Posted by : Tharuka Gunaratne Monday, December 9, 2013



ඈ රෝහල්ගත කරන්නට තීරනය විය. කෙසේ වුවත් අප නිවසට පැමිණි වහාම අක්කා එය කරන්නට පියවර ගත්තාය. ඇගේ අම්මාත්, අපේ අම්මා සහ තාත්තාත් ඈ සමග ගිය නිසා අක්කාත් මමත් නිවසෙහි නැවතුනෙමු. පව්! මොනව කරන්නද ඉතින්,

"පව් මල්ලි. ඒ කෙල්ලට මොනව වෙලාද දන්නෙ නෑ"

"හ්ම්ම්ම්"

"බලනව එක්සෑම් ඉවර උනා විතරයි....."

"ඔව්..... "

"මොකෝ බන් පොඩි පොඩි උත්තර?"

"නෑ අක්කෙ මම කල්පනා කලෙත් එයාට මොකක් වෙලාද කියල තමා"

"අය්යූ නොමල් ලෙඩක් මල්ලි.... ඒත් ඒකි හරි දුර්වලයි. මූන දැක්කම පේනවනෙ ඒක"

"නෝමල් නම් අච්චර අමරුවක්?"

"ඒක නම් මම දන්නෙත් නෑ ඉතින්"

අක්කා නිහඩ වූවාය.

"අක්කෙ කොහේ ඇඩ්මිට් කලත් හෙට එන්න ඕන මා එක්ක එයාව බලන්න යන්න"

"හ්ම්ම් හ්ම්ම්"

අක්කා මා සමග යන්නට කැමටි වීමද ලොකු දෙයක් යැයි සිතූ මම කාමරයට ගොස් තිබුනු නවකතා පොතක් කියවන්නට වීමි. 

අම්මාත් තාත්තාත් මාගේ විභාග කටයුතු පිළිබදව විමසා සිටි අතර මම ඔවුන්ට සතුටුදායක පිළිතුරු ලබා දුන්නෙමි. ඇත්තෙන්ම සාමාන්ය පෙළ විභාගය සිතූ තරම් අමාරුවක් නැතිව මෙසේ අවසන් වීම මගේ අපමණ සැනසීමට හේතු විය. විභාගය අවසන් විමත් සමග තිබූ සතුට උත්පලා නිසා මගේ සිතින් ඈත්ව කොහේදෝ පියාඹා ගියාක් මෙන් විය. 

ඇයි මේ කෙල්ලෙක් හන්ද මම මේ තරම් හිතන්නෙ?
මම මගෙන්ම අසාගතිමි. දෙන්නට පිළිතුරු නැත. මගේ හිත පිලිතුරු නොදෙයි. හිත මොනව කරන්නද ? එයා මගෙ යාලුවා.......

නෑ.......... කව්දෝ කොනක ඉදන් කෑගසනවා මෙන් මට ඇසුනි. නෑ............. ඒ උඹේ අයිතිකාරි.......... තොට ඒක තේරුම් ගන්ඩ බැරිද ගල් මූසලයෝ!!!!!!!

යාලුවා

නෑ.... ඒ උඹේ ආදරේ.......

යාලුවා

නෑ..... තේරෙන්නෙ නැද්ද මෙච්චර කියලත්..

මම ඔලුවේ අතගසා ගතිමි. පිස්සු හැදීගෙන වත් එන්නේද? පිස්සු හැදුනම මේමද?


********************

පසුදින උදෑසන මා අවදි වන විට අම්මලා සිය රාජකාරි සදහා පිටත්ව ගොස් සිටියහ. මම හෙමින්ම ඇදෙන් නැගිට මූනකට සෝදා කුස්සියට ගියෙමි. අක්කා එහි වාඩි වී කුමක්දෝ කරමින් සිටියාය.

"මල්ලි ඔන්න තේ හදල ඇති"

"හ්ම්ම්ම්"

මේසය උඩ වසා තිබූ තේ එක තවමත් රස්නේය. සමහරවිට දැන් හදන්න ඇති. 

"මොකක්ද ඔය කරන්නෙ අක්කෙ?"

"මම මේ උත්පලාට ගෙනියන්න කෑම එකක් හදන්න හැදුවෙ, බෝංචි කරන්නත් අමාරුයි අප්පා. දෙනවකො පොඩි සපෝට් එකක්"

"කෝ දෙනව මන් කඩන්න"

"ශුහ්! උත්පලාට කිව්වම නං පැනල දෙයි සපෝට්..... හනේ කාලේ"

මම සිනහ වීමි. කිසිවක් නොපවසා යමක් බාරගෙන කරන පලමු වතාව මේ ලෙස ඉතිහාස ගත වන්නේය.

දහවල් එකොලහට අපි නිවසින් පිටත්වීමු. දොලහ වන විට රෝහලට යා ගත හැකි වනු ඇත. වැඩි කතාබහකින් තොරව අපි පාර දිගේ ඔහේ පියමනින අයුරු  අහසෙහි වලාකුලක් මෙන් පාවී මැකී ගියේය.


*************

"අම්මේ.... අම්මේ...."

දුබල කටහඩක් ඇසේ. හුරුපුරුදුය. 

"ඇයි දූ???"

"අම්මෙ මට මෙහෙ ඉන්න බෑ කම්මැලීනෙ"

"එහෙම බෑ දුවේ.... ඩොක්ට කීවෙ තව දවස් දෙක තුනක්වත් ඉන්න වේවි කියලනේ..... බලන්න ඔයා හරි දුර්වලයිලු"

ඔව්! ඒ උත්පලා සහ කාන්ති නැන්දාය. 
උත්පලා රෝහල් වාට්ටු ඇදේ දිගා වී සිටී. කාන්ති නැන්දා ඇගේ ඉහ ඉද්දර ඉදන් හිස පිරිමදියි.

"ඒත් ඉතින් මම කෝමද ඉන්නෙ........"

"කෝම හරි ඉන්න වෙනව හොද වෙනකම්.... ඔන්න බලන්න දන්නෙම නැතිව දොලහත් පහු වෙලා.... දූට බඩගිනිද?"

"නෑ අම්මෙ.... කන්න බෑ මොකුත්"

"එහෙම කියල හරියන් නෑ ඔන්න...... ලක්ශිකා ලමය ඔයාටත් එක්ක කෑම එකක් ගේන්නම් කීව"

"බලන්න මම හන්ද කරදර.... ඔයාට එයාලට"

"කට කට....... කරදරයක් උනාම මම ඇර වෙන කවුරු බලන්නද? ලක්ශිගෙ මල්ලි කිව්වෙ නැත්නම් මමවත් දන්නෙ නෑ ඔයා ලෙඩින් බව"

උත්පලා නිහඩ වූවාය. දෑස් ඇරගෙන සිටීමද ඈට අපහසුය. 

දසිත් මොනව කරනව ඇද්ද? 
ලක්ශිකා අක්ක එනවනම්ම්ම්ම්ම්ම්..........
එයත් ඒවිද?
නෑ....
දැනටමත් දවල්ට බඩ පැලෙනකල් කාල නිදි ඇති
නෑ......
යාලුවො එක්ක රස්තියාදුවෙ ගිහින් ඇති
නෑ.......
ශහ්! එයා දෙකයි තිහ ෆිල්ම් එක බලන්න යාවි
විභාගෙත් ඉවරනේ.......
ඔව්! ඔව්!
එයා ඇයි එන්නෙ මාව බලන්න.....

උත්පලාගෙ හිතට පුංචි දුකක් කොහෙන්දෝ මෝදු උනා. ඒ තරම් දැනුනෙත් නෑ. ඒත් අනේ මන්ද........ 

මොකෝ දසිත් ගැන මම කල්පනා කරන්නෙ මේ තරම්????
උත්පලාට එය සිතාගැනීමට නොහැකිය.
ඈට තබා ලියන සර්වබලදාරී මටත් ඔවුන් දෙදෙනාගේ සිතිවිලි ගැන හරි අවබෝදයක් නැත. තිබෙන්නට හැකියාවක්ද නැත. මන්ද මම තවමත් ගිහි හෙයි ඉන්නෙක් නිසාවෙනි...


****************

"දූ ඇස් අරින්න... නිදිද?"

උත්පලා හෙමිහිට දෑ විවර කලාය. ඈ හැරී සිටි පැත්තට වැටුනු කදුලු බිංදුවක් ඔලුව තියන් හිටපු පැත්තටම වැටුනද කිසිවකු හෝ එය දුටුවේ නැත.

හානේ..........!!!!! දසිත්!!!!

"අම්මේ....."
කතාකිරීමකට වඩා එය කෙදිරීමකි.

"බලන්න ලක්ශිකා අක්ක ඇවිත් දසිත් පුතා එක්ක"

උත්පලා සිනහ වූවාය.

මම ඈ දෙස බැලුවෙමි. අක්කාට කෙසේවෙතත් ඇගේ අම්මාට ව්ත් නොපෙනුනු ඇගේ කදුලු දකින්නට මම අවාසනාවන්ත වීමි. අක්කා උත්පලා ලගට ගොස් සිටියාය.

"දුවේ... පොඩ්ඩක් මෙයා එක්ක ඉන්නවද... මම කෑම කාල එනකම්"

ඇගේ අම්මා කීවේ අක්කාටය. අක්කා එකග වූ පසු කාන්ති නැන්දා දුබල සිනහවකින් මට සංග්‍රහ කොට එතැනින් නික්මුනාය. 

අක්කා උත්පලාට කවන්නට හදයි. 

"කන්නකො නංගි එක කටක්වත්....."

"අනේ බෑ අක්කෙ.... ආසාවක් නෑ"

අක්කා මා දෙස බැලුවාය. 
මම උත්පලා දෙස බැලීමි.
අක්කා පැවසූයේ ඇත්තය. මේ ටික දවසට බෝනික්කෙක් මෙන් සිටිය උත්පලා කෙට්ටු වී ගොසිනි. බොහෝ දුර්වලය.

"උත්පලා"

මම අක්කාට ඉදිරිපසින් ඈ ලගට ගියෙමි.

"ම්ම්ම්"

"කන්න ලමයෝ ටිකක්, බලන්න ඔයාගෙ හැටි"

උත්පලා මා දෙස බැලුවාය. 

"ඒයි ලක්ශි"

එකපාරටම කව්දෝ කෑගැසීය. ඒ කෙල්ලකි. අක්කාගේ යහලුවකු වන්නට ඇත. 

"මල්ලි පොඩ්ඩක් ඉන්න" කිවූ අක්කා ඇගේ මිතුරිය සිටි දෙසට අඩියට දෙකට ගියාය. කෝච්චිය ශීග්‍රගාමී නම්. එය මට නැවැත්විය නොහැක. වාට්ටුවම ඔවුන්ගේ කච කචය නරඹන්නට ඇත. නොමිලේ සර්කස්.....

උත්පලා මා දෙස බලාගත් ගමන්ය.

"කන්න"

"අනේ දසිත් කන්න බෑ...."

"මේ.... ඔයා නොකා ඉදියොත් කෝමද සනීප වෙන්නෙ"

"ඒ උනාට"

"කන්නම ඕන. අක්ක ඉව්වෙ ඔයාටමයි"

"අනේ.... බලන්න ඔයාලට මන් හන්ද තියෙන කරදරේ"

"ඔයා කන්නම ඕන, නැත්නම් මම කන්නෙත් නෑ"

"ඒ.??"

"වචනයක්වත් කියන්න එපා... දැන් කනවා"

උත්පලා මා දෙස බැලුවේ අමුතු සතකු දෙස බලන්නාක් මෙනි. ඇස් දෙකෙහි දීප්තිය අඩු වී තිබුනද මගේ වචන වලින් කලින් තිබූ දගකාර දීප්තිමත් දෑස් පෙර පරිදිම මොහොතකට නැවත් උදා වී ක්ශනයකින් නැති වී ගියේය. 

එහෙත් අපේක්ශිත ප්‍රතිපලය නම් ලැබුනි. උත්පලා හෙමිහිට ආහාර ගැනීම ඇරඹුවාය. එහෙත් ඒ විටින් විට මා දෙස බලමිනි. ඒ හැම මොහොතකම තවත් ටිකෙන් ටික ඈ මට ළං වෙන්නාක් මෙන් මට හැගුනි...............

කවුරු දනිත්ද? අනාගතය ලියාගත යුත්තේ අපිමය!!!!!

"අපේ ජීවිත කතාව අපිම ලියාගමු" 

කවුදෝ ප්‍රසිද්ද රසායන විද්යා ගුරුවරයකුගේ ආදර්ශ පාඨයක් මගේ දෑස මද ඇදී ගියේය.

-------------------------------------------------------------------------------
ඉතිරිය පසුවට.......


ගොඩ දවසකින් ලිව්වේ. සමාවෙන්න
-------------------------------------------------------------------------------

මම -  ;

{ 7 comments... read them below or Comment }

  1. නියමයි බන් ඔහොම දාපන්කො

    ReplyDelete
  2. charitha dissanayaka. Ape sir.

    ReplyDelete
  3. කතාව ලස්සනයි. ලියන විදිහත් හොඳයි. ඔයා මේකට දාන පිංතූර නියමෙය ගැලපෙනවා.

    තරහා නැතිව , පුළුවන් වෙලාවට, ටික ටික ලියල දාපං කොලුවෝ.. :)
    හැමදාම ඇවිත් බලනවා, අළුත් එකක් ලියලල කියලා,ඉස්සෙල්ලම කමෙන්ට් කලේ අද. මේක ලියන්නෙ කතාව ලියෝගන්ට දිරි ගැන්වීමක් හැටියට :)

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි! අනිවාර්යෙන් දිගටම දානවා පුලුවන් හැටියට තමයි ඉතින්.......
      සතියකට දෙසැරයක් කතාව වැටේවි අනිවා මීට පස්සෙ

      Delete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -