අලුත් අවුරුද්ද උදා වන්නට සූදානම්ය. මා මේ පවසන්නේ සිංහල අවුරුද්ද නොවේ. තා ඒ සදහා මාස ගනනක් ඇත. පසුගිය වසරින් මේ වසරට යෑම පුංචියට සමරන්නට අපගේ දෙමාපියන්ගේ යහලුවන්ට උවමනා විය. "පුංචි පාටියක් හොදේ. 31 රෑ. ඔන්න එන්නම ඕන" අම්මා සිය රාජකාරි මට්ටමේ යහලුවන්ට පණිවුඩ යැව්වාය. කාන්තාවන් ඔය පුංචි යැයි කියාගන්නා හැමදේම මහා විසාල වන බව මම දනිමි. එහෙත් කුමක් කරන්නද ලෝකය කැරකේ. "ඕන් මල්ලියේ වැඩ ගොඩක් ඉවරයි." අක්කා කීවේ අම්මාට උදව් වී මහන්සියෙනි. "අපෝ අම්ම කීවෙ පොඩි පාටියක් කියලනෙ. ඔච්චර මහන්සි වෙන්නෙ ඇයි ඉතින්" "මොන පොඩි ද බන්. තිහ හතලිහක් ඉදීවි, මේ යන විදියට" "ඒ තරම්???" "නැතුව, අම්ම පහලොවකට කතා කලැයි කියමුකො. එතකොට ඒ පහලොවේ පවුල් පිටින් නෙ එන්නෙ" "අම්මපා තමා" "හ්ම්ම් හ්ම්ම් වැඩක් නැත්නම් උදව්වක් කරනවා" "මොකක්ද?" "කඩේට ගිහින් මට කාඩ් එකක් ගේනව" "මේ මං අහන්නමඉ ඉඩියෙ, මොකෝ දැන් කාඩ් ගන්නව වැඩි?" "මං?? නෑ" "නැත්තෙ මොකෝ මන් මේ සතියට සීයෙ කාඩ් අටක...
විදවන ජීවිතය විදින්නත්, විදින ජීවිතේ ඵල නෙළා ගන්නත් අපි ඔබ සැමට මග කියා දෙන්නෙමු.