Skip to main content

අලුත් අවුරුදට සිතුවිල්ලක්."එයා මාර පොරක් "



කට්ටියටම අලුත් අවුරුද්ද ජය ඇති කියලා හිතනවා.ඉතින් අලුත් අවුරුදේ කස්ටියටම අලුත් විදිහට හිතන්න අලුත් දෙයක් ලියන්න හිතුවා.

     එක නිසා මම මේ  ලියන්නේ අපේ ගුරුතුමෙක්  දුන් උපදෙස් මාලාවක් පිළිබදවය.මෙය එක එක වැඩ බ්ලොග් අඩවියට ලිවීමට ප්‍රදාන හේතුව මෙහි  අප සියලු දෙන්නාටම යමක් ගැනීමට ඇතැයි සිතන නිසයි.

     මෙය ආරම්බ කිරීමට මට අවංකවම කොනක් අල්ලාගැනීමට අපහසුය.හරි මෙය මෙසේ අරබමු.එය අගහරුවාදා දිනයකි.උපකාරක පන්තියක් පටන් ගැනීමට පෙර සිදුවන ඔබ දන්නා ක්‍රියාදාමය සිදුවිය.(සැ:යු - කාර්ඩ් මාක් කරන අයියා හොද නිසා මාසයේ දෙවන සතියේ පන්ති කාර්ඩ් එක ගන්නා පොරොන්දුව පිට මට ඇතුලට පැන ගැනීමට හැකිවිය.නැත්නම් මේ කතාව ඔබට කීමට හැකියාවක් නොමැත.:)

සුපුරුදු පරිදි පන්තිය ආරම්බ විය.ගණන් 2ක් 3ක් උදාහරණ ලෙස සෑදු පසු අපට ගනින් සෑදීමට අවස්ථාව ලබාදුන්නේය.ටික වෙලාවකට  පසු සර් පන්තියේ කම්මැලි කම මග ඇරවිමට මෙන් පොඩ්ඩක් දොඩමලුවිය.(මේක එහෙම කියලත් හරියන්නේ නෑ.ඒ උන්නට වෙන කියන්න විදිහකුත් දැන්නෑ. :D)
"කට්ටිය පොඩ්ඩක් වැඩ නවත්තලා මේක අහගන්නකෝ. සමහර අය ඉන්නවා එයාලා වීරයෝ කරගෙන තියෙන්නේ කඩෙන් ගත්ත බාන්ඩයක්.ඒගොල්ලන්ගේ වීරයෝ හොද ෆෝන් එකක් කම්පුටරයක්.ඒ ළමයි හිතනේ එයාලට කිසි දක්ෂ කමක් නෑ කියල.අර බාන්ඩ තමා ඒ ගොල්ලන්ගේ වීරයෝ.අනිත් ළමයිනුත් ගන්නගන්නේ ඒ අය මාර පොරක් විදිහට.එහෙම නෙවයි ළමයි මාර පොරක් වෙන්නේ.කාට හරි හොදට ඉගෙනගන්න,ක්‍රීඩා කරන්න,සින්දු කියන්න පුලුවන්නම් එයා මාර පොරක්.ඒවායින් තමයි  ළමයි මාර පොරක් වෙන්නේ.
 අනික ඔගොල්ලෝ කොහොමහරි ගෙදෙට්ට කරදර කරලා ෆෝන් එකක් ගත්තා කියමු.කාටද දන්නෑ ඕකෙන් කතාකරන්නේ.ඕක ඕගොල්ලෝ පාවිචිකරයි හෙට හම්මවෙන යාලුවෙක් එක්ක මොකක් හරි වල් පල් ටිකක් කියවන්න වැඩක් තියනවද.නෑ නේ .එහෙම නෙවයි ළමයි ඕගොල්ලෝ ඇත්තටම ඔය බාන්ඩ ඕනි කෙනෙක් වෙන්න.( එහෙම කිවුවේ හොද විදායක ශ්‍රේණියේ රැකියාවක් කරන්න කියලා.)
   ඔන්න කවුරුහරි පාවිච්චි කරන්නේ එයා හදපු ෆෝන් එකක් නම් එක ගඩොලක් විතර වුනත් කමක් නෑ අන්න එයා මාර පොරක්.
මම දවසක් දැක්ක කෙනෙක් මේ පන්ති ඇරෙන වෙලාවේ බයික් එකකින් හොදටම රේස් කරලා වාහන අස්සෙන් දාලා ත්‍රසජනක ගමනක් යනවා.එහෙම ගිහිල්ලා පොඩි කඩේක නවත්තලා තේකක් බිලා පත්තරයක් බලලා අයි ඒ විදිහටම යනවා.වැඩක් තියනවද .එයා හදන්නේ එයා මාර පොරක් කියලා පෙන්නන්න .ඕගොල්ලෝ ළමයි ඒ වගේ අය මාර පොරක් විදිහට සලකන්න එපා "
තව සර් ළමයිගේ ඇදුම් ගැනත් මෙහෙම අදහස් දැක්වුවා .
"ඕගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න ඔය campus හෙම ගිය ළමයි කවදාවත් ඒ ඉස්කෝලේ විනය නීති වලට පිටින් ගිහින් තියනවද කියල.නෑ ඒගොල්ලෝ ඒ විදිහට ගානට නිල අඩුම ඇදලා අපු ළමයි.වෙන විකාර කරගෙන ඉස්කෝලෙට අවේ නෑ.(මේක අපේ භාෂාවෙන් කියනවනම් කොන්දේ style කරලා කලිසම බිඩි කකුල් වගේ දාගෙන් ඉස්කෝලේ එන්න එපා කියාලා බව බුදිමත් පාඨක ඔබ  තේරුම් ගත යුතුය)
   මම කියනේ නෑ හොදට අදින්න පළදින්න එපා කියලා.හොදට අදින්න තියනවනම් හොදයි.එහෙම නෑ කියලා ප්‍රශ්නෙකුත් නෑ.හරි එහෙනම් අපි ආයි පාඩමට එමු."
   මේක ඉතින් සර් ගේ හඩින්ම අහන්න තිබුනානම් හොදා.ඒ උනාට එකට විදහක් නෑ නේ.මම හිතන හැටියටනම් මේ කතාව ගොඩක් දුරට හරි.ඔයාලත් ඉතින් තනියම පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න.ඔයාලම තීරණේ කරන්න මේ අවුරුදේ ඔයාලා කොහොමද වෙනස් වෙන්න ඕනි කියලා.එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක්. 

Comments

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

තියන මොනිටරෙන්ම 3D බලමු.

කොහොමද ඉතින් මේක මීට කලින් දෙන්න හිටියේ.කොහෙද මේ බ්ලොග් පොස්ට් හොරෙක් හින්දා මේ වැඩේ කරන්න බැරි වුනානේ.හැබැයි ඉතින් හොරාටනම් ආයි රෙදි ඇදගෙන සිබරේට එන්න බැරි වෙයි.  එකෙන් කමක් නෑ ඉතින් මම දැන් මේ ඔයාලට කියල දෙන්න හදනේ ඕගොල්ලෝ ගාව තියන මොනිටරෙන්ම  ත්‍රිමාන වීඩියෝ බලන ආකාරය.     හරි එහෙනම් අපි වැඩේට බහිමු.ඉස්සෙල්ලම ඕගොල්ලන්ට ඕනි වෙනවා QQ Player .එක එක මෙතනින් බාගන්න.  හරි දැන් සාමාන්‍ය විදිහට එක ඕගොල්ලන්ගේ පරිගණකයේ ඉස්තාපිත කරගන්න.එක ඉතින් හැමෝම දන්නවනේ.    ඊළගට කරන්නේ වැදගත්ම ටික.ඉස්සෙලම player එක open කරගන්න.ඊළගට minimize බටන් එක එහා පැත්තේ තියනවා main menu එක. එකේ තියනවා file කියල එකක්.එකේ open 3d video කියන එක හරහා වීඩියෝ එක ඔපෙන් කරගන්න.එහෙම නැත්තම් ctrl+D ගැහුවත් හරි.ඒ එන dialog box එකෙන් වීඩියෝ එක තෝරන්න.ඊට පසේ open කියන එක ඔබන්න.දැන් තව dialog box  එකක් එනවා. එකේ මොඩ් කියන එකෙන් 2D to 3D කියන එක තෝරන්න.දැන් වැඩ කරන වීඩියෝ එක  අපිට පෙන්නේ 3D වෙලා.හැබැයි ඉතින් 3D බලන්න අපිට 3D කන්නාඩි දෙකක් නම් ඕනි වෙනවා.නැත්තම් ඉතින් පෙන්නේ අපහැදිලි වීඩියෝ එකක් තමා.ඔය යටින් තියෙන්නේ ම