Posted by : Tharuka Gunaratne Monday, August 5, 2013



එදා නම් ඇත්තටම සතුටු දවසක් ඒ පීරියඩ් එකම ෆ්‍රී හන්ද කෙල්ලො දෙන්න නාලක එක්ක ගොඩක් දේවල් කතා කලා. ශානිකා නම් වැඩිපුර කලේ නාලකත් මාලිකත් කියපු දේවල් වලට මොකක් හරි අව කැපෙන කතාවක් කියල හිනා වෙච්චි එක. ඒත් හොද මාලිකා වෙනද වගේ මූන නරක් කර ගත්තෙ නෑ. නාලක දිහා බල බලා එයා ගොඩක් සතුටින් හිනා උනා. මාලිකාගෙ හිතට දැනුනෙ කවදාවත් දැනිල නැති විදියෙ සතුටක්. මොකද කියල ඒයා දැනන් ඉදියෙත් නෑ. ඒත් ඒක ආදරේ වෙන්න ඇති කියල මාලිකාට හිතුන.

"ඉතිං නාලකයෝ! ඔන්න දැන් නම් අපිට කේක් ඕන"

ශානිකා කිව්වෙ නාලක දිහා බලල ආය මාලිකාගෙ කරට අත දාල. 

"කාට නැතත් මට නම් ඕන"

"ඇයි යකෝ අපිට?"

කව්දෝ කියනව ඇහුන. නාලක පිටිපස්ස හැරිල බැලුව. සාරංගයි, චාමරයි පන්තියෙ දොර ගාව බලන් ඉදියා. නාලක ඒ දෙන්නට අතින් කතා කරල ළගට ගෙන්න ගත්තා.

"උඹල දෙන්න මොකෝ මෙතැන? ඇයි අද උඹලයි මිස් නැද්ද?"

"අපෝ අපිව පන්තියෙන් එළිය්ට දැම්ම බං" සාරංග කිව්ව.

"ඉතින් අපි පන්තියට එනකොට තමා උඹලගෙ ලව් සීන් එක ඇහුනෙ, අපි මෙච්චර වෙලා දොර ළග ඉදන් ඔක්කොම බල බලයි උන්නෙ"

එහෙම කිව්වෙ චාමර. 

"ඔන්න එහෙනම් නාලකයටත් හරිගියා ඈ"

නාලක හිනා උනා. මාලිකත්.

"අපෝ මුන් දෙන්නගෙ මූනෙ තියෙන පෙම් පාට"


"හා හා යනවල යන්න උන් දෙන්නගෙ ප්‍රයිවට් කතා අපි අහන්න ඕන නෑ නෙ" එහෙම කියාපු ශානිකා සාරංගගෙ අතින් ඇදන් එළියට යන්න සූදානම් උනා. 

"උඹල නම් ලව් කොරයි, මට තමා හුලං" එහෙම කිව්ව චාමරත් හිනාවීගෙනම එළියට ගියා.පන්තියෙ කොනේ ඉතුරු උනේ මාලිකත් නාලකත් විතරයි. ඒත් මාලිකා නම් ටිකක් බයෙන් වගේ. නාලක දිහාවෙ බැලුව. නාලකත් හැගීමෙන් තොර බැල්මක් මාලිකා දිහාවෙ හෙළුවා. තාම කවුරුත් කතා කලේ නෑ.

"නාලක ඔයාට කියන්න දෙයක් තියෙයි"

"මොකක්ද අප්පේ ඒ?" නාලක පුද්මෙන් වගේ ඇහුව. මාලිකාට දැනුනෙ සමීප බවක්. කලින්ට වඩා ගොඩක්. ගොඩාක්.

"ඔයා දන්නවනෙ, අපේ අයියල දෙන්න ගැන. නැන්ද අනිවර්යෙන්ම ඔයාට කියන්න ඇති."

"හ්ම්ම්ම්, කිව්ව තමා"

"අනේ! මේ ගැන කොහොමටවත් එයාලට නම් දැනගන්න තියන්න එපා"

"ඇහ්! හා හා! ඒත් ඇයි?"

"ඔයා දන්නෙ නෑ එයාල ගැන. දන්නවද මීට කලින් මම නවය වසරෙ ඉන්නකොට මට වඩා ගොඩක් වැඩිමල් කොල්ලෙක් මගෙ පස්සෙන් එන්න පටන් ගත්ත."

"ඉතින්" නාලකගෙ මූණ අදුරු උනා. 

"මුලින්ම ඒ ගැන දැනගත්තෙ පොඩි අයිය. ඊට පස්සෙ එයා ලොකු අයියත් එක්ක එකතු වෙලා අර අහිංසකයට බිම දමාගෙන ගැහුව. එදයි මට තෙරුනේ ඒ දෙන්නගෙ තරම. තාත්ත නම් එයාලට මොකුත් කියන්නෙ නෑ. අම්ම කියනදෙයක් එයාල අහන්නෙම නෑ. ඉතින් ඔයාට තේරෙනවනෙ?"

"හ්ම්ම්ම්ම්ම්ම්"

"හ්ම්ම් නෙවෙයි ළමයො ඒ දෙන්න මේක දැන ගත්තොත් ඔයත් විනාසයි මාත් විනාසයි"

"ඉතින් එයාල කොහොමද මාලි මෙහෙ වෙන එව්ව ගැන දන්නෙ? හැතැම්ම ගානක් දුරින් ඉන්න එයාල අපි ගැන දැනගන්න විදියක් නෑ"

"කොච්චර ඈත ඉදියත් එයාල ඕව හොයාගනීවි. අනේ මට නම් බයයි"

"බය නොවී ඉන්නකෝ" නාලකත් කිව්වෙ බය වෙලා තමයි. ඒත් එයාගෙ කටහඩේ තිබුන බය ගතිය මාලිකාට තේරුනේ නෑ.

"බය නොවී ඉන්නෙ කොහොමද?"

නාලක නිරුත්තර උනා. ඒත් ටිකකඉන් මෙහෙම කිව්ව.

"මම ඔයා ළග ඉන්නවනේ, ඒ නිසා බය වෙන්න එපා"

"ඇත්තට?"

මාලිකා ඇහුවෙ ඇස් පුංචි කරල.

"ඇත්තටම. මම පොරොන්දු වෙනව හැමදාටම"

නාලක කිව්වෙ හෙමිහිට මාලිකාගෙ අතින් අල්ලල.
මාලිකාට දැනුනෙ පුදුමයත්, මහ අමුතු හැගීමකුත් එකතු එච්ච වෙලාවක කෙනෙකුට දැනුන හැගීමක්. වචනෙන් විස්තර කරන්න බෑ ඒක. ඒත් නාලකගෙ ඇස් දෙක දිහා බලපු එයාට දැනුනෙ එකම එක දෙයයි. ඒ නාලක ඒක නම් කිව්වෙ ව්හිලුවට නෙවී ඇත්තටම බවයි.


*******************************

වෙනදා වගේම ඉස්කෝලෙ අවසන් උනා. නාලක වෙනදටත් වඩා සතුටින් මාලිකා එක්ක පාලු පාර දිගේ ඇවිදන් ගියා. කෙල්ල වෙනදට වඩා ගොඩක් සතුටින් බව නාලකට දැනුන. 

"මොකද මාලි? මාර හැපි මූඩ් එකක්නෙ අද තියෙන්නෙ. කොයිවෙලේ බැලුවත් හිනාවෙච්ච ගමන්"

"ඇයි හිනා උනාම හොද නැද්ද? පොඩ්ඩක් ඉන්නවා මම ඇත්තටම හැමවෙලේම හිනා උනාද?"

මාලිකා ඒක අහපු විදියට නාලකට ඇත්තටම හිනා ගියා. මාලිකාගෙ මූන ඒ වෙලාවෙ දැක්කනම් කාට උනත් හිනා යනවා. 

"ඔව්! හැමවෙලේම හිනාවෙලයි හිටියෙ"

"ඒ කියන්නෙ අද ළමය ඉගෙනගෙන නෑ. මන් දිහා බලාගෙනද ඉදියෙ?"

නාලක ටිකක් කල්පනා කලා. 

"ඔව්, බලාගෙනමයි හිටියෙ"

මාලිකා එයාගෙ ලස්සනම හිනාවලින් එකක් ඉස්සරහට දැම්මා.

"ඉතින් කියන්න මොකෝ කියල?" නාලක ආයෙම ඇහුව.

"ම්ම්ම්ම්ම්ම්ම්ම්" මාලිකා ඔලුව කහල කල්පන්න කලා. 

"ඔයා වගේ හොද කෙනෙක් මම එනකම් තනියෙන් තිබ්බ එකට තමා හිනා උනේ"

"අපොයි, සංසරෙ හැටි නේද? මම වගේ හොද ළමයෙක් ඔයා වගේ පිස්සියෙක්ට සෙට් කලානේ"

අනේ යනව යන්න. මාලිකා නාලකව තල්ලු කලා. නාලක් ටිකක් එහාට විසි උනා. ඒත් ආයෙම පාර මැදට ආවත් මාලිකා හැරිල බැලුවෙ නෑ. බොරු තරහක් මවගෙන ඉස්සරහ බලාගෙනම ගියා. ඒ වෙනකොට ගේ පෙන මානෙටම ඇවිදිනුයි ඉදියෙ. නාලක ඉක්මනට ගිහින් මාලිකාගෙ උරහිසින් අල්ලල නැවැත්තුවා. 

"ඒයි! තරහ උනාද?"

"හ්ම්ම්ම්"

"අනේ මම විහිලුවක්නෙ මාලි කලේ"

"හ්ම්ම්ම්ම්"

"එන්න යමු" නාලක මාලිකාගෙ අතින් අල්ලල ඉස්සරහට යන්න ලෑස්ති උනා. 

ඒත් හැරුන ගමන් නාලක වැදුනෙ කව්දෝ කෙනෙක්ගෙ ඇගේ!

නාලක මාලිකාගෙ අතින් අල්ලගෙනම උඩ බැලුව. කව්දෝ මනුස්සයෙක්. 

"සොරි" කියපු නාලක මාලිකාගෙ අතින් ඇද්ද.

"යමු මාලි"

ඒත් මාලිකා හිටි තැනින් හෙල උනේවත් නෑ. ගල් පිළිමයක් වාගෙ එතැනම නැවතුනා. තමන්ව අල්ලන් ඉදපු මාලිකාගෙ අත ටිකෙන් ටික තද වෙනව නාලකට තේරුනා. ඒක නිසා එයා මාලිකාව එයාගෙ පිටිපස්සට තල්ලු කරන් පස්සෙන් පස්සට ගියා.

"නැවතියං මල්ලි ඔහොමම, තව පස්සට යන්න බෑ"

කව්දෝ කිව්ව හන්ද නාලක පිටිපස්ස බැලුව. කොන්ඩෙ වවාගත්තු බොබ් මාලේ වගේ සිගරැට් එකක් කටේ ගහගත්තු එකෙක් ඉන්නවා පිටිපස්සෙ. 
මාලිකා ඉන්න තැනම ගල් ගැහිල වගේ බලන් උන්නා. 

පිටිපස්සෙ ඉදපු එකා මේ දෙන්න ළගට මුලින්ම ආව. ඇවිත් මුලින්ම කලේ නාලකගෙ ස්කූල් බෑග් එකෙන් ඇදල පැටලිලා තිබ්බ දෙන්නගෙ අත් දෙක වෙන් කරපු එක. ඊට පස්සෙ අත දිගෑරලා දුන්න හොදවයින් කම්මුල් පාරකුත් නාලකට ලැබුනා. ඒත් අර ඉස්සරහ ඉදපු මනුස්සයා ඉක්මනට ඇවිත් දෙවැනි පාර ගහන්න කලින් අනිකගෙ අතින් අල්ල ගත්තා.

"උඹ මොනාද ඔය කරන්නෙ? නවත්තපන්. මූ කව්ද කියලවත් දන් නැතුව ගහල හරියනවද?"

"ගහල මදි මූව එල්ලන්ඩ ඕනෑ" කියපු ඒ මනුස්සයා කටේ තිබ්බ සිගරැට් එක විසි කරලා ආයෙ වතාවක් හොද පාරක් දෙන්නයි සූදානම් උනේ.

