ. මොකද එය දැනන් හිටියා තමන්ට තමන්ගෙ ඉලක්කයට යන්න මේ කරන ප්‍රමානය හොදටම ප්‍රමානවත් විත්තිය.


මාලිකා නාලක දිහා බැලුව. ඒත් නාලක කල්පනා කරන්නෙ මොනා ගැනද කියන්න නම් එයා දැනන් ඉදියෙ නෑ. 


"මොකෝ?" මාලිකා නාලක දිහා බලල ඇහුව.


"මුකුත් නෑ"  නාලක එහෙම කිව්වත් එයාට මාලිකා ගැන ඇතිවුනේ සැකයක්. මේකි ගිහින් ඉස්කෝලෙ වෙච්ච දේවල් නැන්දට කිවොත් එහෙම. විනාසයි. කවදාවත් වැරැද්දක් නොකරපු හොදම හොද නාලක එකපාරටම පන්තියෙදි දඩුවම් විදලා. නැන්දට මොනා හිතෙයිද?


"මාලිකා...." නාලක කිව්ව. "පොරොන්දු වෙන්න ඕන ඔයා අද ඉදන් ඉස්කෝලෙ වෙන දේවල් නැන්දට නොකිය ඉන්න. ඔයාට වෙන දේවල් නෙවේ. මට වෙන දේවල්."


"ඈ......" මාලිකා රතු පාට උනා. "හැමදාම ඔය වගේ දේවල් වෙනවද?"


එයා ඇහුවෙ පුදුමෙන්. මොකද මේව මහා දඩුවම් හැටියටයි එයා හිතන් ඉදියෙ. ඒත් නාලක නම් ඒක එච්චර ගනන් ගත්ත බවක් පෙනුනෙ නෑ...


"හැමදාමමත් නෙවෙයි.." නාලක පොඩි ලැජ්ජාවකින් ඇඹරුනා වගේ පෙනුන. "ඒත් ගොඩක් වෙලාවට වෙනව"


"මට නම් ඕව පොරොන්දු වෙන්න බෑ ඔන්න" ගේ පේන මානෙටම ඇවිත් මාලිකා උත්තර දුන්නෙ පොඩ්ඩක් කල්පනා එහෙමත් කරල.


"අනේ" නාලක පින්සෙන්ඩු උනා. "එහෙම කරන්න එපා"


"මට නම් බෑ"


"නපුරි" නාලකට තරහ ගියා.


මාලිකා ටිකක් අමුතු විදියෙ විකාර හිනාවක් මූනට දාගෙන නාලකට ඔරවල ගේ ඇතුලට ගියා.


 නාලකට පොඩි අමුත්තක් දැනුන. තමන් කලින් දැකල, කතා කරන තියෙන අයට වඩා මුන්දැ වෙනස්. මොකද කියලනම් දන්නෙ නෑ. නාලක ආශ්‍රය කරල තියෙන හැම කොල්ලට, කෙල්ලටම වඩා මාලිකා ගොඩාක් වෙනස්. නැත්නම් ඉස්කෝලෙ වෙන හැම දේම ගිදර ගොහින් කියල තමන්ගෙ යාලුවො පාවා දෙන්නෙ නෑ නේ. නාලකට නම් හිතුනෙ එහෙමයි. දැනට නම් මට හිතෙන්නෙත් එහෙම තමා.


නාලක තමන්ගෙ කාමරේට ගිහින් දොර වහල බාත්‍රූම් එකෙන් නා ගත්තා. ඔය ඔක්කොම දේවල් කරල ඉවර වෙලා පහලට බැස්සම තමයි නාලක දැක්කේ නැන්දයි මාලිකයි කෑම මේසෙට වාඩි වෙලා නාලක එනකම් බලන් උන්න බව.


නාලකට වැඩේ තේරුනා. මේකි ඔක්කොම කියන නැන්දට. නැත්නම් නැන්ද් කවදාවත් නාලක එනකම් ඉන්නෙ නෑ. ඔය බලන් ඉන්නෙ මගෙන් ඔය ගැන අහන්න වෙන්න ඇති. මොනාද දැන් කියන්නෙ....


දහසක් උත්තර හිතට ගලාගෙන ආව. ඒත් කියන්න තාම ඉක්මන් වැඩිනෙ. ඒ හන්ද නාලකත් කෑම මේසෙට වාඩි වෙලා පිගානට කෑම බෙදා ගත්තා. 


"නාලක පුතා අද මාර වැඩක්නෙ කරල තියෙන්නෙ" නැන්ද කිව්වෙ විමසිලිවත්ව නාලක දිහා බලල. 


"හෑ ... මේ ....... මේ මොක්.... මොකක්ද නැන්දේ" නාලක යාන්තමින් වචන ගැටගහ ගත්තා.


"මට මාලිකා දූ ඔක්කොම විස්තරේ කිව්ව" 

නැන්ද කිව්වෙ මාලිකා දිහත් බලල. නාලක බයෙන් වගේ නැන්ද දිහා බලල මාලිකා දිහා බැලුව. බත් පිගාන දිහා බලන් රෝස මලක් වගේ හිනාවෙන මාලිකාගෙ හිනාවෙ තේරුම නාලකට තේරුනේ නෑ. 


"මො.... මො..... මොන ව ගැනද නැන්දේ?"

 නාලක ඊට පස්සෙ ඇහුව.


"ඇයි නාලක පුතා  ඔයා ලියපු රචනාවක් ඉන්ග්‍රීසි දිස්ත්‍රික් තරග වලින් දිනල කිව්ව. අද ඔයාලගෙ ඉන්ග්‍රීසි මිස් ඔයාව පන්තියෙ ඉස්සරහට ගෙන්නල විශ් කලාලු නේ......."


නැන්ද බොහොම සතුටින් කිව්ව.


"අපිටත් කොච්චර සතුටුද ඉතින්. කෝ ඔයා එහෙම එකක් කියපු බව නිකමටවත් මට කිවෙ නෑ නෙ. මාලිකා දූ කියනකම් මම දැනන් ඉදියෙ නෑ එහෙම එකක්. අඩුගානෙ ඔයා ඔච්චර හොදට රචනා ලියන්න දන්න බව වත්."


නාලකට දෙලොව රත් උනා..
------------------------------------------------------------------------------------------------------------


ඉතිරිය පසුවට.....


යාලුවනේ කතාව සතියකට සැරයක් අනිවා දානවා. ඒ ගැන සැකයක් හිතන්න එපා. ඒ වගේම අපි පුංචියට පටන් ගත්ත මේ බ්ලොග් එක මේ මාස 6 තුල 30,000 දෙනා බලල තියෙනව. ඒ ගැන මට අව්ංකවම සතුටුයි. හැමෝටම ජයවේවා.................


Comments

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

ලැප් එකක් ගන්න රත්නපුර ටවුම වටේ.

                    ඔන්න යාළුවනේ මම අද ලියන්න   හදන්නේ   පොඩ්ඩක් වෙනස් දෙයක්.ඒ තමා මං කොල්ල ලැප් එකක් ගන්න ගිහින් වෙච්ච සිද්ධි.                      මං කොල්ලත් විභාහගේ ගොඩ දාගත්ත හින්දා   ගෙදරින් අරං දුන්න ලැප් එකක්.මේක අරං දුන්න කිවුවොත් ටිකක් විතර වැරදි.ඇත්තටම හරි දේ   අඩාල අඩාල ඉල්ලා ගත්තා කියන එක.මෙහෙම කියන්නත් පුළුවන් බැන බැන අරං දුන්නා.එහෙමත් හරි. ඔන්න කොහොම හරි ඉතින් මේ ලැප් රාජයා ගන්න ගියේ අපේ පියත් එක්ක.උදේ කඩ අරින වෙලාවටම ගිහිල්ලා රත්නපුරේ තිබුන කඩ ඔක්කොටම ගියා ලැප් බලන්න.ලැප් වල ගන්න අහන කොට මට නිකන් කලාන්තේ   වගේ.අම්ම සල්ලි දුන්නේ 40,000.එක යන්තමින් 65,000 කරගත්තා.කඩ වලට ගියහම ඉතින් i3 එකක් 73,000 එහා තමා ගන්න කියන්නේ.ඕනා ඉතින්   එක නිසා ලියනවා 65,000 i3 ලැපක් හොයාගත්ත හැටි.                         ඔන්න ඉතින් ඉස්සෙලම ගිය කඩේ ගැන කියන්නම්.එක ටිකක් ප්‍රරසිද්ධ   කඩයක්.ලංකාවේ හැම තැනම තියනවා.අර මේදවස් වල රුප පෙට්ටියේ දැන්වීමක් හෙම දාන්නේ එගොලන්ගෙයි අනික් අයගෙයි මිල ගණන් සසදන්න කියලා.ඕක බලාලා මාත් ගියා ඉතින් සසදන්න කියලා ඈ.ගියාටත් පාඩුයි එහෙන්ට මොකෝ කියන්නේ මම හොය