Posted by : Tharuka Gunaratne Monday, September 2, 2013



එදා මාලිකා ගෙදර ගියේ පුදුමාකාර විදියෙ සතුටකින්. ඒක එයාගෙ තාත්තට තේරුනත් එයා හිතුවෙ අලුත් රස්සාව ලැබුන නිසා මාලිකා සතුටු වෙනව ඇති කියල. මේ රැකියාව කරන්න මාලිකාට අනිවාර්යෙන්ම කොළඹ නවතින්න වෙනව. ගමේ ඉදල මෙහෙ එන්න බෑ කොහෙත්ම. හුගක් දුර වැඩියිනෙ. ඒකටත් තාත්ත විසදුමක් කල්පනා කරල තිබුන බව මාලිකා දැන ගත්තෙ ගෙදර ගිහින් අම්මයි අයියලයි එක්ක මේ ගැන කියල සතුටු වෙද්දි.

"ඔන්න අම්මේ මට එතන රස්සාව ලැබුන"
මාලිකා ගෙදර ගිය හැටියෙම අම්මව හොයාගෙන ගිහින් කිව්ව. එයා හිටියෙ කුස්සියෙ. අම්ම ආදරෙන් කෙල්ලගෙ ඔලුව අතගෑව.

"ලොකු දෙයක් දුවේ! කොහොමද එතැන හොදයිද?"

"අපොයි ඔව්"

"අනේ ඒ උනාට දුව ගෙදරින් ඈත් කරල තියන්න මම නම් කැමති නෑ. ඔය මහ නගරවල හැටි අපි ඔදට දන්නවනෙ දුවේ"

අම්ම කිව්වෙ ඇත්තටම. ඒ වෙලාවෙ පොඩි අයියත් එතැනට ආව.

"මොකෝ චූටි ඉන්ටවිව් එකේ උනේ?"

"මාව ගත්ත අයියෙ"

"එහෙ නතර වෙන්න වේවිලු නෙ පොඩි පුතේ" අම්ම කිව්වෙ පරිප්පු ඔද්දකට ලුනු දාන ගමන්. 

අයියගෙ මූනෙ පාච්චල් හිනාවක් ඇදුන.

"ගියාට නම් කමක් නෑ ඒත් කලින් පාර වගේ මගුල් නටනව හෙම නෙවෙයි"

ලස්සනට පිපිල තිබුන මාලිකාගෙ මුහුණ අදුරු උනා. ඒත් එයා මොකුත් කියන්නෙ නැතුව කාමරේට ගිහින් දොර වහ ගත්ත.
ගෙදර එන්න ටිකක් හවස් උන හන්දද කොහෙදෝ මාලිකාට දැනුනෙ මහන්සියක්. ඒක නිසා දවල්ට කෑම කාපු ගමන් එයා හොදටම නිදා ගත්ත.

හවස හතරට විතර මාලිකාට ඇහැ ඇරුනෙ මොකක්දෝ මතක් වෙලා වගේ. ආයෙම නාලකව බලන්න ලබන සදුද වෙනකම් ඉන්න බෑ වගේ එයාට දැනුන. කෙල්ලට මතක් උනා සුරංගිව. 

ඉක්මනට නැගිටල මූණ හෝදගෙන අම්මටත් කියලම සුරංගිලගෙ ගෙදර යන්න කියල මාලිකා එළියට බැස්ස. අහ්! අර ඈත් එන්නෙ සුරංගි නේද? මාලිකා දැක්ක එයා එනව. එළියට බැස්ස ගමන් වගේ. ඉතින් අත්තෙන් එලියට යන්නෙ නැතුව මාලිකා බලන් හිටියෙ සුරංගි ළගට එනකම්. එයා එන්නෙ මෙහෙටම බව මාලිකාට තේරුනා. ෆෝන් එකත් අතේ තියන් සුරංගි මේ පැත්තෙ එන්නෙ නොවැදගත් කාරනාවකට න්වෙන බව මාලිකා හොදටම දන්නව. සුරංගි සීරියස් කෙනෙක්. වැඩක් නැති දේවලට කාලෙ නාස්ති කරන්නෙ නෑ...

ගේට්ටුව ඇරගෙන සුරංගි මාලිකා ලගටම ආව. ඇවිත් මාලිකා එක්ක හිනා උනා. 

"අනේ ඔයා මේ කොහෙවත් යන්න ද මාලි?"
සුරංගි ඇහුවෙ ඇත්තටම.

"ඔයාලගෙ ගෙදර එන්න කියලයි එලියට බැස්සෙ. මට ලොකු උදව්වක් ඕන."

"මොකක්? මේ සතියට ඔය වචනෙ අහපු දෙවැනි වතාව මේ"

දෙන්නම හිනා උනා. මාලිකා සුරංගි ගෙ අතින් ඇදගෙන ගේ ඇතුලට ගියා. මාලිකාගෙ කාමරේට ගිහින් දොරත් බාගෙට වැහුවා. 

"ඉතින්. මොකක්ද ඕන කිව්ව උදව්ව?"
සුරංගි ඇහුවෙ උරහිස් නටවල. පොඩි එකෙක් වගේ.

"අනේ මේ...... ඔයා දන්නව නෙ නාලකව"

"ඔව්ව්ව්ව්ව්ව් ඉතින්"

"එයාව බලන්න ඕන"

"හා"

"හා? ඒ කිව්වෙ? උඹට පුලුවන්ද ඒක කරන්න?"

"ඇයි බැරි? මම මේ උඹලගෙ ගෙදර ආවෙ සැප දුක් බලල යන්න නෙවෙයිනෙ. නාලක කෝල් කරල කිව්ව ගමන් මම ආවෙ."

මාලිකාගෙ ඇස් දෙක නැටවුනා. කොණ්ඩෙ නැටවෙන්න ඔලුව ගස්සලා ආඩම්බරෙන් වාගෙ සුරංගි දිහා බැලුව.

"එයා මොකද කිව්වෙ? කියන්නකො ඉතින්"

"අප්පච්චියේ මෙකිගෙ මූනෙ තියන හිනාව. පුහ්:" 

සුරංගි කිව්ව.

"මම කිව්ව හෙට අපේ ගෙදර එන්නය කියල. උදේ එකොලහ විතර වෙනකොට එයා ඒවි. උඹට ඒක කියන්නයි මම ආවෙ"

මාලිකා උඩ පැන්න. පැන්නද? පැනුනද? කියල නම් කියන්න බෑ හරියටම. සුරංගිව හයියෙන් අල්ලල හෙලෙව්වා. තද කරල බදා ගත්තා.

"අත ඇරපන් මාලි" සුරංගි කිව්වෙ හිනාවෙවී. 

"අනේ උඹට කොහොම ස්තූති කරඳ මම"

"එව්ව බැරියැ පස්සෙ දැනට ඔහොම යමන්කො"
සුරංගි කිව්වෙ ඉදගෙන හිටපු තැනින් නැගිටල.



******************************

නාලක ඔෆිස් එකේ වැඩ ඉවර කරල තමන්ගෙ නවාතැනට ගිහින් අද වෙච්ච දේවල් ගැන ගොඩක් කල්පනා කලා. මාලිකාව තමන්ගෙම කර ගන්න තිබුන ආසාව ආයෙමත් හිත ඇතුලෙ දලු දාල වැඩෙන්න පටන් ඇරන් වගේ එයාට දැනුනෙ. වෙලාවකට මහ පිස්සු ආදරයක් කියලත් නොහිතුනේම නෑ. ඒත් මාලිකාගෙ අවංක මූන මතක් වෙන හැම වෙලාවකම එයාට දැනුනෙ පුදුමාකාර සතුටක්. මේ තරම් කල් ඈත් වෙලා හිටපු දෙන්න ආයෙම එකිනෙකාව දැකපු වෙලාව එයාට මතක් උනා. මාලිකා සුදුමැලි වෙච්ච හැටි. අනේ පව්! නාලකට හිතුන.

අනිත් එක ඉස්සරහ අනාගතේ මීට වඩා සුබයි. තමන්ගෙ සහකාර ලේකම් හැටියට මාලිකාව තේරුවෙ තමන් නෙවෙයිනේ. මේ ඔක්කොම කාලයාටම විසදන්න ඇරල ............

"ඒයි ඒයි අඩොව්ව් ගහන්න එපා"

කව්දෝ මරහඩ දීල කෑගහනව ඇහුන. නාලක හිටපු තැනින් නැගිට්ට. ගේට්ටුව ඇරල එලියට ගියා. තුන් දෙනෙක් පාලු අතුරු පාරෙ තව එකෙක්ට බිම දමාගෙන ගහනව. නාලක එතැනට දුවල ගියේ අසරණයට උදව් වෙන්න හිතාගෙන. හොරු වගේ ඉදපු අර තුන් දෙනා ගුටිකාපු කෙනාව බිම දමලම පැනල ගියා. 

නාලක ඒ මනුස්සය ලගට ගිහින් එයාට නැගිටින්න උදව් කලා. නැගිට ගන්න අමාරු උනත් ටිකක් ඉස්සිලා පාර අයිනෙ තාප්පෙට හේත්තු කරගන්න පුලුවන් උනා. 

"ඔයාට කොහොමද? හොස්පිටල් ගෙනියන්නද?"

නාලක ඇහුව.

"එපා මල්ලි ඒ තරම් අමාරුවක් නෑ. කොහොම උනත් ඉස්තුතියි ආවට"

"මොකෝ උන් අයියට ගැහුවෙ? සල්ලි කඩා ගන්නද?"

"පිස්සුද මල්ලි, ඔය අර ******* එවුන් කට්ටියක්. සැක්! මම තනියම නෙ අද ආවෙ"

මිනිහ ටිකක් එක විදියක එකෙක් කියල නාලකට තේරුනා. ඒත් එක්කම වෑන් එකක් ඇවිත් එතැන නැවැත්තුව. හත් අට දෙනෙක් බැස්සා. නාලක උඩ ගියා.

ඒත් ටිකක් ළගට ආපු කෙනෙක් අර වැටිල හිටපු කෙනාට නැගිටින්න උදව් උනා.

"උඹල එනකොට මේව වෙලා ඉවරයි" ගුටිකාපු කෙනා කිව්ව. 

"මේ මල්ලි නැත්නම් මම මෙතැන මැරිල මෙලාකට"

"සොරි බොස්, ආයෙ එහෙම වෙන් නෑ, නගින්ඩ වාහනේට"

"හරි! මල්ලි එහෙනම් බෝම ස්තූති කරපු උදව් වලට. අපිව මතක තියා ගනින්."

"හොදයි" නාලක බයෙන් වගේ කිව්ව. උන් කට්ටිය වෑන් එකේ නැගල පිටවෙලා ගියා.

නාලක වෙච්ච දේ හිතා ගන්න බැරුව ආයෙමත් ගේ ඇතුලට ගිහින් ගේට්ටුව ලොක් කරල දොරත් වහ ගත්තා

--------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට................................

--------------------------------------------------------------------------------

{ 1 comments... read them below or add one }

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -