Skip to main content

"නෑ තාම නම් එයා එන්නෙ අයිතියක් නැතුව. අනේ මන්ද.. සමහර විට අයිතිකාරියක් වෙන්ඩත් ඉඩ තියෙයි" - උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [6 කොටස]




පාසල් වාර විභාග ඇරඹීමට ප්‍රතම පවත්වන විශේශ දේශන මගහැරීම පිලිබදව මම කනගාටු නොවීමි. මන්දයත් එයින් ලැබෙන ඵලදායීත්වය ඉතා මද බැවිනි. අක්කාද, අම්මාද, තාත්තාද මෙසේම සිතීම නිසා මට සැලසුනු සෙත අපමණය. එහෙත් එදින නිවසට යන අතරේ මම උත්පලා ගැනද කල්පනා කලෙමි. ඈට යන්නට සිදු වනු ඇත, විකාරයකි. ඈ කැමති නැත. එහෙත් ඇගේ මව කැමතිය.  එය අසාදාරණය. කෙසේ වුවද අක්කාට මේ ගැන කියා ඈට කැමැති දේ කරන්නට අවස්තාව සලසා දීමට මට සිතුනි. කිමදැයි නොඅසන්න දයාබර පාඨකය, මම එසේ සිතුවෙමි!

මා නිවසට යන විටත් අක්කා පන්ති ගොස් නැවත් පැමිණ සිටියාය. උසස් පෙළ කලා විශයන් හැදෑරූ ඇයට එතරම් ද්ගු වේලාවක් පන්ති වල රැදී සිටීමට සිදු නොවිනි. ඒවා පැයක් ජෝක් කර අනිත් පැය නෝට් දෙන පන්තිය. අක්කා සාලයේ කකුල් දෙකත් පුටුවක් උඩ තබාගෙන සංගීත වැඩසටහනක් නරඹමින් සිටී. මම ඈට මා ආ බව කියා කාමරයට ගියෙමි. නාකියාගෙන, දහවලට කෑම කා අනතුරුව මම පාඩම් කලෙමි. අක්කා කතාවට අල්ලා ගැනීමට හොදම අවස්තාව උදාවන්නේ ඈට පේන්නට ටිකක් මහන්සිවී පාඩම් කල විට බව මම දනිමි. සුපුරුදු පරිදි අක්කා සවා හතරට පමණ කාමරයට එබිකම් කර,

"මල්ලී තේ හදන්නද?" යි ඇසුවාය.

"හාකෝ" මම කීවෙමි.

ඈ යලිත් ආවේ සුපුරුදු බිස්කට් ටින් එකත් මගේ තේ එකත් රැගෙනය. 

"ආ මේං"

"ඔන්න ඔහෙන් තියන්ඩකො"

"බීල ඉන්නව මේක, නිවිල තියෙන්නෙ හොදටම"

"අක්ක බිව්වද?"

"හ්ම්ම්ම්"

"මේ"

"ඔව්?"

"ප්‍රශ්නයක්"

"මොකක්ද? ඈ? ගනන් ටික හදල ඕනද? නෝට් එකක් ලියල ඕනද? පුහ්! හිතේ ඇති කොරගන්ඩ"

"නෑ එහෙම එකක් නෙවී"

"එහෙනම්? කසාද බදින්න ඕනද?"

"නෑ බං"

"එහෙනම්"

"උත්පලා......."

"අහා! උත්පලා..... ඇයි ඒකි බැන්නද? ගැහුවද? නැතනම්...?"

"නෑ නෑ... එයා අක්කට කියන්න කිව්ව"

"මොකක්ද?"

"එයාට සෙමිනාස් වලට ය්න්න බැරිලු අක්කේ" මා පැවසුවේ පුංචි දුක්බර මූනක් මවාගෙනය. අක්කා මා දෙස බලා සිනහ වූවාය.

"ඉතින් මට මොකක්ද කරන්න කියන්නේ?"

"මේකයි, ඔයා කියන්න ඕන උත්පලාගෙ අම්මට ඔය සෙමිනාස් වලින් වැඩක් නෑ කියල"

"එතකොට?"

"උත්පලා කීව එයා ඒ දවස් ටිකේ මේ පැත්තෙ එනව කියල, ඔයාගෙන් මොනවද අහගන්ඩ තියෙයි කීවෙ"

"අහ්! පව් නේද මල්ලියේ?"

අක්කා කීවේ අමුතු මුහුණක් මවා ගෙනය. මට ඇල්ලුවේ නැති එම බැල්ම මොකක්දෝ පුංචි සැකයක පෙරනිමිත්තක්දැයි මට සිතුනි.

"ඔව් ඔව්! ඔන්න එයා කියන්ඩ කීව. මම කිව්ව. එච්චරයි ඈ"

"මේ"

"ඇයි?"

"කියනව මට, ඒ කෙල්ල මෙහෙ එනවට ඔයා ඇයි ඔච්චර කැමති?"

මම උඩ ගියෙමි. හෑ!!!!!

"නෑ අක්කෙ! මගෙ කැමැත්තකුත් නෑ, අකමැත්තකුත් නෑ. අනික එයා මගෙ යාලුවා. අක්කගෙත්. නෙහ්? ඉතින් එයාට මෙහෙ එන්න අයිතියක් තියෙනවනේ"

"නෑ තාම නම් එයා එන්නෙ අයිතියක් නැතුව. අනේ මන්ද........ සමහර විට අයිතිකාරියක් වෙන්ඩත් ඉඩ තියෙයි"

කියූ අක්කා ඔච්චම් සිනහවක් පා තේ කෝප්පයද රැගෙන පැන දිව්වාය

මම ඈ සොයා නොගියෙමි. අක්ක කිව් ඇනුම්පදය මට තේරුනේ විනාඩි ගනනක් ගතවූ පසුය. උත්පලා සහ මම වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම හොද යහලුවන් වීමු. එකිනෙකාගේ දුකේදී සැපේදී ලගින් සිටීම හැරුණු කොට වෙනත් කිසිවක් අප කර නැත. අක්කා මෙය තේරුම් ගත් ආකාරය මටද අවබෝද නොවේ...... ඕන වස්තරයක් කියා මම පාඩම් කරමි.....

එදින අක්කා නැවත් මට හමු වූයේ සවසය. මම ඇගෙන් මොකක්දෝ රසාස්වාද පාඩමක් අහගනිමින් සිටියෙමි. නිවසේ බෙල් එක වැදුනි. ඒ අම්මා හෝ තාත්තා වන්නට බැරිය. මන්ද ඔවුන්ගේ ආගමනයට තවර්හ් හෝරාවකටත් වඩා කාලයක් තිබේ. 

"මල්ලි බලනවකො ක්ව්ද කියල"

මම ඉදිරිපස දොර විවර කලෙමි. ඔබට සිතාගත හැකිද? එහි වූයේ උත්පලාය.

"දසිත්"

"ඒයි! මොකෝ මේ හවස් වෙලා මේ පැත්තෙ?"

"ශුහ්! අහන්නෙ මොකෝ අයිතියක් තියෙන්වනේ එන්න:"

මළා! මේකිත් මට චාටර් කරනවනේ. මා අක්කාට කිසිත් නොකිවානම් හොදය. අනුමානයක් නැත අක්කා උත්පලාට කෝල් කර ඇත.

"හා හා එනවකො ඇතුලට, මැට්ටි"

"කෝ දසිත් අක්ක, එයා මට කිව්ව එන්න කියල මොකක්ද සිංහල පේපර් එකක් දෙන්න කියල. අපේ අම්මත් දැන් ඒවි මෙහෙ මාව එක්ක යන්න. මම අම්මට කිව්ව වැඩ ඇර්ල එනගමන් මාව එක්ක යන්න කියල මෙහෙන්"

"අර ඉන්නෙ අක්කනම්"

අක්කා කොතරම් කපටිද? එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. මාවත් චාටර් කර, මගේ කලිසම පා කර හැර, අනතුරුව ඈ විසින්ම උත්පලා ඉල්වූ උදව්ව ඉටු කරන්නට යයි. 

මම අක්කා වෙත නැවත ගියමි. අක්කා උත්පලා අතට ප්‍රශන පත්‍රයක් දී, මා දෙස බලා කුප්ප හිනාව පා අනතුරුව මට පාඩම නැවැත්වූ තැන සිට නැවත ඇරඹුවාය. මගේ සිත තිබූයේ පාඩම තුල නම් නොවේ. අක්කා මීලගට කරන්නට යන දේ පිළිබදවය!!!!


---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.............

---------------------------------------------------------------------------------


Comments

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook ...

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක...

ලැප් එකක් ගන්න රත්නපුර ටවුම වටේ.

                    ඔන්න යාළුවනේ මම අද ලියන්න   හදන්නේ   පොඩ්ඩක් වෙනස් දෙයක්.ඒ තමා මං කොල්ල ලැප් එකක් ගන්න ගිහින් වෙච්ච සිද්ධි.                      මං කොල්ලත් විභාහගේ ගොඩ දාගත්ත හින්දා   ගෙදරින් අරං දුන්න ලැප් එකක්.මේක අරං දුන්න කිවුවොත් ටිකක් විතර වැරදි.ඇත්තටම හරි දේ   අඩාල අඩාල ඉල්ලා ගත්තා කියන එක.මෙහෙම කියන්නත් පුළුවන් බැන බැන අරං දුන්නා.එහෙමත් හරි. ඔන්න කොහොම හරි ඉතින් මේ ලැප් රාජයා ගන්න ගියේ අපේ පියත් එක්ක.උදේ කඩ අරින වෙලාවටම ගිහිල්ලා රත්නපුරේ තිබුන කඩ ඔක්කොටම ගියා ලැප් බලන්න.ලැප් වල ගන්න අහන කොට මට නිකන් කලාන්තේ   වගේ.අම්ම සල්ලි දුන්නේ 40,000.එක යන්තමින් 65,000 කරගත්තා.කඩ වලට ගියහම ඉතින් i3 එකක් 73,000 එහා තමා ගන්න කියන්නේ.ඕනා ඉතින්   එක නිසා ලියනවා 65,000 i3 ලැපක් හොයාගත්ත හැටි.           ...