Skip to main content

"දෙයියනේ මට ඔයාට ලව් කරන්න හිතෙනවා මේ කරන උදව් වලට" - මත් මල් :: නවකතාව [26 කොටස]



"මොකක්ද මේ?"

නාලක ඇහුවෙ පුදුමෙන් වගේ. ලියුම් කවරෙත් අතේ තියන් එයා බලන් හිටියෙ කාගෙන් හරි උදව්වක් බලා පොරොත්තුවෙන් වගේ. ඇත්තටම මේ මොකක්ද කියල එයාට තෙරුනේ නෑ.

සරංගත් ශානිකත් ටිකක් මෝඩ හිනාවක් දැම්මා. සාරංග මෙහෙම කිව්ව.

"ඇරල බලපන්කො"

කිව්වත් වගේ නාලක ලියුම් කවරෙ ඇරල ඇතුලෙ තිබුන ලස්සන කාඩ් එකක් එළියට ගත්ත. වෙඩින් ඉන්විටේශන් එකක්? ඒක දිග ඇරියට පස්සෙ තමා නාලක උපහාසෙන් වගේ සාරංග දිහා බැලුවෙ.

"මම දැනන් හිටීයෙවත් නෑ නෙ"

"අපොයි ඔයා බබා" ශානික කිව්වෙ බිම බලාගෙන ලැජ්ජාවෙන් වාගෙ. 

"ඇත්තමයි මේක මෙච්චර දුර යයි කියල මම හිතුවෙ නෑ"

"අපිත් හිතුවෙ නෑ නාලක" සාරංගත් උත්තර දුන්න.

"කවද්ද ඔය දෙන්නගෙ වෙඩින් එක?"

කාඩ් එකේ තිබුනත් නාලක ඇහුවෙ ඒක දැක්කෙ නෑ වගේ.

"ලබන මාසෙ විසි එක. ඔන්න ඔයා එන්නම ඕන. අපේ කට්ටියම ඒවි"

"නෑවිත් කොහොමද ඉතිං" නාලක හිනා උනා. 

ඒත් එක්කම වගේ ඉස්කෝලෙ බෙල් එක වදිනව ඇහුන. ඉස්කෝලෙ ඇරිල. මෙලෝ සිහියක් නැතිව හිටපු යාලුවො තුන් දෙනාට ගාතා කියනව වත් ඇහුනෙ නෑ. ඒත් එක්කම ශානිකා මොනවදෝ මතක් උනා වගේ සාරංග දිහා බලලා මොනාදෝ කිව්වා. සාරංග හිනා උනා. ඊට පස්සෙ සුරංගි මිස්ට මොකක්දෝ කිව්ව. එයා බෑග් එකත් අරන් දෙන්නට අත වනල ස්ටාෆ් රූම් එකෙන් එළියට ගියා.

"එහෙනම් ආයෙ හම්බ වෙමු" නාලක කිව්වෙ නැගිටින ගමන්. 
"උඹලව දැක්ක එකත් ලොකු දෙයක්"

"දැන්ම යනවද? අපේ ගෙදෙට්ටත් ගිහින් යමු" සාරංග කිව්ව. ඒත් නාලක ඔලුව වැනුව.

"බෑ මචන් අනිද්ද උදේම කොළඹ යන්නත් තියෙනව. මම දැන් යන්නම්. ශානි මං යනෝ"

"හොදයි නාලක පරිසමින්"

නාලක ඒ දෙන්නගෙන් සමු අරන් ආයෙම ඉස්කෝලෙන් එළියට ආව. වාහනේ ගම පැත්තට හරවන් ටික දුරක් යනකොටයි එයාට පොඩි කාලෙ හිටෞ බෝඩිමයි නැන්දවයි මතක් උනේ. ඉස්කෝලෙ පෞ වෙච්ච ගමන්ම වාහනේ හරවපු  නාලක අර ඉස්සර තිබුන පාලු ලස්සන පාරෙන් ගිහින් නැන්දගෙ ගෙදර ළග වාහනේ නතර කලා.

ගේ පැත්තෙන් සද්දයක් නෑ. ඒත් නැන්ද වෙන කොහේ යන්නද කියල හිතපු නාලක ගේට්ටුවට තට්ටු කලා. ටිකක් එලා ගියා. සද්දයක් නෑ. ආයෙම ගේට්ටුවට තට්ටු කලා. ටිකකින් කව්දෝ එනව ඇහුන. ගේට්ටුවෙ ලිහිල් අගුලත් අරිනව ඇඋන. නාලක නැන්දව පුදුමෙට පත් කරන්න හිතන් බලාගෙන් හිටිය. 

නාලක කාව දකින්න බලාපොරොත්තු උනත් දොර ඇරියෙ ඒ එක්කෙනෙක්වත් නෙවෙයි. නාලක එයා දිහාවෙත් එයා නාලක දිහාවෙත් බලන් හිටියෙ මහා පුදුමෙකින්. 

"සුරංගි මිස්?"

"අහ්! ඔයා ශානිගෙ යාලුව නේ? නාලක නේද?"

"අපොයි ඔව්"

"මොකද මෙහෙ ආවෙ?"

"මම ආවෙ මෙහෙ නැන්දව බලල යන්න. කෝ එයා ඉන්නවද?"

"කාන්ති නැන්ද්ද? ඉන්නව. එන්නකො ඇතුලට"

සුරංගි ගේට්ටුව ගාවින් ඈත් උනා. නාලක ඇතුලට ආව. ඉස්සර වගේම උඩ තට්ටුව දිහත් පහළ තට්ටුව දිහත් බැලුව. සුපුරුදු හැගීමක් දැනුන නිසා හොද හුස්මකුත් ගත්ත.

"කව්ද දුවේ?"

ගේ ඇතුලින් සද්දයක් ඇහුන. ඉස්සර වගේම ප්‍රානවත්. ආදරේ පිරිල තිබුන කටහඩක්. 

"නැන්දව අදුරන කෙනෙක්ලු"

සුරංගි ටිකක් සද්දෙන් කිව්වෙ නාලක දිහා බලල හිනා වෙලා. ඊට පස්සෙ නාලක දිහා බලල 

"යමු ඇතුලට කිව්ව"

නාලක සුරංගි පස්සෙන් ඇතුලට ගියා.

වෙනද වගේමයි. ඇතුලෙ කිසිම වෙනසක් නෑ. 

"කව්ද දුවේ?"
කියාගෙන නැන්ද එළියට ආව කුස්සියෙන්. නාලක දැකල එයාගෙ අතේ තිබුන අත පිහිදන රෙදි කෑල්ලත් බිම වැටුන. ඇස් දෙක පුදුමෙන් මහත් උනා.

"න න නාලක පුතා?"

"ඔව් නැන්දෙ අදුරගන්න බැරිද මාව"

"අපොයි මොකෝ මට බැරි" නැන්ද කිව්වෙ ගොඩක් සතුටින් කියල නාලකට තේරුනා. එයා නැන්ද ළගට ගිහිල්ල දණ ගහල වැන්ද.

"වාඩිවෙන්න නාලක. මම තේ ටිකක් හදන්නම්"
කියපු සුරංගි කුස්සියට ගියේ කාලෙකින් හමු උන දෙන්නට ටිකක් කතා කරන දෙන්නත් ඕන හන්ද.

"ඉතින් නාලක පුතේ. ගොඩ කාලෙකින් දැක්කෙ"

"මම දැන් මෙහෙ වැඩිය නෑ නැන්දෙ. කොලඹ ඉන්නෙ. අද මේ ගමේ ය්න ගමන් නැන්දවත් බලල යන්න කියලයි ආවෙ. ඊට කලින් ඉස්කෝලෙටත් ගියා. සුරංගිව හම්බ උනේ එහෙදි."

"අහ්! එහෙමද කොහොම උනත් පුතේ ආපු එක නම් ලොකු දෙයක්. දැන් මගෙ තනියට ඉන්නෙ ඔය සුරංගි ළමය විතරයි."

එකපාරටම මොකක්දෝ මතක් උනා වගේ නැන්ද නැගිට්ට. 

"නාලක පුතේ විනාඩි පහක් ඉන්නවද. මම මාලුවක් ලිපේ තියල ආවෙ. ඒකට මොනා වෙලාද මන්ද. පොඩ්ඩක් බලල එන්නම්"

නැන්ද ආයෙම කුස්සියට ගියා. ඒ අතරෙ නාලක වටපිට බැලුව. ගෙදර පුරාම බැලුව. මාලිකාව මතක් උනා. පුටුවෙන් නැගිටපු එයා මාලිකා ඒ කාලෙ හිටපු කාමරේ දැන් ඉන්නෙ සුරංගි මිස්. ඒ නිස ඇතුලට යන එක හොද නෑ කියල එයා හිතුව. තමන් හිටපු කාමරේ බලන්න ආසාවක් ආපු නිසා නාලක උඩතට්ටුවට ගියා. කාමරේ ලොක් කරල තිබුනෙ නෑ. ඉස්සර තිබුන් සුපුරුදෙ සුවද ආයෙමත් නාලකට දැනෙන්න පටන් ගත්තා.

නැන්ද නාලකව හොයාගෙන සුරංගිත් එක්ක උඩ තට්ටුවට ආවෙ නාලක වෙනුවෙන් හදාපු තේ එකත් අරගෙන. මේ මහ දවාලෙ මොන තේ ද? ඒත් නාලක හොයන් එද්දි නාලක හිටියෙ පුරුදු විදියටම එයාගෙ කාමරේ ජනේලෙන් පිටිපස්සෙ ගාඩ්න් එක දිහා බලාගෙන.

"නාලක පුතා. තේ බීල ඉන්නකො"

නැන්දගෙ සද්දෙට නාලක තිගැස්සුනා. එයා හිටියෙ ලොකු කල්පනාවක කියල නැන්දට තේරුනා. ඉස්සර ඇදේ වාඩි උන නාලක ස්තුති කරල තේ එක අතට ගත්ත. 

"නැන්දෙ කෝ දැන් මාලිකා?"

පරක්කු වෙලා හරි නාලක ඔය ප්‍රශ්නෙ අහන බව නැන්ද දැනගෙනයි හිටියෙ. ඒ නිසා එයා පුදුම උනේ නෑ. 

"නාලක පුතේ දැන් එයා ගැන හොයන්නෙ මොකටද? මතකනෙ එයා හන්ද වෙච්ච දේ. අපි කවූත් හිතුවෙ ඔයාට ලොකුවට අමාරු වෙයි කියල. දොස්තරල පවා."

නාලක බිම බලා ගත්ත. ඇත්තටම ඒ මොනව උනත් මාලිකාව අමතක කරන්න නාලකට කවදාවත් පුලුවන් උනේ නෑ. වැඩියම එයා පරණ යාලුවන්ව හම්බ වෙන්න ගියේ මාලිකා ගැන තොරතුරක් දැන ගන්න. 

"මට එයාව අමතක කරන්න බෑ නැන්දෙ. මම එයාට පොරොන්දු උනා ඒක"

"හ්ම්ම්ම්ම්" නැන්ද සුසුමක් හෙළුව. 

"මම ඕක හොදට අදුරනව දරුවෝ. ඒත් මාලිකා ළමය දැන් රස්සාවක් හොයනව කියල ආරංචියි. දැන් ඉස්සර වගේ එයාලයි හයිකාරකම් නෑ. අර පොඩි කොල්ලගෙ වැඩ හන්ද එයාලගෙ වියාපාරත් බ\කොලොත් වගේ. තාත්ත තාම ජීවත් වෙන නිසා ඒව වහල දාන්නෙ නැතුව කරගෙන යනව. ඒත් බොහොම අමාරුයිලු. "

"ඉතින්"

"කල වයසත් හරි නිසා ඒ දරුව දීග දෙන්න කල්පනා කලත් එන එක යෝජනාවකටවත් ඒ ළමය කැමති වෙලා නෑ. ආදායමකුත් නැති හන්ද දැන් රස්සාවක් කරන්න යන්න හදනවලු"

නාලක බිම බ්ලා ගත්ත. නැන්ද අත් දෙක පිහිදල ආයෙම පහළට යන්න ලෑස්ති උනා. 

"මම කුස්සියට ගිහින් එන්නම් පුතේ. බත් එක රොස් වෙලාද දන්නෙ නෑ මෙලාකට. සුරංගි දූ නාලක පුතා තේ එක බීල ඉවර උනාම ඒක පහළ්ට ඇරන් එන්න."

සුරංගි ඔලුව වැනුව. නාලක ජනේලෙන් ඈත බලාගත්ත. නැන්ද පිට උනා. නැන්ද ගිහින් ටික වෙලාවකට පස්සෙ සුරංගි මෙහෙම කිව්ව.

"නාලක, නැන්ද මට ඔක්කොම දේවල් කිව්ව"

"ඇත්තද?"

"ඔව්! පව් මාලිකාව මම පුංචි කාලෙ හිටන් දන්නව්. තාමත් අදුරනව. මමත් එයාලගෙ ගමේ කෙනෙක් තමයි"

"එහෙමද" නාලක සුරංගි දිහා බලල හිනා උනා.

නාලක ටිකක් දුකින් ඉන්න බව සුරංගිට තේරුනා. එයා නාලක දිහා බලල මෙහෙම කිව්ව.

"මම ඔයාලට මීට් වෙන්න විදියක් හරිගස්සන්නද?"

"සුරංගි????"

නාලක හිටපු තැනින් නැගිට්ට නෙවෙයි නැගිට්ටුනා. 

"ඇත්තමද ඔයා කිව්වෙ? පුලුවන්ද? අනේ කියන්ඩකෝ? පුලුවන්ද?"

පිස්සුවෙන් වගේ නාලක කියපු දේවල් අහල සුරංගි හයියෙන් හිනා උනා. 

"පුලුවනි! හැබැයි මාලිකාව අපේ ගමෙන් පිට කර ගන්න නම් බෑ ළමයෝ"

සුරංගි කිව්වෙ ඉස්කෝලෙ ළමයෙක්ට උගන්නන්න විදියට ඇගිල්ල දික් කරල.

"එහෙනම්?"

"ඔයාට එන්න වෙනව අපේ ගමට."

"කියන දිහාකට එන්නම් මට ආයෙම මාලික දකින්න හරි හම්බ වෙනවනම්."

"හොදයි එහෙනම් ඔයා එන්න අපේ ගෙදරට. මම මාලිකාටත් එන්න කියන්නම්කෝ. එතකොට හරිනේ?"

" හරිද කියලත් අහනවා. දෙන්නකෝ ඇඩ්‍රස් එක. දෙයියනේ සුරංගි ඔයා නම් දෙයියෙක්"

"ලබන සතියෙ ඉස්කෝල නිවාඩු දෙනව. අගෝස්තු නිවාඩුවනෙ. මම යනව ගමේ. ලබන මාසෙ දිහෑට මම කෝල් එකක් දෙන්නම්. හරිනේ"

"හරි හරි" නාලක සතුටින් කෑගැහුවෙ නැති එක විතරයි.

"දෙයියනේ මට ඔයාට ලව් කරන්න හිතෙනවා මේ කරන උදව් වලට"

නාලක කිව්වෙ නම්බර් එක ලියල සුරංගි අතට දෙන ගමන්.

"අපෝ මේ!" තරහක් මවාගෙන කිව්ව සුරංගි නාලක දුන්න නම්බර් එක අරගත්ත.

--------------------------------------------------------------------------------


ඉතිරිය පසුවට.......


--------------------------------------------------------------------------------


Comments

Post a Comment