Posted by : Tharuka Gunaratne Tuesday, March 19, 2013




“ ඔන්න නාලක පුතා හෙට ඉදන් ඔයාට තව යාලුවෙක් මෙහෙ නවතින්න එනවා”

නැන්දා කිව්වේ වීදුරුවකට වතුර වත්කරන ගමන්. වතුර පුරවපු වීදුරුව නාලක ගාවින් තියපු එයා මෙහෙම කිව්වා.

“එන්නේ මගෙ හොදම යාලුවෙකුගෙ පුතෙක්, ඔයාගෙ වයසෙනම් නෙවෙයි, ඒලෙවල්ද කොහෙද! හොදට හැදිච්ච ළමයෙක්. ඒකයි මම මෙහෙ නවත්තගන්න කැමති උනෙත්”


නාලක වැඩිය කෑම නොකා කාල අත සෝදගෙන පුටුවෙන් නැගිට්ටේ කාමරේට යන්න හිතාගෙන.

“නැන්දේ මම යනවා කාමරේට, පාඩම් වගේකුත් තියෙනවා”
“හොදයි පුතා මොනා හරි ඕන උනොත් මට කතා කරන්නකෝ”

මෙහෙම කියපු නැන්දා එයා සෝදල ඉවර කරපු පිගාන රාක්කෙන් තියල අත පිහ දා ගත්තා.

නාලකට ඇත්තටම වැඩිය පාඩමක් කරගන්න තිබුනේ නෑ, එහෙම උනත් එයා කාමරේට ගිහින් තමන්ට අමාරුය කියල හිතුන ගාණක් තෝරන් හදන්න පටන් ගත්තා.

තාමත් හවස හතර පහුවෙලා නෑ, ඒ නිසාමද කොහෙදෝ කමරේ පුරාවටම රත්තරන් පාට ඉර එළියෙන් අමුතුම ලස්සනක් මැවිල තිබුනා. ඵාඩම් කරල ටිකක් විතර මහන්සි පාටකුත් නාලකගේ මුහුනෙන් පෙනුනා.

ජනේලේ ගාවට ගිය නාලක ගෙට පහලින් තියෙන පුංචි වත්ත දිහා බලන් හිටියා.තමන්ගේ ගමෙන් ආවට පස්සේ නාලකගෙ හිතට ගමේ හැගීම ගේන්න පුලුවන් උනේ මේ ගෙදර පිටිපස්සේ තියෙන වත්ත විතරයි.
නැන්දා උනත් සමහර දවසට වත්ත පහලට වෙන්න තියෙන සිමෙන්ති බංකුව උඩ ඉදගෙන ගොඩාක් වෙලා කල්පනා කර කර ඉන්නවා නාඅලක දැකල තියෙනවා.එයා තමන්ගේ ගෙදර වගේම මේ පුංචි වත්තත් ගොඩාක් නඩත්තු කරනවා.

ජනේලෙන් හිමීට ඈත් උන නාලක තමන්ගෙ පොත් රාක්කෙන් පොතකුත් අරන් පහලට බැස්සා.ගෙයි පැත්තකින් වැටිල තිබුන පොඩි අඩිපාඅක වගේ තියෙන පාරෙන් වත්ත පහලට ආව එයා හෙමිහිට බංකුව උඩ වාඩි උනා.

හවසට තියෙන මේ ලස්සන හැම වෙලාවෙම තියෙනවනම් කියල හිතුන නිසාද කොහෙද නැන්දත් නාලක ඉන්න තැනට ආවෙ හෙමිහිට.

"පුතා පොතක් කියවනවද?" අහපු නැන්දා බංකුවේ වාඩි උනා. "හොදයි, හොදයි මාත් ඔය වයසෙදි ගොඩාක් කියෙව්වා. කවදාහරි තමන්ටය කියල ඉතුරු වෙන්න ඉගෙනගන්න දෙයක් විතරයි පුතේ"

නාලකට තමගෙ අම්මා මතක් උනා. ඇත්තටම එයත් මේ වාගෙමයි නේද?
පිළිතුරු හැටියට නාලක කලේ හිනා උන එක විතරයි. ඒත් ටික වෙලාවකින් නැන්දා නාලකට අලුත් කොල්ලා ගැන කියවන්න පටන් ගත්තා.

"මට එයාගෙ නම නම් මතක නෑ පුතා, අන්තිම අවුරුද්දේ ඉගෙනගන්න කෙනෙක්, මේ පාර සීනියර් විබාගෙ මයේ හිතේ" එය කිව්වා. "ආවත් අවුරුද්දක් වත් ඉන්න එකක් නෑ, නාලක පුතා ඉන්න ඉස්කෝලෙටම එනවා කියලයි මෙහෙ එනවා කිව්වේ"

තවත් මොනදෝ කිව්වත් නාලකට ඒව එච්චර මතකෙට ආවෙ නෑ. අන්තිමට නැන්දා හිටපු තැනින් නැගිට්ටේ "අපොයි උයන්නත් පරක්කු වෙනවා" කියලා.

නාලකට තමනුත් මෙහෙ ආපු හැටි මතක් උනා. පහ වසරෙ විබාගෙ පාස් උන හින්දා තමන්ට මේ ඉස්කෝලෙට එන්න පුලුවන් උන හැටිත් එයාට හීනෙකින් වගෙ මතක් උනා. නාලකල පෝසත් උදවිය නෙවෙයි ඒත් කාටවත් අත නොපා ජීවත් වෙන්න ඕනකරන හැමදේම එයාලට තිබුනා.ඒක නිසාම නාලක කවදාවත් තමට වගේම පවුලට නොගැලපෙන දෙයක් කලේ නෑ.

මෙතන තවත් ඉදල වැඩක් නැති බව නාලකට තේරුනා. අහසත් අදුරු වෙලා ගිහින්. නාලක පොතත් අතට අරන් කාමරේට යන්න හිතාගෙන නැගිට්ටා.

***********************************************************************************

පහුවෙනිදටත් ඉර උදා උනා. වෙනදා වාගෙම උදේ නැගිටපු නාලක උවමනා දේවල් ලැස්ති කරන්, නැන්දට ආචාර කරලා ඉස්කෝලෙ යන්න පිටත් උනා. එදා නම් කිසිම වැදගත්කමක් නැති දවසක් කියල නාලකට හිතුන වාර අනන්තයි. ඒක එයාට විතරක් හිතුන දෙයක් නොවෙන බව පන්තියේ කාගෙ කාගෙත් මුහුනු වලින් පෙනුනා. වාර විබාගෙට තව දවස් දහයයි. හැම ගුරුවරයෙක්ම වගේ වෙලාවට පන්තියට ඇවිත් උගන්නන්න පටන් ගන්නේ හරියට කෝච්චියක් යනවා වාගෙ. ලංකාවෙ ගොඩාක් ඉස්කෝලවල වගේ තමයි මේ පන්තියේ ත්ත්වෙත්. කොල්ලො නිදියනවා, ගුරුවරයා කෙල්ලන්ට උගන්නනවා.

කොහොම හරි එදා දවසත් අමාරුවෙන් ගෙවා ගන්න නාලකට පුලුවන් උනා. කාටවත් වෙලාව නතර කරන්න බෑ නේ...........

එදා නාලක ගෙදර යනකොට ටිකක් පරක්කු උනා. තමන්ගෙ යාලුවෝ ව්වන කල්ප එක්ක සමනුත් ඉස්කෝලෙ නැවතුනේ පාසලේ ඉංග්‍රීසි දිනය වෙනුවෙන් තිබුන වැඩ ටිකක් ඉවර කරන්න. නාලකත් ටිකක් වෙලා එතන නැවතුන නිසා එයා ගෙදර එනකොට හවස තුනට විතර ඇති. ගොඩාක් බඩගින්නෙන් ගෙදර ආවත් එයා ගෙට ඇතුල් වෙන තැනදිම දැක්ක දෙයින් නම් බඩගින්නත් අමතක උන බව පෙනුනා.

ගේ ඉස්සරහ නවත්තල තිබුනේ ටිකක් පරන කාරෙකක්. නාලකට නැන්දා කියපු හාදයා ගැන මතක් උනා. එකත් එකටම මේ අලුත් කෙනා වෙන්න ඇති. නාලකට නම් හිතුනේ හෙමිහිට උඩ තට්ටුවේ තමන්ගේ කාමරේට ගිහින් මෙයාලා ගියාම කෑම කන්න පහලට එන්නයි. ඒක නිසා එයා ගෙයි පැත්තකි න්තිබුන පඩිපෙලින් උඩට නගින්න හැදුවා විතරයි

"ආ මේ ඉන්නේ නාලක පුතා" නැන්දා පහල ඉදන් කිව්වා. "මෙහෙ එන්නකො, ඔයාව මෙයාලට අදුන්නල දෙන්න"

කොහොමද බෑ කියන්නේ, ආඩම්බරකාරයෙක් කියල හිතාවි. නාලක් පහලට බැස්සා. නැන්දා එයාව සාලෙට එක්කන් ආවා.

"ඔන්න සුමනා මේ ගෙදර ඉන්න අනිත් කෙනා" නැන්දා කිව්වේ එතන ඉන්න ටිකක් තරබාරු ගෑනු කෙනා දිහා බලලා. "මට නම් මගේ පුතෙක් වගේ"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්" අර ගෑනු කෙනා කිව්වා. "නම මොකක්ද ළමයෝ?" එයා ඇහුවේ කරුනාවන්ත හඩකින්.

"නාලක" හෙමීට කියපු නාලක තමන්ගෙ පොත් බෑග් එක අතට ගත්තා. ඒක පිටේ එල්ලන් ඉදලා එයාට ඇති වෙලයි තිබුනේ. අර ගෑනු කෙනා හිනාවෙලා තවත් ප්‍රශ්නයක් අහන්න වාගෙ හැදුවත් නාලකව ඒකෙන් බේර ගත්තේ නැන්දා.

"නාලක පුතා අද හරියට පරක්කු උනානේ, මම කෑම මේසෙට ඇරලයි තියෙන්නේ, බෙදාගෙන කන්න"

"හොද්යි නැන්දේ" කියපු නාලකාඅපහු හැරුනා.

පඩිපෙල නගිනකොට එයාට ඇහුන අන්තිම වචන ටික තමයි මේ

"ඔයා අපේ දුවව හොදට බලගන්න ඕනේ" කතා කලේ සුමනාය කියල කිව්ව ගෑනු කටහඩ.

"මොකක්" නාලක තමන්ටම කියා ගත්තා. "දුව?"


{ 4 comments... read them below or Comment }

  1. නරක නෑ මචං. කෝ මේකෙ ඉතුරු ටික?

    ReplyDelete
  2. Lots of individuals invest their whole day on gathering likes and increasing their facebook follower complying with but they can not enhance the listing of people without extra aid. buy facebook likes usa

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -