එදින සුපුරුදු සදුදා දිනයකි, පාසල් නිවාඩුව අවසන් වී සතියකුත් ඉක්ම යාමට පෙර සාමාන්ය පෙළ සදහා විශේශ ඇගයීම් පැවැත්වීමටත්, විශේශ දේශන කීපයකට සහබාගී වීමටත් අපට සිදු වන බව පන්ති බාර ගුරුවරයා දැනුම් දුන්නේය. ඉදිරි පෙළ අපමණ අමන්දනන්දයටත් පසු පෙළ තවත් හොද නින්දක් පිලිබද සිහිනයක ගල්වාලූ ඒ කතාව මාද අසා සිටියේ අලස බවිනි. මන්ද අක්කා විසින් කියා ඇති තොරතුරු වලට අනුව අප පාසල මෙහෙයවන මෙම දේශන වලට වඩා ගෙදරට වී පාඩම් කිරීම වටිනා බව මතක් වීමෙනි. ගුරුවරයා පිටව ගියද මීලග කාලච්චේදයට කිසිවකු නොපැමිණීම නිසා බොහෝ දෙනා පන්තියෙන් පිටත්ව ගොස් තිබුනි. මම සමග උන් මිතුරන් දෙදෙනාද "ගෙදර" නොහොත් කැම්ටිම බලා පිටත් උවද මොකක්දෝ විශයක අනිවාර්ය ගෙදර වැඩ වගයක් කිරීම සදහා මම නැවතුනෙමි. පන්තිය පාලුය එහෙත් ඉදිරි පෙළ වළ නොබහින් උන් නම් සිටී. උන්ගෙන් වැඩක් නැත. සාමාන්ය පෙළට තව මාසයකි. වැඩ කල යුතුය. නැතහොත් මුට්ට කර ගැහිය යුතුය. මම උත්පලා දෙස බැලීමි. ඈ පන්තියේ නැත. කොහේ හෝ ගොසිනි. මම පයිතරගස්ගේ කුනුහරුප ප්‍රමේයක ගනනක් තුලට එබුනෙමි.
විනාඩි දහයක් පමණ ගත වන්නට ඇත. විවේක කාලය එළබෙන්නේ මෙම කාලච්චේදයෙන් පසුවය. මම වටපිට බැලීමි. උත්පලා මා දෙසට පැමිණියාය. ඈ කිසිදු බියක් සැකක් නොදක්වා මා ඉදිරියෙන්ම වාඩි වූවාය. "හරියට අයිතිකාරි වගේ" මම ආඩම්බර වීමි.
"දසිත්"
"ඕ"
"ආ"
"හ්ම්ම්ම් මොනාද?"
"අත අල්ලනවකෝ පැහෙන්නෙ නැතිව"
මම අතක් ඈ දෙස දිගු කලෙමි.
"ආ කනවා"
මම ඈ මා අත තැබූ කිරිටොපිය කටේ දා ගතිමි.
"කෝ?"
"මොනාද?"
"ස්තූති කිරීම"
"අහා! තෑන්ක් යූ වේවා ලමයා"
ඈ සිනහ වූවාය. කොහෙන්දෝ පිපුණු මලක් මෙනි. ඈ ඒ තරමට ලස්සනය. කොහෙන් හෝ බඹරෙකු පියාඹා ආවොත්? අනේ පව්!
"මොනාද හලෝ කරන්නෙ?"
"ගාණක් හදනවා"
"ඒක මට පේනව මැට්ටෝ"
"එහෙනම් ඇහුවේ"
"නිකම්"
"කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?"
"නෑනෙ අනේ, මේ ඒක නෙවී නැද්ද ෆිල්ම් එකක්වත්"
"මොන ෆිල්ම්ද හලෝ මේ විබාග කාලේ, මට අක්ක ටීවී බලන්නවත් දෙන්නෙ නෑ"
"පව්"
"නැතුව"
ඈ නිහඩ වූවාය. ඒ සිනාවක් මුවග රදවාගෙනය. මන්දැයි මම නොදනිමි. මා ඉදිරියෙන් ඉදන් ඈ ඈත බලා සිටී.
"මේ අර සර් කීව සෙමිනාස් වලට ඔයා එනවද?"
"නෑ"
"ඇයි?"
"අක්ක මට කීව ඒව එච්චර වැඩකට ඇති ඒව නෙවී කියල. ගෙදරට වෙලා පාඩම් කරන්නලු. ඒක හොදයිලු ඊට වඩා. මටත් හිතෙනව ඒක ඇත්ත කියල"
"හ්ම්ම්ම් ඔව් දසිත්! ශික්! ඔයාලයි අක්කට කියල මම අපේ අම්මටත් ඔන්න ඔය ටික කියවාඅගන්න ඕන. මට පුලුවන් අක්කගෙන් වැඩ ටිකක් අහ ගන්න"
"අපේ ගෙදර ඇවිත්?"
"නැතුව? ඇයි අකමැතිද?"
"අපෝ නෑ එන්න එන්න"
කාලච්චේද අවසාන වූ බවට බෙල් එක වදිනු ඇසුණි. කඩිමුඩියේ බෑගයට අත දමා කෑම එක සෙව්වද එය අතුරුදන්ය! නෑ! මල කෙලියයි! එය ගෙදර සලේ මේසය උඩ බව මට සිහිවූයේ දැන්ය! අක්කාද මොකක්ඩෝ රිවිශන් ක්ලාස් එකට ගිය නිසා අම්මාට එය එවන්නට කෙනෙක්ද නැත! "ඔන්න ඔහේ බඩගින්නෙ ඉන්නව" මම සිතුවෙමි.
"ඇයි දසිත්? මොකක්ද හොයන්නෙ?"
උත්පලා ඇසුවාය. ඇය තාමත් නැගිට නැත.
"නෑ කෑම එක දාල ඇවිත්! කැන්ටිමට වත් යනව"
"අනේ! ඉතින් එනව මගෙ බත් එකෙන් කමු"
"අයියෝ ඕන නෑ උත්පලා, ඔයා කන්න! මම කැන්ටින් යනවා"
"මෙන්න මෙහෙ එනවා"
ඈ මගෙ කමිස අතින් අල්ලා ඇද්දාය.
"මොකෝ මගෙ බත් රහ නැද්ද? කෑවම ඇග කසනවද?"
"නෑ එහෙම එකක් හිතන් නෙවී කිව්වෙ!"
"එනවා එනවා" ඈ කීවේ ඇගේ බත් පාර්සලය දිගහරිමිනි.
"නිශා...... ඒයි එනව කන්න" අනතුරුව ඈ තවත් කෙල්ලකට අඩගැසුවාය.
"මන් යනෝ ලමයෝ!"
"දසිත් ඉන්න.... ඔන්න එහෙනම් මම කන්නෙත් නෑ"
"හයියෝ!"
"කවන්නද?"
"එපා එපා! මට විසුමක් නැතිවේවි"
"එහෙනම් ගොනා වගේ ඉන්නෙ නැතුව කනවා"
මම බත් පිඩක් කටේදමාගතිමි. අවුලක් නැත.
දෙවැන්න. හොදය.
තුන්වැන්න. නියමය!
සතරවැන්න. පංකාදුය!
පස්වැන්න... "තරු පහේ කෑම වගේය"
සයවැන්න. "සූ අම්මෝ දනවෝ!!!!!"
"හත් ඉලව්වයි! දසිත් කෑව නේද මිරිස් කරලම"
උත්පලාගේ මිතුරිය වූ නිශාදිනී පැවසුවේ ඇස් ලොකු කරගනිමිනි. උත්පලා වචනයකුදු නොදොඩා ඇගේ වත්‍ර බෝතලය හැර මට දුන්නාය.
"සූ සූ සූ...... හයියෝ කව්ද අප්පා ඉව්වේ අද?"
මම ඇසීමි. මට දාඩිය දමා කමිසයත් ඇගට ඇලුනි. උත්පලා සිනහ වූවාය.
"අනේ සොරි දසිත් මමයි ඉව්වෙ"
ඈ! ??????? "මාර රහයිනෙ. හැමදාම උනත් කතහැකි" මම මටම සිතාගතිමි.
"මීට පස්සෙවත් මිරිස් කරල් දාන් නැතිව උයනවා"
මම කීවෙමි. උත්පලාත්, නිශාදිත් සිනහ වූහ.
"මිරිස් නොදා කෝමද කොල්ලෝ කෑම උයන්නෙ?"
නිශාදි ඇසුවාය.
"කන කෙනා දැන ගන්න ඕන අවදානයෑන් කන්න"
එසේ කීවේ උත්පලාය.
"ඔව් හැබැයි" මම පැරදුනෙමි.
සිකේ! අපෙ අක්කට තියා අම්මටවත් බෑ මෙච්චර රහට කන්න උයන්න. මට සිතුනි. එය ඇත්තය. අම්මා කෙසේවෙතත් අක්කා නම් උයන්නේ මෙලෝ රහක් නැතිවය, මමත් තාත්තාත් අක්කා උයට දිනවල කන්නේ වෙන කරන්නට දෙයක් නැති නිසාය. දිනක් අක්කා කිරි හොදි ලිපේ තියා තිබුනේ පොල් කිරිද නොදමා බව මට සිහි විය.
"අනේ පව් ඕයි! බලනවා දසිත් රතුපාට වෙනෝ"
උත්පලා සිනහ වූයේ නිශා කිව් දේටය. ඔව්! ඉහින් කණින් දාඅඩිය බේරුනු බව මටද තේරුනි. කමක් නෑ! අදවත් ඇති බත් කටවල් තුන හතරක්වත් රහට කෑව! බඩ නැතත් සිත පිරී ඇත.
---------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------
ඉතිරිය පසුවට......................
---------------------------------------------------------------------------------
සමාවෙන්ඩ ඕන! ටිකක් පරක්කු උනා මේ පාර කතාව දාන්ඩ. තාක්ශනික වගේ ම සමාජීය ගැටලු ගොඩාක් ආව. ඒකයි.
ලියන මම -
---------------------------------------------------------------------------------
වැඩෙ නැගල යන්නෙ ඔය
ReplyDeleteniyamai yaluwa...
ReplyDeleteikmanata danna aiye,
ReplyDelete