Skip to main content

Posts

Showing posts from November, 2013

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [7 කොටස]

මෙපරිද්දෙන් ගෙවුනු තවත් අඩ මසක් අවසානයේ මටත් අන් අයට මෙන්ම අපොස සාමාන්ය පෙළ විභාගයට මුහුණ දීමට සිදු විය. විභාගය එතරම්ම අමාරුවක් නැතත් එහි ගුන අගුන කියා ඔබව වෙහෙසට පත් කිරීමට මම ඉදිරිපත් නොවෙමි. උත්පලා ඒ දිනවල සිටියේ මොකක්දෝ අමුතු ස්වභාවයකිනි. එහෙත් විභාගය අවසන් වූ දිනයේ ඈ තුලින් මෙම ඇල්මැරුණු ස්වභාවය වඩාත් විද්යාමාන විය. මුලදී මම සිතා උන්නේ ඒ ඇගේ විභාගය නිසා සිතේ ඇති වූ නොපහන් බවක් බවයි. එහෙත් ඈ විභාගය අවසානයේදීත් සිටි ඩෙස් එකටම ඔලුව තියාන උන් නිසා මම ඈ වෙත ගියෙමි. පව්! විබාගෙ හොදට කරන්න බැරි වෙන්න ඇති. "උත්පලා" ඈ අපහසුවෙන් මෙන් ඔලුව එසවූවාය.  "ඕ දසිත්" "ඇයි මේ? විබාගෙ ඉවර උනත් සතුටක් නෑ වගේ?" "මට ටිකක් අමාරුයි දසිත්" මම බිය වීමි. "ඇයි උත්පලා මොකෝ අවුල?"  "නෑ දසිත් දැන් දෙතුන් දවසක ඉදන්ම මගෙ ඔලුව රිදෙනව හරියට" "ඉතින් බෙහෙත් ගත්තෙ නැද්ද?" "ගත්ත! අඩුවක් නෑ.... මම අම්මට කිව්වෙත් නෑ අඩු නැතිය කියල.... දැන් නැගිට ගන්නවත් බැරි තරමට අමාරුයි" "අපොයි පෙනඩෝල් දෙකක් ගෙනැත් දෙන්නද?" ...

"නෑ තාම නම් එයා එන්නෙ අයිතියක් නැතුව. අනේ මන්ද.. සමහර විට අයිතිකාරියක් වෙන්ඩත් ඉඩ තියෙයි" - උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [6 කොටස]

පාසල් වාර විභාග ඇරඹීමට ප්‍රතම පවත්වන විශේශ දේශන මගහැරීම පිලිබදව මම කනගාටු නොවීමි. මන්දයත් එයින් ලැබෙන ඵලදායීත්වය ඉතා මද බැවිනි. අක්කාද, අම්මාද, තාත්තාද මෙසේම සිතීම නිසා මට සැලසුනු සෙත අපමණය. එහෙත් එදින නිවසට යන අතරේ මම උත්පලා ගැනද කල්පනා කලෙමි. ඈට යන්නට සිදු වනු ඇත, විකාරයකි. ඈ කැමති නැත. එහෙත් ඇගේ මව කැමතිය.  එය අසාදාරණය. කෙසේ වුවද අක්කාට මේ ගැන කියා ඈට කැමැති දේ කරන්නට අවස්තාව සලසා දීමට මට සිතුනි. කිමදැයි නොඅසන්න දයාබර පාඨකය, මම එසේ සිතුවෙමි! මා නිවසට යන විටත් අක්කා පන්ති ගොස් නැවත් පැමිණ සිටියාය. උසස් පෙළ කලා විශයන් හැදෑරූ ඇයට එතරම් ද්ගු වේලාවක් පන්ති වල රැදී සිටීමට සිදු නොවිනි. ඒවා පැයක් ජෝක් කර අනිත් පැය නෝට් දෙන පන්තිය. අක්කා සාලයේ කකුල් දෙකත් පුටුවක් උඩ තබාගෙන සංගීත වැඩසටහනක් නරඹමින් සිටී. මම ඈට මා ආ බව කියා කාමරයට ගියෙමි. නාකියාගෙන, දහවලට කෑම කා අනතුරුව මම පාඩම් කලෙමි. අක්කා කතාවට අල්ලා ගැනීමට හොදම අවස්තාව උදාවන්නේ ඈට පේන්නට ටිකක් මහන්සිවී පාඩම් කල විට බව මම දනිමි. සුපුරුදු පරිදි අක්කා සවා හතරට පමණ කාමරයට එබිකම් කර, "මල්ලී තේ හදන්නද?" යි ඇසුවාය. "හාකෝ...

"මොකෝ මගෙ බත් රහ නැද්ද? කෑවම ඇග කසනවද?" :: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [5 කොටස]

එදින සුපුරුදු සදුදා දිනයකි, පාසල් නිවාඩුව අවසන් වී සතියකුත් ඉක්ම යාමට පෙර සාමාන්ය පෙළ සදහා විශේශ ඇගයීම් පැවැත්වීමටත්, විශේශ දේශන කීපයකට සහබාගී වීමටත් අපට සිදු වන බව පන්ති බාර ගුරුවරයා දැනුම් දුන්නේය. ඉදිරි පෙළ අපමණ අමන්දනන්දයටත් පසු පෙළ තවත් හොද නින්දක් පිලිබද සිහිනයක ගල්වාලූ ඒ කතාව මාද අසා සිටියේ අලස බවිනි. මන්ද අක්කා විසින් කියා ඇති තොරතුරු වලට අනුව අප පාසල මෙහෙයවන මෙම දේශන වලට වඩා ගෙදරට වී පාඩම් කිරීම වටිනා බව මතක් වීමෙනි. ගුරුවරයා පිටව ගියද මීලග කාලච්චේදයට කිසිවකු නොපැමිණීම නිසා බොහෝ දෙනා පන්තියෙන් පිටත්ව ගොස් තිබුනි. මම සමග උන් මිතුරන් දෙදෙනාද "ගෙදර" නොහොත් කැම්ටිම බලා පිටත් උවද මොකක්දෝ විශයක අනිවාර්ය ගෙදර වැඩ වගයක් කිරීම සදහා මම නැවතුනෙමි.  පන්තිය පාලුය එහෙත් ඉදිරි පෙළ වළ නොබහින් උන් නම් සිටී. උන්ගෙන් වැඩක් නැත. සාමාන්ය පෙළට තව මාසයකි. වැඩ කල යුතුය. නැතහොත් මුට්ට කර ගැහිය යුතුය. මම උත්පලා දෙස බැලීමි. ඈ පන්තියේ නැත. කොහේ හෝ ගොසිනි. මම පයිතරගස්ගේ කුනුහරුප ප්‍රමේයක ගනනක් තුලට එබුනෙමි.  විනාඩි දහයක් පමණ ගත වන්නට ඇත. විවේක කාලය එළබෙන්නේ මෙම කාලච්චේදයෙන් පසුවය. මම වටපිට...