---------------------------------------------------------------------------------------------------------------
අද උදේ ඉදන් කතාව ලියන්නය කියල මට ගොඩාක් කෝල් ආව. මගෙ බ්ලොගයෙ සම අයිතිකරුඅ චාමික වගේම කතාව දිගටම කියවන තව තුන් දෙනෙක් මට එහෙම කිව්වා. නොලිය බෑ නේ.. ඒකයි සතිපතා පළවෙන්න නියමිත් කතාවෙ හතර වෙනි කොටසත් මේ විදියට හදිස්සියෙ නිකුත් වෙන්නෙ.
----------------------------------------------------------------------------------------------------------------
හවස ඉර එළියෙන් හැමතැනම පිරිල ගිහින්. හෙමින් හෙමින් ආව අර කෙල්ලත් නැන්දගෙ පැත්තකින් වාඩි උනා. නාලක හෙමීට තමන් අරන් ආපු පොතෙ පිටු පෙරලන්න පටන් ගත්තා. ඔහොම ටික වෙලාවක් යද්දි නැන්දා එකපාරටම් මොකක්දෝ මතක් උනා වගේ නැගිට්ටා.
"අපොඉ දැන් රෑ වෙන්නත් ළගයිනෙ. මම තාම රෑට උයලවත් නෑ" කියපු නැන්දා ආයෙත් බංකුව දිහාට හැරුනා. "දුවේ ඉස්කෝලෙ ගැන අහ ගන්න දෙයක් එහෙම තියෙයි නම් නාලක පුතාගෙන් අහගන්න. මම යනව උයන්න......"
මෙහෙම කියපු එයා අත් දෙක එකිනෙක තුල්ලලා පිහදාගත්තා. ඊට පස්සෙ හොද හුස්මකුත් අරන් කුස්සිය පැත්තට යන්න පටන් ගත්තා. නාලක ඔලුව උස්සල නැන්දා යන දිහා බලන් ඉදියා. අමුත්තත් එයාගෙ කොණ්ඩෙ එහෙම ටිකක් පැද්දෙන විදියට නැන්දා යනව බලන් ඉන්නව. මෙයාගෙන් මොනා අහන්නද? නාලකට එහෙම හිතුනත් මෙතනින් නැගිටල් යන්න නම් එයගෙ හිත කිව්වෙ නෑ. ඒක නම් මට සහතිකයි.
තමන් මෙතෙන්ට පොතකුත් අරන් ආවෙ එක මොන තරම් වාසනාවක්ද? නාලක හිතුව. ආයෙත් නවත්තපු තැන ඉදල කියවන්න පටන් ගත්තෙ හරියට අර කෙල්ල එතන නෑ වගේ.
"මේ.................." කවුදෝ කිව්වා. නාලක හදිස්සියෙන් වාගෙ ආයෙත් බැලුව. "මොකද කතා නැත්තේ?"
කතා කලේ කවුද කියල මම කියන්න ඕන නෑ නේ. ඒත් නාලක නම් බය වෙලා වගේ. ඉස්කෝලෙ කෙල්ලො එක්ක ඕන තරම් කතා කරල පුරුදු උනාට නාලකගෙ වචන හිර වෙන ගතියක් දැනුනා. කෝම උනත් අන්තිමේ මෙහෙම කියන්න එයාට පුලුවන් උනා,
"මොනා ගැන කතා කරන්නද?"
ඒ උත්තරේ නම් අමුත්තා වගේම මාවත් පුදුම කරවන්න සමත් උනා. කොහොම හරි අමුත්තගෙ මුනෙ ඇදිච්ච අමුතු හැගීම නාලකට ඉවෙන් වාගෙ තේරුනා.
"නෑ මම ඇහුවෙ නේ....." නාලක ගොත ගැහුවා. "ඔයාට මොනාද දැන ගන්න ඕන කියල"
අමුත්තා එයාගෙ ලස්සන අතින් කම්මුලට වැටුන කැරලි ගැහුන කෙහෙරැල්ලක් හරිගස්සන් නාලක දිහාවට හැරුනා. බර කතාවකට වගේ. එයාගෙ මුනෙ තිබුන ලස්සන් හිනාව ටිකක් විතර වැඩි උනේ නාලක් මෙහෙම ඇහුවම.
"ඇයි?"
"මොකද නිකන් බය වෙලා වාගෙ" අමුත්තා පුදුම උනා. "ඔයා මේ ගෙදර ඉන්න එකේ, කවුද කියලවත් නොදැන මම කෝමද ඉස්කෝලෙ ගැන අහන්නෙ?"
ඇත්ත තමයි නේ. නාලකටත් එහෙම හිතෙන්න ඇති. එයා දුන්නෙ මේ වගේ උත්තරයක්.
"මම නාලක, ඔයා?"
"මාලිකා" එයා කිව්වෙ හෙමීට.
නාලකට ආයෙත් අමුත්තා දිහා බලන්න හිතුනෙ ඇයි කියල නම් මම දන්නෙ නෑ. ඒත් එයාට නම් හරිම කම්මැලියි වගේ.
"මම ඔයා ගැනත් මුකුත්ම දන්නෙ නෑ නෙ" නාලක කිව්වෙ පොත වහල බංකුව උඩින් තියන ගමන්. "ඉස්සෙල්ල ඔයා ගැන කියන්න්කො. මම ගැන නම් පස්සෙ දැන ගන්න බැරියැ"
"මම ගැන" මාලිකාගෙ මුනෙ ආයෙමත් හිනාවක් ඇදීගෙන ගියා. ලස්සන තවත් වැඩි උනා. "මම නම් ඉතින් සාමාන්ය කෙනෙක්. වයස දාසයයි....... අලුත් ඉස්කෝලෙට යන්න ටිකක් බය කෙල්ලෙක්. එච්චරයි"
"මටත් දාසයයිනේ" නාලකත් හිනා උනා කාලෙකට පස්සේ. "ඔයා අපේ ක්ලාස් වලින් එකකටම වැටෙයි"
"එහෙමද?" මාලිකා අවංකවම සතුටු උන බව පෙනුනා. "මම මෙහෙ තනියම නේ. ගෙදරින් පිට ඉන්න පළවෙනි වතාව"
ටිකෙන් ටික රෑ වෙන්නත් පටන් ගත්තා. එහෙ මෙහෙ ඉගිල්ලෙන් වවුල්ලු නිසා බංකුවෙ ඉන්න එක අමාරුයි. ඒත් මාලිකාට නම් ගානක්වත් නෑ වගේ. එයා රතුම රතු පාට වෙලා තියෙන අහස දිහා බලන් උන්නෙ හරිම ආසාවෙන්.
"ගෙට ගියොත් හොද නැද්ද?" නාලක ඇහුවෙ එයා කවදාවත් මෙච්චර පරක්කු උනේ නැති හන්ද.
"ඔයා යන්න" මාලිකා කිව්වෙ බංකුවෙ ඇන්දට හේත්තු වෙන ගමන්. "මම තව ටිකක් ඉදල එන්නම්"
නාලක එතනින් නැගිටලා කාමරේට යන්න පිටත් උනා. එයාට මෙලෝ සිහියක් නෑ වගේ. අරන් ආපු පොතත් බංකුව උඩ.
--------------------------------------------------------------------------------------------------------------
මාලිකා වටපිට බැලුවා. එයාට කොහෙත්ම නුපුරුදු පරිසරයක් උනාට මෙහෙත් නරක නෑ කියල එයාට හිතුනා. හදිස්සියෙම එයා දැක්කෙ නාලක්ගෙ පොත. අපොඉ අරය මේක මෙතන දාල ගිහිල්ල.
"දුවේ" ඇහුනෙ නැන්දගෙ කටහඩ. "දැන් ගෙට එන්න"
තවත් ඉන්න ඕන කම් තිබුනත් මාලිකා, නාලක දාල ගිය පොතත් අරන් එතනින් නැගිට්ටා. පදුර් අතරෙ ඇවිදින පුසියක් වගේ කුස්සිය පැත්තෙන් ගෙට ඇතුල් උනා.
"ආ දුවේ... කෝ නාලක ළමය" නැන්ද ඇහුවෙ පොතත් තුරුලු කරන් එන මලිකා දැකල. "ඉස්කෝලෙ ගැන ඔක්කොම දේවල් දැන ගත්තද?"
"අහ්........." මාලිකාට කියවුනා. ඉස්කෝලෙ ගැන මුකුත් අහ ගන්න බැරි උනානෙ.
ela machan
ReplyDelete