Posted by : Tharuka Gunaratne Saturday, March 16, 2013

පෙරවදන
එක එක වැඩ බ්ලොග් අඩවියෙන් ඔබට පිදෙන අලුත්ම නවකතාව අද සිට කොටස් වශයෙන් පල කරන බව සතුටින් යුතුව දැනුම් දෙමු. ෆේස්බුක් සමාජය මගින් කරන ලද මත විමසුමකට අනුව බහුතර කැමත්ත වු සත්ය කතානදරයක් ඇසුරින් කෙරෙන නිමැවුමක් වන මෙහි සතුට, ආදරය, කුතුහලය මෙන්ම සංග්‍රාමයකද ලක්ශන සහිත බැවින් මෙය ----- ලෙස නම් කිරීම අප සිදු කලෙමු. මෙම කතාන්දරය හුදෙන් කතාවක් නොව තම වැරාදි නිවැරදි කර ගැනීමේ අත්පොතක් ලෙස බාවිත කරන ලෙස අප ඉල්ලා සිටිමු.
ඇත්තෙන්ම මෙය අපේ ජීවිත් වලට් ඉතාමත් සමීප කතාන්දරයකි. ඒම නිසා මෙය කියවන්නන් අතර ඉතා ජනප්‍රිය වේ යැයි සිතමි. මාගේ පුද්ගලික දැනුම අනුව මෙම කතාව වත්මන් සමාජයේ පාසල් හා සිසුන් අතර ඇති සබැදියාව හොදින් පැහදිලි කරන්නක් වේ. කවරෙකුට වුවද තම සුන්දර පාසල් ජීවිතය නැවත සිහි කැදවන මෙම කතාව ඔබත් කියවා රසවිදින ලෙස ඉල්ලමි.

එක එක වැඩ බ්ලොග් අඩවිය වෙනුවෙන් - Tharuka Gunaratne

--------------------------------------------------------------------------------------------------------------
සැලකිය යුතුයි - මෙය සත්ය කතාවක් ඇසුරෙන් කෙරෙන නිමැවුමකි. සියලු නම් ගම් මනඃකල්පිතය. මෙයින් යම් ආකාරයක අපහසුතාවක් හෝ අයිතිවාසිකම් කඩවීමක් වේ නම්. අපව දැනුවත් කරන්න
--------------------------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------------------------
සම්පුර්න අයිතිය - Chamika RavindaTharuka Gunaratne
පළ කිරීමේ අයිතිය -  එක එක වැඩ - බ්ලොග් අඩවිය සතුය
--------------------------------------------------------------------------------------------------------------

පලමු කොටස


එදා තිබුන අන්තිම පීරියඩ් එක සිංහල, කවුරු කවුරුත් පන්තියෙ හිටියා. වෙන පීරියඩ් වල පීරියඩ් කට් කරපු කට්ටියත් පන්තියට වෙලා පාඩම අහගෙන ඉදියෙ සිංහල උගන්නපු සමන් සර්ට තිබුන කැමැත්ත නිසා. ඉස්සරහ පේලියේ ඉන්න කට්ටිය නම් ඔක්කොම හොදට අහන් ඉන්නවා. ඒත් දෙවෙනි පේලියෙන් පස්සෙ හැමෝම ඉන්නේ ඩෙස් එකේ ඔලුව තියාගෙන. සමහරු එහෙම හරි අහන් ඉදියත් නාලකට එහා පැත්තේ ඉදිය කල්ප නම් පොතින් මුන වහගෙන හොදටම නිදි. මු නම් හදන්න කවදාවත් බෑ කියල නාලකට හිතුන වාරයන් අනන්තයි. මෙක ඉන්ටවල් එකට පස්සේ තියන මුල්ම පීරියඩ් එක ඒක නිසා කාල වැඩි කමට කාටත් නිදිමත ඇති කියල හිතපු නාලක ආයෙත් ඉස්සරහ බලාගත්තා.

නාලක ඉගෙනගත්තේ ------- ඉස්කෝලේ. එයාගෙ ගම ටවුන් එකෙන් ගොඩාක් ඈත තියෙන එකක් නිසා ඉස්කෝලෙට ඇවිදන් යන දුරින් තියෙන බෝඩිමක නවතින්න එයාට සිද්ද වුනා. කොහොම උනත් වාසනාවකට වාගෙ මේ ඉස්කෝලෙට ආපු එයාට මුලදි අනිත් අයගෙන් ගොඩාක් හිරිහැර විදින්නත් සිද්ද උනා. ඒව ඉතින් කාලෙත් එක්ක මැකිල ගිහින් පස්සෙ පන්තියේ හැමෝම නාලකගෙ හොදම යාඅලුවෝ බවට පත් උන. ඇත්තෙන්ම කිව්වොත් එයා හොද කොල්ලෙක්. මොනවත් අඩුපාඩුවන් නැතුව ජීවත් වෙන්න වාගෙම දෙයියො දුන්න වාගෙ හොද මොලේකුත් එයාට තිබුනා. කවදාවත් පන්තියේ තුන් වැනියගෙන් පහල ගියේ නැති උන්නට මොකද එයත් අනිත් හැමෝම වගේ පිස්සු පොරක්.

"ඔය ළමයි මොකද කැන්ටිමේ, යනවාඅ පන්ති වලට" එකපාරටම මහා සද්දයක් ඇහුනා. ප්‍රින්සිපල් එලියට බැහැල. එයාගෙ දිග වේවැලත් අරන් සංචාරයේ යන්නයි ලෑස්තිය. නාලකට එකපාරටම කල්පව මතක් උනා. මිනිහ නම් තාමත් නිදි. හෙමීට වැලමිටෙන් ඇනල කල්පව නැගිට්ට්ව ගත්තු නාලක ආයෙ ඉස්සරහ බලාගත්තේ කල්පට විතරක් ඇහෙන්න කාරනේ කියල.

හැමෝම බලන් ඉදපු පීරියඩ් බෙල් එක වැදුනා. ඒත් එක්කම තමයි කවුරුත් දැක්කේ ඉතිහාසෙ උගන්නපු අසංක සර් පන්තියෙ දොරකඩට ඇවිත් කනුවකට හේත්තු වෙලා ඉන්න බව. මීලග පිරියඩ් දෙකම එයාට නිසා එයාටත් වැඩි කලබලයක් නෑ වගේ, ඒත් පන්තියෙන් එලියට යන්න නම් ඒයා කවදාවත් ඉඩ නොදෙන බව නාලක හොදින්ම දන්නවා.

"අප්පා තව නින්දක් දැම්මෑකි" කල්පට ඉබේම කියවුනේ සර්ගෙන් එලියට යන්න අවසර ඉල්ලලා චාටර් වෙලා එන සාරංගවයි, ප්‍රසාද්වයි දැකලා.


අන්තිම බෙල් එකත් වැදිලා හැමෝම එලියට බැස්සම, නාලකත් ගෙදර එන්න පිටත් උනා. මිශ්‍ර පාසලක් උන නිසා කොල්ලො කෙල්ලො හැමෝම එකා වගෙ හිටපු මේ පාසලේ තවමත් නල්ලකට තිබුනේ අමුත්තක්. පාරට ආපු නාලක පයින්ම එයාගෙ බෝඩිමට එන්න පිටත් උනා. අව්ව නිසා ගමන නම් ටිකක් අමාරුයි. කෝම උනත් විනාඩි දහයෙ ගමන නෑ කියල හිතපු නාලක තමන්ට පාර එහා පැත්තේ ඉදල අත වනපු දෙන්නට ප්‍රතිචාර දක්වලා බෝඩිම තියෙන අතුරු පාරට හැරුනා. කොලඹ නගරෙට ගොඩාක් ආසන්නව තියෙන නගරයක් උනත් මෙහේ අතුරු පාරවල් නම් ගොඩක් පිරිසිදුයි. ඒ ඒව නඩත්තු කරන්නේ පාරෙ ජීවත් වෙන මිනිස්සුම නිසා. මේ පාරෙන් යන්න නාලක ගොඩාක්ම කැමති එයාගෙ ගම් පලාතෙ වගේම මේ පාර දෙපැත්තෙත් තාමත් ඇතහැරලා දාපු නැති කුඹුරු එහෙම තිබුන නිසා. හවසට ඒවට ඉර එලිය වැටුනාම හරි ලස්සනයි. ඒක නම් ගොඩක් දෙනා දන්නව ඇතිනේ.

ඉස්සරහ වංගුවෙන් හැරුනාම නාලක ඉන්න බෝඩිම පේනවා. ඒකෙ යට තට්ටුවේ ඉදියේ ටිකක් වයසක ගෑනු කෙනෙක්. එයාට දරුවෝ නැති නිසාද කොහෙදෝ නාලකට එයා ගොඩක් කැමතියි. පොඩි නැන්දා කියල කවුරුත් එයාට කතාකරන නිසා නාලකත් එහෙමයි කිව්වේ. අවංකවම කිව්වොත් එයාත් හරියට අම්මා කෙනෙක් වගේම නේද කියලා නාලකා හිතුන වාර අනන්තයි. නාලකට තමන්ග දරුවෙක්ට වගේ සලකන එයා නාලකලගෙ පවුලේ හිතවතෙක්. එයාත් කලි නාලකලගේ ගෙවල් ලග හිටිය කෙනෙක්ලු, තමන්ගෙ සැමියා හමුදා සේවයේදී මියගියාට පස්සේ එයා මෙහෙ පදිංචි උනා කියලයි නාලකගේ අම්මා කියල තියෙන්නේ.

නාලක ගේට්ටුවට දාල තිබුන මලකඩ කාපු අගුල පන්නලා ඇතුලට ආවා. ආයෙත් ගේට්ටුව වහලා ගෙට පිටින් තියෙන පඩිපෙල නැගලා තමන්ගේ කාමරේට ගියා. නාල ඇදුමක් ඇදන් පහලට බැස්සේ ටිකකට කල්න් දවලට කෑම කන එන්න කියලා පහල තට්ටුවෙන් කතා කරපු නිසා.

නාලක කෑම කන අතරතුරේ පොඩි නැන්දා ඉස්කෝලෙ තොරතුරු නාලකගෙන් ඇහුවා. එයා විශ්‍රාම ගියෙත් නාලක යන ඉස්කෝලේ ඉදලා බව කිව්වේ නාලකගේ තාත්තා. ටික වෙලාවකින් නැන්දා අලුත් ආරංචියක් නාලකට කිව්වා..........





--------------------------------------------------------------------------------------------------------------
පලමු කොටස බැවින් අද මෙහි පළ වන්නේ කුඩා ප්‍රමානයක් පමණි. ඒ ගන අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.
--------------------------------------------------------------------------------------------------------------

{ 2 comments... read them below or Comment }

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -