නාලක ඔෆිස් එකේදිත් මාලිකා එක්කත් ටිකක් විතර වීරකමක් පෙන්නුවට එයාටත් ටිකක් විතර බයක් දැනිලයි තිබුනෙ. ඒක නිසා එයා එදා ගමේ ගියේ මේ ගැන එයාලගෙ දෙමාපියන්ටත් කියන්න හිතාගෙන. නාලක මේ ගැන කිව්වම එයාගෙ අම්මයි තාත්තයි ටිකක් පුදුම උනත් අන්තිමේ කිව්වෙ එයාලටත් මාලිකාව බලන්න ඕනැය කියල. මාලිකාව එක්ක එන්න නාලක පොරොන්දු උනා. එයාලගෙ පැත්ත්‍රන් අකමැත්තක් නැත්නම් නාලකත් කැමති නම් තමන්ට ප්‍රශ්නයක් නෑ කියලයි දෙමාපියො නම් කිව්වෙ. ඒක නිසා නාලකට තරමක ස්තාවර බවක් දැනුන. ඒත් එක්කමයි නලකගෙ ෆෝන් එක රින් වෙන්න පටන් ගත්තෙ….. “හලෝ” “හලෝ නාලක” ක්ලතාකලේ මාලිකා. “ඔව් මාලි ඇයි හදිස්සියෙ?” “මොන හදිස්සියක්ද ළම්යෝ, ඔන්න දැන් ඔයාට මෙහෙ එන්න බය වෙන්න ඕන නෑ” “මොකක්? ඒ මොකද?” නාලක ඇහුවෙ පුදුමෙන්. මාලිකාගෙ කටහඩත් අමුතුයි. කෙල්ල ඉන්නෙ පුදුමාකාර සතුටකින් කියල නාලකට තේරුනා. මාලිකා සේරම විස්තරේ නාලක එක්ක කිව්ව. ලොකු අයිය කියපු දේවල්. එයා අම්මලට මේ ගැන කියපු හැටි. ඒ වගේම…………. “ඔන්න නාලක තාත්ත කිව්ව ඔයා එන එක බොහොම හොදයි කියල. ඇවිත්ම කතා කරන්න බැරිය එහෙනම්. ඔන්න මම තිබ්බා. බුදුසරණයි” නාලක කට ඇරන් බලන් හි...
විදවන ජීවිතය විදින්නත්, විදින ජීවිතේ ඵල නෙළා ගන්නත් අපි ඔබ සැමට මග කියා දෙන්නෙමු.