උත්පලා ගැනම වැඩියෙන් කියවීම ඔබ අනුමත නොකරනු ඇත. එහෙත් ඇය මෙහි කතානායිකාව වීම මාගේ වරදක් නොවේ. එබැවින් ඇගේ නාමය නොමෑතිව මෙම කතාව සාදාරණව ඉදිරියට ගෙනයා නොහැක. මම ඇගේ පෙනුම පිළිබද අංශු මාත්හ්‍රයක සිතිවිල්ලක් ඔබට ගෙනහැර දැක්වීමට සමත් වීමි. එහෙත් ඔබ ඇයව හදුනන්නේ නැත. කිසිදා හදුනා ගන්නේද නැත. ඔබ ඇගේ ගතිගුණ ගැන ප්‍රශ්න කරන්නේ නම් මම මෙසේ කෙටි පිළිතුරක් දිමට සූදානම්ය. "ඈ හරියටම මගේ සොහොයුරිය වැනිය" මගේ සහෝදරිය පිළිබද නොරුස්සන ස්වභාවයක් දක්වන මා වැන්නකු මිතුරියක් සහෝදරියකට සමාන කරන්නේ මන්දැයි ඔබ අසනු ඇත. එය මට අමුත්තක් නොවේ. මාගෙන් කොතෙකුත් දෙනා එසේ අසා ඇත. එය පැහැදිලි කිර්‍රිම මදක් අමාරු කාරියකි. උත්පලා මා සමග කොයිතරම් මිතුරු උවද ඈ තුල පැවති එක් ගුණාංගයක් මෙයට හේතුව වන්නට ඇත. ඒ නම් මා ගැන සහ වඩාත්ම මගේ අද්යාපන කටයුතු පිළිබදවද අක්කාටත් වඩා සෙවිල්ලකින් ඈ පසුවීමයි. මගේ පිස්සු වැඩ වලටත් කිසිවක් නොකියාම උදව් කරන, එහෙත් පමණට වඩා මා "වළෙහි" හැසිරෙන බව දුටුවොත් ඈ සතු නිශේද බලය පාවිච්චි කොට මා ගොඩගන්නා මෙවන් කෙල්ලෙක් ගැන ඔබ අසාවත් නොමැති බව මම ඔට්ටු අල්ලමි. ඇත්තය! ඈ මා පිළිබද දරණ්නේ තවත් එක කොල්ලෙකු ගැන දක්වන හැගීමක් නොවේ. එහෙත් එය ආදරයත් නොවේ, මේ ලොව අතර මා ඈ ඉදිරිපිට මොකක්දෝ සිතා ගත නොහැකි හේතුවක් නිසා දන නමමි. අක්කා මමත්, උත්පලාත් ගැන දරණ්නේ වෙනස්ම අදහසකි. ඈ සිතා ඉන්නේ මා තවමත් පොඩි එකා බවත් සහ උත්පලා යනු ඇගේ ඔත්තු සේවයේ දක්ශ සේවිකාවක් බවත්ය. මා සමග මිතුරු කෙල්ලෙක් සිටීම පවා අක්කාට මහත් විනෝදයක් ගෙන දුන් බව නම් නොරහසකි.
"පුදුමයි මල්ලි උඹේ යාලුවෙක් හැටියට වත් කෙල්ලෙක් ඉන්නවා"
ඈ මට දිනක් කිව්වාය.
"ඒ මොකෝ හරකියේ?"
"නෑ ඉතිං පෝරිසාදයෙක් එක්ක යාලුවෙක් වෙලාවත් ඉන්ඩ කැමති කව්ද, පිස්සු නටන් නැතුව වැඩ කරනවා නැත්නම් කෙල්ලෙක්වත් බලන එකක් නෑ"
"ඉතිං බං බලන් නැත්තෙ මගෙ දිහානේ, ඒකට ඔහෙගෙ ඇග කසනවද?"
"නෑ ඉතිං"
අක්කා සමච්චල් සිනාවක් පෑවාය.
"මගෙ මල්ලියා ගෙදරට නාකි උනාම මට නෙවේ බලාගන්ඩ වෙන්නේ කන්ඩ අදින්ඩ දීලා"
ඈ අදහස් කලේ කුමක්දැයි, මට වැටහීමට දින ගණනාවක් ගත උවත්, ඇගේ එම ඇනුම්පදය නිසාම මම වැඩියෙන් කෙල්ලන් ආශ්‍රය නොකලෙමි. මුලින් මා උගත් බාලක පාසලේදී මෙන්ම මෙහිදීද එසේ ඌවා නම් මගේ අනාගතයම මහා "ගෑනු ඩයල්" කාඩ් එකකින් සැරසෙන බව මම අදටත් සිහි කරමි. මාගේ යහලුවන් අතරට තම ගැංසියේ උත්පලාද එක් වූ බව අක්කා දැන ගත්තේ කෙසේදැයි මම නොදනිමි. එහෙත් ඈ එය දැන ගත්තාය. 10 ශ්‍රේණි අවසාන වාර විභාගයේ අවසාන දිනයේ මම චිත්‍ර විශයේ යෙදීම නිසා අනිත් උන්ගේ පිටවීමෙන් පසුවද මට රැදී සිටීමට සිදු වූයේ පෙර පවකට විය හැක. කල්පයක් මෙන් දැනී ගිය අමතර පැය තුනකට පසු මම පන්තියෙන් පිටතට පැමිණෙමින් සිටියෙමි. කිසිවෙකු විසින් එල්ල කල නිල් ප්‍රහාරයකින් මම නෑවී ගියෙමි. ඉහින් කණින් නිල් පැහැ බේරෙන අතරේ මා අදීක්ශණයට සිටි ගුරුතුමාද කට ඇරන් මා දෙස බලා සිටියේය.
ඉන්පසු මා පිටුපස සිටි අයෙක්ට අත දිගු කොට
"මෙහෙ වරෙන්"
කීවේය. ඉදිරියට ආවේ කව්දැයි ඔබ අනුමාන කරන්නට ඇත. ඔව්! ඒ උත්පලා විය.
"කිව්වහම වරෙන්!"
ඈ ගුරුවරයා ළගට ආවාය. ඇගේ ඇස් දෙකින් කදුලු නොවැටුනත් අතෙහි වූ ජලය පිරුණු පොලිතින් කවර දෙකක් මගේ නෙත ගැටුනි.
"තමුසෙ හිතන් ඉන්නෙ මේක කෝලම් මඩුවක් කියලද? ඈ? ඉස්කෝල අස්සෙ ඕව බෑ....... බලනවා තව ඩිංගෙන් මමත් ඉවරයිනොවැ? ඈ? අද තමුසෙට කලින් යන්න බෑ! දණ ගහනවා මෙතැනින්. හ: මුං කෙල්ලො නෙවෙයිනේ වසවර්ති මාර දූතියො"
ගුරුතුමා ඇගේ අතින් අල්ලා බිම දණ ගැසීමට නියම කලේය. මම ඈ දෙස බැලුවෙමි. අභය දානය ඉලා හඩන අහිංසකාවියක් මෙන් ඈ නෙත් බිම යොමා සිටියාය. පිටුපසින් ඇසුනු සද්දයකින් මම එදෙස හැරුණෙමි. එහි සිටියේ අක්කාය. උත්පලා නිල් ගසන්නට ඇත්තේ අක්කාටය, එහෙත් එය වැදුනේ මට නිසා ඇයට දඩුවම් විදීමට සිදුව ඇත. මට අක්කා කෙරේ කෝපයක්ද, උත්පලා කෙරෙහි අසීමිත අනුකම්පාවක්ද ඇතිවිණි. ඇගේ දෑසේ වූ බැල්ම එවැනො හැගීමක් ඕනෑම අයකු තුල ඇති කරන්නට සමත් වේයි.
"සර්!"
මම හඩ අවදි කළෙමි. ගුරුවරයාත්, උත්පලාත් මා දෙස බැලුවේ එකවිටය.
"සර්! මගෙත් වැරැද්ද, මම මොකුත් බලන් නැතුව එළියට පැන්න. මෙයාට යන්ඩ දෙන්න සර්..... නැත්නම් මටත් මේ දඩුවම ඕන"
ගුරුවරයාගේ කට කොණකට නැගී ආවේ සිනහවකි.
"ඔය ළමයද එතකොට වැරදි? ඈ? හ: විනයක් තියෙන්න ඕන මොන දේක උනත්"
කෙල්ලෙක්ව බිම දණගස්වා තිබීම විනයවත්දැයි ඇසීමට සිතුනද මම කට වසා ගතිමි.
"ඔය ළමය මෙතැනින් යන්ඩ දැන්, විබාගෙ ඉවරයිනෙ! ඈ? මෙයා ඉදපු දෙන්"
මම එකටෙක කිරීමටම උපන්නෙමි. ගුරුවරයා බලා සිටියදීම ඈ අසල දණ නමා බිම වාඩි වීමි. අක්කා මුව හයාගෙන මා දෙසත් ගුරුවරයා දෙසත් බැලුවාය. ගුරුවරයාට උපරිම කේන්තියම නැංග බව අක්කාට වැටහෙන්නට ඇත. ඇය සිය බලය පාවිශ්ශි කලේ මේ වෙලාවේදීය. ඇය කිසිත් නොදන්නා සේ පන්තිය තුලට ආවාය. ගුරුවරයා හමුවී මදක් කතා බහ කරන ලදී, අනතුරුව මගේත්, යෙහෙළියෙගේත් කණින් අල්ලා ඇදගෙන යන අක්කාව දර්ශනය විය.
අක්කා මාව රැගෙන ගියේ පාසලේ ක්‍රීඩාගාරය දෙසටය. යම් තරමක පාළු බවක් ඉසිලුවත් විභාග නිසා පාසල් කලින් අවසාන වීමේ ප්‍රීතිය සැමරීමට පිට්ටනියේ නොයෙක්කුත් ආතල් පැවැත්විණි.
"තමුසෙල දෙන්න අදුරණව කියල මම දන්නෙ නෑ නෙ? ඒ කොහොමද?"
අක්කා ඇසුවාය. ඒ වචනවල ගැබ් වූ අර්තය මට වටහා ගැනීමට අපහසු නොවිණි. අක්කා අසන්නේ ඈ මගේ පෙම්වතීද යන්නයි.
උත්ත්‍ර දුන්නේ මම නොව උත්පලාය. ඈ සිය කුරුලු සරින් සියලු විස්තර අක්කාට පැහැදිලි කර දුන්නාය.
"හ්ම්ම්ම් හ්ම්ම් එහෙමයි උනේ එතකොට නේද"
අක්කා නඩු තීන්දුව දෙන්නට සූදානම් වෙයි.
"කොහෙද එක පන්තියෙ උනාට අද වෙනකම් කතා කරලවත් නෑ" උත්පලා අක්කාට කීවේ මා දෙස බලා නෝක්කාඩු ස්වරයෙනි.
"එහෙම තමයි අපේ මල්ලිලා!" අක්කා මා වැනුවාය.
"ඒ උනාට මම කරපු දේ සාදරණ කරන්න හැදුවනෙ මෙයා, තෑන්ක්ස්! ඔයා හොදම හොද කොල්ලෙක්"
උත්පලා කීවේ ඇත්තෙන්ම ස්තූති පූර්වකව බව මට වැටහුණි.
"අපෝ ඕක මොකක්ද! මම කලේ මට හරිය කියල හිතුන දේ! අනික කෙල්ලෙකුට ඔහොම පනිශ් කරන්න හොදද? නෑ නේ"
මම කීවෙමි.
"යකෝ! මයෙ හිතේ මේකා ඔය කෙල්ලෙක් එක්ක මූණට මූණ කතා කලේ මම දැකපු පළවෙනි පාරට."
අක්කා සමච්චලයෙන් කීවාය.
"කොහෙද ගෙදරත් ඉතිං ගෑණි වගේනේ ඉන්නේ"
අක්කාගේ වදන් හමුවේ උත්පලා මා දෙස බලා සිනාසුනාය. [කලිසම මා වෙතින් මිදී පියාඹා යනු මට දැනුනි, එය ඈත අහසේ පාවී ගියේය]
"අනේ එහෙම පේන්නෙ නෑ නේ"
උත්පලා මා ආරක්ශා කිරීමට මෙන් කීවාය.
"ඒක නෙවී දැන්වත් ඔයාව අදුරගන්න එපැයි, නම මොකක්ද?"
මම ලැජ්ජාව වසාගැනීමටත් සමග ඇසීමි.
"මම උත්පලා! ඔයා?"
["උත්පලා" ඒ වචනය මගේ දවසේ වචනය වූවාට සැක නැති, ඒ තරම්ම අර්තයක් එහි විය]
"දසිත්"
"මේ ඉන්නෙ මගෙ වන් ඇන් ඔන්ලි සහොදරයා"
අක්කා ඌණ පූරණයක් එක් කලාය. උත්පලා සිනහ වූවාය.
"මට යන්න ඕන අක්කෙ! ස්කූල් වෑන් එක ඇවිත් ඇති. බායි! මම යනව දසිත්! අනේ සොරි ඔයා නිල්ම නිල් පාට වෙලා"
"නිල් වලින් නෑවම රතු පාට වෙනවයැ මෝඩියේ, පරිස්සමින් යන්න"
අක්කා කීවාය.
"අපෝ කමක් නෑ, බායි!"
මමත් කීවෙමි. සබකෝලයක් නැතිව ඒ වචන පිට කිරීමට ලැබීමද වාසනාවකි. එදින සවස අක්කා මා පාඩම් කරද්දී මගේ කාමරයට ආවේ මා සදහා තේ කෝප්පයකුත් රැගෙනය. වේලාව සවස හතරට පමන වූයෙන් මව සහ පියා තවමත් පැමිණ නැත.
"මල්ලි පාඩම් කරනවද?"
ඈ ඇසූ ප්‍රශ්නයෙන් මම පුදුම වීමි.
"මොකෝ කවදාවත් නැතුව මාව මතක් වෙලා? ශාහ්! තේ එකකුත් හදල තියෙන්නේ"
"හ්ම්ම්, මල්ලි මේ"
"ඔය එන්නේ නම් මොකක් හරි ඉල්ලන්න, මට තේරෙනව ඒක"
"ඔව්"
"මොකක්ද?"
අක්කා මා අසලින්ම වාඩි වූවාය.
"මල්ලි, මම ඔයාව දැක්කෙ මහ වගකීමක් නැති වස නපුරෙක් විදියට, ඒත් මට දැන් තේරෙනව ඔය වගකීමක් තියන කොල්ලෙක් කියල"
මම පුදුම වීමි. ඈ මා සමග කුමක් කතා කරන්නටද මේ එන්නේ?'
"ඉතින් ඇයි එහෙම හිතන්නේ අක්කේ?"
"පනින් නැතුව ඉන්නවකෝ කියනකම්. ඔයා අද අර කෙල්ල නිසා අර වගේ ප්‍රශ්නෙකට පැටලුනා, බලන්න ඒක මම දැකපු ගොඩක්ම ලොකු කැපකිරීමක්"
"ඒක මහ දෙයක් නෙවී අක්කෙ! මට පව් කියල හිත්න එයා දැක්කම! අඉක එයා කරදරේ වැටුනෙ ඔයා නිසයි"
"මොක හින්ද හරි, ඔයා වෙන කෙනෙක් වෙනුවෙන්, ඒ කියන්නෙ විශේශෙන් අදුරන්නෙවත් නැති කෙල්ලෙක් වෙනුවෙන් ඉදිරිපත් උනා, බලන්න ඔයාගෙ හොද ලස්සන ගති ගුණ එළියට ගන්න ඔයාට ඔය වගේම සිද්ද්යක් එන්න ඕනද?"
"නෑ එහෙම එකක් මම කල්පනා කරල නෑ"
"මල්ලියෝ, මේ අහපන්. දැන් උඹ මගේ මල්ලි කියන්න මම ලැජ්ජ වෙන්නෙ නෑ! ඉස්සර මම මල්ලිව දැක්කෙ කිසිම සතුටක් නැති, යාලුකමක් නොදන්න, ගෑනියෙක් වගේ එකෙක් හැටියට. ඒත් ඔයා මගෙ ඇස් ඉස්සරහම පෙන්නුව ඔයා එහෙම නෑ කියල. මම විතරක් න්වෙව්යි උත්පලා උනත් එහෙම හිතනවා"
"ම්ම්ම්ම් අනේ මන්ද අක්කේ"
"අනේ මන්ද නෙවී, මම උත්පලා ගැන නොදන්න්ව නෙවීනේ? ඒකි මහ පුදුම චරිතයක් කතා බහ කරන්නෙත් හිතල මතල. ඒකිගෙන් සප් එක ලැබෙනවනම් ඉස්කෝලෙම උනත් නම්ම ගත්තෑකි"
"මට ඉස්කෝල නම්මගන්න ඕන නෑ අක්කේ, මම පාඩුවෙ ඉනම්"
"මම කියන්නෙ මේකයි මලයෝ, නමක් තියපන්. ඔයාට කරන්න පුලුවන් වල් නැති ඕනම කොලුකමක් කලාට කමක් නෑ, ඒත් වැරදි පාරෙ යන්න එපා. එහෙම උනොත් උඹට දෙයියන්ගෙම පිහිටයි."
අක්කා මගේ නිදහස මෙතෙක් කාලයක් සීමා කොට තිබූ බැම බොහොමයක් එහින ස්ට නිදහස් කළාය. උත්පලා නිසා මට ලැබුණු පළමු දායාදය එයයි.
***************
අක්කා දිනක් පන්ති ඇරී නිවසට පැමිණ මට කිව්වාය.
"ඉතිං"
"ඉතිං කියන්නෙ ඕයි, තමුසෙගෙ යාලුවනෙ"
"මටත් වඩා එයාව අදුරන්නෙ අක්කනෙ, එයා කව්ද? කොහේද? මොකුත් මම දන්නෙ නෑ! "
"මැටි හරකෝ එහා ලේන් එකේ ඉන්න කෙල්ලව මූ අදුරන්නෙ නෑ"
"අනේ ඇත්තටම මම ඒ බවක් දැනන් හිටියෙ නෑ අක්කේ, අනික මේ නිවාඩු කාලෙ මොකෙ එයා මෙහෙ එන්නෙ?"
"උත්පලයි එයාගේ අම්මයි අද ටවුමෙදි හම්බ උනා මට, එයාලගෙ අම්ම කිව්වා උත්පලාට ගණන් එහෙම ගොඩක් අමාරුයි, ඉතින් පොඩ්ඩක් උගන්නන්න කියල"
අක්කා රූපවාහිනිය දමා වාඩි වූවාය.
"ඉතින් මම කිව්ව අනිද්ද මම ගෙදරය, පන්ති නැතිය, මේ පැත්තෙ ආවොත් කියල දෙනම් කියල. අනේ බං තරහ නැතුව ඔන්න ඔය බිස්කට් ටිං එක දෙනවද?"
---------------------------------------------------------------------------------
ඉතිරිය පසුවට..................................
---------------------------------------------------------------------------------
Comments
Post a Comment