Archive for October 2013

කොටන්න අපේ දේ පාර්ට් 2 වල දෙවෙනි කොටස..

ලංකාවේ දෙවන බක්ස් සයිට් 1. SLBUX





මෙන්න බලන්න ඉක්මන් වෙන තරමට වාසියි.. තාම උණු උණුවෙම. මේක තමයි ලංකාවෙ දෙවන බක්ස් සයිට් 1. මේක පටන් අරන් තාම සතියක් වත් නෑ ඒත් 12$ ගෙව්වා. මෙයාල මේ දවස් ටිකේ මෙම්බර්ස්ලට එක එක promotion දෙනව. පටන් ගත්ත ගමන් නිසා... පුළුවන් තරම් ඉක්මනට ගිහින් රෙජිස්ටර් වෙන්න...

ඔයාලට ඕනිම ගැටළුවක් ආවොත් මම අනිවා උදව් කරනවා මේ දවස් ටිකේ ටිකක් වැඩ වැඩියි. මේ මාසෙ ඉවර වෙන්න කලින් මම මේ සයිට් 2න් 10000/= පන්නල හොයන විදිහ කියනනව අනිවා. දැන්මම රෙජිස්ටර් වෙලා. තියෙන ඇඩ් ටික ක්ලික් කරල තියාගන්න.

ලංකාවේ පළවෙනි බක්ස් සයිට් 1 ගැන මෙතනින්.
Monday, October 28, 2013
Posted by Dinuka Wijesinghe
Tag :

ගන්න අපේ දේ පාර්ට් 2 ( කොටන්න අපේ දේ) සල්ලි දෙනව තමයි ඒත් මෙච්චර.............

අපේ දේ කෙටීම හෙවත් සුද්දාගේ ඇඩ් එපා කීම.



මගෙ පෝස්ටු කියවන බුවාලට නම් අමුතුවෙන් BUX ගැන කියන්න දෙයක් නෑ... බුවාල බුවීල දන්නවනෙ.... හරියට කලොත් මෙව්ව සල්ලි මැෂින්.

මේ ළඟදි ඉදල ලංකාවේ කොල්ලෝ එළි බහින්න පටන් අරගෙන නේ පස්ට විදිහට... මීට අවුරුදු 2ට විතර කලින් එළි බහින්න ගත්තනම් මේ වෙනකොට දුප්පත් අපිට පස්ට විදේශ විනිමයක් ඇවිල්ල, නැත්ද මං අහන්නේ... 

මේකත් ඉතිං සිද්ධියක් තමා. මේක ලංකාවෙ පස්ට නිර්මාණයක් තමා.. මම හිතන්නෙ ලංකාවෙ 2නි BUX සයිට් 1. ( 1 වෙනි 1 මේක ඈ.)  මෙව්වගෙ වෙන වැඩේ.. කරන්නේ PTC  ඒ කියන්නේ Paid to Click තේරෙන දෙමළෙන් ක්ලික් කොරනවට ගෙවනව.. ඇයි එහෙම ගෙවන්නේ එව්ව දන්නවනෙ මගෙ බුවාල බුවීල ටික... 

මේකත් ඉතිං ඔය උබල උඩ දාගෙන කොරන Neobux Probux වගේ තමා.. ක්රමෙ දන්න එවුන්ට සල්ලි උල්පතක් තමා.. 100% ලංකාවේ අපේමයි.. බය නැතුව පටන් ගන්න.. අවුලක් උනොත් ඇඩ්මින්ට සිංහලෙන්ම කියන්නත් පුළුවන්.. 

මේ තියෙන්නේ ඇඩ්මින් මට එවපු මැසේජ් 1 ඈ.....

සැ.යු:- ඩිපොසිට් කිරීම අනිවාර්යය නැත.

තව ඩිංගිත්තෙන් ලින්ක් පොජ්ජ පෝස්ටු පොජ්ජට මංද කොරන්න බැරි වෙනව

ඕං එහෙනං මංද කොරා මෙතන ඈ..

පුරස්න මොනව හරි තියෙනව නම් මාව කොනෙට් කොර ගන්න.



කොමෙන්ට් එකක් එහෙම තියල යන්න හොදේ....


Saturday, October 26, 2013
Posted by Dinuka Wijesinghe
Tag :

"මට හොරෙන් ක්ලාස් එකේ කෙල්ලො දිහා බලන්ඩ මෙයාට බෑ" - උත්පලා :: ඇය ආදරයේ දෙවගන වූවාය [4 කොටස]



මම නිවසට යන විටත් දෙමාපියන් නිවසට පැමිණ නැත. අක්කා මා එන තුරු මග බලා සිටියේ මට ඇති ආදරයක් නිස නොව ඈ ගේන්නට කියූ ෆෝන් කාඩ් එක ගන්නටය. අක්කා ගෙතුලට යන්නට පෙර මම ඈ නවත්වා ගත්තෙමි,

"අක්කේ පොඩ්ඩක් ඉන්නකො"

"ඇයි මල්ලි?" 
අක්කා මා දෙස හැරී බලා විමසුවාය. ඇගේ මුහුණේ විස්මය රැදී ඇත. මා මොකක් හෝ බරපතල දෙයක් අසන්නට යන බව ඈට ඉවෙන් මෙන් තේරුම් යන්නට ඇත.

"එනවකෝ,,, ම්පොඩ්ඩක් වාඩි වෙනවකෝ"

"ඔන්න" ඈ මා සමග සාලයේ පඩියේ  වාඩි වූවාය. 

"මොකෝ?"

"මේ උත්පලාගෙ තාත්ත නැති වෙලාද?"

අක්කා මා දෙස බැලුවේ ඇත්තෙන්ම පුදුම වීය.

"ඔව් මල්ලි, ඔයා කෝමද දන්නෙ?"

"එයා මට කිව්ව"

"පව්! ඊයෙලුනේ දානෙ තිබ්බෙත්"

"මූන බැලුවම මට තේරුනා මොකක් හරි අවුලක් විත්තිය"

"මේ"

"ඔව්?"

"තව මම නොදන්න කොච්චර දේවල් උත්පලා ගාව තියෙනවද?"


"කොච්චර තිබ්බත් මොකෝ?" අක්කා ඔච්චම් සිනාවක් පෑවාය.

"නෑ ඉතින් නිකමට ඇහුවෙ"

"ප්ව් මල්ලි.... බලනවා ඒකි එක්ක බැලුවම අපි කොච්චර වාසනාවන්තයිද?"

"හ්ම්ම්ම්ම්ම්ම්"

"එයැයිගෙ අම්මයි එයයි විතරයි ඉන්නෙ! අම්මා නම් කොහේදෝ මන්ද රස්සාවක් කරනවා! ඉස්සර කලේ නැතිලු. අපේ අම්මයි එයාට ඒ ජොබ් එක හොයා දුන්නෙ...... ජොබක් නොකලත් ජීවත් වෙන්නා තරම් ආදායමක් එනවලු. උන්ගෙ දේපොල එහෙම තියෙයිලුනේ"

"ඉතින්?"

"ඉතින් එහෙම තමා................ මේ මන් යනව කුස්සියට. තමුසෙත් ඔය කුණු ගොඩවල් අවුස්සන්නෙ නැතිව ගිහින් පොතක් බලා ගන්නවා"

අක්කා මා ලගින් නැගිට ගෙතුලට ගියය.

මම එතැනටම වී කල්පනා කලෙමි. "උත්පලා" වෙනදා නැති මොකක්දෝ අමුතු දුකකින් මගේ හිත බර වී ඇති බව පෙනේ. මට කුමක් වී ඇතිද? 


**************************

පාසල් නිවාඩුව තවත් සති ගණනකි. කාලය පියාඹා යයි. ඒ අස්සේ ගණන් පන්තියේ "සර්" තුමා විශේශ ප්‍රශන පත්‍ර පන්තියක් දමා අප හැමෝටම ඒ සදහා පැමිණෙන මෙන් නියෝග කරන ලදී. උදෑසනම පැවති එම පන්තියෙන් වැඩි ඵලදාවක් නෙළාගත් හැකි බව සර් ගේ අදහස විය.

මමද නිදිමතේම නැගිට දත් මැද හැද පැලද ලක ලෑස්ති වීමි. උත්පලා අප නිවසට පැමිණි දින සිට දින තුනක් ඉක්ම ගිය මේ දිනයේ අක්කාද ඇගේ උපකාර්ක පන්ති සදහා යාමට සූදානම් වූවාය. මම අක්කාත් සමග නිවසින් පිටවීමි.

වෙලාව උදෑසන අටහමාරය. පන්ති පටන් ගන්නේ නවයටය. අක්කාගේ පන්තිය නවයහමාරටය. අපි හෙමින් හෙමින් පාර දිගේ පියමැන්නෙමු. කාන්ති නැන්දලාගේ ගෙදර දොර වැසෙන හඩක් ඇසුණි. අක්කත් මමත් ඒ දෙස බැලුවෙමූ. 

ඔව්! ඒ උත්පලා විය. තම මව රාජකාරී සදහා පිටත්ව ගොස් ඇත්තේ දුවණිය තනිකර දමාය. ඈ තනියම හැද පැලද තනියම පන්ති යාමට සූදානම් වී ඇත. අක්කාත් මමත් පාරේ යනු දැක ඇය අත වනා කෑ ගැසුවාය.

"ලක්ශිකා අක්කේ.... පොඩ්ඩක් ඉන්නෝ මමත් එනෝ"

අක්කාත් මමත් නැවතුණෙමි. උතපලා මා ඉදිරියට පැමිණියාය.

ගුඩ් මෝනින් අක්කේ, ගුඩ් මෝනින් දසිත්"

"හ්ම්ම් හ්ම්ම් ගුඩ් මෝනින්"

මම පැවසීමි. ඈ වෙනදාටත් වඩා ලස්සනය. අවංකවම ඒ ඇගේ හැටිය. ඩෙනිම් සායක් ඇද සිටි ඇය එවැනිම ලා නිල් පැහැ ඇදුමක් හැද සිටියාය. 

ගොඩ් මෝනින් නංගී. කොහෙද ක්ලාස් අද?"

"අපෝ අර ගණන් ක්ලාස් එක අක්කේ, එපා වෙනවා"

ඈ මුහුණ සාදා ගත් ආකාරයට මට සිනා පහළ විය.

"කොයි? අපේ මල්ලි යන එක?"

"නැතුව"

"අපෝ ඒ සර් මරුනෙ නංගී"

"නෑ! ඒ මනුස්සය පන්තියෙ ඉන්න කෙල්ලො දිහා බලන් ඉන්නව මිසක් හරි උගැන්නිල්ලක් නෑ. මම මේ යන්නෙත් අද පෙපර් ක්ලාස් එක හන්ද"

"එහෙමද?"

"නැතුව, කියනවකො දසිත් අක්කට"

"මට නං කිසිම අවුලක් නෑ" මම කීවෙමි.

"ඒ සර් හොදයිනෙ"

"අපෝ අගේ ඇති අක්කයි මල්ලියි"

උත්පලා සිනහ වූවාය. 

"නගා ආයෙම ඒ පැත්තෙ එන්නෙ කවද්ද? මේ ගෙදර තනියෙන් ඉන්න එකේ නරකද ඒ පැත්තෙ ආවම?"

"ඔව් අක්කේ මටත් එහෙම හිතුන"

"ඒකනෙ ලමයා, මහ දවාලෙ උනත් කෙල්ලෙක්ව තනියෙන් තියන්න බෑ මේ කාලෙ"  

මම කීවෙමි. අක්කා සිනහ වූවාය.

"උත්පලාගෙ අම්මටවත් නැති අමාරුවක්නෙ යකෝ මූට හැදිල තියෙන්නෙ"

උත්පලා මා දෙස බලා සිනහ වූවාය.

"එහෙම තමා අක්කේ.... හොද යාලුවො උනාම"

මම කීවෙමි. උත්පලා නිහඩය.

"අහා! එහෙමත් එකක්ද?"

"නැතිනම්"

"පුහ්! අපි ගැන එහෙමත් ඔහොම හොයා බලනවකෝ"

"මොනා බලන්ඩද? තමුසෙව ඉතින් හොරෙක්වත් උස්සන් යන එකක්යැ"

"මැට්ටා"

"මැට්ටි"

"හා හ නවත්තනව දෙන්නම ඕක"

උත්පලා සිනහවෙන්ම කීවාය. 

"දසිත් කිව්වෙ ඇත්තනෙ අක්කේ, තනියෙන් ඉන්න එපා කියල අම්මත් මට කීව. ඒත් මමයි ගෙදර නැවතුනේ....... හෙට ඉදල මම එන්නම්කෝ"

"බුදු අම්මේ.................."

අක්කා කම්මුලේ අත තියා ගත්තාය.

"මේකිත් දැන් මල්ලිට සපෝට් නේද?"

"ඔව් ඔව් එයා මට සපෝට් තමා... ඇයි අවුල්ද?"

"අනේ නෑ" අක්කා ඇසක් වසා ඉගි මැරුවාය. 

"කිසිම අවුලක් නෑ"

"අක්කේ......" 

උත්පලාත් මමත් පැවසුවේ එකවිටමය. දෙදෙනාගේම හඩවල් වල තරහව මුසු ලැජ්ජාවක් ගෑවී තිබුනා වගේ මතකය.
අක්කා සිනහ වූවාය.

"නංගියේ මේකා කෙල්ලෙක් දිහා එහෙම ඇහැක් ඇරලා බැලුවොත් මට කියන්ඩ ඕනේ හොදේ"

"නැතුව නැතුව" උත්පලා කීවය.

"එව්ව කොහෙද" මම කීවෙමි.

"මට හොරෙන් ක්ලාස් එකේ කෙල්ලො දිහා බලන්ඩ මෙයාට බෑ අක්කේ"

"මම බලල පෙන්නන්ඩද?"

"බැලුව ගමන් අක්කට කෝල් එකක් දෙනවා"

"අන්න! අන්න නංගිලා" අක්කා කීවාය.

"කමක් නෑ! කමක් නෑ! කැමති දෙයක් කර ගන්න.... ඉන්නවකෝ අක්කගෙ හොර වැඩත් මන් ඉක්මනටම හොයා ගන්ඩ"

"උඹ හොයා ගනියි මගෙ වලිගෙ"

මමත් උත්පලාත් සිනහ වූයෙමු. එහෙත් ඉදිරියට ගණන් ක්ලාස් එකේදී සිදුවන්නට යන දේවල් පිළිබද අප දෙදෙනාටම කිසිම වැටහීමක් නොතිබුණි.




---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට........................

ලියන මම 

---------------------------------------------------------------------------------

ලියන මම -


------------------------------------------------------------------------------------------------------------
Friday, October 25, 2013
Posted by Tharuka Gunaratne

"ඒත් ඔයාලත් කවද හරි මගෙන් ඈත් වේවි" - උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [3 කොටස]



ඇත්තය! අක්කා කිවූ දිනයට ඈ අප නිවසට පැමිණියාය. එහෙත් තනිව නොවේ. ඇගේ මවද, නැතිනම් අප කවුරුත් කතා කරන "කාන්ති" නැන්දා ඈ එක්කන් ආවාය.


"බලන්න දුවේ, මේ කෙල්ල මේ ලෝකෙ වැඩක් කරන්නෙ නෑ"

ඇගේ අම්මා කීවේ අක්කාටයි.

"ගණන් එහෙම පාඩම් කරන්න පුලුවන්ද? ඈ? බෑ නේ! කොච්චර කිව්වත් ගණන් හදන්නෙ එහෙම නම් නෑ වැරදිලාවත්"


කාන්ති නැන්දා නෝක්කාඩු නැගුවාය. ඇය කුමක් කීවද උත්පලා ගණන්කාරියක් බව මම හොදින්ම දැන සිටියෙමි. මටත් සමහර වෙලාවන්හි ඈ ගණන් කියා දීමට ඉදිරිපත් ඌවාය. එහෙත් මම ඒ බවක් කියන්නට නොගියෙමි. ගෙදර සිටියේ අක්කාත් මමත් පමණි. අම්මාත් තාත්තාත් රැකියාව සදහා පිටත්ව ගොස්ය. අක්කා පමණක් ඔවුන් සමග කතා කිරීම හොද නැතියැයි සිතූ මම කාමරයෙන් පිටතට පැමිණියෙමි. උත්පලාත්, ඇගේ අම්මාත් මා දෙස බලා සිනාසුනහ. මමද පොඩි සිනහවක් පෑවෙමි.


"පුතාත් අපේ දූගෙ වයසෙ නේද?"


"ඔව් නැන්දේ"


"දෙන්නට එකට පාඩම් වැඩ එහෙම කරන්න බැරිය?"


ඇගේ අම්මා කොතරම් මෝඩද? නොදන්න කොල්ලන් විශ්වාස කිරීම හොද නැත. මම පිළිතුරු නොදුන්නෙමි. ඒ වෙනුවට සිනහවක් දමා උත්පලා දෙස බැලීමි. ඈ පෙරදින රාත්‍රියේ නිදිමැරූ බවට සලකුනු තවමත් ඉතිරිව තිබුනි. ඈ පාඩම් කරන්නට ඇත. "පව්"


උත්පලා නිවසේ රදවා කාන්ති නැන්දා නගරයට යන බව පවසා පිටත්ව ගියාය. අක්කා ඇයත් සමග මේසයට වාඩි වී කුමක්දෝ විස්තර කරන්නට වූවාය.



***************************

කෙසේ වුවත් අක්කා ඈ දන්නා සියලු ශිල්ප උත්පලාට උගන්නා ඈ පිටත් කරන්නට යන විට බිම් කලුවර වැටෙමින් තිබුනි. මම සාලයේ සෝපාවේ හොද නින්දක සිටියෙමි. අක්කා පැමින මා නැගිට්ටෙව්වාය. මොකක්දෝ කරුමයකට හැම කුණුගොඩම බේරුවල් බොක්කට ගලනවාක් මෙන් තවත් භාරදූර රාජකාරියක් අක්කා මට පැවරුවාය.

"මේ බං උත්පලා නංගිව ගෙදෙට්ට ඇරලල වරෙන්කො"


"අනේ අක්කෙ? ඇයි අක්ක යන්ඩකෝ?"


"මම ගියාම කව්ද ගොනෝ රෑට කන්ඩ් උයන්නෙ? අම්ම එනකොට රෑ වෙයි කිව්ව"


"අනේ නිදිමතයිනෙ"


"පව් යකෝ ඒ කෙල්ල! තනියම යන්නම් කිව්ව. ඒත් මේ කලුවර වැටිච්ච වෙලාවෙ තනියෙන් ඒකිව යවන්න බෑ නෙ මල්ලි. ඉතින් ටක් ගාල ගිහින් එනවකො! වැඩි දුරක් නෑ"


"හා හා එහෙනම්" මම පැවසීමි.


"හොද කොල්ලා, මේ එනගමන් කඩේට ගිහින් පණහෙ ඩයලොග් කඩ් එහෙකුත් ගෙනෙන් සුදු මල්ලියේ" අක්කා කීවේ රුපියල් පණහක් මා අත තබාය. මම කාමරයට ගොස් අවුලක් නැති ඇදුමක් දාගෙන පිටතට පැමිණියෙමි. උත්පලා අක්කාත් සමග සාලයේ බලා සිටියාය. අනතුරුව මම ඈ සමග පාරට බැස්සෙමි.


මා මොහොතක් නිහඩව ගමන් කලත් උත්පලාට නම් එසේ කරන්නට නොහැකිය. මම ඒ බව දනිමි. ඈ කියවනවා වැඩිය, නරකක් නොවේ, කියවන කෙල්ලන් ලග පාලුව නැත.

එහෙත් අද ඈ නිහඩය. බිම බලාගෙන පොත් ටිකත් තුරුලු කරන් ඔහේ ගමන් කරයි. මම ඈ දෙස බැලුවෙමි. වෙනදා ඇති සිනහව ඈ කෙරෙන් ඉවත්ව ඇත. මුහුණ වෙනදාට නැති අමුතු මලානික පාටකින් වැසී ඇත. බොහෝ වෙලාවක් හැඩූ අයකුගේ මෙන් ඇස් දෙක මදක් රතුය.

"ඒයි, මොකෝ?"


"ඇයි දසිත්?"


"නෑ! මොකක්ද ප්‍රශ්නෙ?"


"මට? අනේ නෑ දසිත්! කිසිම ප්‍රශ්නයක් නෑ"


ඈ බිම බලාගෙනම උත්තර දුන්නාය.


"නෑ උත්පලා, මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව! මට ඒක ඔයාගෙ මූණෙන්ම පේනව"


හ්ම්ම්ම්ම්! ඔව්! මා ඈ නමින් ඇමතූ ප්‍රතම අවස්තාව එය විය. මම කොතරම් මිතුරු උවද මින් පෙර කිසි දිනක ඈ නමින් ඇමතුවේ නැත. ඈට "කාඩ්" එකෙන් ඇමතීමි. [එය පැවසීම සුදුසු නොවේ]


ඈ මා දෙස තත්පර කීපයක් බලා සිටියාය. ගමන් වේගය අඩු කලාය. ඈ කුමක්දෝ සිතේ සගවගෙන දුක්වන බව මට වැටහුනි.


"කියන්න ලමයෝ, ඔච්චරම හංගන්නෙ ඇයි? ප්‍රශ්නයක් නම්  මම උද්ව් කරන්නම්"


"නෑ දසිත්, ඔයාට බෑ!"


මතක තබා ගන්න. තමන් කැමති කෙල්ලක් තමන්ට යමක් කල නොහැකි බව පැවසීම ඔබේ සිතට එල්ල කරන දරුණු පොලු පහරකි.


"කියල ඉන්නවකෝ බැරි පුලුවන්කම කියන්න"


"ඔය ඔයාට තරහ ගිහින්"


"හ්ම්ම්ම් ටිකක් විතර"


"නෑ දසිත්! ඔයාට තියා කිසි කෙනෙක්ට බෑ ඒ ප්‍රශ්නෙදි මට උදව් කරන්න"


"ඇයි ඒ?"


"දන්නවද ඊයෙ දිනේ කවද්ද කියල?"


"නෑ? විසි හතරද කොහෙද? ඇයි?"


"ඊයෙ තමයි තාත්තගෙ අවුරුදු දෙකේ දානෙ"


"හෑ?"


මම පසුතැවිලි වීමි. ඇගේ පියාගේ දානේ? ඔහු මියගොසින්ද?


"ඔව් දසිත්, කාටවත් මේක කියන්න එපා, මම ඔයාව අන්ශුවර් කරනව නෙවෙයි ඒත් ප්‍රොමිස් වෙන්න"


"අනිවාර්යෙන්! සොරි උත්පලා! මම ඒ බවක් දැනන් හිටියෙ නෑ"


"ඔව්, අපි මෙහෙ පදිංචියට එක්ක අවුරුද්දකට කලිනුයි තාත්ත නැති උනේ, මට ඊයෙ එයාව ගොඩාක් මතක් උනා දසිත්!"


මම ඈ දෙස බැලීමි, ඇගේ අහිංසක දෙනෙත් අග තවත් කදුලු බිදුවක් නැග ඇත.


"මම ගොඩාක් අඩන්න ඇති තනියම කාමරේට වෙලා! අම්ම කැමති නෑ මම දුක් වෙනව බලන් ඉන්න, ඒත් තාත්ත එක්ක ඉදපු අතිතෙ මට අමතක වෙන්නෙ නෑ, සමහර විට අම්ම මම අඩනව දකින්න ඇති, ඒකයි මාව ඔයාලගෙ දිහා එව්වෙ"


"උත්පලා"


මම පැවසීමි.


"ඔයා දුක් වෙන්න එපා, ඔයා තනි වෙලා නෑ නෙ! ම්ම්ම්ම්ම් මම, අක්කා, අපේ අම්මල තාත්තල, ඔයාගෙ අම්මා, ඉස්කෝලෙ අය........ මේ හැමෝම ඔයත් එක්ක ඉන්නව හැමදාම"


"තෑන්ක්ස් දසිත්, ඒත් ඔයාලත් කවද හරි මගෙන් ඈත් වේවි"


ඈ කීවේ පාරේ ඈත බලාගෙනය.


"නෑ අපි ඉන්නව හැමදාම ඔයත් එක්කම! ආයෙමත් කවදාහරි දුකක් දැනුනොත් අපේ ගෙදර දොර ඇරල තියෙන්නේ! ඕන වෙලාවක අක්කත් මමත් ඉන්නව ඔයාගෙ දුක අහන්න"


ඈ යන්තමින් සිනහ වූවාය. අත් ලේන්සුව ගෙන ඇස් දෙක පිසදා ගත්තාය.


"දැන්වත් හිනාවෙලා ඉන්නවා, ඔයා දුකින් ඉන්නකොට මතත් නිකම් ඇඩෙන්න වගේ"


"ආ? ඒ මොකටද ඔයා දුක් වෙන්නේ?"


මම නිරුත්තර වූයෙමි.


"යාලුකමට"


ඈ සිනහ වූවාය! දුක්බර සිනහවක් වූවද ඈ තුල පැවති ලස්සන ඒ තුලින් නොමදව විදහා දැක්විණි, ඔයින් මෙයින් අප ඇගේ නිවස අසලටම පැමිණ තිබුණි. ඈ මා දෙස බැලුවාය. ගෙතුල ඇගේ අම්මා කිසියම් වැඩක් කරනු, විදුලි පහන් එළියෙන් මට පෙණුනි,


"එහෙනම් උත්පලා මන් යනවා. ආයෙ එන්නකෝ ඒ පැත්තෙ"


"තෑන්ක්ස් දසිත්! එන්න වෙනවා කොහොමත් ආයෙම! ගණන් අහගන්න එපැයි....... ඇතුලට එනවද ඔයා? ම්ම්?"


"දැන් බෑ ළමයෝ! පස්සෙ එන්නම්කෝ හොදේ, මම යනවා තවත් රෑ උනොතින් මට මෙහෙ ඉන්නයි වෙන්නේ"


"හ්ම්ම් හ්ම්ම් පරිස්සමින් යන්න හොදේ"


ඈ දුබල ලෙස අත වැනුවාය. මම ඈ ගෙතුලට යන තෙක්ම ඈ දෙස බලා සිටියෙමි.


--------------------------------------------------------------------------------


==============================================



ඉතිරිය පසුවට...............................................


==============================================




------------------------------------------------------------------------------------------------------------


ලියන මම - 

Monday, October 21, 2013
Posted by Tharuka Gunaratne

"අනේ සොරි ඔයා නිල්ම නිල් පාට වෙලා" :: උත්පලා :: ඇය ආදරයේ දෙවගන වූවාය [2 කොටස]




උත්පලා ගැනම වැඩියෙන් කියවීම ඔබ අනුමත නොකරනු ඇත. එහෙත් ඇය මෙහි කතානායිකාව වීම මාගේ වරදක් නොවේ. එබැවින් ඇගේ නාමය නොමෑතිව මෙම කතාව සාදාරණව ඉදිරියට ගෙනයා නොහැක. මම ඇගේ පෙනුම පිළිබද අංශු මාත්හ්‍රයක සිතිවිල්ලක් ඔබට ගෙනහැර දැක්වීමට සමත් වීමි. එහෙත් ඔබ ඇයව හදුනන්නේ නැත. කිසිදා හදුනා ගන්නේද නැත. ඔබ ඇගේ ගතිගුණ ගැන ප්‍රශ්න කරන්නේ නම් මම මෙසේ කෙටි පිළිතුරක් දිමට සූදානම්ය. "ඈ හරියටම මගේ සොහොයුරිය වැනිය" මගේ සහෝදරිය පිළිබද නොරුස්සන ස්වභාවයක් දක්වන මා වැන්නකු මිතුරියක් සහෝදරියකට සමාන කරන්නේ මන්දැයි ඔබ අසනු ඇත. එය මට අමුත්තක් නොවේ. මාගෙන් කොතෙකුත් දෙනා එසේ අසා ඇත. එය පැහැදිලි කිර්‍රිම මදක් අමාරු කාරියකි. උත්පලා මා සමග කොයිතරම් මිතුරු උවද ඈ තුල පැවති එක් ගුණාංගයක් මෙයට හේතුව වන්නට ඇත. ඒ නම් මා ගැන සහ වඩාත්ම මගේ අද්යාපන කටයුතු පිළිබදවද අක්කාටත් වඩා සෙවිල්ලකින් ඈ පසුවීමයි. මගේ පිස්සු වැඩ වලටත් කිසිවක් නොකියාම උදව් කරන, එහෙත් පමණට වඩා මා "වළෙහි" හැසිරෙන බව දුටුවොත් ඈ සතු නිශේද බලය පාවිච්චි කොට මා ගොඩගන්නා මෙවන් කෙල්ලෙක් ගැන ඔබ අසාවත් නොමැති බව මම ඔට්ටු අල්ලමි. ඇත්තය! ඈ මා පිළිබද දරණ්නේ තවත් එක කොල්ලෙකු ගැන දක්වන හැගීමක් නොවේ. එහෙත් එය ආදරයත් නොවේ, මේ ලොව අතර මා ඈ ඉදිරිපිට මොකක්දෝ සිතා ගත නොහැකි හේතුවක් නිසා දන නමමි. අක්කා මමත්, උත්පලාත් ගැන දරණ්නේ වෙනස්ම අදහසකි. ඈ සිතා ඉන්නේ මා තවමත් පොඩි එකා බවත් සහ උත්පලා යනු ඇගේ ඔත්තු සේවයේ දක්ශ සේවිකාවක් බවත්ය. මා සමග මිතුරු කෙල්ලෙක් සිටීම පවා අක්කාට මහත් විනෝදයක් ගෙන දුන් බව නම් නොරහසකි.

 "පුදුමයි මල්ලි උඹේ යාලුවෙක් හැටියට වත් කෙල්ලෙක් ඉන්නවා" 

ඈ මට දිනක් කිව්වාය. 

 "ඒ මොකෝ හරකියේ?" 

 "නෑ ඉතිං පෝරිසාදයෙක් එක්ක යාලුවෙක් වෙලාවත් ඉන්ඩ කැමති කව්ද, පිස්සු නටන් නැතුව වැඩ කරනවා නැත්නම් කෙල්ලෙක්වත් බලන එකක් නෑ"

 "ඉතිං බං බලන් නැත්තෙ මගෙ දිහානේ, ඒකට ඔහෙගෙ ඇග කසනවද?"

 "නෑ ඉතිං" 

අක්කා සමච්චල් සිනාවක් පෑවාය.

 "මගෙ මල්ලියා ගෙදරට නාකි උනාම මට නෙවේ බලාගන්ඩ වෙන්නේ කන්ඩ අදින්ඩ දීලා" 

 ඈ අදහස් කලේ කුමක්දැයි, මට වැටහීමට දින ගණනාවක් ගත උවත්, ඇගේ එම ඇනුම්පදය නිසාම මම වැඩියෙන් කෙල්ලන් ආශ්‍රය නොකලෙමි. මුලින් මා උගත් බාලක පාසලේදී මෙන්ම මෙහිදීද එසේ ඌවා නම් මගේ අනාගතයම මහා "ගෑනු ඩයල්" කාඩ් එකකින් සැරසෙන බව මම අදටත් සිහි කරමි. මාගේ යහලුවන් අතරට තම ගැංසියේ උත්පලාද එක් වූ බව අක්කා දැන ගත්තේ කෙසේදැයි මම නොදනිමි. එහෙත් ඈ එය දැන ගත්තාය. 10 ශ්‍රේණි අවසාන වාර විභාගයේ අවසාන දිනයේ මම චිත්‍ර විශයේ යෙදීම නිසා අනිත් උන්ගේ පිටවීමෙන් පසුවද මට රැදී සිටීමට සිදු වූයේ පෙර පවකට විය හැක. කල්පයක් මෙන් දැනී ගිය අමතර පැය තුනකට පසු මම පන්තියෙන් පිටතට පැමිණෙමින් සිටියෙමි. කිසිවෙකු විසින් එල්ල කල නිල් ප්‍රහාරයකින් මම නෑවී ගියෙමි. ඉහින් කණින් නිල් පැහැ බේරෙන අතරේ මා අදීක්ශණයට සිටි ගුරුතුමාද කට ඇරන් මා දෙස බලා සිටියේය. 

ඉන්පසු මා පිටුපස සිටි අයෙක්ට අත දිගු කොට 

 "මෙහෙ වරෙන්" 

කීවේය. ඉදිරියට ආවේ කව්දැයි ඔබ අනුමාන කරන්නට ඇත. ඔව්! ඒ උත්පලා විය. 

 "කිව්වහම වරෙන්!" 

 ඈ ගුරුවරයා ළගට ආවාය. ඇගේ ඇස් දෙකින් කදුලු නොවැටුනත් අතෙහි වූ ජලය පිරුණු පොලිතින් කවර දෙකක් මගේ නෙත ගැටුනි. 


 "තමුසෙ හිතන් ඉන්නෙ මේක කෝලම් මඩුවක් කියලද? ඈ? ඉස්කෝල අස්සෙ ඕව බෑ....... බලනවා තව ඩිංගෙන් මමත් ඉවරයිනොවැ? ඈ? අද තමුසෙට කලින් යන්න බෑ! දණ ගහනවා මෙතැනින්. හ: මුං කෙල්ලො නෙවෙයිනේ වසවර්ති මාර දූතියො" 


 ගුරුතුමා ඇගේ අතින් අල්ලා බිම දණ ගැසීමට නියම කලේය. මම ඈ දෙස බැලුවෙමි. අභය දානය ඉලා හඩන අහිංසකාවියක් මෙන් ඈ නෙත් බිම යොමා සිටියාය. පිටුපසින් ඇසුනු සද්දයකින් මම එදෙස හැරුණෙමි. එහි සිටියේ අක්කාය. උත්පලා නිල් ගසන්නට ඇත්තේ අක්කාටය, එහෙත් එය වැදුනේ මට නිසා ඇයට දඩුවම් විදීමට සිදුව ඇත. මට අක්කා කෙරේ කෝපයක්ද, උත්පලා කෙරෙහි අසීමිත අනුකම්පාවක්ද ඇතිවිණි. ඇගේ දෑසේ වූ බැල්ම එවැනො හැගීමක් ඕනෑම අයකු තුල ඇති කරන්නට සමත් වේයි. 


 "සර්!" 


මම හඩ අවදි කළෙමි. ගුරුවරයාත්, උත්පලාත් මා දෙස බැලුවේ එකවිටය.


 "සර්! මගෙත් වැරැද්ද, මම මොකුත් බලන් නැතුව එළියට පැන්න. මෙයාට යන්ඩ දෙන්න සර්..... නැත්නම් මටත් මේ දඩුවම ඕන"


ගුරුවරයාගේ කට කොණකට නැගී ආවේ සිනහවකි. 


 "ඔය ළමයද එතකොට වැරදි? ඈ? හ: විනයක් තියෙන්න ඕන මොන දේක උනත්"


 කෙල්ලෙක්ව බිම දණගස්වා තිබීම විනයවත්දැයි ඇසීමට සිතුනද මම කට වසා ගතිමි. 


 "ඔය ළමය මෙතැනින් යන්ඩ දැන්, විබාගෙ ඉවරයිනෙ! ඈ? මෙයා ඉදපු දෙන්" 


 මම එකටෙක කිරීමටම උපන්නෙමි. ගුරුවරයා බලා සිටියදීම ඈ අසල දණ නමා බිම වාඩි වීමි. අක්කා මුව හයාගෙන මා දෙසත් ගුරුවරයා දෙසත් බැලුවාය. ගුරුවරයාට උපරිම කේන්තියම නැංග බව අක්කාට වැටහෙන්නට ඇත. ඇය සිය බලය පාවිශ්ශි කලේ මේ වෙලාවේදීය. ඇය කිසිත් නොදන්නා සේ පන්තිය තුලට ආවාය. ගුරුවරයා හමුවී මදක් කතා බහ කරන ලදී, අනතුරුව මගේත්, යෙහෙළියෙගේත් කණින් අල්ලා ඇදගෙන යන අක්කාව දර්ශනය විය. 

 අක්කා මාව රැගෙන ගියේ පාසලේ ක්‍රීඩාගාරය දෙසටය. යම් තරමක පාළු බවක් ඉසිලුවත් විභාග නිසා පාසල් කලින් අවසාන වීමේ ප්‍රීතිය සැමරීමට පිට්ටනියේ නොයෙක්කුත් ආතල් පැවැත්විණි. 


 "තමුසෙල දෙන්න අදුරණව කියල මම දන්නෙ නෑ නෙ? ඒ කොහොමද?"

 අක්කා ඇසුවාය. ඒ වචනවල ගැබ් වූ අර්තය මට වටහා ගැනීමට අපහසු නොවිණි. අක්කා අසන්නේ ඈ මගේ පෙම්වතීද යන්නයි. 
 උත්ත්‍ර දුන්නේ මම නොව උත්පලාය. ඈ සිය කුරුලු සරින් සියලු විස්තර අක්කාට පැහැදිලි කර දුන්නාය. 

 "හ්ම්ම්ම් හ්ම්ම් එහෙමයි උනේ එතකොට නේද" 

 අක්කා නඩු තීන්දුව දෙන්නට සූදානම් වෙයි. 

 "කොහෙද එක පන්තියෙ උනාට අද වෙනකම් කතා කරලවත් නෑ" උත්පලා අක්කාට කීවේ මා දෙස බලා නෝක්කාඩු ස්වරයෙනි.


 "එහෙම තමයි අපේ මල්ලිලා!" අක්කා මා වැනුවාය. 


"ඒ උනාට මම කරපු දේ සාදරණ කරන්න හැදුවනෙ මෙයා, තෑන්ක්ස්! ඔයා හොදම හොද කොල්ලෙක්"


 උත්පලා කීවේ ඇත්තෙන්ම ස්තූති පූර්වකව බව මට වැටහුණි. 


 "අපෝ ඕක මොකක්ද! මම කලේ මට හරිය කියල හිතුන දේ! අනික කෙල්ලෙකුට ඔහොම පනිශ් කරන්න හොදද? නෑ නේ"

 මම කීවෙමි. 

 "යකෝ! මයෙ හිතේ මේකා ඔය කෙල්ලෙක් එක්ක මූණට මූණ කතා කලේ මම දැකපු පළවෙනි පාරට."

 අක්කා සමච්චලයෙන් කීවාය. 


 "කොහෙද ගෙදරත් ඉතිං ගෑණි වගේනේ ඉන්නේ"

 අක්කාගේ වදන් හමුවේ උත්පලා මා දෙස බලා සිනාසුනාය. [කලිසම මා වෙතින් මිදී පියාඹා යනු මට දැනුනි, එය ඈත අහසේ පාවී ගියේය]

 "අනේ එහෙම පේන්නෙ නෑ නේ" 

උත්පලා මා ආරක්ශා කිරීමට මෙන් කීවාය. 


 "ඒක නෙවී දැන්වත් ඔයාව අදුරගන්න එපැයි, නම මොකක්ද?" 


 මම ලැජ්ජාව වසාගැනීමටත් සමග ඇසීමි. 

 "මම උත්පලා! ඔයා?"
 ["උත්පලා" ඒ වචනය මගේ දවසේ වචනය වූවාට සැක නැති, ඒ තරම්ම අර්තයක් එහි විය] 

 "දසිත්" 

 "මේ ඉන්නෙ මගෙ වන් ඇන් ඔන්ලි සහොදරයා" 

අක්කා ඌණ පූරණයක් එක් කලාය. උත්පලා සිනහ වූවාය.

 "මට යන්න ඕන අක්කෙ! ස්කූල් වෑන් එක ඇවිත් ඇති. බායි! මම යනව දසිත්! අනේ සොරි ඔයා නිල්ම නිල් පාට වෙලා" 

 "නිල් වලින් නෑවම රතු පාට වෙනවයැ මෝඩියේ, පරිස්සමින් යන්න" 

අක්කා කීවාය.

 "අපෝ කමක් නෑ, බායි!" 

 මමත් කීවෙමි. සබකෝලයක් නැතිව ඒ වචන පිට කිරීමට ලැබීමද වාසනාවකි. එදින සවස අක්කා මා පාඩම් කරද්දී මගේ කාමරයට ආවේ මා සදහා තේ කෝප්පයකුත් රැගෙනය. වේලාව සවස හතරට පමන වූයෙන් මව සහ පියා තවමත් පැමිණ නැත.


 "මල්ලි පාඩම් කරනවද?"

 ඈ ඇසූ ප්‍රශ්නයෙන් මම පුදුම වීමි. 

 "මොකෝ කවදාවත් නැතුව මාව මතක් වෙලා? ශාහ්! තේ එකකුත් හදල තියෙන්නේ" 


 "හ්ම්ම්, මල්ලි මේ" 


 "ඔය එන්නේ නම් මොකක් හරි ඉල්ලන්න, මට තේරෙනව ඒක"


 "ඔව්"


 "මොකක්ද?"
 අක්කා මා අසලින්ම වාඩි වූවාය.

 "මල්ලි, මම ඔයාව දැක්කෙ මහ වගකීමක් නැති වස නපුරෙක් විදියට, ඒත් මට දැන් තේරෙනව ඔය වගකීමක් තියන කොල්ලෙක් කියල"

 මම පුදුම වීමි. ඈ මා සමග කුමක් කතා කරන්නටද මේ එන්නේ?' 


 "ඉතින් ඇයි එහෙම හිතන්නේ අක්කේ?" 


 "පනින් නැතුව ඉන්නවකෝ කියනකම්. ඔයා අද අර කෙල්ල නිසා අර වගේ ප්‍රශ්නෙකට පැටලුනා, බලන්න ඒක මම දැකපු ගොඩක්ම ලොකු කැපකිරීමක්" 


 "ඒක මහ දෙයක් නෙවී අක්කෙ! මට පව් කියල හිත්න එයා දැක්කම! අඉක එයා කරදරේ වැටුනෙ ඔයා නිසයි" 


 "මොක හින්ද හරි, ඔයා වෙන කෙනෙක් වෙනුවෙන්, ඒ කියන්නෙ විශේශෙන් අදුරන්නෙවත් නැති කෙල්ලෙක් වෙනුවෙන් ඉදිරිපත් උනා, බලන්න ඔයාගෙ හොද ලස්සන ගති ගුණ එළියට ගන්න ඔයාට ඔය වගේම සිද්ද්යක් එන්න ඕනද?" 


 "නෑ එහෙම එකක් මම කල්පනා කරල නෑ" 


 "මල්ලියෝ, මේ අහපන්. දැන් උඹ මගේ මල්ලි කියන්න මම ලැජ්ජ වෙන්නෙ නෑ! ඉස්සර මම මල්ලිව දැක්කෙ කිසිම සතුටක් නැති, යාලුකමක් නොදන්න, ගෑනියෙක් වගේ එකෙක් හැටියට. ඒත් ඔයා මගෙ ඇස් ඉස්සරහම පෙන්නුව ඔයා එහෙම නෑ කියල. මම විතරක් න්වෙව්යි උත්පලා උනත් එහෙම හිතනවා"


 "ම්ම්ම්ම් අනේ මන්ද අක්කේ" 


 "අනේ මන්ද නෙවී, මම උත්පලා ගැන නොදන්න්ව නෙවීනේ? ඒකි මහ පුදුම චරිතයක් කතා බහ කරන්නෙත් හිතල මතල. ඒකිගෙන් සප් එක ලැබෙනවනම් ඉස්කෝලෙම උනත් නම්ම ගත්තෑකි" 


 "මට ඉස්කෝල නම්මගන්න ඕන නෑ අක්කේ, මම පාඩුවෙ ඉනම්" 


 "මම කියන්නෙ මේකයි මලයෝ, නමක් තියපන්. ඔයාට කරන්න පුලුවන් වල් නැති ඕනම කොලුකමක් කලාට කමක් නෑ, ඒත් වැරදි පාරෙ යන්න එපා. එහෙම උනොත් උඹට දෙයියන්ගෙම පිහිටයි."

 අක්කා මගේ නිදහස මෙතෙක් කාලයක් සීමා කොට තිබූ බැම බොහොමයක් එහින ස්ට නිදහස් කළාය. උත්පලා නිසා මට ලැබුණු පළමු දායාදය එයයි. 

***************

"මල්ලි මල්ලි අන්න උත්පලා මෙහෙ එනව කිව්ව අනිද්දා" 

 අක්කා දිනක් පන්ති ඇරී නිවසට පැමිණ මට කිව්වාය. 

 "ඉතිං" 


 "ඉතිං කියන්නෙ ඕයි, තමුසෙගෙ යාලුවනෙ" 


 "මටත් වඩා එයාව අදුරන්නෙ අක්කනෙ, එයා කව්ද? කොහේද? මොකුත් මම දන්නෙ නෑ! " 


 "මැටි හරකෝ එහා ලේන් එකේ ඉන්න කෙල්ලව මූ අදුරන්නෙ නෑ"


 "අනේ ඇත්තටම මම ඒ බවක් දැනන් හිටියෙ නෑ අක්කේ, අනික මේ නිවාඩු කාලෙ මොකෙ එයා මෙහෙ එන්නෙ?" 


 "උත්පලයි එයාගේ අම්මයි අද ටවුමෙදි හම්බ උනා මට, එයාලගෙ අම්ම කිව්වා උත්පලාට ගණන් එහෙම ගොඩක් අමාරුයි, ඉතින් පොඩ්ඩක් උගන්නන්න කියල"

 අක්කා රූපවාහිනිය දමා වාඩි වූවාය. 


 "ඉතින් මම කිව්ව අනිද්ද මම ගෙදරය, පන්ති නැතිය, මේ පැත්තෙ ආවොත් කියල දෙනම් කියල. අනේ බං තරහ නැතුව ඔන්න ඔය බිස්කට් ටිං එක දෙනවද?"

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට..................................

---------------------------------------------------------------------------------




Monday, October 14, 2013
Posted by Tharuka Gunaratne

උත්පලා - ඇය ආදරයේ දෙවගන වූවාය [පළමු කොටස]



මම මගේ ජීවිත කාලයෙන් වසර දහ හතක් ගෙවා ඇත්තෙක්මි. එනම් දැනට පාසල් ජීවිතය නම් දෙවරක් හිමි නොවන භාග්යමත් කාල පරාසයේ අගය වචනයේ පරිසමාප්තර්තයෙන්ම විදින කොලු ගැටයෙක්මි. මාගේ කතාව ඇරඹීමට පෙර මම කව්දැයි ඔබට හදුන්වාදීම වුතුකමකැයි බොහෝ කතුවරුන් සලකන නිසා මමද එය එසේ යැයි පවසමි. මම නමින් දසිත් වෙමි. මිතුරන්ට නම් "පැණියා"ය, ගුරුවරුන් මා අමතන්නේ දෙමාපිය වාසගම නොහොත් "ජයසිංහ" නමිනි. ගෙදරට මම පොඩි පුතා වීමි. එසේ වන්නට ඇත්තේ මාගේ වැඩිමහල් සොයුරිය නිසාය. ඇය මට වඩ සම්පූර්න වසරකුත් මාස දෙකක් වයසින් උසස්ය. ඇය ගෙදරට ලොකු දුව වූවා සේම පාසලේදීත් ගෙදරටත් මෙකී නොකී හැම තැනටම නමින් "ලක්ශිකා" වූවාය.

රට පුරා තැනින් තැන විසිරුණු රාජ්ය අංශයේ විදායක ශ්‍රේණි රැකියා හිමි උදවිය අතරට මාගේ මව සහ පියා දෙදෙනාම ඇතුලත් වී තිබීම මටත් වඩා ඔවුන්ගේ අනාගතය සදහා ආයෝජනයකැයි සැලකිය හැකිව තිබුනද මා කෙරෙහි ඔවුන් දක්වන ආදරය රැකියාවට තබා අන් කිසිවකටත් යටපත් කරලිය නොහැකි වීම මා ලද බහගු දායාදයක් වීම නම් නොවැලැක්විය හැකි දෙයකි. අප ජීවත් වන්නේ ලක්දිව එක්තරා ප්‍රසිද්ද නගරාන්තරික මාවතකය. නගරාන්තරික කීවාට උක්ත නගරයෙන් කිලෝමීටර පහ හයක් අප සිටින ප්‍රදේශයට වෙයි. මා පාසල හැටියට තෝරා ගෙන තිබුණු විදුහලට අප නිවසේ සිට බසයකින් හෝ අන් රතයකින් මිස පයින් නම් නොයා හැකිය. එහෙයින් මම හැම්දිනම සහෝදරිය සමග පාරට විත් බසයක එල්ලී නීරස කලච්චේද සහිත ඇත්තෙන්ම රසවත් වූ පාසල කරා පියනගමි........

සමහර විට ඔබටද "අක්කෙක්" සිටිනවා විය හැක, කෙතරම් සහෝදර ප්‍රේමයෙන් බදිනු ලැබූවද එම බැමි හැම එකක්ම කඩා බිදලන්නට සමත් දේවල් ඔවුන් අතින් සමහර විට සිදු වේ. එහෙත් අපි ඒවා ගණන් නොග්නිමු. මටද තිබූ ප්‍රදාන ප්‍රශ්නය නම් නිරතුරු විමසිලිමත් දෑසක් සහ පාසල් ශිශ්ය නායක මණ්ඩලය ඇතුලු බහුතරයකගේ ඔත්තු සේවා මාගේ සහෝදරිය යටතේ පැවතීමයි. කෙසේ නමුත් මා වසර හතක් උගත් බාලක පාසලින් මා ඉවත් කොට මිශ්‍ර පාසලකට ඇතුලත් කිරීමට අක්කාද හේතුවක් වන්නට ඇතැයි නොයෙක් වර මට සිතෙයි. මා කැන්ටිමට ගියත්, නොමනා මොනයම් දෙයක් කලත් පාසල් නීති රීති කුමන සුලු හෝ ආකාරයෙන් කඩ කලත් ඒවා ඇයට ආරංචි වනු නිසැක බව මම අත්දැකීමෙන් දනිමි. හවස බසයෙන් නිවස කරා යන අතරමගදී ආදරණීය අක්කාගෙන් ගැරට් ඇන්ගිමක මෙන් දුම් පිටවනු මා හට නුහුරු නුපුරුදු නොවේ!

දෙමාපියන් යනො කවුරුන්දැයි මට පැහැදිලි කිරීම මදක් අපහසුය. ජීවිතයට කොතරම් ළං වුවද ආදරය පෙන්වීම ඔවුන් අක්කාට වඩා මා වෙත යොමු වීම මා පවුලේ බාලයා වීම නිසා යැයි අක්ක කියයි. "ඕකි ඉරිසියාකාරි" එවිට මගේ හිත කියයි. කෙසේ වුවත් අක්කාත් මමත් පුරා ජීවිතයෙන් නිසැකවම එකග වූ එකම දෙය නම් කිසිදිනක දෙමාපියන්ගේ සිත් නොරිදවීමට සිතාගැනීමයි.

ඔව් , අපි ජීවත් වෙමු. තුන් වේල කෑමටත්, අව්වෙන් වැස්සෙන් බේරීමට හිසට ඉහලින් වහලයකුත්, විලිවසා ගැනීමට ඉස්ටැයිල් එකකුත් ඇති නම් මම තෘප්තිමත් පුද්ගලයෙක්මි. දෙමාපියන් ලබන ආදායම මේ තුනෙන් අමතරව වියදම් වූයේ මාගේ සහ ලබන වසරේ උසස් පෙළට සූදානම් වන අක්කාගේ පන්ති වලට හා ගුරු දේවතාවන්ට පූජා කිරීම සදහා පම්ණක් බැවින් ඉතිරියක් ගැන සිතීම දෙමාපියන්ටම බාර විය. 

මම දැනට සාමන්ය පෙළ සදහා සුදුසුකම් ලැබූවෙක්මි, තවත් මාස දෙකකින් [අ]සාමාන්ය පෙළ විභාගය සහ ප්‍රශ්න පත්ත්‍ර මගේ අත උඩට එනු ඇත. කලින් මා උගත් බාලක පාසලේ එතරම් දගකාරයකු ලෙස ප්‍රසිද්ද නොවූවද මිශ්‍ර පාසලක් වූ මා වත්මනෙහි උගන්නා පාසලේ ගුරුවරු පවා මා දෙස බැලුවේ වපරැහින් යැයි කීම නිවැරදිය. 

"බ්‍රයිටෙක් හන්ද මොකුත් නොකිව්වට මිනිහ මහ සෙල්ලක්කාරය" 

ගුරුවරුන්ගේ බැල්ම අනුව මම සිතාගත්තේ එසේය. මම වසර තුනක් මෙම පාසලේ ඉගෙනුම ලැබූයෙමි, මෙහි පැමිණි පළමු වාරයේම මාගේ ලකුණු තත්වය අන් අයට සාපේක්ශව ඉතා ඉහළ මට්ටමක පැවතීම පිළිබදව ඉගැන්වූ ගුරුවර්, දෙමාපියන්, අක්කා මෙන්ම හුදෙක් මාද විස්මයට පත් වීම පුදුමයක් නොවේ. එම තත්වය එලෙසම තබා ගැනීමට මම බොහෝ වෙහෙස වීමි. එහෙයින්මදෝ මාගේ ප්‍රචන්ඩත්වයත්, දගකාරකමත් යන්තමින් යටපත් වූ බව දැනුදු මාගේ හැගීමයි.

 පාසල් ජීවිතය ඉතාමත් සුන්දර වූයේ මම අද්යාපන වසර 10ක්ම ඉක්මවූ පසුය. තාරුණ්යට අත වනන මෙම කාලය ඔබ අප කගේත් සිත් පාසල් ජීවිතයේ සොදුරු මතක වලින් පිරී ඉතිරීයන කාලයක් වූවාට මම මගේ පරිඝනකය වුවද ඔට්ටු අල්ලමි. එසේ නොවීමට නොහැකිය, ඔබ මිනිසකි නම්, ලස්සන දේ අගයන්නකු නම්, කෙටියෙන් මෙන්ම වඩා සුපුරුදු ලෙස කිවහොත "කොල්ලෙක්/ කෙල්ලෙක්" නම් ඔබේ ජීවිතයේ වටිනාම සහ සොදුරුම මතක සටහන් ඉතිරි වන්නේ පාසල සහ විශ්ව විද්යාලය මූලික කොටගෙනය. එහිදීත් මමත් මගේ යහලුවනුත් පාසල් ජීවිතය සෙල්ලමකට මෙන්ම වගකීමක් බවද අමතක නොකිරීම මාගේ දෙමාපියන් ලද භාග්යකි. 

ඇත්තෙන්ම අපි පාසල් වැඩ කලෙමූ, සිනාවුනෙමු, දග කලෙමු, කෙල්ලන්ට විහිලු කලෙමි, වලි දා ගතිමු, ඇතම් විට ගුටි කෑවෙමු, ගැහුවෙමු........ ප්‍රින්සිපල් මහතා පවා මා නමින් අමතන තරමට මා ගැන දැනගත්තේ මෙවන් කරුණු නිසා යැයි මම අදටත් තරයේ විශ්වාස කරමි. පෙරදින වලියක් දාගෙන කැන්ටිම අසල දණගසාගෙන ඉන්නට නියම කල විදුහල්පති තුමා අතින්ම මම පසුවදා උදෑසන රැස්වීමේදී ශ්‍රේණියේ වැඩිම සාමාර්ත ලැබූවන් අතර දෙවැනි තැනට හිමි සහතිකපත ලැබීමි. විදුහල්පති තුමා මා ළමයින්ගේ අත්පොළසන් හඩ මැද වේදිකාවට නගිනු දැක දෑස මහත් කොට ගත් අන්දම මට තවමත් අමතක කල නොහැකිය, පසුව ඔහු ගුරුවරුන්ගෙන මා ගැන බොහෝ දේ විමසූ බවද මට පසුව විශ්වාස කටෞතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණි.

අහ්! පාසල ගැන කීවද මාගේ මිතුරන් ගැන් කීමට මට ඔබට අවස්තාවක් නොලැබිණි. මාගේ හොදම මිතුරන් දෙදෙනෙක් සිටිය අතර ඔවුන් නමින් "විකියා" සහ "පපරේ" විය. සමාවන්න! "විමල්" සහ "ප්‍රසාද්" වූහ. මා කරන කොයි වැඩකට වුවද නිරුත්සාහයෙන් පැමිණීම ඔවුන් සිරිත කොට ගත් අතර මමද ඔවුන්ගේ මෙකී නොකී වැඩ කටයුතු සදහා පූර්ණ අනුග්‍රහය දැක්වීමි. පන්තියේ අප තිදේනා සදහා උපකාර කිරීමට කෙල්ලන් කොල්ලබ් භේදයක් නැතිව ඉදිරිපත් වූයේ අප ඔවු වෙත දක්වන ලද උපකාරයේ දෑත දිග වැඩි වීම නිස යැයි මම සිතමි, කෙසේ වෙතත් මොවුන් ඇතුලු කොට සිය්ලුම පන්තිය මාගේ අතිජාත් මිතුරන් වූහ. 

ඔබට පැවසීමට අමතක වී ඇත්තේ තවත් එක කරුණක් ගැන පම්ණි, ඒ මා හට සිටි ළෙන්ගතුම මිතුරිය ගැන පමණි. මා එසේ කියන්නේ ඇයි දැයි මෙම කතාව ගලා යන අතර තුර ඔබට සක්සුදක් සේ පැහැදිලි වනු නොඅනුමානය. මම ඇය මා කෙරෙහි දක්වන ආකල්ප සහ හැගීම නොදනිතත්, මට වඩාත්ම ළං වූ කාන්තාවන් අතර තුන්වැනි තැන ඇය නිසැගින්ම හිමි කරගත් බව මම නොබියව පවසමි. එයට කියන්නේ "ආදරය" කියා නොව "යහළුකම" කියාය. වාසනාවකට මෙන් අප පාසලේ සියලු දෙනා එසේ සිතන්නට පුරුදු වීම මා හට අපමණ සැනසීමක් විය.  මගේ දුකේදීත් සැපේදීත් මා අත නොහැර සිටියේ "පවුලේ උදවිය ලකියා, පපරේ සහ උත්පලා" පමණි.

ඔව්! ඇත්තෙන්ම ඇගේ නම "උත්පලා" විය. ඈ සදහා කුමන හේතුවක් මඉන් එම නාමය දෙමාපියන් නිර්දේශ කරන්නට ඇතිදැයි මම නොදනිමි. එහෙත් ඈ පවා ඒ ගැන නොදැනීම විසින් නමක අඩුපාඩු මගහැරී ගිය බව මම දනිමි. 

"ඈ කවුරුන් වගේද?"

ඔබ අසනු ඇත. මා දෙන සරලම පිළිතුර නම්

"ඇය මගේ අම්මා වගේ"

යන්නයි. එම පිළිතුර සාදාරණීකරනය කිරීමට මම පසුබට වෙමි. ඒ ඇය සතුව මගේ මවගේ මෙන් රූපයක් තිබීමද නැතිනම් මව මෙනම හැමවිටම මා කරන කියන දෑ ගැන සෙවිල්ලෙන් පසු වීමදැයි මම තවම නොදනිමි. ඔබට යම් අදහසක් ඇති කර ගැනීම සදහා මම කෙටි විස්තරයක් ඇය ගැන ඉදිරිපත් කරමි.

ඈ සුදු නැත, කලුත් නැත. එනම් ඇය ටිකක් දුඹුරු පාටය. එම පාටට ව්යවහාරික නාමය මම නොදනිමි. එහෙත් ඇය ඒ පාටය. මා ජීවිතයේ දැක ඇති දෙවැනි හැගීම්බරම හදවත ද හිමි වූයේ ඇයටය. ඇගේ ඇස් මදක් විශාල වූ අතර ප්‍රාණිකත්වයේ ලකුණු මෙන් නිරන්තරයෙන් දිලිසීම එම ඇස් වල විශේශත්වයක් යැයි පිළිගනිමි. ඇය හරියටම මගේ උරහිස තෙක් උස්ය. මදක් කෙට්ටු යැයි පෙණුනද පාසල් සුදු ගවුමට ඇය ටිකක් මහතට පෙනේ. එනම් ඇය මහත නැත, කෙට්ටුත් නැත. මදුයම ප්‍රමාණයේ විය යුතුය. මීට අමතරව මා ඇයගෙන් දකින්නට වඩාත් ආසා කලේ ඇගේ සිනහවය. ආත්මයේ ගීතය නම් සිනහව මා දකින හැටියට අවංකවම පැමිණියේ ඈ වෙතින් පමණි. කම්මුල් වළගැසී ඇගේ මුළු මුහුණම සිනාසෙන ආකාරය මගේ මුවගට පවා සමහර විටක සිනහවක් නෑංවීමට සමත් වෙයි.

කෙටියෙන් කීවොත් ඇය ලස්සනය. පියකරුය, හුරුබුහුටිය. කෙසේ වෙතත් ඈ මගේ පෙම්වතිය නොව මගේ හොදම යෙහෙළිය වූවාය. අප තාමත් පාසල් යන්නෝ වෙමු, ආදරයක් ගැන සිතීම පසුවට කල් තබා මම අද්යාපන කෘත්යයෙහි නිරත වෙමි. විභාගයට මාස දෙකය. ජීවිතය, ඔරලෝසුවේ තත්පර කටුව පවා තීරණාත්මකය. 

මගේ ජීවිතේ රෑ දවල් ගෙවේ, එහෙයින් මීළග කොටසින් මම ඔබට ඉටිරිය පවසන්නෙමි. මට දැනට යන්නට අවසර

---------------------------------------------------------------------------------
----------------------------------------------------------------
---------------------------------------------------------------------------------




Thursday, October 10, 2013
Posted by Tharuka Gunaratne

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -