Skip to main content

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව (5 වැනි කොටස )

පහුගිය කොටසින් උන දේවල් ගැන කාටත් මතක ඇතිනේ. ඒක නිසා ආයෙත් පසු පිරික්සුමක් කරන්න මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. පහුගිය කොටස් බලන්න මෙතනින් යන්න පුලුවන්.

--------------------------------------------------------------------------------------------------------------


මාලිකා ටිකක් විතර බය වෙලා නැන්දා දිහාවෙ බලන් ඉදපු විදියට මට නම් හිතුනෙ මොකක් හරි වැදගත් දෙයක් වේවිය කියල. ඒත් එහෙම උනේ නෑ.
"එන්න දුවේ කෑම කන්න"

නැන්දා කිව්වෙ මේසෙ සුදානම් කරන අතරෙ.

"ඔයාට බඩගිනිත් ඇතිනෙ. ගොඩක් දුර ගෙවාගෙනනෙ ආවෙ."

"අනේ මට බඩගිනි නෑ නැන්දේ"

මලිකා කිව්වෙ පහල තට්ටුවෙ එයාගෙය කියල නැන්දා පෙන්නපු කාමරේට යන්න හැරිලයි.

"මම පස්සෙ කන්නම්, ඔයාල කන වෙලාවටම. තාම හත පහුවුනෙත් නෑ නෙ"

"දුවගෙ කැමැත්තක්" කිව්ව නැන්දා ආයෙත් තමන්ගෙ කුස්සියෙ වැඩ වලට හැරුනා.

මාලිකා, නාලක අමතක වෙලා ගිය පොතත් තුරුලු කරන් එයාගෙ කාමරේට ගියා. හෙමීට අගුල ඇරපු මාලිකා තමන්ගෙ පරණ පාසලේ පොත් ටික ගොඩගහල තිබුන පොත් මේසෙ දිහා බැලුවා. හැමතැනම දාල තිබුන එයාගෙ පොත් පත් එකින් එක අරන් මේසෙ ලස්සනට හැදුව එයාට අන්තිමට ටිකක් විතර මහන්සි දැනුනා. නාලකගෙ පොතත් අරන් පුටුවෙ වාඩි උනේ ඒක කියවන්න හිතන් වෙන්න ඇති. පහුවෙනිදා සෙනසුරාදාවක් වෙච්ච නිසා ඒගැන අවදානය යොමු කලාට පාඩුවක් නැතිය කියල මාලිකාට හිතෙන්න ඇති.

මාලිකා බලාපොරොත්තු උනේ පොඩි විවේකයක් උනාට පොත දිහා බලපු ගමන් එයාගෙ මුනෙ අමුතු හිනාවක් ඇදිල ගියා. පොතේ පිටු කීපයක් පෙරලපු මාලිකාට ඒකෙ තිබුන කිසිම දෙයක් තේරුනේ නෑ. තමන්ටම හිනාවෙන්න එයාගෙ ලස්සන හිනාවෙන් ටිකක් නාස්ති කරපු මාලිකා, අන්තිමට පොතේ නම දිහා බැලුවා. ඒක ඔයාලට කියන එක නම් මම හිතන්නෙ හොද නෑ. නලක ගැන වැරදියට හිතාවි. මාලිකා උනත් කලේ ඒ ටිකමනේ.

කොහොම උනත් මාලිකාගෙ හිතේ නාලක ගැන පුංචි දුකක් ඇති උනා. ඒ මොකද කියන්න නම් බෑ. මාත් ඒක දන්නෙ නෑ. මාලිකා පොත වහල එයාගෙ පොත් රාක්කෙන් තිබ්බ. එළියට ගිහින් නැන්දා එපා කියද්දි කොස්සක් හොයන් ගේ අතුගාන්න පටන් ගත්තා.. වෙන මොනා කරන්නද?


මේ හැම දේම සිද්ද වෙන අතරෙ නාලක නම් පාඩුවේ එයාගෙ ගණන් සර් දුන්න ගෙදර වැඩ ටිකක් කරමිනුඉ හිටියේ. අනිත් අයත් එක්ක කොයි තරම් විනෝදෙට බර උනත් නාලක කවදාවත් ඉස්කෝලෙ වැඩ අතපසු කලේ නෑ. ඒත් නාලකට අද නම් හිත එකග කරන් වැඩක් කරන්න බැරි උනා. අනේ මන්දා අර කෙල්ල දැකපු වෙලාවෙ ඉදලා තමන්ට කවදාවත් දැනිල නැති අමුතු ගතියක් එයාට දැනෙන්න පටන් අරන්.

තමන්ගෙ ඇදේ දිගා වෙච්ච නාලක මේ ගැන ගොඩාක් කල්පනා කලා. අනේ මන්දා මේ වාගෙ දෙයක්?

"හිත කැලේ යනව"

අන්තිමට නාලකට වැඩේ තේරුනා.

"මට පිස්සු හැදිලා....."

එයා තමන්ටම කියා ගත්තා. කියා ගත්තා කිව්වොත් වැරදී. හෙමීට මුමුණා ගත්තා.

"හිත කැලේ යන්න හේතුව මොකක්ද?"

ඒ පාර නම් නාලක එයාටම කියාගත්තා.

"කාගෙන් කියල අහන්නද?"

ඇත්තටම මේ දේවල් නොදන්නා කෙනෙකුට නම් හිතෙන්නේ නලක්ගේ සිහිය විකල් වෙලා කියලයි. ඒත් නාලක ගැන එහෙම හිතන් උන්න කෙනෙක් මේ ගෙදරම ඉන්න බව නාලක දැනගෙන ඉදියෙ නෑ. ඔව් ඔව් ඔයා හිතන එක හරි.... නාලක කියවපු පොත දැක්ක මාලිකා. නේ තරුණ කාලෙ බණ පොත් කියවන්නෙ එක්කො පිස්සෙක් නැත්නම් සසර කළකිරුන එකෙක්. මාලිකා නම් හිතුවෙ එහෙමයි.

නාලක විකාරෙන් වගේ කියපු දේවල් මාලිකාට යාන්තමට වගේ ඇහුනා. පහල තට්ටුව අතුගාල ඉවර වෙච්ච නිසා එයා උඩට ආවෙ උඩ තට්ටුවත් අතුගාල ඉවර කරන්න. ඒත් තමන්ට ආපු හිනාව නවත්තගන්න නාලිකාට බැරි උනා. ටිකක් විතර සද්දෙට එයා හිනා උනේ ඒක නිසයි.

නාලකට ආයෙත් සිහිය ආවා. දොර පැත්තේන් ආපු විකාර හිනාව අහාමත් එයා අදුරන්නේ නෑ. ඒක නිසා නාලක ඉක්මනට එතෙන්ට ගිහින් දොර අගුල පැන්නුව. ඊට පස්සෙ හෙමීට දොරෙන් එළියට මුන දැම්ම.

Comments

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook ...

ලැප් එකක් ගන්න රත්නපුර ටවුම වටේ.

                    ඔන්න යාළුවනේ මම අද ලියන්න   හදන්නේ   පොඩ්ඩක් වෙනස් දෙයක්.ඒ තමා මං කොල්ල ලැප් එකක් ගන්න ගිහින් වෙච්ච සිද්ධි.                      මං කොල්ලත් විභාහගේ ගොඩ දාගත්ත හින්දා   ගෙදරින් අරං දුන්න ලැප් එකක්.මේක අරං දුන්න කිවුවොත් ටිකක් විතර වැරදි.ඇත්තටම හරි දේ   අඩාල අඩාල ඉල්ලා ගත්තා කියන එක.මෙහෙම කියන්නත් පුළුවන් බැන බැන අරං දුන්නා.එහෙමත් හරි. ඔන්න කොහොම හරි ඉතින් මේ ලැප් රාජයා ගන්න ගියේ අපේ පියත් එක්ක.උදේ කඩ අරින වෙලාවටම ගිහිල්ලා රත්නපුරේ තිබුන කඩ ඔක්කොටම ගියා ලැප් බලන්න.ලැප් වල ගන්න අහන කොට මට නිකන් කලාන්තේ   වගේ.අම්ම සල්ලි දුන්නේ 40,000.එක යන්තමින් 65,000 කරගත්තා.කඩ වලට ගියහම ඉතින් i3 එකක් 73,000 එහා තමා ගන්න කියන්නේ.ඕනා ඉතින්   එක නිසා ලියනවා 65,000 i3 ලැපක් හොයාගත්ත හැටි.           ...

යකෝ අපි මොකටද සුද්දන්ගෙ add කොටන්නෙ ලංකාවෙ අපිට අපේ දේ. 100% sure සිරිලක දේ සිරිසැප දේ..........

මං කොල්ල හුග කාලෙකින් තමා මේ මේ බ්ලොගියට පොස්ටුවක් ලියන්නෙ. ඒකට හේතුව මං කොල්ල මේ අලුත් බ්ලොග් 1 පටන් ගත්තනෙ. ඒ මොනව පටන් ගත්තත් මං කොල්ල බ්ලොග් කලාවට අත්පොත් තියපු මේ බ්ලොගිය දාල යන්න මං කොල්ලට බෑ. ආ දැන් ඒ කතා ඇති අද මං ගෙනාව මචංල මචීල ටිකට පට්ට site 1. මේක කරන්නෙ ලංකාවෙ පට්ට කොල්ලෙක් තමා. කස්ටිය දන්නවනෙ ඔය add click කිරීමෙන් සල්ලි හෙවීමේ කලාව. දන්නෙ නැති එවුන් මේක බලල එන්න මේ ඒ වගේ සුද්දෙක්ගෙ site 1 ගැන. මෙකෙත් සල්ලි ගෙවනව. දැන් කියන්න යන්නේ ඒ වගේ ලංකාවේ site 1. මේකෙ තියෙන පට්ට ගතිය තමයි, සුද්දන්ගෙ site වල සල්ලි ගන්න තියෙන්නෙ payza, paypal වගේ online bank වලින්නේ ඒත් මේකෙදි ලංකාවෙ අපිට පුලුවන් Dialog ez cash වලින් සල්ලි ගන්න.  හිනා වෙන්න එපා යකො බොරු නෙමෙයි. මේ............ add බලල විතරක් නෙමෙයි තව සල්ලි හොයන්න ගොඩක් විධි මේකෙ තියෙනව.  ඉක්මනට රෙජිස්ටර් වෙන්න පළමු 500 දෙනාට lifetime premium membership 1 නොමිලේ දෙනවලු. පහල බැනර් 1 යට ලින්ක් 1ට  කොටන්න රෙජිස්ටර් වෙන්න! CashBuxClix මොනව හරි අවුලක් ඇතොත් මගෙන් අහන්න මම බුකියේ ඇත. නැතොක් යටින් ...