මාලිකාගෙ හිත බයෙන් ගැහුනත් ඕන දෙයක් වෙච්චාවෙ කියල හිත හදන් එයා ඉන්ටවිව් රූම් එකේ දොර ඇරිය. ඇතුලට ගිහින් වටපිට බැලුව. අන්තිමට ඉන්ටවිව් එකට ආපු මෙයා දිහාවෙ එතැන හිටපු හතර දෙනාම බැලුවෙ ඕනැවට එපාවට වාගෙ. මාලිකා දැකපු අර කලින් ගිය කොල්ලත් එතැන වාඩිවෙලා හිටිය. මාලිකා දිහා බලපු එතැන ඉදිය ටිකක් මැදිවියේ කෙනා "මිස්, ප්ලීස් ටේක් අ සීට්" කිව්ව. මාලිකත් බෝම අමාරුවෙන් ස්තූති කරල ඉස්සරහ තිබුන පුටුවෙන් වාඩි උනා. අර කොල්ල දිහා බැලුවත් එයා බිම බලන් මොකක්දෝ ලියනව, ඔලුව උස්සලවත් බැලුවෙ නෑ. ආඩම්බරකම! මාලිකාට හිතුන. "හොදයි, ඔය මිස්ගෙ ක්වලිෆිකේශන් මොනවද? කෝ දෙන්න බලන්න සෙටිෆිකේට්ස්" ඒ පාර කිව්වෙ එතැන හිටපු ගැහැනු කෙනා. ටිකක් වයස දරදඩු චරිතයක් වගේ මාලිකා එයාව දැක්කෙ. එයා ඉක්මනට තමන් අතේ තිබුන ෆයිල් එක මේසෙ උඩින් තිබ්බ. ටිකක් වෙලා ඒ දිහා බලපු ඒ ගෑනු කෙනා මාලිකා දිහාවෙ ආයෙම බලල ඇප්ලිකේශන් එකේ මාර්ක්ස් තීරුවෙ මොකක්දෝ සටහන් කලා. ඊට පස්සෙ ෆයිල් එක එතැන ඉදපු අනිත් පිරිමි දෙන්නට දුන්න. "හොදයි දරුවා, කියන්න අපිට ඔයා බලාපොරොත්තු වෙන සැලරි එක?" ඒ ගෑනු කෙනා ඇහුව. ...
විදවන ජීවිතය විදින්නත්, විදින ජීවිතේ ඵල නෙළා ගන්නත් අපි ඔබ සැමට මග කියා දෙන්නෙමු.