Posted by : Tharuka Gunaratne Wednesday, April 3, 2013







නාලකට පොඩි අමුත්තක් දැනුනා. ඒත් ඕක ගැන හිතන්නෙ මොකටද කියල එයාට හිතෙන්න ඇති. ඒ නිසාද මන්දා එයාලගෙ කතාබහ අමතක කරල නාලක තමන්ගෙ කාමරේට යන දොර ඇර ගත්තා.


============================================================


දැන් නම් ටිකක් විතර හවස් වෙලා. නාලකට වෙනද නැති හිරවුන ගතියකුත් දැනුනා. ජනේලෙ ඇරපු එයා පහල වත්ත දිහා බලන්න ගත්තා. ගොඩාක් දවස් වල වගේම අදත් නැන්දා නම් සිමෙන්ති බංකුවේ ඉදන් මොකක්දෝ කල්පනා කරනවා. ඒත් අලුත් අමුත්තා නම් තාම එලියට බැහැලා නෑ වගේ. අහසත් වෙනදා නැති පිරිසිදු බවකින් තිබුනා, ඒ නිසාමද මන්දා හවස හතර පහු වෙල තිබුනත් වෙනදා නැති එළියක් හැමතැනම පැතිරිලා. නාලකටත් කම්මැලි හිතුනා. එයාත් කියවලා ඉවර කරල නැති පොතකුත් අතේ තියන් කාමරෙන් එළියට බැහැල පුරුදු පාර දිගේ වත්තට යන්න පිටත් උනා. තමන් ළගටම එනකම් මේ එන්නෙ නාලකය කියල අදුරගන්නත් බැරි වෙන තරම් ලොකු කල්පනාවකයි නැන්දා හිටියෙ.

හදිස්සියෙම ලගින් ඇහුන නලකගෙ සද්දේ නැන්දාව පියවි ලෝකෙට ගෙනාවා. අම් වගේ හිනා උන එයා නාලකට බංකුවේ ඉඩ දීල ටිකක් එහාට උනා.


"මොකෝ නැන්දෙ බර කල්පනාවක?" නාලක ඇහුවෙ ඉදගන්න ගමන්. "ලොකු ප්‍රශ්නයක් ද?"


"ප්‍රශ්නයක්මත් නෙවෙයි පුතේ" එයා කිව්වෙ ඈත තියෙන ෆයිනස් ගහ දිහා හිස් බැල්මෙන් බලලා. "බලන්නකො මට උන දේ...."


"නැන්දාට මුකුත් අසනීපයක් වත්ද?" නාලක කරුනාවන්ත හඩකින් ඇහුව. ඒත් එයා දුන්නෙ වෙන උත්තරයක්.


"නෑ පුතේ. එහෙම එකක් නෙවෙයි. බලන්න දැන් අර ළමය මෙහෙ තියල ගිය නිසා මට වගකීම් ගොඩක් වැටෙනවා. මේ වයසක මට ඕව කරන්න හොද කාලෙ නෙවෙයි මේ. අනික ගෑනු දරුවෙක් මෙහෙ තියා ගන්නව කියන්නේ මහා විසාල වගකීමක්. පුතාට ඕව තේරෙන්නෙ නැතුව ඇති. ඒත් අද කාලෙ එක්ක බලන්නකො, කේ අහල පහල වෙන දේවල් එක්ක මට ගෑනු දරවෙක පරිස්සම් කරනව කියන්නෙ ඉහටත් උඩින් කරදරයක්"


නාලකට නැන්දගෙ අමාරුව තේරුනා. එයාගෙ ලොකු අක්ක විවාහ වෙන්න අවුරුද්දකට විතර කලින් අම්මත් ඔහොම කිව්ව බව නාලකට මතකයි.


"අනේ මන්ද නැන්දේ" නාලක පොත පෙරලා ගත්තා. "ඉතින් කලින්  නැන්දා කිව්වෙ මෙහෙ එන්නෙ අයියා කෙනෙක් කියලනෙ"


"ඔව් ඔව් මටත් කිව්වෙ එහෙම තමා. ඒත් ඒ ළමයා තමන්ගෙ ඉස්කෝලෙ දාල එන්න කැමති නැතිලු. මෙහෙ තියෙන අඩුව පුරවන්නත් එක්කයි ඒක නිසා මේ දරුවව එවල තියෙන්නෙ" නැන්දා කිව්වා.


ටිකක් විතර හීතල හුළගකුත් හමාගෙන ගියා. ගෙදර පැත්තෙන් තිබුන අඩිපාරෙ අතු අයින් කරන අතක් නැන්දා දැක්කා. ඉකමනට නාලක දිහාට හැරුන එයා මෙහෙම කිව්වා.


" පුතේ ඔන්න අර ළමය මේ පැත්තට එනව. ආයෙ මේව කියන්න මට වෙලාවක් නැතිවෙයි. එයාටත් එන්න වෙන්න පුතාලගෙ ඉස්කෝලෙටමයි. අනේ පුතෙ මං වෙනුවෙන් එයාව බලා ගන්ට ඔනේ. මේ ජීවිත කාලෙ කිසි වැරැද්දක් නොවී ජීවත් වෙච්ච මට ඉතුරු කාලෙදි එහෙම වෙනව බලන් ඉන්න බෑ. මට පුතාව මගෙ දරුවෙක වාගෙ විශ්වාසයි. ඒකයි මේව කියන්නෙ"


නාලකට නැන්දගෙ දුක තේරුනා. එයා නැන්දගෙ අතින් අල්ලල එහෙම කරන්න පොරොන්දු උනා.


කලින් පුංචියට පෙනුන අත එලියට ඇවිත් අඩිපාරෙ පදුරු අතරින් අමුත්තා මතු උනා. නැන්දා එයාට කතා කලා.


"දුවේ එන්න මෙහෙන් ඇවිත් ඉදගන්නකෝ"


ඈත ඉදන් අත වනපු එයා හෙමීට ඒ පැත්තට එන්න පටන් ගත්තා. එතකොටයි නාලක පොතින් ඔලුව උස්සලා බැලුවේ. දෙයියනේ! සුදු පාට සායකුයි, අහසෙ නිල් පාට තියෙන බ්ලවුස් එකකුයි ඇදල ඉදපු එයා ඇත්තටම නාලකගෙ වයසෙම ඇති. යන්තම් කැරළි ගැහුන එයාගෙ දිග කොණ්ඩෙ ලස්සනට ගොතල තිබුනා. වැඩිය මහතත් නැති උනත් උසට හරියන්න ඇගක් එයාට තිබුනා. රවුම් මුනෙ තිබුන විකාර පෙනුමක් තිබුන ලොකු ඇස් දෙක ඉස්පාසුවක් නැතුව වටපිට බලමිනුයි තිබෙනේ. පුංචි හිනාවෞත් තිබුන මුනේන් වෙන කියැවෙන හැගීමක් තිබුනෙ නැති තරම්.


නාලකට නැන්දා කියපු දේ ගැන හරිම අවබෝදයක් ආවේ දැනුයි. පොතෙන් එලියට ගත්තු නාලකගෙ ඇස් දෙක තාමත් හිනාවෙවී යන්තම් උඩ පැන පැන

එන අමුත්තා දිහා බලාගත්තු ගමන් මයි.


නැන්දා අවසාන වතාවටත් නාලක දිහාවට හැරුනේ මෙන්න මේ ටික කියන්න.

"ඔන්න පුතේ මට තියෙන එකම ප්‍රශ්නේ. මෙයා ආයෙ මෙහෙන් යනකම් මෙයා බලා කියා ගන්න පුතා මට උදව් වෙන්න ඔනේ"


නාලකට ආයෙත් සිහිය ආවා. නැන්දට ඔලුව වනපු එයා එහෙම කරන්න පොරොන්දු උනා.එදා හවස නාලකට හිතුන මේ දේත් නොලිව්වොත් ලොකු අඩුවක් වේවි 


"දෙවියනේ එයා ඇත්තටම ලස්සනයි............................"

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -