ඕගොල්ලෝ දන්නවද මන්දා අර බිල් ගේට්ස් ගේ කොම්පැනිය අර microsoft කියන එක අන්න එක් අලුතින් මෙහෙයුම් පද්දතියක් එලියට දානවලු මේ අවුරුද්දේ අග.දැනන් හිටියේ නැත්තම් දැන් දැනගන්න ඈ:D.එකේ නම නම් මේපාර පොඩ්ඩක් වෙනස්.Windows 8.1.එක අතකට වෙනසකුත් නෑ.ජනෙල් 8 පස්සේ එක ජනෙල් 8.1. නමෙන් හිතාගන්නකෝ මේකේ හැටි.ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්දතිය ගොඩක් දුරට ජනෙල් 8 සමානයි.(පෙනුමෙන් විතරයි හොදේ ) ඒ උන්නට මේකේ පහසුකම් වැඩි.(හොදටම වැඩි කියන්නේ එල වැඩ කෑලි ටිකක් තියේ )
බිල් මාමගේ කොම්පැනියේ නිල මෙව්වා එකේ .....මේ ඒ කියන්නේ මේ අර නිල අඩවියේ කියන්නේ මේක ජනෙල් 8 තියන හැමෝටම නිකන් දෙනවා කියලා.
//Windows 8.1—a free update to Windows 8—is coming later this year// එහෙම තමා කියලා තියෙන්නේ.ඒ උනාට ඉතින් මට නම් විස්වාසයක් නෑ මොකෝ කියන්නේ බිල් මාමා කවදාවත් නිකම් මෙහෙයුම් පද්දති දුන්නේ නැති නිසා.(අපි හොරෙන් ගත්ත එක වෙනම කතාවක් ඈ :D )
දැන් මම මේ පහල දාලා තියන වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් මේ ජනෙල් 8.1 කොයි වගේ ද කියලා.
මෙහෙම බලාගෙන විතරක් මදි නම් ඔන්න ඒකටත් විසදුමක් තියනවා.මතකනේ ජනෙල් 8 එන්න කලිනුත් නිකම් වැඩ කෑලි ටික බලාගන්න version එකක් එලියට දැම්මා ඉතින් මේකෙත් එහෙම එකක් තියනවා.ඒකත් ඔයාලාට බිල් මාමගේ අඩවියෙන් නිකම් ගන්න පුළුවන් කලින් ඒක වගේ.මෙන්න එහෙනම් ලින්ක් ඒක http://windows.microsoft.com/en-us/windows-8/preview-download
එහෙනම් ටෙට්ස් කරලා බලන්න.තව අලුත් වැඩ කෑලක් තව දවසක දාන්නම්.
මම නම් මේ ගැන දැනගත්තේ මෙතනින්. කොහොමද කියලා බලමුකෝ. ගොඩක් ස්තූතියි.
ReplyDelete