"අනේ පොඩි අයියෙ එයාට ගහන්න නම් එපා" කව්දෝ  ඇඩුම් අතරින් කියනව ඇහුනා. 

"අහා! ඔය තියෙන්නෙ. ලොකු අයියෙ ඔන්න මම අද නවතින්නෙ මුගෙ හතර හන්දි කඩල"

"නවත්තහන් පොඩ්ඩො" කිව්වෙ ලොකු අයිය.

"නංගි ඇත්ත කියපන්, කව්ද මේ?"

"නා.... නා...ල...ක"

"නාලක කිව්වෙ?"

"මේ ගෙදර බෝඩ් වෙලා ඉන්න යාලුවෙක්, අනේ පොඩි අයියෙ එයාව අතාරින්න"

"ඉතිං උඹල දෙන්න යාලු උනා?"

ඇහුවෙ ලොකු අයිය. පොඩ්ඩා නාලකගෙ බෙල්ලෙන් අල්ලන් බලන් ඉදියෙ විදානයක් ලැබෙනකන් ඉන්න වදකයෙක් වගේ. 

"අනේ නෑ අයියෙ"

"එහෙනම් මොකද නංගී ඇස් වල කදුලු. මට බොරු කරන්න එපා"

පොඩි කොල්ලා නාලකගෙ බඩටම පාරක් ගැහුව. ගුටි කාල පුරුදු කෙනෙක් වගේ මෙච්ච්‍ර වෙලා ඉදපු නාලකට ඒ පාර නම් කෑගැහුනා.

"අනේ එපා එපා අයියෙ මන් කියන්නම්. එයා මන් එක්ක යාලුයි තමයි. ඒත් ඒක එයාගෙ වැරැද්ද නෙවෙයි"

"එයාගෙ වැරැද්ද නෙවෙයි හා?"

අයියල දෙන්නම හිනා උනේ කැත විදියට. 

"අනේ අයියෙ මමයි එයා එක්ක යාලු උනේ"

උන් දෙන්න හිනා උනා.

"මාලි........... යන්න........ය....යන්න මෙතැනින්" ලැබිච්ච අවසරෙන් නාලක කෙදිරි ගෑව. 

"කට වහපිය බල්ලා" ඒ පාර නාලකගෙ මූනටම වැදුන් අ පාර ගැහුවෙ ලොකු අයියා. 

මාලිකා ඉස්සරහට දුවල ඇවිත් අයියල දෙන්නව නාලකගෙන් ඈත් කරන්න හැදුව. ඒත් එයාට එච්චර හයියක් තිබුනෙ නෑ. පොඩි අයිය එහාට මෙහාට හැරෙද්දි මාලික පස්සට විසි උනා.

ඒත් පොඩි අයිය ගහපු පාර වැරදුනා. වැරදීම නිසාම හොදට රිදෙන්නම ඒක නාලකට වැදුනා. පිටිපස්සට විසි වෙච්ච නාලක එතැන තිබ්බ ගලක ඔලුවත් වද්දගෙන බිම ඇදන් වැටුනා.

මාලිකා අඩාගෙනම නාලක වැටුන තැනට පැන්නා. නාලකව ටිකක් උස්සලා අත් හෙක උඩටගත්තා. 

"මාලි... ය...යන්න..යන්න"

"බෑ බෑ මන් යන්නෙ නෑ" 

මාලිකා නාලකගෙ ඔලුවෙන් අත අරන් බැලුව, හොදටම ලේ එනවා. හොදටම බය උන එයා අයියල දිහා බලල නාලකව අල්ලන් කෑ ගැහුවා.

මාලිකා තමන් ළගට ආව බව නාලකට දැනුනත් එයාට පෙනුනෙ බොද වෙච්ච රූපයක්, මාලිකාගෙත්, අයාගෙ අයියල දෙන්නගෙත් හඩවල් මැකිල ගිහින් පරිසරය සම්පූර්ණයෙන්ම වාගෙ නිස්සද්ද උනා. තමන්ට වෙච්ච දේ හිතාගන්නත් කලින් නාලක සිහිසුන් උනා.

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට


---------------------------------------------------------------------------------

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -