මම මගේ ජීවිත කාලයෙන් වසර දහ හතක් ගෙවා ඇත්තෙක්මි. එනම් දැනට පාසල් ජීවිතය නම් දෙවරක් හිමි නොවන භාග්යමත් කාල පරාසයේ අගය වචනයේ පරිසමාප්තර්තයෙන්ම විදින කොලු ගැටයෙක්මි. මාගේ කතාව ඇරඹීමට පෙර මම කව්දැයි ඔබට හදුන්වාදීම වුතුකමකැයි බොහෝ කතුවරුන් සලකන නිසා මමද එය එසේ යැයි පවසමි. මම නමින් දසිත් වෙමි. මිතුරන්ට නම් "පැණියා"ය, ගුරුවරුන් මා අමතන්නේ දෙමාපිය වාසගම නොහොත් "ජයසිංහ" නමිනි. ගෙදරට මම පොඩි පුතා වීමි. එසේ වන්නට ඇත්තේ මාගේ වැඩිමහල් සොයුරිය නිසාය. ඇය මට වඩ සම්පූර්න වසරකුත් මාස දෙකක් වයසින් උසස්ය. ඇය ගෙදරට ලොකු දුව වූවා සේම පාසලේදීත් ගෙදරටත් මෙකී නොකී හැම තැනටම නමින් "ලක්ශිකා" වූවාය.
රට පුරා තැනින් තැන විසිරුණු රාජ්ය අංශයේ විදායක ශ්‍රේණි රැකියා හිමි උදවිය අතරට මාගේ මව සහ පියා දෙදෙනාම ඇතුලත් වී තිබීම මටත් වඩා ඔවුන්ගේ අනාගතය සදහා ආයෝජනයකැයි සැලකිය හැකිව තිබුනද මා කෙරෙහි ඔවුන් දක්වන ආදරය රැකියාවට තබා අන් කිසිවකටත් යටපත් කරලිය නොහැකි වීම මා ලද බහගු දායාදයක් වීම නම් නොවැලැක්විය හැකි දෙයකි. අප ජීවත් වන්නේ ලක්දිව එක්තරා ප්‍රසිද්ද නගරාන්තරික මාවතකය. නගරාන්තරික කීවාට උක්ත නගරයෙන් කිලෝමීටර පහ හයක් අප සිටින ප්‍රදේශයට වෙයි. මා පාසල හැටියට තෝරා ගෙන තිබුණු විදුහලට අප නිවසේ සිට බසයකින් හෝ අන් රතයකින් මිස පයින් නම් නොයා හැකිය. එහෙයින් මම හැම්දිනම සහෝදරිය සමග පාරට විත් බසයක එල්ලී නීරස කලච්චේද සහිත ඇත්තෙන්ම රසවත් වූ පාසල කරා පියනගමි........
සමහර විට ඔබටද "අක්කෙක්" සිටිනවා විය හැක, කෙතරම් සහෝදර ප්‍රේමයෙන් බදිනු ලැබූවද එම බැමි හැම එකක්ම කඩා බිදලන්නට සමත් දේවල් ඔවුන් අතින් සමහර විට සිදු වේ. එහෙත් අපි ඒවා ගණන් නොග්නිමු. මටද තිබූ ප්‍රදාන ප්‍රශ්නය නම් නිරතුරු විමසිලිමත් දෑසක් සහ පාසල් ශිශ්ය නායක මණ්ඩලය ඇතුලු බහුතරයකගේ ඔත්තු සේවා මාගේ සහෝදරිය යටතේ පැවතීමයි. කෙසේ නමුත් මා වසර හතක් උගත් බාලක පාසලින් මා ඉවත් කොට මිශ්‍ර පාසලකට ඇතුලත් කිරීමට අක්කාද හේතුවක් වන්නට ඇතැයි නොයෙක් වර මට සිතෙයි. මා කැන්ටිමට ගියත්, නොමනා මොනයම් දෙයක් කලත් පාසල් නීති රීති කුමන සුලු හෝ ආකාරයෙන් කඩ කලත් ඒවා ඇයට ආරංචි වනු නිසැක බව මම අත්දැකීමෙන් දනිමි. හවස බසයෙන් නිවස කරා යන අතරමගදී ආදරණීය අක්කාගෙන් ගැරට් ඇන්ගිමක මෙන් දුම් පිටවනු මා හට නුහුරු නුපුරුදු නොවේ!
දෙමාපියන් යනො කවුරුන්දැයි මට පැහැදිලි කිරීම මදක් අපහසුය. ජීවිතයට කොතරම් ළං වුවද ආදරය පෙන්වීම ඔවුන් අක්කාට වඩා මා වෙත යොමු වීම මා පවුලේ බාලයා වීම නිසා යැයි අක්ක කියයි. "ඕකි ඉරිසියාකාරි" එවිට මගේ හිත කියයි. කෙසේ වුවත් අක්කාත් මමත් පුරා ජීවිතයෙන් නිසැකවම එකග වූ එකම දෙය නම් කිසිදිනක දෙමාපියන්ගේ සිත් නොරිදවීමට සිතාගැනීමයි.
ඔව් , අපි ජීවත් වෙමු. තුන් වේල කෑමටත්, අව්වෙන් වැස්සෙන් බේරීමට හිසට ඉහලින් වහලයකුත්, විලිවසා ගැනීමට ඉස්ටැයිල් එකකුත් ඇති නම් මම තෘප්තිමත් පුද්ගලයෙක්මි. දෙමාපියන් ලබන ආදායම මේ තුනෙන් අමතරව වියදම් වූයේ මාගේ සහ ලබන වසරේ උසස් පෙළට සූදානම් වන අක්කාගේ පන්ති වලට හා ගුරු දේවතාවන්ට පූජා කිරීම සදහා පම්ණක් බැවින් ඉතිරියක් ගැන සිතීම දෙමාපියන්ටම බාර විය.
මම දැනට සාමන්ය පෙළ සදහා සුදුසුකම් ලැබූවෙක්මි, තවත් මාස දෙකකින් [අ]සාමාන්ය පෙළ විභාගය සහ ප්‍රශ්න පත්ත්‍ර මගේ අත උඩට එනු ඇත. කලින් මා උගත් බාලක පාසලේ එතරම් දගකාරයකු ලෙස ප්‍රසිද්ද නොවූවද මිශ්‍ර පාසලක් වූ මා වත්මනෙහි උගන්නා පාසලේ ගුරුවරු පවා මා දෙස බැලුවේ වපරැහින් යැයි කීම නිවැරදිය.
"බ්‍රයිටෙක් හන්ද මොකුත් නොකිව්වට මිනිහ මහ සෙල්ලක්කාරය"
ගුරුවරුන්ගේ බැල්ම අනුව මම සිතාගත්තේ එසේය. මම වසර තුනක් මෙම පාසලේ ඉගෙනුම ලැබූයෙමි, මෙහි පැමිණි පළමු වාරයේම මාගේ ලකුණු තත්වය අන් අයට සාපේක්ශව ඉතා ඉහළ මට්ටමක පැවතීම පිළිබදව ඉගැන්වූ ගුරුවර්, දෙමාපියන්, අක්කා මෙන්ම හුදෙක් මාද විස්මයට පත් වීම පුදුමයක් නොවේ. එම තත්වය එලෙසම තබා ගැනීමට මම බොහෝ වෙහෙස වීමි. එහෙයින්මදෝ මාගේ ප්‍රචන්ඩත්වයත්, දගකාරකමත් යන්තමින් යටපත් වූ බව දැනුදු මාගේ හැගීමයි.
පාසල් ජීවිතය ඉතාමත් සුන්දර වූයේ මම අද්යාපන වසර 10ක්ම ඉක්මවූ පසුය. තාරුණ්යට අත වනන මෙම කාලය ඔබ අප කගේත් සිත් පාසල් ජීවිතයේ සොදුරු මතක වලින් පිරී ඉතිරීයන කාලයක් වූවාට මම මගේ පරිඝනකය වුවද ඔට්ටු අල්ලමි. එසේ නොවීමට නොහැකිය, ඔබ මිනිසකි නම්, ලස්සන දේ අගයන්නකු නම්, කෙටියෙන් මෙන්ම වඩා සුපුරුදු ලෙස කිවහොත "කොල්ලෙක්/ කෙල්ලෙක්" නම් ඔබේ ජීවිතයේ වටිනාම සහ සොදුරුම මතක සටහන් ඉතිරි වන්නේ පාසල සහ විශ්ව විද්යාලය මූලික කොටගෙනය. එහිදීත් මමත් මගේ යහලුවනුත් පාසල් ජීවිතය සෙල්ලමකට මෙන්ම වගකීමක් බවද අමතක නොකිරීම මාගේ දෙමාපියන් ලද භාග්යකි.
ඇත්තෙන්ම අපි පාසල් වැඩ කලෙමූ, සිනාවුනෙමු, දග කලෙමු, කෙල්ලන්ට විහිලු කලෙමි, වලි දා ගතිමු, ඇතම් විට ගුටි කෑවෙමු, ගැහුවෙමු........ ප්‍රින්සිපල් මහතා පවා මා නමින් අමතන තරමට මා ගැන දැනගත්තේ මෙවන් කරුණු නිසා යැයි මම අදටත් තරයේ විශ්වාස කරමි. පෙරදින වලියක් දාගෙන කැන්ටිම අසල දණගසාගෙන ඉන්නට නියම කල විදුහල්පති තුමා අතින්ම මම පසුවදා උදෑසන රැස්වීමේදී ශ්‍රේණියේ වැඩිම සාමාර්ත ලැබූවන් අතර දෙවැනි තැනට හිමි සහතිකපත ලැබීමි. විදුහල්පති තුමා මා ළමයින්ගේ අත්පොළසන් හඩ මැද වේදිකාවට නගිනු දැක දෑස මහත් කොට ගත් අන්දම මට තවමත් අමතක කල නොහැකිය, පසුව ඔහු ගුරුවරුන්ගෙන මා ගැන බොහෝ දේ විමසූ බවද මට පසුව විශ්වාස කටෞතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණි.
අහ්! පාසල ගැන කීවද මාගේ මිතුරන් ගැන් කීමට මට ඔබට අවස්තාවක් නොලැබිණි. මාගේ හොදම මිතුරන් දෙදෙනෙක් සිටිය අතර ඔවුන් නමින් "විකියා" සහ "පපරේ" විය. සමාවන්න! "විමල්" සහ "ප්‍රසාද්" වූහ. මා කරන කොයි වැඩකට වුවද නිරුත්සාහයෙන් පැමිණීම ඔවුන් සිරිත කොට ගත් අතර මමද ඔවුන්ගේ මෙකී නොකී වැඩ කටයුතු සදහා පූර්ණ අනුග්‍රහය දැක්වීමි. පන්තියේ අප තිදේනා සදහා උපකාර කිරීමට කෙල්ලන් කොල්ලබ් භේදයක් නැතිව ඉදිරිපත් වූයේ අප ඔවු වෙත දක්වන ලද උපකාරයේ දෑත දිග වැඩි වීම නිස යැයි මම සිතමි, කෙසේ වෙතත් මොවුන් ඇතුලු කොට සිය්ලුම පන්තිය මාගේ අතිජාත් මිතුරන් වූහ.
ඔබට පැවසීමට අමතක වී ඇත්තේ තවත් එක කරුණක් ගැන පම්ණි, ඒ මා හට සිටි ළෙන්ගතුම මිතුරිය ගැන පමණි. මා එසේ කියන්නේ ඇයි දැයි මෙම කතාව ගලා යන අතර තුර ඔබට සක්සුදක් සේ පැහැදිලි වනු නොඅනුමානය. මම ඇය මා කෙරෙහි දක්වන ආකල්ප සහ හැගීම නොදනිතත්, මට වඩාත්ම ළං වූ කාන්තාවන් අතර තුන්වැනි තැන ඇය නිසැගින්ම හිමි කරගත් බව මම නොබියව පවසමි. එයට කියන්නේ "ආදරය" කියා නොව "යහළුකම" කියාය. වාසනාවකට මෙන් අප පාසලේ සියලු දෙනා එසේ සිතන්නට පුරුදු වීම මා හට අපමණ සැනසීමක් විය. මගේ දුකේදීත් සැපේදීත් මා අත නොහැර සිටියේ "පවුලේ උදවිය ලකියා, පපරේ සහ උත්පලා" පමණි.
ඔව්! ඇත්තෙන්ම ඇගේ නම "උත්පලා" විය. ඈ සදහා කුමන හේතුවක් මඉන් එම නාමය දෙමාපියන් නිර්දේශ කරන්නට ඇතිදැයි මම නොදනිමි. එහෙත් ඈ පවා ඒ ගැන නොදැනීම විසින් නමක අඩුපාඩු මගහැරී ගිය බව මම දනිමි.
"ඈ කවුරුන් වගේද?"
ඔබ අසනු ඇත. මා දෙන සරලම පිළිතුර නම්
"ඇය මගේ අම්මා වගේ"
යන්නයි. එම පිළිතුර සාදාරණීකරනය කිරීමට මම පසුබට වෙමි. ඒ ඇය සතුව මගේ මවගේ මෙන් රූපයක් තිබීමද නැතිනම් මව මෙනම හැමවිටම මා කරන කියන දෑ ගැන සෙවිල්ලෙන් පසු වීමදැයි මම තවම නොදනිමි. ඔබට යම් අදහසක් ඇති කර ගැනීම සදහා මම කෙටි විස්තරයක් ඇය ගැන ඉදිරිපත් කරමි.
ඈ සුදු නැත, කලුත් නැත. එනම් ඇය ටිකක් දුඹුරු පාටය. එම පාටට ව්යවහාරික නාමය මම නොදනිමි. එහෙත් ඇය ඒ පාටය. මා ජීවිතයේ දැක ඇති දෙවැනි හැගීම්බරම හදවත ද හිමි වූයේ ඇයටය. ඇගේ ඇස් මදක් විශාල වූ අතර ප්‍රාණිකත්වයේ ලකුණු මෙන් නිරන්තරයෙන් දිලිසීම එම ඇස් වල විශේශත්වයක් යැයි පිළිගනිමි. ඇය හරියටම මගේ උරහිස තෙක් උස්ය. මදක් කෙට්ටු යැයි පෙණුනද පාසල් සුදු ගවුමට ඇය ටිකක් මහතට පෙනේ. එනම් ඇය මහත නැත, කෙට්ටුත් නැත. මදුයම ප්‍රමාණයේ විය යුතුය. මීට අමතරව මා ඇයගෙන් දකින්නට වඩාත් ආසා කලේ ඇගේ සිනහවය. ආත්මයේ ගීතය නම් සිනහව මා දකින හැටියට අවංකවම පැමිණියේ ඈ වෙතින් පමණි. කම්මුල් වළගැසී ඇගේ මුළු මුහුණම සිනාසෙන ආකාරය මගේ මුවගට පවා සමහර විටක සිනහවක් නෑංවීමට සමත් වෙයි.
කෙටියෙන් කීවොත් ඇය ලස්සනය. පියකරුය, හුරුබුහුටිය. කෙසේ වෙතත් ඈ මගේ පෙම්වතිය නොව මගේ හොදම යෙහෙළිය වූවාය. අප තාමත් පාසල් යන්නෝ වෙමු, ආදරයක් ගැන සිතීම පසුවට කල් තබා මම අද්යාපන කෘත්යයෙහි නිරත වෙමි. විභාගයට මාස දෙකය. ජීවිතය, ඔරලෝසුවේ තත්පර කටුව පවා තීරණාත්මකය.
මගේ ජීවිතේ රෑ දවල් ගෙවේ, එහෙයින් මීළග කොටසින් මම ඔබට ඉටිරිය පවසන්නෙමි. මට දැනට යන්නට අවසර
---------------------------------------------------------------------------------
----------------------------------------------------------------
---------------------------------------------------------------------------------
Comments
Post a Comment